(මහින්ද නිශ්ශංක)
අයවැයට පෙර අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, හාල්මැස්සන්, කරවල හා ෆාම් තෙල් ආනයනික බදු අඩු කර ඇතත්, එම වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ඒවායේ සිල්ලර මිල තවමත් අඩුවී නැතැයි ඔවුහු පවසති.
මෙම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජය මගින් අඩු කළ පසු එම වාසිය පාරිභෝගිකයාට ලබාදීම සඳහා භාණ්ඩවල තොග මිල පහත දමා ඇතැයි පවසන එම භාණ්ඩ ආනයනකරුවෝ හා පිටකොටුව තොග වෙළෙන්දෝ, ඒ අනුව භාණ්ඩවල සිල්ලර මිල වහා අඩු විය යුතු බවද කියා සිටිති. මේ වන විට පිටකොටුව තොග වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 100ත් 110ත් දක්වාද, අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 දක්වා ද, පරිප්පු කිලෝවක මිල 110 දක්වා ද පහළ බැස ඇතැයි තොග වෙළෙන්දෝ පෙන්වා දෙති.
මේ අතර අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, හාල්මැස්සන්, කරවල සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදාගෙන යන අතර, උපරිම මිලක් දන්වා එවන ලෙස අධිකාරිය පාරිභෝගික සභාවට දැනුම් දී තිබේ.
ලොකු ලූනු, අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 39කින්ද, පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12කින්ද, හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10කින් ද කරවල කිලෝවක් රුපියල් 50කින් ද බදු අඩු කර තිබේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඩු කළ ආහාර මිල සහනය පාරිභෝගිකයාට තවම නැහැ