IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඡන්ද දිනය තීන්දු කරන්න කොමිසම 20 වැනිදා රැස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  

කොරෝනා වයිරසය හේතුවෙන් කල්දමා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන 20 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.  


මැතිවරණ කොමිෂන් සභාව එදිනට පෙර, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ නිර්දේශ ද ලබා ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ.  

කල්දමා ඇති මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේ‍ෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන ලෙස හා ව්‍යවස්ථාමය අර්බුදය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපි දෙකම ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් ද ලබන 20 වැනිදා පැවැත්වෙන රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.  


මැතිවරණය පැවැත්වෙන දිනය කල්දමමින්, මැතිවරණ කොමිෂම විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ජේදය ප්‍රකාරව ඉකුත් මාර්තු මස 21 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට කොමිසම බැඳි සිටින බවත්, ඒ පිළිබඳව ශ්‍රේ‍ෂ්ඨාධිකරණයෙන් විමසීමේ අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී තිබිණි.  පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල්දමනු ලැබූවේ රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.  


ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා කළ නොහැකි බවත්, අප්‍රේල් 30 වැනිදා සිට දින 14කට පසු එළඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය පැවැත්වෙන දිනය කල් තබමින් නිකුත් කළ ගැසට් නිවේදනය සඳහන් කර තිබිණි.  


ඒ අනුව ඡන්දය පැවැත්වෙන දිනය, අප්‍රේල් මස 25 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කිරීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බැවින්, කොමිෂන් සභාව 20 වැනිදා රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනෙනු ඇති බව වාර්තා වේ.  



අදහස් (0)

ඡන්ද දිනය තීන්දු කරන්න කොමිසම 20 වැනිදා රැස්වෙයි

ඔබේ අදහස් එවන්න

පුවත්

ජනපති ඡන්දෙට ලෑස්තියි: මැ.කො. කෝටි දාහක් වෙන් කරයි
2024 අප්‍රේල් මස 01 314 0

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


ඥානසාර හිමි නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඇපෑලක්
2024 අප්‍රේල් මස 01 515 0

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවන්ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කර උන්වහන්සේ නිදොස්


රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ
2024 අප්‍රේල් මස 01 561 0

රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙත


2029 වෙන විට තත්පරයක් අඩුවෙයි
2024 අප්‍රේල් මස 01 88 0

පෘථිවිය කැරකෙන වේගය එසේත් නැති නම් භ්‍රමණය ​ෙවන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩු​ ෙවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.


අඩු වැටුප් නිසා 250 දෙනෙක් හෙද සේවය හැර ගිහින්
2024 අප්‍රේල් මස 01 113 0

ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මධ්‍යම රජයේ රෝහල්වල සේවය කළ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් 250 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් තිබ


ලංකාවේ ලූනු ගෙඩිය පල්ලම් බැහැලා
2024 අප්‍රේල් මස 01 118 0

පසුගිය වසර තුනක කාලයේදී රටේ බී ලූනු වගාකරුවන් සංඛ්‍යාව සියයට අසූ හයකින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පේරාදෙණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site