IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


දිය රකුසාගෙන් ජීවිත ගලවාගන්නා මිතුරෝ

දියේ ගිලී මිය යන්නට නොදී එම ජීවිතය බේරා ගැනීම බුදුවීමට විවරණ ලැබීමට තරම් උතුම් පිංකමක් බව අපි අසා ඇත්තෙමු. එම උතුම් පිංකම සිහිකැරගෙන දියෙහි සැඟවී විනාශ වී යන වටිනා ජීවිත ආරක්‍ෂා කැර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අපූරු ස්වේච්ඡා කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයේ සිටී. මෙහි විශේෂත්වය වන්නේ මෙම පිරිස පුරුදු පුහුණු කර සේවයේ යෙදීම සිදු කරනු ලබන්නේ දඹුල්ල පොලිසියට අනුයුක්තවය.   

එම ස්වේච්ඡා කණ්ඩායම වන්නේ පොලිස් ජල ක්‍රීඩා හා ජීවිතාරක්‍ෂක සංගමය මගින් පුරුදු පුහුණු කරන ප්‍රදේශයේ පාසල් දුවා දුරුවන් පිරිසක්ය. ඔවුන්ගේ පාසල් දිවිය අවසන් වූ වහාම වෙනත් කණ්ඩායම් ජීවිතාරක්‍ෂක පුහුණුව ලබති.   

 


දඹුල්ලේ පමණක් දියේ ගිලී විනාශවීමට ගිය ජීවිත 71 ක් ගොඩගෙන 1992 වසරේ සිට අඛණ්ඩව ‘‘දියෙහි දෙවිවරුන් මෙන් ක්‍රියාත්මක මෙම කණ්ඩායමේ ක්‍රියාකාරී කණ්ඩායම දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම ස්ථාපිත කැර ගැනීමට හැකි නම් එය ශ්‍රී ලංකා පොලිසියට පමණක් නොව සමස්ත රට වැසියන්ගේම දිය අනතුරු අවම කර ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත. මන්ද කිසිඳු මුදලක් ගෙවීමකින් තොරව පර පණ ආරක්‍ෂා කර ගැනීමට මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමට තරුණ තරුණියන් නීති ගරුක ක්‍රීඩකයන් බවට පත් කිරීමට එමෙන්ම එම අයට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් රැකියා ලබා ගැනීමට හොඳ පුරවැසියන් රටට ද‌ායාද කිරීමට මෙමඟින් හැකිවීම නිසාය.  

 
1992 වසරේ දඹුල්ල පොලිසියෙන් ආරම්භ කළ මේ ක්‍රියාවලිය අද වන විට අති සාර්ථකව ඉතා ආදර්ශමත්ව ‘‘දඹුල්ල ජල ක්‍රීඩා හා ජීවිතාරක්‍ෂක සංගමය නමින් හා දඹුල්ල ජල ක්‍රීඩා හා ජීවිතාරක්‍ෂක ආදි ශිෂ්‍ය සංගමය නමින් අති සාර්ථකව ක්‍රියාත්මක වෙයි.   
මෙම මිතුරන් විසින් ගෙවීගිය උතුම් පොසොන් පෝය දිනයේද දියේ ගිලී මියැදීමට ඔන්න මෙන්න තිබූ වටිනා ජීවිත දෙකක් බේරා ගනු ලැබීමට සමත් විය.   

1992 වසරේ දඹුල්ල පොලිසියේ සේවය කළ පොලිස් ජීවිතාරක්‍ෂක සංගමය නියෝජනය කළ ජීවිතාරක්‍ෂක උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා මෙම සංවිධානයේ නිර්මාතෘවරයා වෙයි. ඒ මහතා අදටද දඹුල්ල පොලිසියේ මේ මාහැඟි කාර්යයට නායකත්වය දෙමින් පරහිතකාමී දරු පරපුරක් බිහිකරමින් ඉතා නිහඬ සේවයක් පොලිසියටත් රටටත් සිදු කරමින් සිටියි.   


