IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආදරවන්තයන්ගේ දිනයේ එකම දින එකම වේලාවේ අවසන් ගමන් ගිය සෙනෙහෙබර යුවළක්

බිරිය රෝහලට ගෙන යනවිට සැමියාත් නිවසේදී මිය ගිහින් 

 

 

ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණේ ඉකුත් 14 වැනිදාටය. එය අප රටට අදාළ සැමරුම් දිනයක් නොවුණත් අප රටේ ද බොහෝ දෙනා මෙම දිනය ගැන උනන්දු වෙති. විවාහ දිවිය පුරාම ආදරයෙන් බැඳී ජීවත්වී ආදරවන්තයන්ගේ දිනය දා දෙදෙනාම මිය ගිය කතාවක් අපි ඔබට කියන්නෙමු. 


ආදරයට, විවාහයට, පරිත්‍යාගයට, සෙනෙහසට, වයසක් හරස් නොවේ. මේ යුවළගේ කතාන්දරය තවත් එක් කතාන්දරයක් නොවේ. ටජ්මහලේ කතාන්දරය දක්වා ද මෙය ඉදිරියේ දී ලියැවෙනු ඇත. විවාහය, පවුල, පවුල් සංස්ථාව දූ දරුවන් ආදී සියල්ලම ගැන කතා කරන විට සියල්ලම රන් රස සේ කිරිත් දියරත්, ගඟත් ඔරුවත්, ගසත් පොත්තත් සේ එකට විඳ දරාගෙන එකට හිටිය මේ යුවල ලොවටම ආදර්ශයකි. 


එදා පෙබරවාරි 14දාට යෙදුණ ආදරවන්තයන්ගේ දිනයයි. ගාල්ල ඌරගස්මංහන්දියේ හල්ගහවේල්ල ග්‍රාමයේදී වියපත් අඹු-සැමි යුවළ එකට අවසන් සුසුම් වාතලයට මුදාහළහ. 17 දා එකම සොහොනේ එකට භූමදාන කළේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත අනුවයි. 


තම සීයාගේ හා අත්තම්මාගේ කතාව මුණුපුරා වන උපුල් මුණසිංහ අපට කීවේ මෙසේය. 


අපේ සීයාගේ ගම ගාල්ල, ඇල්ලපිටිය ඌරගස්මහන්දිය හල්ගහවේල්ල. සීයාගේ නම පී.බී. සයිමන්. මියයන විට වයස 92ක් වුණා. රස්සාවට කළේ කුරුඳු තැළීම. අපේ ආතම්මාගේ වයස 74යි. එයාගේ නම එච්.පී. ගුණවතී. රස්සාවක් කළේ නෑ. හරියට කාන්දම් දෙකක් වාගේ සීයා ළඟින්මයි ආතම්මා හිටියේ. 


එදා 14 වන දා ආතම්මාට හිටි හැටියේ අසනීප වුණා. එතරම් ලොකු අසනීපයක් නෙවෙයි. අපි ගිලන් රථයක් අරගෙන ආතම්මා ඇල්පිටිය රෝහලට ගෙන ගියා. ඒ යන කොටත් ආතම්මා මියගොස් ඇති බව වෛද්‍යවරු කීවා. ඒ සමගම සීයා ද ඒ මොහොතේම මියගොස් ඇති බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නා. සීයා ආතම්මා දෙන්නාම එකම දිනක එකම වේලාවක එකටම මියගියා. මේ කතාව අපට නම් අදහා ගන්නත් අමාරුයි. 


මට මතකයි එදා ආතම්මා ගිලන් රථයට නංවන විට සීයා මහා හයියෙන් කෑගැහුවා. මමත් එනවා මමත් එනවා කියලා. අපි කීවා සීයා ඉන්න අපි ආතම්මා රෝහලට අරගෙන යනවා වැඩි අමාරුවක් නෑනේ. ගියා ආවා. බෙහෙත් අරගෙන එන්නම් සීයා ඉන්න කියලා. නෑ මමත් එන්න ඕනා කිය කියා සීයා කෑ ගැහුවා. පසුව තමයි ආතම්මා සමගම සීයා ද එකවරම මිය ගිහිල්ලා ඇත්තේ. 


මෙම යුවළට දියණියන් 04ක් ද එක් පුතෙක් ද සිටිති. 


තාත්තා අම්මා අපට හරිම ආදරෙයි. ඒ අය දරුවන්ගේ දරුවන් ද බලාගෙන සතුටින් තමයි හිටියේ. 


අපේ පවුලේ සහෝදර සහෝදරියන් ද දැන් වයසයි. අම්මලා තාත්තලා මැරෙනකම්ම සතුටින් සිටියේ. අම්මාට තාත්තා නැතුවම බෑ. තාත්තාටත් අම්මා නැතුවම බෑ. දෙන්නා හැම තිස්සේම හිටියේ එකට. හරියට කිරියි පැණියි වාගේ. තාත්තා කුරුඳු තළන එක තමයි රස්සාවට කළේ. අම්මා ඒවාට උපකාර කරනවා අපිට පොඩි කාලයේ ඉඳලාම මතකයි. ඒ බැඳීම මිය යන දවස දක්වාම මිය යන මොහොත දක්වාම තිබුණා. නාන්න ගියෙත් ගමන් බිමන් ගියෙත් එකට. කෑම කෑවෙත් එකට එක මේසයේම ඉඳන්. පන්සල් යන්නෙත් එකට. සිල් ගන්නෙත් එකට. එකම තැන තමයි දෙන්නා ඉඳගෙන ඉන්නේ. බෙහෙත් ගේන්න යන්නෙත් එකට. තාත්තාට මොකක් හරි අමාරුවක් තිබුණොත් මෙන්න අම්මාටත් ඒ අමාරුවම තියෙනවා. 

