(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
මෙම රෝගය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ අහඹු ලෙස සිදු කළ යුතු බවටත්, දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 2500 ක් වත් සිදුකළ යුතු බවටත් කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.
මීට අමතරව කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවත්නා නිශ්චිත දත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට හරියාකාරව නොලැබෙන නිසා මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබෙන බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය මට්ටමින් කොරෝනා මර්දන කටයුතුවලට මූලික වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නිසා නිවැරදි දත්ත ලබා ගැනීම වැදගත් වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම බෙහෙවින් වැදගත් වෙන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගෙන නැතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පී.සී.ආර් පරීක්ෂණයක් දැන් කරනකොට නීරෝගී පුද්ගලයෙක්ට, පරීක්ෂණය කරලා පැයකින් නැත්නම් දවසකින් සතියකින් හැදෙන්න බැරිද. ඒ වගේම රෝගය අළුතින් හැදුනු විගස පී.සී.ආර්. පරීක්ෂණයකදී හසු නොවී නිරෝගී බවට තීරණය වුවහොත් ඔහුගෙන් අන් අයට පැතිරිය හැකියි නේද. එහෙමනම් පී,සී.ආර් කියන්නේ අකණ්ඩව හැමදාම අවසානයක් නොමැතිව කලයුතු පරීක්ෂණයක්. ඇතැම් විට එකම පුද්ගලයකුට දවස ගානෙම වුනත්. ඒක අපි වගේ දුප්පත් රටකට ගැලපෙන්නේ නැහැ නේද. අපිට ගැලපෙන හොඳම විදිය තමයි හමුදාවයි පොලිසියයි කරන්නේ. ඔවුන් ඒකට ප්‍රවීණයන්. දියුණු සෞඛ්‍ය පහසුකමුත් තියෙන හොඳට සල්ලිත් තියෙන, ඖෂධ ගැන පර්යේෂණත් කරන හැමදාම පී.සී.ආර්. පරීක්ෂණත් කරන දියුණු රටවල එදා ඉදල අදටත් විශාල සංඛ්‍යාවලින් රෝගීන් මිය යාමත්, අපේ රටේ එහෙම නොවෙන එකෙත් රහස අපේ නායකත්වය ගත් තීන්දු නිවැරදි නිසා යැයි හිතෙන්නේ මට විතරද. දැන් ඒ ගෞරවය තමන් සතු කරගන්න සෞඛ්‍ය සේවයේ යම් කණ්ඩායමක් දෙකක් දරණ උත්සාහයක් විදිහට විතරයි මට මේක පේන්නේ.