පිහිණුම් තටාකයක් ඇස නොගැටුණු දඹුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් 1992 වසරේ තෝරාගෙන ඉබ්බන්කටුව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පිහිටි මාළු ටැංකියක් ඉල්ලාගෙන පාසල් දරුවන්ට මුලින්ම තම ජීවිතය දියෙන් බේරීමත් තවත් අයකුගේ දිවි බේරා ගැනීමටත්, පමණක් නොව තාක්‍ෂණය ඇතිව පිහිණීමටත් පුරුදු පුහුණු කිරීම ආරම්භ විය.   

 


වසර කීපයක් යද්දී මාළු ටැංකියේ පිහිනන්න පුරුදු වූ රූප පෙට්ටියෙන් පමණක් මුහුද දැකපු දඹුල්ලේ දරුවෝ මුහුදේ සැතපුම් දෙකේ ජාතික පිහිණුම් තරඟවලට ඉදිරිපත්වී තරගකරුවන් රැසක් ජාතික පිහිණුම් ශූරයන්, ශූරියන් බවට පත්වී දඹුල්ලට පමණක් නොව පොලිස් ජීවිතාරක්‍ෂක සංගමයටද අභිමානය එක් කළහ.   


එද‌ා සිට අද දක්වා වසරෙන් වසර මේ ආකාරයෙන් පාසල් දරුවෝ පිහිණුම් ශූරයන් බවට පමණක් නොව ජීවිතාරක්‍ෂකයන් බවටද පත්වූහ. මෙම ජීවිතාරක්‍ෂක දරුවන් එකතුකොට ප්‍රදේශයේ දක්‍ෂ විදුහල්පතිවරයකු වූ ආර්.බී. දෙහිගම මහතාගේ සහභාගීත්වයෙන් යුතුව දඹුල්ල ජීවිතාරක්‍ෂක සංගමය ආරම්භ කොට අද වන විට ආපද‌ාවට සංවේදීවන විශාල තරුණ තරුණියන් පිරිසක් බිහිකොට  එම තරුණ තරුණියන්​ෙග් අනාගතයද සුරක්‍ෂිත කැර ඇත.   
මෙම සංගමයේ විශේෂත්වය වන්නේ පාසල් දිවියේ සිටියදී දඹුල්ල ජීවිතාරක්‍ෂක සංගමයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන් පාසල් දිවියට සමු දීමත් සමඟ ජීවිතාරක්‍ෂක ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වයට නතු වීමයි. එහි සාමාජිකත්වය ලබන පිරිස පිහිණුම් තරග සංවිධානය කිරීම ප්‍රදේශයේ ඇළ දොළ, වැව් පරිසර පද්ධති පිරිසිදු කිරීම්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වෙනත් ප්‍රදේශවලට ගොස් ජීවිතාරක්‍ෂකයන් පුහුණු කිරීම්, මෙන්ම කුඩා දරුවන් සමඟ දඹුල්ල ප්‍රදේශයේ වැව්වල දිය නෑමට එන ජනතාවගේ ආරක්‍ෂාවට රාජකාරියේ යෙදීම මෙන්ම විශේෂයෙන් තමන් කොතැන සිටියත් තමන් ඉදිරියේ කුමන ජීවිත ආරක්‍ෂකයන්ට දුරකථන කෙටි පණිවිඩ යවා වහාම එම ජීවිත දේපළ ආරක්‍ෂා කිරීමට මැදිහත්වීමයි.   

දඹුල්ල නගරයේ එවැනි ක්‍රියා අප්‍රමාණව අපට දැක ගැනීමට පසුගිය වසර කීපයේදී දැක ගැනීමට හැකිවිණි. මෙම ආදි ශිෂ්‍ය සංගමයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන ආදිශිෂ්‍යයකු වන මංජුල ක්‍රිශාන්තද සිල්වා මහතායි.   


