(ඩයනා උදයංගනී)
නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 15ක පමණ මුදලක් මේ වෙන විටත් ලබාදී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එහිදී මියගිය අයෙකු වෙනුවෙන් ස්වභාවික රක්ෂණාවරණය වෙතින් රුපියල් ලක්ෂයක් ලබාදෙන අතර, දේපල හානි ගණනය කර කඩිනමින් වන්දි ලබාදෙන බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවැසීය.
දින කිහිපයක් තිස්සේ ඇද හැළුණු මහ වැස්සෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක 1,05,000කට අධික පිරිසක් පීඩාවට පත්ව 40,000ක පමණ පිරිසක් අවතැන් වූහ.
අකුණු අනතුරු, දියේ ගිලීම්, පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් ඉකුත් 24 වැනි දා වන විට මරණ 13ක් වාර්තා වී තිබිණි. නිවාස 2541කට පූර්ණ හා අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.
මෙම ගංවතුර තත්ත්වයේ වැඩිම බලපෑම එල්ල වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්කවලට ද වැඩි බලපෑමක් එල්ල වී තිබිණි.
කැලණි, කළු, මහවැලි, ගිං, නිල්වලා ගංගා සහ අත්තනගලු, මා ඔයවල් මහ වැසි හේතුවෙන් පිටාර ගැලූ අතර එයින් ඉහත දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසකට ගං වතුර ඇති විය.
මහනුවර, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල, මාතලේ, මොණරාගල, මාතර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට ද මෙහි වැඩි බලපෑමක් එල්ල විය.
මේ අතර දැනට පවතින වැසි තත්ත්වය විටින් විට අඩු වැඩි වෙමින් ජූනි මාසය දක්වාම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබූ අතර, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද නිවේදනය කර තිබිණ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආපදා සහන සැලසීම කඩිනමින් දිස්ත්‍රික් 5ක නාය යාෙම් අවදානම