 

 


“ලොකු දුව තාත්තාට කොන්දේ අමාරුව වාගේ මටත් ටිකක් කොන්ද රිදෙනවා වාගේ” කියා අම්මා කියනවා. ඔය අම්මා කියන්නේ බෙහෙත් ගන්න දෙන්නම එක්කරගෙන යන්න කියලානේ ඉතිං අපේ මොකෝ යන්න ලේස්ති වෙන්න කියා දෙන්නම බෙහෙත් ගන්න එක්ක යනකම් නිවනක් නෑ. 


අපි පුංචි කාලයෙත් අම්මා තාත්තා කිසිදා අමනාප වෙලා ඉන්නවා මම දැක්කේ නෑ. රණ්ඩුවෙලා ඉන්නවා දැක්කේ නෑ. තාත්තා අම්මට කීවේ “දරුවන්ගේ අම්මා” කියලා. අම්මා තාත්තාට කීවේ “දරුවන්ගේ තාත්තා” කියලා. කහට කෝප්පයක් බීවත් දෙන්න එකට බෙදාගෙන තමයි බොන්නේ. තරුණ කාලයේ අපි පාසල් අරගෙන ගියෙත් දෙන්නම පයින්. අපි පස් දෙනාම පාසල් අරගෙන ගියේ පයින්. දෙන්නාම පාසලටත් ආවා. අපි ගෙදර දමලා කඩේ ගියත් පොළේ ගියත් අම්මයි තාත්තයි එකට. කිසිම දවසක අම්මා හෝ තාත්තා තනියම ගමනක් බිමනක් ගිය දවසක් අපි දැකලා නෑ. දෙන්නම යන්නේ නැතිනම් ඒ ගමන නතර කරනවා. ඒ ගමන යන්නේ නෑ. 


උදේ සවස බුදුන් වඳින්නේ එකට. නිදිය ගන්නේ එකම වේලාවට. අපි දරුවෝ හිටියට අපි මේ අම්මා තාත්තට උපකාරයක් කරන්න දෙන්නම ඉඩ තිබ්බේ නෑ. දෙන්නා දෙන්නාගේම වැඩ කරගෙන දෙන්නාම කටයුතු කරනවා. උයා පිහාගෙන කන දේවල්ද දෙන්නාම තමයි කළේ. අපි උදව් කරන්න හදනකොට “උඹලට පිස්සුද? උඹලාගේ දරුවන්ගේ වැඩ තියෙද්දි අපේ වැඩ කරන්න හැකිද?” අම්මා කියනවා. තාත්තා ද ඒකම කියනවා. අපි ඉතින් අමතර කෑමක් හැදුවම ගෙනත් දෙනවා. ඒක හරියටම දෙකට බෙදලා කනවා මිසක කවදාවත් තාත්තා හෝ අම්මා වැඩිපුර ගන්නේ නෑ. ඒ ඒ අයගේ හැටි. 


අම්මා විවාහ වෙනකොට අවුරුදු 16යි. තාත්තට 20යි කියලා තමයි කියන්නේ. ඒ කාලයේ වයස ගණන් ගත්තේ නෑනේ. මේ නිසා අම්මා තාත්තා එකටම හිටියේ. මැරෙන දිනය මැරෙන මොහොත දක්වාම එකටම තමයි හිටියේ. 


දෙන්නාම කිව්වේ අපි දෙන්නා මැරුණාම එකම සොහොනක එකම වළක එකම පෙට්ටියක එකම දිනක එකම වේලාවක සිදුකරන්න කියාලා. අපි අම්මලාගේ තාත්තලාගේ කැමත්ත අනුව සියල්ලම සිදුකළා. මම හිතන්නේ සංසාර පැතුමක් වෙන්න ඕන. මේ අය එකටම මියගියේ ඒ නිසා වෙන්න හැකියි. 


මේ අනුව පසුගිය 17 වන දින එකම මිනී වළක එකටම එකම සොහොනක මිහිදන් කළා. සියලුම ආගමික කටයුතුද  කළේ එකට. මරණ දැන්වීම ද එකම කොළයක එකම ආකාරයට එකම විදියකට තමයි සකස් කළේ යැයි දූ දරුවෝ කීහ. අපි ද මේ ආදර්ශමත් යුවළට ඒ අයගේ ආගම දහම අනුව නිවන් සුව පතමු. 

 

 


සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

ආදරවන්තයන්ගේ දිනයේ එකම දින එකම වේලාවේ අවසන් ගමන් ගිය සෙනෙහෙබර යුවළක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3708 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 36 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1466 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site