(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර විශේෂ දේශපාලන හමුවක් පසුගිය සතියේ පවත්වා ඇත.
ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුව ඉකුත් බදාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැයක පමණ කාලයක් තිස්සේ පැවැති අතර එයට ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකුත් සහභාගි වී නැති බව වාර්තා වේ.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය, රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර හමුව ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේදී පැයක පමණ කාලයක් පැවැති බව වාර්තා විය.
එම සාකච්ඡාවට ද අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරුණු කොට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැත.
එහිදී ද වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂ දෙක එක්ව පුළුල් සන්ධානයකින් ලබන මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවත් අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවත් ඉතා සුහද මට්ටමින් පැවැති බව ද වාර්තා වේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති-අගමැති හිටපු ජනපති විශේෂ හමුවක්