(අජන්ත කුමාර අගලකඩ)
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇතිවූ බව වාර්තාවේ.
හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ තල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම හටගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුද වන මෙම දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීමද විශේෂත්වයකි.
වීරවිල ප්‍රදේශයේ තල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක් නිවාස ඉදිකිරීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ නියෝගය මත ඩෝසර් කර ඇති බවට මහින්ද ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම මත ගැටුම ඇතිවූ බව වාර්තාවේ.
දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීමට වෙනත් ඉඩම් තිබියදී වාණිජ වටිනාකමකින් යුත් මෙම ඉඩම ඩෝසර් කිරීම වැරැදි බව අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි දැන ගන්නට තිබේ. ඊට පිළිතුරු දී ඇති සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තමා එම ඉඩම යොදාගෙන ඇත්තේ නිවාස නොමැති පවුල්වලට නිවාස ඉදිකරදීමට මිස පෞද්ගලික කටයුතු සඳහා නොවන බව පවසා ඇතැයි වාර්තාවේ.
තමාට දිගින් දිගටම බාධා කරන්නේ නම් ඇමැතිකමින් මන්ත්‍රීකමින් පමණක් නොව පක්ෂයේ නියෝජ්‍ය නායක කමින් වුවද ඉවත්වීමට සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට තිබේ. දෙදෙනා අතර වාදය දුරදිග යද්දී මැදිහත්වී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගැටලු සාකච්ඡා කර විසඳා ගන්නැයි ඇමැතිවරුන් දෙදෙනාටම දැනුම්දී ඇතැයි වාර්තාවේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තල් ඉඩමට සජිත්-අමරවීර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක