IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඔබ පත්කළ මන්ත්‍රීවරුන්ට හිමිවෙන පහසුකම් ​

 

 

පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන අපේක්‍ෂකයන් 196 දෙනා හා ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන 29 දෙනා ඉදිරි දින කීපය තුළ දී ‘‘මන්ත්‍රී’’ පත්වීම් ලබති. මන්ත්‍රීවරුන් වශයෙන් පත්වන පිරිසට ධුරය සඳහා ලැබෙන වරප්‍රසාද ගණනාවකි.   


ඒවා අතර නීත්‍යනුකූලව හිමිවන වරප්‍රසාද මෙන්ම නිල නොවන මට්ටමින් හිමිවන වරප්‍රසාද රාශියක් ද වෙයි.   


‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා බලතල පාර්ලිමේන්තුව විසින් නිශ්චය කර විධිමත් කළ හැකි අතර, එසේ නිශ්චිත කර, විධිමත් කරන තෙක් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතෙහි විධි විධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව ඒ සම්බන්ධයෙන් අදාළ වන්නේය.’’ යනුවෙන් ද අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරයන්ට සහ කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් හෝ යෝජනා සම්මතයෙන් නියම කරනු ලබන පාරිශ්‍රමික හෝ දීමනා ගෙවිය යුත්තේය’’ යනුවෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.   


මන්ත්‍රී වැටුප නිල වශයෙන් ලබන ප්‍රතිලාභයක් වේ. මන්ත්‍රීවරයකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි. නියෝජ්‍ය ඇමති තනතුරක් ලැබුවොත් මාසිකව ලබන වැටුප රුපියල් 63,500 කි. රාජ්‍ය ඇමතිවරයකුට හා කැබිනට් ඇමතිවරයකුට ලැබෙන වැටුප රුපියල් 65,000 කි. කතානායක වැටුප රුපියල් 68,500 කි. අග්‍රාමාත්‍යවරයාට රුපියල් 71,500 කි.   


මීට අමතරව රුපියල් 10,000 ක ප්‍රවාහන දීමනාවක් ද, 50,000 ක දුරකතන දීමනාවක් ද රියැදුරු හා සංග්‍රහ දීමනා වශයෙන් රුපියල් 4,500 ක් ද ගෙවනු ලබයි.   
පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා රුපියල් 2500 ක දීමනාවක් ගෙවනු ලබයි. සාමාන්‍යයෙන් මසකට රැස්වීම් දින 8 කි. ඒ අනුව රැස්වීම් දීමනාව මසකට රුපියල් 20,000 කි. මීට අමතරව රැස්වීම් නොපැවැත්වෙන දිනවල කාරක සභා රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 බැගින් ගෙවනු ලබයි.   


පාර්ලිමේන්තු නොපැවැත්වෙන දින පහක් කාරක සභා පැවැත්වුවහොත් රුපියල් 12,500 ක් හිමි වේ.   


කාර්යාල දීමනාව වශයෙන් මසකට රුපියල් 1,00,000 (ලක්‍ෂයක්) බැගින් හිමිවේ.   


මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 4 කි. අමාත්‍ය කාර්ය මණ්ඩලය 15 කි. නියෝජ්‍ය ඇමතිවරයකුගේ කාර්ය මණ්ඩලය 10 කි. ඇමතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්ව්රයාට පෙට්‍රල් ලීටර් 218 ක් වෙනුවෙන් රුපියල් 17440 ක දීමනාවක් හිමි වෙයි. ඩීසල් වාහනයක් සඳහා ලීටර් 264 ක් සඳහා රුපියල් 13200 කි. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5 කි. නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3 කි. 


මෙහිදී මන්ත්‍රීවරුනට හිමිවන විශේෂ වරප්‍රසාදයක් ඇත. එනම් සම්බන්ධීකරණ ලේකම් හා පෞද්ගලික ලේකම් තනතුරුවලට තම පවුලේ සමීප ඥාතීන් පත්කර ගැනීමට ඇති හැකියාවයි. බොහෝ විට බිරිඳ, දරුවන් සහෝදරයන් මෙම තනතුරුවලට පත්කර ගැනීමට හැකියාව සැලසී ඇත. ඒ තනතුරුවලට ලබන වැටුපත් මන්ත්‍රීවරයාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාදයකි.   


මීට අමතරව මැති ඇමති කාර්ය මණ්ඩලයට ද වසර පහකට පසු විශ්‍රාම වැටුප හිමි වේ. කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරුවලට වැටුප රුපියල් 30,000 කි. ඉන්ධන දීමනාවට අමතරව එම තනතුරුවල සිටින අයට දුරකථන සඳහා ගෙවීම් ලබාදෙනු ලබයි.   


