ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය අදියර දෙකකින් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
එය සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස හා එහි සංක්ෂිප්ත ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත අතර සියලු කරුණුවල සාරාංශය ඇතුළත් ලියවිල්ල තැපැල් ඡන්දයට පෙර එළිදක්වනු ඇතැයි දැනගන්නට තිබේ.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය විශාල ප්‍රමාණයේ පොතක් ලෙස නිකුත් කෙරෙන අතර එය තැපැල් ඡන්දයෙන් පසුව නිකුත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
සංක්ෂිප්ත ලියවිල්ල ආශ්‍රිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු අදියර දැනටමත් සකස් කර ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd