(නිශාන්ත කුමාර බණ්ඩාර)
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම තවදුරටත් කල් දමන්නේ නම් දැඩි ස්ථාවරයකට එළඹෙන බව දේශපාලන පක්ෂ 4ක් ආණ්ඩුවට දැනුම් දී ඇති අතර තවත් පක්ෂ 3ක් ව්‍යවස්ථා සංශෝධන කඩිනම් කරන ලෙසට දන්වා අැත.
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා කම්කරු පෙරමුණ මෙසේ දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.
ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණු 3 වන බලය බෙදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය යන කරුණු එකම අවස්ථාවේදීම සිදුකළ යුතු බවට තමා ව්‍යවස්ථාදායක සභාවට කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර තිෙබන බවට ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කීය.
එම කාරණා 3 එකවර සංශෝධනය කළ යුතු බවත් කඩිනමින් නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවට පක්ෂ නායකයන් රජයට දැනුම් දී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී සංවිධානය ද ව්‍යවස්ථාව කඩිනම් කරන ලෙස ඉල්ලීම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නව ව්‍යවස්ථා සංශෝධනය ලබන දෙසැම්බර් මාසයට පෙර අවසන් නොකරන්නේ නම් දැඩි තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ සඳහා ආණ්ඩුවට කොන්දේසියක් පනවා ඇතැයි එම පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‘‘ඉරිදා ලංකාදීප’’යට පැවැසීය.
ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පළමු කොන්දේසියයි.
ව්‍යවස්ථා සභාව දිනෙන් දින රැස්වී කාලය කා දමනවා මිස ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථිර දිනයක් තීරණය කර නැත.
ලබන දෙසැම්බර් මාසයට පෙර නව ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ හොත් දැඩි තීරණයකට එළඹෙන බව විජිත හේරත් මහතා සඳහන් කෙළ්ය.
මේ පිළිබඳ දැනටමත් ආණ්ඩුවට තම ස්ථාවරය දැනුම් දී තිබේ.
ආණ්ඩුව තවදුරටත් මෙසේ කල් මරමින් ව්‍යවස්ථාව සකස් නොකළ හොත් ව්‍යවස්ථා සභාව තුළ රැඳී සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳ ඒ මොහොතේ තීරණය කරන බවද ඔහු පැවැසීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කරන්න දෙමළ - මුස්ලිම් පක්ෂවලින් බලපෑම්