මන්ත්‍රීවරයකු හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාමාර්ගයකින් මියගියහොත් පවුලේ අයට ලක්ෂ 50ක මුදලක් වන්දි වශයෙන් හිමිවේ. රක්ෂණ ආවරණය ලක්ෂ 20 කි.   


මෙතෙක් කලක් මන්ත්‍රී පදවියට පත්වන සියලුම දෙනාට තීරු බදු රහිතව අධිසුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී තිබුණි. ලක්ෂ 30, 40 කට මිලදී ගන්නා තීරුබදු රහිත වාහනයක්, ලක්ෂ 250 කට පමණ අලෙවි කර ගැනීමට අවස්ථාව සැලසී ඇත. සෑම වසර 5 කට වරක්ම, තේරී පත්වන මන්ත්‍රීවරුනට අලුතෙන් තීරු බදු රහිත වාහනයක් මිල දී ගැනීමට අවස්ථාව සැලසේ.   


මේ වාහන සම්බන්ධයෙන් මෙවර තේරී පත්වන මන්ත්‍රීවරුනට යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව දැනගන්නට ඇත. එම ගැටලුව නම් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබීමයි.   


එහෙත් දැනගන්නට ඇති පරිදි සාමූහික රජය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා තීරුබදු රහිත වාහන ලබාගැනීමේ අවස්ථාව මාස කීපයකට පසුව හෝ ලබාදෙනු ඇතැයි කියති.   


තේරී පත්වන මන්ත්‍රීවරයාට හිමිවන බලවත්ම වරප්‍රසාදය මෙම තීරු බදු රහිත වාහනයක් ලබාගැනීමට අවස්ථාව සැලසීමයි. මන්ත්‍රීවරයකුට රුපියල් 350,000 ක නිදහස් තැපැල් පහසුකමක් හිමිවේ. ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රුපියල් 50,000 ක් හිමි වේ.   


මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා නිල නිවාස හිමි වේ. මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුනට නිවාස පහසුකම් සලසා ඇත. ඇමතිවරුන් සඳහා ඉතාම සුඛෝපභෝගී නිවාස කුරුඳුවත්ත ජාවත්ත වැනි ප්‍රදේශවලින් ලබාදෙනු ඇත. එම නිවාස කුලී වශයෙන් ඉතාම සුළු මුදලක් කපා හැරීම සිදුවේ.  
පාර්ලිමේන්තුවෙන් ලබාගන්නා උදේ හා දිවා ආහාර වේල සඳහා අය කරනු ලබන්නේ ඉතාම අඩු මුදලකි. සාමාන්‍යයෙන් සුපිරි හෝටලයකින් රුපියල් 750 ක් පමණ මුදලක් වැයවන දිවා ආහාර වේලක් පාර්ලිමේන්තුවෙන් රුපියල් 150 කට ලබාගත හැකිය.   


ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙන මන්ත්‍රීවරුන් වසර 5 ක කාලයක් සම්පූර්ණ කළවිට විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබේ. පත්වන දින සිට වසර පහක අවම කාලයක් සේවය කරනු ලබන මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප වශයෙන් හිමිවන්නේ මාසිකව ලබන මුදලින් 1/3 ක ප්‍රමාණයකි. ඒ අනුව වසර 5 ක අවම සේවා කාලයක් හිමිවන මන්ත්‍රීවරයකුට රුපියල් 18,091 ක විශ්‍රාම වැටුපක් ජීවිත කාලය පුරාම හිමි වේ. 

 
ඇමතිවරයකුට හෝ විපක්ෂ නායකවරයාට වසර 5 ක අවම සේවා කාලයක් ලබා ඇත්නම් රුපියල් 21,166 ක විශ්‍රාම වැටුපක් හිමි වේ.   
වසර 5 ක අවම සේවා කාලය සපුරනු ලබන කතානායකවරයාට රුපියල් 22,833.50 ක විශ්‍රාම වැටුපක් හිමිවේ​. අගමැතිවරයාට වසර 5 ක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් විශ්‍රාම වැටුප ලෙස රුපියල් 23,500 ක් හිමි වේ.   


මන්ත්‍රීවරයා මියගිය විට ඔහුගේ වැන්දඹු බිරිඳට එම විශ්‍රාම වැටුප හිමිවේ. කාලත්‍රයා මිය ගිය අවස්ථාවක වයස අවුරුදු 21 දක්වා දරුවන්ට එම විශ්‍රාම වැටුප හිමිවේ. ශාරීරික හෝ මානසික ​රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කරනු ලබන අවස්ථාවක, එම දරුවාට ජීවිත කාලය පුරාවටම එම විශ්‍රාම වැටුප හිමි වේ.   


නිල මට්ටමින් ලැබෙන වරප්‍රසාදවලට අමතරව නිල නොවන මට්ටමින්ද මේ මන්ත්‍රීවරුනට වරප්‍රසාද ගණනාවක් හිමි වී ඇත.   


