IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අන්තර්ජාලයේ සැරිසරන ව්‍යාජ රැකියා බැංකු

නූතන ලෝකයේ වෙසෙන බොහෝ තරුණ තරුණියෝ නව විලාසිතා කෙරෙහි දැඩි නැඹුරුවක් දක්වති. ඒ සඳහා නිරතුරුවම අන්තර් ජාල වෙබ් අඩවි පරිශීලනය කරන අතර ඒ ඔස්සේ නව විලාසිතා සොයා යාමත් ඒ ඒ විලාසිතාවන්ගෙන් සැරසුණ තම තමන්ගේ පින්තූර අන්තර්ජාලයට මුදා හැරීමත් සිදු කරති. සීමා මායිම් නොමැතිව ලයික් සහ කමෙන්ට් බලාපොරොත්තු වන අන්තර්ජාල පරිශීලකයෝ එහි ඇති අනතුරුදායක තත්ත්වයන් හඳුනා නොගනිති.   


ඉක්මන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වන එවැන්​ෙනා් නොදැනුම්වත්වම අන්තර්ජාල වංචනිකයන්ගේ ගොදුරු වන්නේ එහෙයිනි.   


​ෙමවර ලිපියෙන් උපහරණ සපයනුයේ ද අන්තර්ජාලය ජීවිතය කර ගත් මෝස්තර නිරූපිකාවක වීමේ සිහිනයක වෙලීසිටි තරුණියක් ජීවිතයේ මග වරද්දා ගත් ආකාරය පිළිබඳවය.   


මලීෂා රූබර යුවතියකි. පාසල් යන කාලයේ සිටම ඇය මොස්තර නිරූපිකාවක වීමේ සිහිනය දුටුවාය. පුවත් පත් සඟරා පරිශීලනය කරමින් ඇඳුම් විලාසිතා නිර්මාණය කර ගැනීම ඇයගේ විනෝදාංශයක් විය. එසේ නිම කරනා විලාසිතාවන්ගෙන් සැරසෙන ඇය කැඩපත ඉදිරියේ විවිධ ඉරියව්පාමින් සිය සුන්දරත්වය නැරඹුවාය.   


‘‘ඔය පැය ගාණක් තිස්සේ හැඩ බැලුවා මදෑ ඔයා කොහොම ඇන්දත් ලස්සනයි දෝණි’’   


දියණිය දෙස මොහොතක් බලා සිටි මව පැවසුවාය.   


‘‘අනේ අම්මා ඔයා කොයි වෙළේ ද ආවේ. මම දැක්කෙත් නෑ.’’   


මව දුටු මලීෂා ඇය අසලට යමින් ඇසුවාය.   


‘‘ඔයා කොහොම දකින්නද? හිටියේ වෙන ලෝකයක නෙ’’.   


මව දිගු හුස්මක් ගත්තාය.   


‘‘අම්මා බලන්නකෝ කවදා හරි මම ජනප්‍රිය මොඩ්ලර් කෙනෙක් වෙනවා.’’   


මලීෂා මවගේ ගෙල වටා අතක් දමා ගනිමින් පැවසුවාය.   


ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු ඇගේ මව නාඹර වියේ සිටිනා දියණිය ආරක්ෂා කර ගන්නේ කෙසේ දැයි සිතුවාය.   


‘‘ඔයා ඔය විදියට පාරේ යවන්න මට බයයි දරුවෝ. කී දෙනෙක් බලාගෙන ඉන්නවාද? ගෙදර දී මොන අඟර දඟර කළත් සමාජයෙදී තමන්ගේ ගෞරවය රැකෙන විදියට වැඩ කරන්න ඕන.’’   
එසේ සිය දඟකාර දියණියට අවවාද කිරීමට ඇය අමතක නොකළාය.   


‘‘බය වෙන්න එපා අම්මේ. මම දන්නවා මාව ආරක්ෂා කර ගන්න.’’   


මලීෂා මවගේ බඳ වටා දැත් යවමින් ඇයට තුරුලු වුවාය.   


මවගේත් දියණියගේත් සෙනෙහබර කතා බහ නිමා කරමින් නිවසේ සීනුව නාද වන්නට විය. මලීෂා දුවවිත් දොර හැරියාය. ඒ පියාය. ඔහු අතේ විශාල පෙට්ටියක් විය.   


‘‘​මේ මොකක්ද? මලිෂා විමතියෙන් ඇසුවාය. මුව පුරා පැතුරුණු සිනාවකින් යුතු පියතිලක ‘‘මගේ දුවට පොඩි තෑග්ගක්’’ යනුවෙන් පැවසුවේය.   


