IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අඟහරුගේ කාබනික අණු හමුවේ

තරු පිරි අහස  

 

 

නාසා ආයතනය විසින් කියුරියෝසිටි අභ්‍යාවකාශ යානාව අඟහරු මතට යැව්වේ එ් මත ජීවීන් ඇත්දැයි සොයා බැලීමටය. දිගු කාලයක් තිස්සේ එම යානාව අඟහරු මත ජීවය සොයමින් සැරිසරයි. මෑතකදී, අඟහරු මතින් කාබනික අණු සොයා ගැනීමට හැකිවූ බව නාසා ආයතනය නිවේදනය කළේය. කාබනික අණු හමුවීම යනු එ් මත ජීවයක් තිබෙන බවයි.  

එහෙත් කියුරියෝසිටි අඟහරු වෙත යන්නට පෙර අඟහරු මතින් කාබනික අණු සොයාගන්නට නාසා ආයතනය සමත්වී ඇතැයි නව විද්‍යාඥයා (නිව් සයන්ටිස්ට්) සඟරාව ප්‍රකාශ කර තිබේ.  


එහි පවසන අන්දමට මීට වසර 40 කට පමණ පෙරදී නාසා ආයතනය විසින් අඟහරු මත තිබූ කාබනික අණු සොයා ගැනීමට සමත් වී ඇති නමුත් ඒ සියල්ල අහම්බෙන් විනාශ වී ගොස් තිබේ.  


1976 දී වයිකින් ගේ නමැති යානා දෙකක් නාසා ආයතනය විසින් අඟහරු මතට යවන ලදී. එය කාබනික අණු ඇත්දැයි පරීක්ෂා කිරීමට යානාවක් යැවූ ප්‍රථම අවස්ථාව විය. එහෙත් විද්‍යාඥයින් සිතූ අන්දමට වයිකින්ග් යානාවලට කාබනික අණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසා තිබේ.  


එහෙත් නිව් සයන්ටිස්ට් එම අදහස් පිළිගන්නේ නැත.  


2008 වසරේදී අඟහරු මතට ගමන් කළ නාසා හි ෆීනික්ස් යානාවට පර්ක්ලෝරේට් සොයා ගැනීමට හැකි විය. මෙය ලුණු වර්ගයකි. පෘථිවියේදී, පර්ක්ලොරේට් යොදාගනු ලබන්නේ මල්වෙඩි සකස් කිරීම සඳහාය. අධික උණුසුමකදී මේවා වහා පුපුරා යයි.  


අඟහරු ග්‍රහයාගේ මතුපිට එතරම් තද උණුසුමක් නොමැතිය. එහෙත් වයිකින් ගේ යානාවල ප්‍රධානතම උපකරණය වූයේ ගෑස් ක්‍රොමොටොග්‍රාෆ් මාස් ස්පෙට්‍රෝමීටර් ය. (වායු කෝණග්‍රාහක ස්කන්ධ වර්ණාවලික්ෂය) එය වයිකින්ග් යානාවට එකතු කර තිබුණේ අඟහරු ග්‍රහයා​ගේ පස් සාම්පල් රත් කර එයින් කාබනික අණු සොයා ගැනීම සඳහායි.  


අඟහරු මතින් පර්ක්ලොරේට් තිබීම සා එම උපකරණයට පස් දැමූ සැණින් එම පස් සාම්පල්වල තිබූ සියලු කාබනික අණු දැවී විනාශ වී යන්නට ඇත.  


අඟහරු මතින් පර්ක්ලෝරේට් සොයා ගැනීමත් සමගින් වයිකින්ග් යානාව කාබනික අණු සොයාගෙන එහෙත් අහම්බෙන් ඒවා විනාශ වූ බව විශ්වාස කළ හැකි යැයි විද්‍යාඥයෝ පවසති.  


එසේම ඔවුන් පවසන්නේ පර්ක්ලෝරේට් සොයාගත් පමණින්ම, වයිකින්ග් යානාව කාබනික අණු සොයා ගන්නට ඇතැයි සීයට සීයක්ම තහවුරු කළ නොහැකි බවයි. එහෙයින් ඔවුන් තවදුරටත් ඔවුන්ගේ පර්යේෂණ සිදු කරගෙන යති.  


කියුරියෝසිටි යානාව රතු ග්‍රහයා මත තිබී සොයාගත් කාබනික අණු වර්ග අතර ක්ලොරොබෙන්සීන් (chlorobenzene) තිබේ. මෙම අණු වර්ගය නිර්මාණය වන්නේ කාබන් අණු පර්ක්ලෝරේට් සමග දැවීමෙනි. එම නිසා මෙම අණු වර්ගය නිර්මාණය වූ පස් සාම්පල් දැවී යෑමෙන් බව විද්‍යාඥයෝ සැක කරති.  


වයිකින්ග් යානාව, කියුරියෝසිටි යානාවට පෙර කාබනික අණු සොයාගන්නට ඇතැයි සිතිය හැකි අන්දමේ වක්‍ර සාක්ෂි ලැබීම පර්​ෙ‌ය්ෂකයින් කුල්මත් කර තිබේ. එහෙයින් මේ වක්‍ර සාක්ෂිවල කුඩා සිදුවීම්වලත් පතුලටම ගොස් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පර්​ෙ‌ය්ෂණ සිදු කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.  

 

 

 


පවනි උමයංගනා   



අදහස් (0)

අඟහරුගේ කාබනික අණු හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 324 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2141 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site