(නාලක සංජීව දහනායක)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවැසීය.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් වැඩි වශයෙන් තරුණ තරුණියන්ට අපේක්ෂත්වය ලබා දීමට තීරණය කර තිබෙන බවද එම ප්‍රකාශකයා පැවැසීය.
එමෙන්ම එම පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නම යෝජනා වී තිබේ. එමෙන්ම උතුරුමැද පළාත් සභාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන හා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහත්වරුන්ගේ නම් යේජනා වී ඇත.
එමෙන්ම නැගෙනහිර පළාත් සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නම මෙන්ම මේ වන විට රජය නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරයකුගේ නමද යෝජනා වී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කළ සැණින්ම මෙම අමාත්‍යවරු තනතුරින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.
මීට අමතරව මහීපාල හේරත්, එස්.එම්. රංජිත් හා සබරගමු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කංචන ජයරත්න මහත්වරුන්ගේ නම් ද ප්‍රධාන අමාත්‍යධුර සඳහා යෝජනා වී ඇතැයි ද වාර්තා වේ. මෙහිදී සබරගමු පළාත් සභාවට හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා නම් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් අර්බුදයක් ඇති නොවන ආකාරයට පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් සභා මුල් පුටු දිනාගන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ඡන්දෙට?