මෙම කණ්ඩායම් පුරුදු පුහුණු කිරීම සඳහා මාත​ෙල් දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කිරීම සඳහා පොලිස් ජීවිතාරක්‍ෂක සංගමය නියෝජනය කරන ජීවිතාරක්‍ෂක පුහුණුකරුවන් දඹුල්ල පොලිසියට අනුයුක්තව පොලිස් සැරයන් 17944 චන්ද්‍රසේන පොලිස් කොස්තාපල් 33857 රුවන් බණ්ඩාර 87030 මදුරප්පෙරුම 567 සමන්, පොලිස් සහායක 3118 ජගත්සූරිය, නාඋල පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරු වන 22532 අ​බේකෝන් 22607 සුරංජිත් මාතලේ පොලිසියට අනුයුක්තව 59972 රත්නායක ලග්ගල පොලිසියට අනුයුක්තව 51525 පියල් 79650 කුලසේකර යන පොලිස් කොස්තාපල්වරුන්ගෙන් දිස්ත්‍රික් පුහුණු උපදේශක පොලිස් සැරයන් 20082 සුනිල් විජේසිංහ මහතාට විශාල වූ ශක්තියක් ලැබේ.  

 
කණ්ඩලම වැව, ඉබ්බන්කටුව ජලාශය, රන්දෙණිය ජලාශය, පන්සලේ වැව මෙන්ම තෙල්ගමු ඔය ආදී දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන දියකෙළියේ යෙදී සතුටුවන ජීවිතවල ආරක්‍ෂාව සඳහා මෙම කණ්ඩායම් කිසිඳු වරප්‍රසාදයක් නොමැතිව ජීවිත අාරක්‍ෂා කැර ගැනීමේ එකම අරමුණින් රැකවල්ලා සිටිති. එසේ රැකවල්ලා සිටිති. මේ වනවිට බේරාගත් ජීවිත ගණන 71 කි. වෙනත් ප්‍ර​ෙද්ශ හා වැව්වල දිය නෑමට ගොස් අතුරුදන් වූ මළ සිරුරු ගොඩ ගැනීම සඳහාද මේ ජීවිතාරක්‍ෂකයන්ගේ සහය ලබාගැනීමට අවට පොලිස් ස්ථාන පුරුදුව සිටිති. ඒ සඳහාද මේ කණ්ඩායම ක්‍රියා කරති. ඊට අමතර ගංවතුර හදිසි ආපදා රිය අනතුරු ආදී අවස්ථාවලදී මේ පිරිසෙන් ලැබෙන්නේ සුවිශාල වූ සේවයකි.   


කිසිඳු අයකුගේ ඇගයීමක් නොමැතිව මෙම ජීවිතාරක්‍ෂකයන් විසින් සිදු කරනු ලබන සේවය පිළිබඳ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.   


‘‘ඇත්තටම දඹුල්ල පොලිසිය එවකට සිටි සියලුම ස්ථානාධිපතිවරුන් විසින් මේ සංගමය ආරක්‍ෂා කරගනිමින් ප්‍රදේශයට විශාල සේවයක් සිදුකරනු ලබනවා.   

 

 

අපට හැකි අයුරින් උදව් කරමින් සමාජ මෙහෙවරට ද‌ායකත්වය ලබාදෙනවා. මේ සැරේ වගේම ගිය පොසොන් සමයේත් ජීවිත රැසක් අහිමි වෙන්න ගිහින් මේ අය බේරා ගත්තා. ඒක දඹුල්ල පොලිසියට වගේම ​අපේ පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු ශක්තියක්. පසුගියද‌ා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමිය පැමිණ මේ දරුවන් සිදුකරන සේවය ගැන සොයා බලා ස්තූතිය පළකර සිටියා. පොලිස් සැරයන්වරයකු ලෙස සුනිල් විජේසිංහ මහතා සිදුකරන මෙම සමාජ මෙහෙවර පිළිබඳව පොලිස් නිලධාරියකු ලෙස මමත් හදවතින් සතුටු වෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එච්. චූලසිරි මහතා මෙසේ පැවසීය.

