(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිවුන් සහෝදරයින් නායකත්වය ලබාදෙන බව කියන පාතාල කල්ලියක් ගැන තොරතුරු හෙළි වී ඇතැයි පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
ශානු හා බානු යන නම්වලින් හැඳින්වෙන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනාගේ නායකත්වයෙන් යුතු මෙම පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කඩුවක් ද සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා අතුරුගිරියේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම පාතාල කල්ලිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේ ඇතැම් ධනවත් ව්‍යාපාරිකයින්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා බවට ලැබී තිබූ පෙත්සම් මත කරන ලද පරීක්ෂණවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. නිවුන් සොහොයුරන් හා සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ මෙහෙයවයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත එහි සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධ්‍යක්ෂ ශාන්ත රත්නපිටිය හා සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු යන මහත්වරුන් යටතේ මෙහෙයුම් පවත්වති.
2025 දෙසැම්බර් මස 04
244
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවුන් සොහොයුරන් නායකත්වය දෙන පාතාල කල්ලියක්