IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති සජිත්ට අමරපුර නිකායෙන් ගෞරව නාමයක්

සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදිකරන ලද ලුණුගම්වෙහෙර කුඩාගම්මාන 05 පුෂ්පාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

මහෝපාද්‍යාය හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මහා මහෝපාධ්‍යාය ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රාචීන කීර්ති ශ්‍රී සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවංස අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එහිදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ශාසනයට සිදුකරන ලද සේවාව අගයමින් අමරපුර නිකාය මගින් ගෞරව නාමයක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව උන්වහන්සේ මෙහිදී සඳහන් කරන ලදී.   


එම අවස්ථාවට අමරපුර නිකායේ මහාසංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රැසියාවේ ප්‍රධාන සංඝනායක අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි රුසියානු භාෂාව පිළිබඳ විශ්‍රාමික කථිකාචාර්ය ලෝක බෞද්ධ සංසදයේ ගරු සභාපති ආසියානු බෞද්ධ සාම මණ්ඩලයේ ලංකා ශාඛාවේ මහාලේකම් විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරවංශ ලංකාර සද්ධර්ම සද්ධාර්මාභී වෘද්ධිජ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද එක්වූහ.  මෙහි ඉදිකරන ලද එම චෛත්‍ය ඇමැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකරන ලද 05 වැනි චෛත්‍යරාජයාණන් වීමද විශේෂත්වයකි.  



අදහස් (0)

ඇමැති සජිත්ට අමරපුර නිකායෙන් ගෞරව නාමයක්

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 406 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 174 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site