‘‘අපි ශ්‍රී ලංකාව පුරා ජීවිතාරක්‍ෂක අංශ වැඩිදියුණු කරමින් යනවා. එ් අතරදී ඇත්තටම දඹුල්ල පොලිසිය මගින් 1992 වසරේ සිට ක්‍රියාත්මක කරගෙන යන මේ ක්‍රමය ඉතාම සාර්ථක ආදර්ශවත් ක්‍රියාවක්. පොලිස් සැරයන් සුනිල් විජේසිංහ නිලධාරියා උතුරු-නැගෙනහිර කලාපවලත් ද්‍රවිඩ දරුවන් රැසකට මේ ආකාරයෙන් දිය අනතුරු අවම කර ගැනීම හා පිහිණුම් ක්‍රීඩාව ගැන පුරුදු පුහුණුකර තිබෙනවා. ඒ වගේම දඹුල්ල සංගමයෙන් පුහුණුව ලැබූ ජීවිතාරක්‍ෂකයන් විශාල ප්‍රමාණයක් අද විදේශ රටවල ජීවිතාරක්‍ෂකයන් හැටියට රැකියාවල නිරත වෙමින් ලංකාවේ ජීවිත පමණක් නෙවෙයි ලෝකවාසී ජීවිතත් බේරා ගැනීම් කටයුතුවල නිරතවී සිටිනවා.’’ 

මේසා සුවිශාල සේවයක් සිදුකරන පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 32ක් සේවය කරන පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා:-  

අපේ රට වටවෙලා තියෙන්නේ වතුරෙන්. ඒ විතරක් නෙවෙයි ඇළ දොළ ගංගා වැව් අමුණු ළිංවලින් ගහනයි. අතීතයේ බොහෝ දෙනාට හොඳට පීනන්න පුළුවන්. දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු බොහෝමයක් අඩුයි. වර්තමානය වනවිට නල ජලයට හුරු වූ සමාජයක් අවිවේකී සමාජ රටාවක් මේ අයට පීනන්න තියා හරියට ඇළක දොළක ගඟක බැහැලා නාන්න දන්නේ නැහැ. හැබැයි වතුර දැක්ක ගමන් ඒකට පැනලා විනෝද වෙනවා. ගොඩක් අය බීමතින්, අපරාදේ ජීවිත නැති වෙනවා. දැන් අපේ රටේ ගත්තම අවුරුද්දකට දිය අනතුරුවලින් ජීවිත 1500 ක් විතර රටට අහිමි වෙනවා. ඉන් බොහෝ දෙනෙක් තරුණ වයසේ මේ රටට ශ්‍රමය දෙන්න පුළුවන් වයස්වල අය.’’   


‘‘මම මේ තත්ත්වය කලින්ම දැක්කා. ඒ නිසා තමයි පොලිස් ජීවිතාරක්‍ෂක සංගමයේ අවසරය අරගෙන පාසල් දරුවන් එකතු කරගෙන එම දරුවන්ට පුරුදු කළේ. ඒ අයට කියා දුන්නා ජිවිතයේ වටිනාකම මත්පැන්වල ආදීනව. අන් අයට උදව් කළාම ලැබෙන මානසික සුවය. ඒ දරුවා පිළිගත්තා එද‌ා ඉඳලා දිගටම ස්වව්ච්ඡා සංගමයක් හැටියට පොලිසියට අනුයුක්තව නීතිගරුක විනය ගරුක තරුණ තරුණියන් ඇති කළා.’’   


‘‘මම තමයි ලංකාවේ පළමුවෙනි වතාවට ජීවිතාරක්‍ෂක තූර්යවාදක කණ්ඩායමක් ඇති කළේ. අදටත් දඹුල්ල පොලිසියේ පමණක් නොවේ මාතලේ දිස්ත්‍රික්කයේම පොලිසිවල වාර්ෂිකව පරීක්‍ෂණවලට ඒ දරුවෝ සහභාගී වෙනවා.’’   
‘‘අද වනවිට අපිට බෝට්ටු, කිමිදුම් කට්ටල, ජීවිතාරක්‍ෂක කට්ටල රැසක් තිබෙනවා. ඒවා දඹුල්ල පොලිසියේ කාමරයක තියලා තියෙනවා. අපි හදන්නේ දඹුල්ල පන්සලේ වැව ළඟ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරලා මෙවැනි ජීවිතාරක්‍ෂකයන් රැසක් බිහි කරන්න. මෙහි කිසිද්දු අාර්ථික වාසියක් නැහැ. මානසික සතුට විතරයි තියෙන්නේ.’’   