ප්‍රධානම දේ සමාජයෙන් ලබා ගන්නා ගරුත්වයට සමාන වූ විශේෂත්වයකි. රටේ ජනතාව බහුතරයක් දේශපාලනඥයා කෙරෙහි දැඩි අප්‍රසාදයක් දක්වන බව සැබෑවකි. එහෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට යන මන්ත්‍රීවරයාට සියලු වාහන පසු කරමින් විදුලි වේගයෙන් මාර්ගයේ තම වාහනයෙන් යාමට අවස්ථාව හිමිවේ. බාධාවකින් තොරව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන මන්ත්‍රීවරයාට අවහිරයකින් තොරව අවස්ථාව සැලසිය යුතුව ඇත.   
කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවේ. ඒ අනුව කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, සිරිම​වෝ බණ්ඩාරනායක යනාදී වශයෙන් වූ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව සැලසේ.   


මීට අමතරව මන්ත්‍රීවරුන්ට විදේශ සංචාරවල යෙදීමට අවස්ථාව සැලසේ. පොදුරාජ්‍ය මණ්ඩල රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා ඇතුළුව විවිධාකාර අවස්ථාවන්ට විදේශ සංචාරවල යෙදීමේ අවස්ථාව නොමිලේම හිමිවේ.   


ඇතැම් හිටපු මන්ත්‍රීවරු සිය පාර්ලිමේන්තුවේ වසර 5ක කාලය තුළ හත් අට වතාවක්ම විදේශ සංචාරවල යෙදී ඇත. මෙම සංචාරවල දී V.I.P. පහසුකම් වේ. ගුවන් ටිකට්පත්, ඉහළම හෝටල්වල ඉඳුම් හිටුම්, කෑම බීම හා විශේෂ දීමනාවක් ද මෙම සංචාර වෙනුවෙන් හිමිවේ.   


මීට අමතරව පත්වන රජයන් ගම් මට්ටමින් සංවර්ධන කටයුතු සඳහා විවිධාකාර ව්‍යාපෘති, සංවර්ධන වැඩ ආරම්භ කරයි. ඒවායේ ප්‍රමුඛත්වය මන්ත්‍රීවරයාට හිමිවේ. එහිදී කොන්ත්‍රාත් පැවරීම යන අවස්ථාවන් ඇතිවේ.   


එවන් අවස්ථාවල දී ඇතැම් අයට කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අනියම් වරප්‍රසාද හිමිවන අවස්ථා ඇත. සියලුම දෙනා නැතත්, දේශපාලනඥයන් සුළු පිරිසක් හෝ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබෙන වරප්‍රසාදවලට කැමැත්තක් දක්වති.   


රටේ නීතිය, සීමා බන්ධන කොයිතරම් තිබුණත් ඉන්ධන පිරවුම්හලක්, මත්පැන් අ​ෙලවිසලක්, ප්‍රධාන නගරයක රජයේ හෝ පළාත් පාලන ආයතනයක් සතු ගොඩනැගිල්ලක කඩ කාමර එකක් දෙකක් ලබාගැනීමේ අවස්ථාව උදාකර ගැනීමට ඉඩකඩ ඇත. එවැනි අවස්ථා උදාකර ගැනීමට තමන් ගැන පමණක් හිතන දක්ෂ, බුද්ධිමත් මන්ත්‍රීවරයකුට අවස්ථාව සලසා ගැනීමට ඉඩකඩ ඇත.   


මේ සියල්ලටම වඩා සමාජ ගරුත්වය, ඉහළ මට්ටමක ජීවත්වන පුද්ගලයකුට ලැබෙන වරප්‍රසාදය මිල කළ නොහැක්කකි.   


හෙට දිනයේ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුනට ලැබෙන මෙම වරප්‍රසාදය එක්තරා ආකාරයකට ස්වීප් දිනුම් ඇදීමක් හා සමානය. කපටි කාර්යශූර මන්ත්‍රීවරයකුට, මේ පදවිය යස ඉසුරු ගෙන එන්නක් වනු ඇත.   


බයිසිකලයෙන් ගමේ ගිය පුද්ගලයාට ලක්ෂ 25, 30 වටිනා රෝද හතරේ වාහනයකින් ගමට යාමට අවස්ථාව උදාවන්නේ මේ මන්ත්‍රී පදවියෙන් ලබන වරප්‍රසාද හේතුවෙන් බව කිව යුතුය. ඒ සඳහා අනන්ත අප්‍රමාණ වූ දේශපාලනඥයන් පිරිසක් ද උදාහරණ වශයෙන් පෙන්වීමට ද හැකියාව ඇත.   

 

දයාසීලි ලියනගේ



අදහස් (0)

ඔබ පත්කළ මන්ත්‍රීවරුන්ට හිමිවෙන පහසුකම් ​

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 147 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 41 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 65 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site