IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝකය පුදුම කළ ‘ජල වලසා’

 

‘ටාර්ඩිග්‍රාඩා’ නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ‘ටාර්ඩිග්‍රේඩ්’ නම් පොදු නාමය ඇති, සර්වභක්ෂක, අන්වීක්ෂීය ජීවියා යනු මිහිපිට ජීවත් වූ අපූරු සත්වයෙකි. ඕනෑම පරිසර පද්ධතියක් තුළ දිවි රැක ගැනීමට හැකි ආකාරයේ සුපිරි බලයක් පවතින අපූරු සත්වයෙකි. 

 
 ටාර්ඩිග්‍රේඩ් යනු ඉතා කුඩා, හුරුබුහුටි, සැබැවින්ම විනාශ කිරීමට අපහසු සුවිශේෂී ජීවි කොට්ඨාසයක්. ලොව පුරා කළ පර්යේෂණ තුළින් මෙම ටාර්ඩිග්‍රේඩ් ජීවි විශේෂ 1300 ක් පමණ සොයාගෙන තිබෙන අතර මෙම ජීවීන් හට අධික උෂ්ණත්වයක් සහිත නටන ජලයෙහි, අන්ධකාර අගාධ සාගර පතුළෙහි මෙන් අධික ශීතල රික්තක අවකාශයක පවා ජීවය පවත්වාගෙන යාමේ විශ්මිත හැකියාවක් ද පවතී. 

 
ටාර්ඩිග්‍රේඩ් සතුව දිගැටි, තර සිරුරක් පවතින අතර, කෙටි පාද අටක් සහිත වේ. ජල වලසුන් යන නාමයෙන් පවා හඳුන් වන මොවුන් වර්ධනය කුඩා ධාන්‍ය ඇටයක් හෝ වැලි කැටයක් හෝ දූවිලි අංශුවක් තරම් වන බැව් කියැවේ.   


 මෙම ජීවීන් අර්ධ - ජලචර ජීවීන් විශේෂයක් ලෙස සැලකෙන අතර ඔවුන්ට ජලජ පරිසර පද්ධතියක් තුළ මෙන්ම ගොඩබිම් පරිසර පද්ධතියක් තුළ දී පවා නොනැසී පැවතීමේ හැකියාව පවතී. මෙම පරාසය සාගර, ජලාශ, වැව්, කඳුකර ප්‍රදේශ, වනාන්තර හෝ වැලි සහිත ශුෂ්ක කලාප දක්වා විහිදී යා හැකියි. මොවුන් ලෝකය පුරා සෑම ස්ථානයකින් පාහේ වාර්තා වී ඇති අතර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර හා සක්‍රීය ගිනිකඳුවල පවා ජීවත් වන බව සඳහන්. දියසෙවල සහිත පරිසර පද්ධතීන් තුළ මොවුන් බහුල වශයෙන් ජීවත් වේ.   
 ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සොබාදහමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන අතර අලුත් ජීවය පවත්වා ගැනීමට අපහසු පරිසර පද්ධතීන් තුළ කොලනි තනාගනී. විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ මොවුන් සාගරය හැරද‌ා වියලි ගොඩබිමට පැමිණි මුල්ම ජීවීන් අතර සිටින්නට ඇති බවය. සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ ආයුකාලය මාස කීපයකට සීමා වේ.   


ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සම්බන්ධව මෙතෙක් සිදුකළ පර්යේෂණ තුළින් වාර්තා වී ඇති ආකාරයට මොවුන් මිනිසාට හානිකර කිසිදු රෝගකාරකයක් පතුරුවන බවට වාර්තා වී නොමැති නමුත් මෙම ජීවීන් සතුව පවතින විශ්මිත හැකියාවන් නිසා වර්තමානය වන විට මෙම ජීවීන්ගේ හැකියාවන් ගෙන් මනුෂ්‍ය ප්‍රජාවට ලබාග හැකි දෑ පිළිබඳ විද්‍යාඥයෝ සොයා බලමින් සිටිති. ඒ අනුව ඔවුන් දක්වා සිටින්නේ ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හරහා කරනු ලබන පර්යේෂණ තුළින් ශල්‍යකර්මයකදී හෝ අභ්‍යවකාශයේදී මනුෂ්‍යයෙකුට දිවි රැක ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳ අනාගතයේදී හෙළිකර ගත හැකි බවය.   


හාවර්ඩ් හි පර්යේෂක පිරිස අනාගතයේදී ටාර්ඩිග්‍රේඩ් ජීවී සෛල යොද‌ා ගනිමින් කෘත්‍රිම ප්‍රෝටීනයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බවත්, එම කෘත්‍රිම ප්‍රෝටීනය භාවිතා කර අවයව බද්ධ කිරීමකදී බද්ධ කිරීමට යොද‌ා ගන්නා අවයව අයිස් මත තැබීමෙන් ජීවී කාලය වැඩිකර ගන්නවාට වඩා වැඩි කාලයක් ජීවී අයුරින් පවත්වා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන්නේ යැයි කියැවේ.   


 මීට අමතරව අනාගතයේදී ආඝාතයට සහ හෘද රෝගවලදී රෝගියාගේ අවයව අකර්මණ්‍ය වීම වළක්වා, රෝගී පුද්ගලයාට නිසි ප්‍රතිකාර ආරම්භ කරන තෙක් සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගැනීමට මොවුන්ගේ හැකියාව ප්‍රයෝජනයට ගැනීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති. න්‍යාෂ්ටික බලාගාරවල සේවයේ යෙදෙන තාක්ෂණික නිලධාරීන් විකිරණවලින් ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමටත්, දීර්ඝ කාලීන අභ්‍යාවකාශ චාරිකාවල නිරත වන ගගනගාමීන්ගේ ජීව්‍ය පැවැත්ම තහවුරු කිරීමටත් ටාර්ඩිග්‍රේඩ් ජීවීන්ගේ හැකියාව යොද‌ාගත හැකි වේයැයි විද්‍යාඥයෝ විශ්වාසය පළකර සිටිති. 

 

 

සටහන   
 තිළිණි ද සිල්වා  



අදහස් (0)

ලෝකය පුදුම කළ ‘ජල වලසා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site