කල්ලියේ පහක් සෞදියෙන් ලංකාවට
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් හෙවත් අබු ෆීලන් නමැත්තා සහ එම කල්ලියේ ප්‍රබලයින් පස්දෙනා පසුගිය සිකුරාදා මෙරටට ගෙන ඒමෙන් පසු මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි පරීක්ෂණවලට බාධාවක් ඇතිවන නිසා හෙළිවී ඇති එම තොරතුරු දැනට ප්‍රසිද්ධ කළ නොහැකි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙක් කීය.
මොවුන්ගෙන් හෙළි වී ඇති තොරතුරුවලට අනුව ඉදිරියේදී සහරාන්ගේ කල්ලියේ තවත් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි රහස් පොලිසිය විශ්වාසය පළ කරයි.
මෙරටදී තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බව පැවසෙන්නේ මොහොමඩ් මිල්හාන් නමැත්තා වන අතර ඔහු ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගැනීම නිසා, එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීමට හැකි වී ඇති බව ද එම නිලධාරියා කීය.
මඩකළපුව, නයිනතිව් පොලිස් මුරපොළක සිටි කොස්තාපල්වරුන් දෙදෙනකුට 2018.11.30 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සහ හිටපු ඇමැති කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් නස්ලීම් නමැත්තාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට ද මොහොමඩ් මිල්හාන් නමැත්තා සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇතැයි ද සඳහන්ය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අයිඑස් සන්නද්ධ නායකයාගෙන් රහස් රැසක් හෙළිවෙයි