(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතරේ ඇඳිරි නීතිය හෙට (27) සිට ඉවත් කරන්නේ ද නැද්ද යන්න සෞඛ්‍ය අංශ විසින් මේ සති අන්තයේ දෙනු ලබන වාර්තා සැලකිල්ලට ගෙන තීරණය කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
මෙම දිස්ත්‍රික්ක හතරේ පොලිස් බලප්‍රදේශ 22ක හැර, අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉකුත් බදාදා (22) උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා දිනපතා ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද කොළඹ කෙසල්වත්ත බණ්ඩාරනායක මාවතේ වතු නිවාස ආශ්රිත ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග එම තීරණය වෙනස් කළේය.
ඒ අනුව, මෙම දිස්ත්‍රික්ක හතරේ ඇඳිරි නීතිය හෙට (27) උදේ 5.00 දක්වා රජය විසින් දීර්ඝ කරනු ලැබීය.
මේ අතර, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉකුත් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා ඉවත් කරනු ලැබීය.
එසේ වූව ද සියලු දිස්ත්‍රික්කවල සිකුරාදා (24) රාත්‍රී 8.00ට යළි පැනවූ ඇඳිරි නීතිය සඳුදා (27) උදේ 5.00 දක්වා ක්‍රියාත්මක වේ.
කොරෝනා අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත්, ඇඳිරි නීතිය සඳුදා (27) සිට ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න මේ සති අන්තයේ තීරණය කෙරෙනු ඇත.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම ඇඳිරි නීති තීන්දුව සති අන්තයේ