(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලබාගැනීම සඳහා එකඟතාවක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් සහ ඊපීඩීපී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවී ඇතැයි වාර්තාවේ.
මෙම හමුව, ඉකුත් බ්‍රහස්පතින්දා (09) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර ඊට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල සහ මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ද සහභාගිවී ඇත.
රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්වීම සඳහා සහාය ලබාදෙන ලෙස පක්ෂ නායකයින් එහිදී ඉල්ලීමක් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊට එකඟතාව පළකර ඇති බව ද වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමෙන් සුළු පක්ෂවලට අසාධාරණයක් සේම ඡන්දය ද තව තවත් කල් යන බව සුළු පක්ෂවල නායකයින් එහිදී පෙන්වාදී ඇතැයිද වාර්තා වේ.
ඊට පිළිතුරු දී ඇති ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් තමන්ට අවශ්‍ය පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලබා ගැනීම බැවින් පැරැණි ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයිද දැන ගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂය හා සුළු පක්ෂ අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.
උතුරු මැද, සබරගමුව, සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය පසුගිය වසරේ අවසන්වී ඇති අතර මධ්‍යම වයඹ හා උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ලබන මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.
පළාත් සභා මැතිවරණය අලුතින් හඳුන්වාදුන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් සභා ඡන්දයට හකීම්-මහින්ද එකඟතාවක්