ජීවිතාරක්‍ෂක පමණක් නොවෙයි අපේ සංගමය දැන් විවිධ සමාගම්, ආයතනවල සේවකයන්ට එක් දින හා නේවාසිකව කණ්ඩායම් පුහුණු ජීවිත බේරා ගැනීමේ පුහුණු කඳවුරු කණ්ඩායමක් විදිහට අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව පුහුණු කිරීම් සිදු කරනවා. දඹුල්ල පොලිසියේ අපේ ප්‍රජා සත්කාරයක් හැටියට අපේ ළමයි තමයි ඒක කරන්නේ.’’ අපේ දරුවන්ට විවිධ පිරිස් විසින් චෝදනා එල්ල කරමින් ඔවුන් මත්ද්‍රව්‍යවලට විවිධ විනය විරෝධී ක්‍රියාවලට යොමු කරන්න උත්සාහ කෙරෙනවා. හැබැයි අද වනතුරු ඒ දරුවෝ තමන්ගේ ගෞරවය විනාශ කරගන්නේ නැතිව ජීවත් ​ෙවනවා. මට ඒක ලොකු මානසික සතුටක්. මට ඉන්නේ එක දුවයි. හැබැයි මට ලංකාව පුරා දරුවෝ හත් අට දහසක් ඉන්නවා. අද මම පොලිස් සැරයන් කෙනෙක්. මගේ ගෝලයෝ උප පොලිස් පරීක්‍ෂක, පොලිස් පරීක්‍ෂකලා, නාවුක හමුද‌ාවේ, ගුවන් හමුද‌ාවේ ඉහළ තනතුරු දරනවා. හැබැයි ඒ සෑම දරුවෙක්ම මට අදටත් වැඳලා ‘‘සර් කියලා යනවා.’’ එ් විතරක් නෙවෙයි, මේ අය වෙසක්, පොසොන් දවස්වලට තමන්ගේ රාජකාරි නිවාඩු දාලා වැව්වල ජීවිත ආරක්‍ෂා කිරීමේ සේවයට එක් වෙනවා.’’   
පොලිස් ජීවිතාරක්‍ෂක සංගමය රට පුරා විශාල සේවයක් සිදු කරමින් සිටින අවධියක එමෙන්ම ඒ පිළිබඳව කිසිදු ඇගයීමක් නොවන අවස්ථාවක අපට යෝජනා කළ හැක්කේ මේ දරුවන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගයීමකට ලක්කළ යුතු බවයි. එමෙන්ම පොලිස් ජීවිතාරක්‍ෂක අංශය වෙනම කොට්ඨාසයක් බවට පත්කොට රටේ සෑම පොලිසියක් යටතේම මෙවැනි ජීවිතාරක්‍ෂක ක්‍රියාකාරී තරුණ තරුණියන් පුහුණු කැර ජීවිත දේපළ ආරක්‍ෂා කැර ගැනීමට ද‌ායකවීම මෙන්ම එම තරුණ තරුණියන් නීති ගරුක විනය ගරුක මත්ද්‍රව්‍යවලින් තොර පිරිසක් බිහිකිරීමට හැකි වීමයි. පොලිස්පතිතුමනි, දඹුල්ලේ මෙම උතුම් සත්කාරය පිළිබඳව සොයා බලා මේ මාහැඟි කාර්ය පොලිස් කොට්ඨාසයක් බවට පත් කොට මේ උතුම් පිංකමට එනම් බුදු බව ලබන්නට විවිරණ ලබන පිංකමට දායක වෙන්නැයි යෝජනා කැර සිටිමි.  

දඹුල්ල කාංචන කුමාර ආරියද‌ාස 



අදහස් (0)

දිය රකුසාගෙන් ජීවිත ගලවාගන්නා මිතුරෝ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2213 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1378 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 407 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 158 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 268 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ
2024 පෙබරවාරි මස 10 369 0

එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site