‘‘මොකක්ද තාත්තේ?’’ කුතුහලයෙන් යුතු වු මලීෂා ඇවිටිලි කරන්නට වුවාය.   


‘‘පොඩ්ඩක් ඉන්නකො. දරුවෝ තාත්ත ගෙට ගොඩ වෙනකන් වත්... ඒ මනුස්සයා නිවී සැනසිල්ලේ වතුර ටිකක් හෙම බීලා ඔයාට ගෙනාපු දේ දෙයි. ඕක ඔයාගෙන් උදුර ගන්න කවුරුත් නෑනේ.’’   
මලීෂාගේ මව පැවසුවාය. මලීෂා නිහඬ වී තාත්තා ගෙන ආ තෑග්ග ඔහුම විවෘත කරන තුරු බලා සිටියාය.   


උණු උණු තේ කෝප්පයකින් කුස සනසවා ගත් මලීෂාගේ පියා ගෙන ආ ලොකු කාඩ්බෝඩ් පෙට්ටිය විවෘත කළේය.   


‘‘දෙයියනේ කම්පියුටර් එකක්.’’ මලීෂා සතුටින් කෑ ගැසුවාය. පියසෝම කෑල්ලෙන් කෑල්ල එකතු කර පරිගණකය සකස් කර එය සක්‍රීය ක​ෙළ්ය. මලීෂාගේ සතුට නිම් හිම් නැති විය.   


පරිගණකය නිවසට ගෙන ආ දා සිට පුවත් පත් සඟරා මලීෂාගෙන් ඈත් වුවේය. ඇය ඇඳුම් මෝස්තර පරිගණකය හරහාම සෙවීම ආරම්භ කළාය.   


‘‘දෝනි දැන් ඔයාට කන්න බොන්න වත් සිහියක් නෑ නේද? ඕක දිහාම බලාගෙන ඉන්නේ වෙන වැඩක් ඇත්තෙම නැද්ද?’’   


මලිෂාගේ මව නෝක්කාඩු කියන්නට වුවාය.   


‘‘අනේ අම්මා මේ බලන්නකෝ පිස්සු හැදෙනව නේ. මේවා​ෙය් තියෙන අලුත් ඩිසයින් බලන්නකෝ. අපේ රටේ විතරක් නොවෙයි. පිටරටවල ඒවත් තියෙනවා.’’   


මලිෂා සිය මවට ඇය තෝරා ගත් නවීන ඇඳුම් විලාසිතාවන් පෙන්වන්නට වුවාය. ඒ අනුව අලුත් විලාසිතාවන්ට අනුව ඇඳුම් නිර්මාණය කිරීමට ඇය පෙළඹුණාය.   


එම ඇඳුම් මෝස්තර වලින් සැරසීගත් සිය ඡායාරූප සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමටත් ඇය අමතක නොකළාය.   


දන්න නොදන්නා බොහෝ දෙනෙක් එම ඡායාරූප වලට අදහස් ප්‍රකාශ කිරීම හා කැමැත්ත ප්‍රකාශ කිරීම සිදු කර තිබුණි. එය මහා ජයග්‍රහනයකැයි මලිෂා සිතුවාය.   


එවැනි වාතාවරණයකදී මෝස්තර නිරූපිකාවක වීමේ සිහිනයත් දිනෙන් දින දලු ලන්නට විණ. අළුයට සැඟවුණු ගිනි සේ පැවති හීනය සැබෑ වීමට පරිගණකය හා අන්තර්ජාලය මහත් පිටුබලයක් සේ ඇය සිතුවාය.   
දිනක් මලීෂාගේ සමාජ ජාලා ගිණුමට රැකියා ඇබෑර්තු සහිත දැන්වීමක් පැමිණ තිබිණි. එහි මෝස්තර නිරූපිකාවක් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව තොරතුරු විය. එය කිය වු මලීෂාගේ සතුට නිම් හිම් නැති විය. වහාම සිය ජීව දත්ත සටහනක් හා අලුතින් ගත් ඡායාරූප කිහිපයක් අදාළ අන්තර්ජාල ලිපිනයට යැව්වාය.   


