(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන බදාදා (05) පැවැත්වෙන ඡන්ද විමසීමට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 7452 දෙනෙක් තරග වැද සිටිති.
දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 3652 දෙනෙක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයෝ 3800 දෙනෙක් ද, මෙසේ තරග වැද සිටිති. කොවිඩ් 19 වයිරසය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සහ පාර්ලිමේන්තුව විසුරවා හැර මාස 5 කට පමණ පසුව මැතිවරණය පැවැත්වීම මෙවර මැතිවරණයේ විශේෂත්වය වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 10 ත් දින 14 ත් අතර කාල සීමාව තුළ නාමයෝජනා කැඳවිය යුතු අතර නාමයෝජනා කැඳවා අවසන් වූ දිනයේ සිට සති 5 ත් සති 7 ත් අතර දිනයක ඡන්දය පැවැත්විය යුතු බව මැතිවරණ පනතේ සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් මාර්තු මස 1 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස මුලදී අප්‍රේල් මස 25 වැනිදා නියම කෙරිණි.
එසේ වුව ද කොවිඩ් 19 වයිරසය හමුවේ මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට පසුව දින නියම කෙරුණ ද එය තවදුරටත් කල් දමමින් ලබන බදාදා (05) මැතිවරණය පැවැත්වීමට පසුව දින නියම කරනු ලැබීය.
ලබන බදාදා ඡන්දය විමසීම පමණක් සිදුකෙරෙන අතර ඡන්දය ගණන් කිරීම ලබන බ්‍රහස්පතින්දා (06) දිනයේ සිදුකෙරේ. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ආසන මට්ටමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අපේක්ෂකයන්ගේ මනාප ගණන් කිරීම ලබන සිකුරාදා (07) දිනයේ සිදුකිරීමට නියමිතය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපේක්ෂකයන් 7452 කින් පාර්ලිමේන්තු යන්නේ 225යි