IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශපාලකයන්ගේ කරුමය රටේ උරුමය වූ ගැම්බියාව

වළපල්ලට ගිය රටවල්

 

ජන හදවත් ස්පර්ශ කරමින් හමන සුළඟ පිළිබඳ නිසි අවබෝධයක් නැති පාලකයින්ගෙන් රටකට වැඩක් නැත. විනාශ මුඛයට පත් වන්නේ එවැනි පාලකයින් සිටින රටවල්ය. එවැනි දේශයන්හි දිවි ගෙවන්නේ හුස්ම වැටෙන වාරයක් පාසා පව් ගෙවන පුරවැසියන්ය. එම රාජ්‍යයන්හි පරණ කසි කබල් සටන් පාඨ කියමින් ජනතාව රවටන දේශපාළුවන් වැහි වැහැලාය. මේ රටවල සිටින්නේ වැසිකිළි සෑදීම පවා පිටරටවලට බාරදෙන පාලකයින්ය. අදත් මෙම තීරයෙන් හඳුන්වා දෙන්නේ එවැනි රාජ්‍යයකි. 

 
ජනතාව විසින් පයින් ගසා එළවා දැමූ දේශපාලකයින් තම අභිමතය පරිදි යළි බලය ලබා ගැනීම සඳහා පාලන තන්ත්‍රය අකර්මණ්‍ය කිරීමට විවිධ උප්පරවැට්ටි යෙදීම ලොව දියුණු ශීලාචාර රටවල සිදුවන්නේ නැත. මේවා පාලනය බෙලහීන කරන ජුගුප්සාජනක සිද්ධීන්ය. 

 
ලොව වළපල්ලට ගිය තවත් රටකි ගැම්බියාව. (GAMBIA) නැතහොත් ගැම්බියා ජනරජය. මේ රටේද සිදුවන්නේ නව පාලනය අඩපණ කරන බංකොලොත් වැඩය. දේශපාලන කුමන්ත්‍රණය, අරගලය.   


මුළු ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන ගැම්බියාවද අද ලෝකයෙන් කොන් වූ රාජ්‍යයකි. අප්‍රිකාවේ කුඩාම රට එයයි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගෙන වසර 53 ක් ගත වී ඇතත් මේ රට පාලනය කරන ලද්දේ ජනාධිපතිවරුන් 3 දෙනෙකු විසිනි. මෙය ඡන්දයෙන් පැරදුණත් එලවා ගන්නට බැරි ජනාධිපතිවරුන් සිටි රටකි.   


කරුමය උරුම වූ ගැම්බියාව


බටහිර අප්‍රිකාවේ සෙනගාල් (Senegal) රාජ්‍ය අබියස අන්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි රටේ විශාලත්වය ව.කි.මී. 10,689කි. ව.සැ. 4127කි. විසි එක් ලක්ෂයක පමණ (20,51,363) ජනගහනයකින් යුත් ගැම්බියාව අද හිඟාකන තත්ත්වයට පත් වී තිබේ. නිවැරදි පාලකයින් තෝරා ගැනීමට ජනතාව අසමත් වීම ගැම්බියාවට ද කරුමය උරුම වීමට මූලික හේතුවයි.   


මෑත කාල​ෙය් ඉබෝලා වෛරසයෙන් මෙහි මිය ගියවුන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. ලිංගාශ්‍රිත රෝගයක් වූ එච්.අයි.වී. (HIV) ඒඩ්ස් වෛරසයෙන් මියයන අයගේ සංඛ්‍යාව ද අධිකය. මෙයද පුරවැසියන් දුක් විඳිද්දී දේශපාලකයින් හා ධනවතුන් සුරසැප විඳින තවත් දේශයකි. අවනීතිය රජකරන රටකි. හොරකම් කරන දේශපාළුවන්ට රැකවරණය ලැබී ඇත්තේ මෙහි දූෂිත අධිකරණයෙනි.   


බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25ට අඩුය. ළදරු මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙමින් පවතී. අවු. 5-14ත් අතර ළමයින් කම්කරු සේවයෙහි යොදවා ඇති ආකාරය හද කම්පා කරවනසුලුය. මේ රටේද සිටින දේශපාලකයින්ගෙන් බහුතරය කට්ට කෛරාටික හොරු රැලකි.   


1994 සිට 2017 දක්වා වසර 22 ක් තිස්සේ ගැම්බියාව පාලනය කළ ජනපති යහියා ජෙම්මා රට විනාශ මුඛයට පත් කළ බව ප්‍රකටය. ඔහු තම හිතවතුන් හා ඥාතීන් සමග ​ෙගන ගිය පවුල් පාලනය අවසන් වූයේ අඩමා බැරෝ 2017 දී බලයට පත් වීමෙනි. විදේශ ආධාර හා විදේශ ණය පවුලේ ඥාතීන් අතරේ බෙදාදීම සහ තම සාක්කුවේ දමා ගැනීම හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි. මෙය වූ කලී අද තනිකරම විදේශ ණය සහ විදේශ ආධාර මත යැපෙන තවත් රාජ්‍යයකි. 

 

 


ජාත්‍යන්තරය රවටන පාලකයෝ 

 
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක ආහාර සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන රවටා මුදල් හා ආහාර, ආධාර ලබාගෙන ඒවා ජනතා අභිවෘද්ධිය තකා නොයොදවා තමා හා තම වර්ගයාගේ සුඛවිහරණය තකා යොදවා ගන්නා දේශපාලකයින් සිටින රටක් ඉදිරියට යන්නේ කෙසේද? එවැනි අවාසනාවන්ත දේශයකි මේ ගැම්බියාව. විවිධ ව්‍යාපෘති ඇරඹීම සඳහා ජාත්‍යන්තරයට බොරු ශක්‍යතා වාර්තා ඉදිරිපත් කිරීම මේ රටේ ද පාලකයින් කාලයක් තිස්සේ සිදුකළ මගඩියකි. ගැම්බියාවද බල්ලට ගියේ මේ නිසාය.   


ගැම්බියාවේ ලැව්ගින්නක් මෙන් පැතිරෙන කුස ගින්න නිවීමට පාලකයින් කිසිවක් කරන බවක් නොපෙනේ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වුවත්  ඊට රජයේ දායකත්වය අවම වීම හේතුකොටගෙන රට ප්‍රපාතයට ඇද වැටිණි.   


මහ බැංකුව හිස්කළ ජනපති   


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය කියන පරිදි ගැම්බියාව දූෂිතම රාජ්‍යයන්ගෙන් එකකි. 2017 දී පාලන බලය අහිමි වූ හිටපු ජනාධිපති යහියා ජෙම්මා ගැම්බියාවෙන් වෙනත් රටකට පැන යන විට ඩොලර් මිලියන 11.4 ක පමණ මුදලක් යටිමඩි ගසා ගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබේ. ඔහු රට අතහැර ගියේ 2017 වර්ෂයේදීය.   


ජනපති පදවියට පත් වූ මුල් සතියේ සිටම ඔහු හොරකමට මුල් තැන දුන් බව වත්මන් ජනපති බැරෝ පවසයි. ඔහු ගැම්බියා මහ බැංකුව හිස් කර ඇතැයි ද වත්මන් ජනපතිවරයා කියයි. හිටපු ජනපතිවරයා තම විරුද්ධවාදීන් ඝාතනය කළ අයුරු ප්‍රකටය. ඔහු රට අතහැර ගොස් ඇත්තේ තම පවුලේ ඥාතීන් පිරිසක්ද සමගය.   


පාන් නැත්නම් කේක් කාපල්ලා   


ගැම්බියාවේ ​ෙම් දක්වා ක්‍රියාත්මක වන්නේ සාධාරණ අධිකරණ පද්ධතියක් නොවේ. හොරකම් කළ කිසිදු දේශපාලකයෙකු මේ දක්වා බන්ධනාගාර ගත කොට නැත.   


මේ රටේ ද දේශපාලන හොරු අල්ලන බවක් පෙනෙන්නට නැත. බොහෝ ප්‍රදේශවලට ගමනා ගමන, ජල, විදුලි, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් නැත. විදේශ ව්‍යාපෘති වලින් තවමත් දේශපාලකයින් කොමිස් ගැහීම ගජරාමයට සිදු කරයි. ගැම්බියාවේ බොහෝ පුරවැසියන් කියන්නේ අවුරුදු 53 කට පෙර බ්‍රිතාන්‍යයෙන් මේ රට නිදහස ලබා නොගත්තා නම් හොඳයි යනුවෙනි. ගැම්බියාවේද ඉන්නේ රට කන දේශපාලකයින්ය.   


‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යැයි ජනතාවට කියන්නේ මෙවැනි දේශපාලකයින්ය. පාලකයින්ය. ගැම්බියාවේ දූෂිත ​ෙද්ශපාලකයින් 18 දෙනෙකුට එල්ල වී ඇති චෝදනා විභාග වන බවක් පෙනෙන්නට නැත.

 

 

 

 

 

සිරි හීන්පැල්ල   
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි



අදහස් (0)

දේශපාලකයන්ගේ කරුමය රටේ උරුමය වූ ගැම්බියාව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3015 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 23 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site