එම තොරතුරු වලට අදාළ රැකියා ආයතනයෙන් පිළිතුරු ලැබුණ අතර විවිධ විලාසිතාවන්ට අනුව සැරසුණු පින්තූර නැවත නැවත එවන ලෙස දන්වා සිටියේය. ඊමේල් පණිවිඩය පිළිබඳ සැක නොකළ ඇය ඔවුන් කියන ආකාරයේ පින්තූර බොහොමයක් යැව්වාය.   


ඒ ආකාරයට කිසිවිටෙකත් නොදන්නා අන්තර්ජාල ආයතනයක් සමග දිගින් දිගටම කටයුතු කළ මලිෂාට හදිසියේම සජීවී සම්මුඛ පරීක්ෂණයකට එන ලෙස දන්වා තිබුණේය. ඒ තනිවමය. මලිෂා කල්පනාකාරී විය. ඇය ඒ සඳහා යාමට සිය යෙහෙළියක් සූදානම් කර ගත්තාය.   


දෙදෙනාම මලිෂාට එන ලෙස දන්වා තිබු ස්ථානයට ගිය අතර පුදුමයකට මෙන් එහි කිසිදු ආයතනයක් නොවීය. එය කලකට පෙර වසා දමන ලද ආයතනයක හිස් ඉඩ කඩක් පමණක් විය. ඇය ආපසු යාමට සැරසුණාය.   
එවිට ඇයගේ නෙත ගැටුණේ යම්කිසි පිරිමියකු තමා දෙස බලා සිට සැඟවුණු සේයාවකි. ඇය තවත් තැති ගත්තාය. වහාම සිය යෙහෙළිය සමග අදාළ ස්ථානයෙන් පිටමං වුවාය.   


නිවසට පැමිණි මලිෂාට කුමක් දෝ බියක් දැනෙන්නට විය. ඇය සිය අන්තර් ජාල ලිපිනයට ආ පණිවිඩ පරීක්ෂා කර බැලුවාය.   


එහි විකෘති කරන ලද ඇගේ ඡායාරූප කීපයක් විය. තවද ඇයගෙන් යම් කිසි මුදලක් ඉල්ලා තිබීමත් එය අදාළ ගිණුමට නොදැම්මේ නම් එවන ලද ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවත් සඳහන් කර තිබිණි.   
එය දුටු මලීෂා මහත් සේ කලබල වුවාය. අදාළ සිදුවීම පිළිබඳ සිය ​ෙය​ෙහළියට පැවසුවාය. එසේම එවන ලද පින්තූර සේ විකෘති කරන ලද පින්තූර කිසිවිටකත් තමා නොගත් බවත් ඇය පැවසුවාය.   
මලිෂාගේ යෙහෙළිය බුද්ධිමත් වුවාය. ඇය එවන ලද පින්තූර පරීක්ෂා කළ අතර ඒවා පොටෝ ෂොප් වලින් සාදන ලද ඒවා බව පැවසුවාය.   


සිදු වු දෙය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබු මලීෂා සිදු වු වැරැද්ද සකසා ගැනීම සඳහා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ උදව් ලබා ගත්තාය. එහිදී අදාළ රැකියා ඇබෑර්තු ආයතනය ව්‍යාජ එකක් බවත් එයට අසුවන තරුණියන්ගේ පින්තූර විකෘති කර බිය ගන්වා මූල්‍යමය අල්ලස් හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කරන බවත් තහවුරු විය.   


​ෙමවැනි ව්‍යාජ ආයතන ඔබට ද හමු විය හැකිය. මෙවැනි තර්ජන වලට ඔබ ලක් විය හැකිය. එබැවින් අන්තර්ජාල පරිහරණය බුද්ධිමත්ව හා ආරක්ෂා සහිතව සිදු කළ යුතුය.   


එ් පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගත්තෙමු. 

 

 

 

 

සටහන
කුමාරි හේරත්

 

 


රැකියාවක් සොයන විට රැකියාවට ඉල්ලුම් පත්‍ර යවන විට ඔබේ තොරතුරු ආරක්ෂා කරන්නේ කෙසේද?

 

  රැකියා සඳහා ඉල්ලුම් පත්‍ර යවන විට කලකට පෙර පුවත් පත් වැනි සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ ඉල්ලුම් පත්‍ර යැවීම සිදුවුණා. එහෙත් අද එසේ නොවෙයි. අද කාර්යාල දැන්වීම් ගෙදර සිට කළ හැකියි. රැකියා දැන්වීම් සියල්ලම අන්තර්ජාලය තුළට ඇතුළත් කර තිබෙනවා. ඔබ රැකියාවක් සොයා ඉල්ලුම් පත්‍රයක් යවන විට ඔබේ තොරතුරු ආරක්ෂා කර ගත යුතුය.   


