IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගල් කොරියක හැදූ චීන හෝටලය

චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙමත් නැත්නම් වර්තමානයේ අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. 2018 නොවැම්බර් 22 වැනිදා විවෘත කළ ‘ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්’ හෝටලය කියන්නෙත් චීනයේ් අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කළ විශාල ගල් කොරියක් තුළය.   


චීනයේ ෂැංහයි හි සොන්ජියැන්ග් හි නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 50 (සැතපුම් 30) ක් දුරින් පිහිටි මේ තරු පන්තියේ සුපිරි හෝටලය ඉන්ටර්කොන්ටිනෙන්ටල් නම් හෝටල් සමාගම විසින් කළමනාකරණය කරනු ලබන්නකි. මෙම හෝටලය ඉදිකර ඇත්තේ අතහැර දැමූ ගල් කොරියක පිහිටි භූමියක වන අතර විශේෂයෙන්ම දිය යට කාමර කිහිපයක් ඇත.   


එවැනි කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදිකිරීමට වසර දහයක් ගතව ඇත. යූරෝ මිලියන 225 ක් වැය කරමින් ඉදිකල මෙහි මහල් දෙකක පොළව මට්ටමෙත් ඉතිරි මහල් ද‌ාසය පොළව මට්ටමෙන් යටට වන්නටත් නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක ජලය තුළ නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට ද හැකියාව ද ඇත. එම පහල මහලේ ‘මිස්ට් ෆීෂර්’ නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක් ද තිබෙනවා.   
කැමති අයට ගල් මත නැගීමට (Rock Climbing) පහසුකම් ද තිබෙනවා.   
මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගත කිරීමට නම් ඒ සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කිරීමට පාරිභෝගිකයින්ට සිදුවේ.   


 මෙම හෝටලයේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්, මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කළ හොඳම නිර්මාණය බව ද ඔහු කියා සිටින්නේය.   


 එමෙන්ම හෝටලේ නවාතැන් ගන්නා අමුත්තන්ට වුවමනා නම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිණීමට ගල් මත ලී තරප්පු පෙළක් ද තිබෙනවා. මෙහි කෘත්‍රිම දිය ඇල්ලක් ද නිර්මාණය කොට තිබෙනවා.   
 ගල් කොරිය කෘත්‍රිම විලක් නිර්මාණය කිරීම සඳහා ජලයෙන් අර්ධ වශයෙන් පුරවා ඇත. මෙම හෝටලය ඉංග්‍රීසි භාෂාවේ ‘එස්’ අකුරු හැඩයෙන් නිර්මාණය කර ඇත්තේ උත්තල සහ අවතල ආකාරයෙන් භාවිතා කරමිනි. ගෘහ නිර්මානශිල්පීන්ගේ දැක්ම ගල්වල මුහුණත දිගේ හරිත කඳුකරයක බලපෑම ඇති කරන අනුක්‍රමික එල්ලන උද්‍යානවලින් එකකි. ගල්වලේ ගල් මුහුණත සහ අමුත්තන්ගේ කාමරවල තටු දෙකම හෝටලය තුළ ඇති ආලින්දයක් වට කිරීමට ප්‍රක්ෂේපණය කර ඇත. හෝටලයට ඉහළින් ඇති සිරස් ආලින්දයේ කෘත්‍රිම ‘දිය ඇල්ලකි. මෙම හෝටලයේ ගල්කොරි ප්‍රපාතයෙන් පිටතට එන පොළවේ සිට මීටර් 87 ක් ඉහළින් වීදුරු වලින් නිමවූ ඇවිදීමේ මාර්ගයක් ද ඇත. මේ සියලු අපූරු ගෘහ නිර්මාණ ශිල්පීත්වය හේතුවෙන් ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් හෝටලයට ලැබෙන්නේ ද අමුතු සංචාරක ආකර්ෂණයකි.  ‍
තිළිණි 

 

 

 

 



අදහස් (0)

ගල් කොරියක හැදූ චීන හෝටලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 769 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site