ඔබ විසින් අයැදුම් නොකළ රැකියාවක් සඳහා ඔබගේ ඊ ලිපිනයට ඊ තැපෑලක් ලැබුණහොත් එය බොහෝ දුරට ඔබව වංචාවකට ලක් කිරිමකට උත්සාහ කිරීමක් විය හැකියි.   


ලැබු රැකියා අවස්ථාවක් නීත්‍යානුකූල ලෙස ඔබට දැනුම් දීමක් කළොත් Email මගින් එසේ නැත්නම් දුරකථන ඇමතුමක් මගින් එම ආයතනය සම්පූර්ණයෙන්ම පරීක්ෂා නොකර කිසිම විටක මුදල් යැවීමෙන් වළකින්න.  
වංචාකරුවන් ඔවුන්ගේ වාසිය සඳහා සැබෑ නොවන ආකාරයේ රැකියා දැන්වීම් පළ කරනු ඇත. එසේම හරි ආකාරයේ රැකියාවක් ඔබට​ සොයා දෙන බව පවසා ඔබගේ හැඳුනුම්පත් අංකය, ​ෙක්‍රඩිට් කාඩ් පත් තොරතුරු හෝ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පුද්ගලික තොරතුරු ගැනීමට උත්සාහ කරති.   


ඔබ වංචාවකට ගොදුරු වී ඇති බවට ඔබ සැක කරන්නේ නම් සහ ඊට ඔබ මූල්‍ය තොරතුරු ලබා දුන්නේ නම් එවිට ඔබේ බැංකුව හෝ ක්‍රෙඩිට් කාඩ් සමාගම සම්බන්ධ කර ගන්න.   


බොහෝ සමාගම් අන්තර්ජාලය හරහා අවංකව බඳවා ගැනීම් සිදු කිරීම සිදු වේ. නමුත් නියත වශ​ෙයන්ම සියලු දැන්වීම් අවංක නොවේ. උදාහරණයක් ලෙස Type Setting වැනි රැකියා යටතේ නිරන්තර අධීක්ෂණයක් කළ යුතුයි. එම නිසා ඒ වගේ රැකියා ඔබ​ෙග් නිවෙ​ෙස්දී කළ හැකි කියා රැකියා දැන්විම් තිබෙන්නේ නම් එය ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.   


ඔබ මෙම වංචාවලින් සුරක්ෂිත කර ගත හැකි මාර්ගයක් වන්නේ රැකියාව සහ ප්‍රචාරය කරන සමාගම පිළිබඳ පූර්ණ පසුබිම පරීක්ෂා කිරීමෙනුයි. මෙසේ කිරීමෙන් ඔබ රැකියාව සහ සේවා යෝජකයා පිළිබඳ සම්පූර්ණ සමාලෝචනයක් ලබා ගත හැකිය.   


ඔබ අන්තර්ජාලය හරහා රැකියාවක් ලබා ගැනීමට නම් සෑම විටම සමාගමේ රැකියා වෙබ් අඩවියකට යා යුතුයි. එය නීත්‍යානුකූල වන්නේ ද යන්න පරීක්ෂා කළ හැක්කේ ඔබට පමණි.    


මෘදුකාංග සංවර්ධනය (Software Development) දත්ත ඇතුළත් කිරීමේ කාර්යය (Data Entry), සෝදුපත් කියවීම සඳහා අන්තර්ජාලය තුළ නියමාකාර රැකියා දැන්වීම් රැසක් තිබේ. එහෙත් සියලු රැකියා විශ්වාස කළ නොහැක.   


නිරූපණ ශිල්පිණියක් (​මොඩ්ලින්) වීමට ඇරයුම් කර ඇත්නම් සහ තෝරා ගැනීම සඳහා ඔබගේ ඡායාරූපයක් යැවීමට අවශ්‍ය නම් ඔබගේ ඡායාරූප යැවීම අවදානමක් බව ඔබ දැන ගත යුතුය. ඔබව එම ආයතනය තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් හෝ මුහුණට මුහුණ සැසියක් හරහා ක්‍රියාවලියක් තිබිය යුතුය. එබැවින් මෙම දැන්වීම් මූලාශ්‍රය ප්‍රවේශමෙන් සොයා බැලීමක් සිදු කළ යුතුය.



අදහස් (0)

අන්තර්ජාලයේ සැරිසරන ව්‍යාජ රැකියා බැංකු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3716 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site