IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


​ෙෆ්ස්බුක් සාදයේ මත්පෙති සෙල්ලම

ගවේෂණ

 

 

මිනිසා යනු හැම විටම අලුත් දේ සොයා යාමට කැමති සත්ත්වයෙකි. ඒ මිනිස් ප්‍රජාව අතර සිටිනා තරුණයා එහි ඉදිරියෙන්ම සිටී. පැරණි ක්‍රමවලට වැඩ කරන්න, පැරණි සිරිත් විරිත්වලට අනුව හැසිරෙන්න, පැරණි ක්‍රමයට අඳින්න පළඳින්න තරුණයා කැමති නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඒ පැරණි දේවල්වලින් මිදී අලුත් ලෙස හැසිරෙන්නය. අලුත් විදිහට හිතන්නය. අලුත් සිරිත් විරිත් හදාගන්නය. අලුත් දේවල් සොයා ගන්නය. සැහැල්ලුවෙන් ජීවත් වෙන්නය. සාම්ප්‍රදායික රාමුවක් තුළ සිර වී නොසිට ලෝකය ඉදිරියට ගෙන යන්න මේ තරුණ සිතුවිල්ල ඉමහත් දායකත්වයක් සපයනු ඇත. එසේ වන්නේ ඔවුන්ගේ නව සිතුවිලි යොදාගන්නට නිසි තැනක් ලැබුණොත් පමණි. ඒ සංකල්පය සමග ඔවුන් වැරදි මගකට යොමු කර ගතහොත් ඇති වන්නේ භයානක ප්‍රතිඵලයකි. 
  
ෆේස්බුක් සාද ඒ තරුණ පරම්පරාව වෙත නැවුම් අත්දැකීමක් එක් කළාට කිසිම සැකයක් නැත. අන්තර්ජාලයේ ඉදිරි පියවරක් ලෙස මුහුණු පොත සමාජයට එක් විය. එය අලුත් මිතුරන් සොයා ගැනීමට තරුණයන්ට අවකාශ සැලසුවේය. එය සාමාන්‍ය මිතුරුකම් පවත්වාගෙන යාමට උදව් කරන්නකට එහා යමින් මිනිසුන් දැනුවත් කිරීමට යොදාගන්නා සමාජ මාධ්‍යයක් බවට පත් විය. එසේම මිනිසුන් සංවිධානය කිරීමට ද මුහුණු පොත යොදාගත් අවස්ථා බොහෝය. වරක් විදේශ රටක ආන්දෝලනාත්මක ආකාරයට විරෝධතාවයක් සඳහා විශාල පිරිසක් එක්කර ගැනීමට මුහුණු පොත යොදාගෙන තිබූ ආකාරය අපට මතකය. ලංකාවේ ද එවැනි අත්දැකීමක් තිබේ. ඒ සම්පූර්ණ මුහුණු ආවරණ සහිත ආරක්ෂක හිස්වැසුම් භාවිතය තහනම් කිරීමට එරෙහිව පැවති විරෝධතාවයය. එම විරෝධතාවය සැලසුම් කළ යතුරුපැදිකරුවන්ගේ සංවිධානය සංවිධානය වූයේම මුහුණු පොතෙනි.   
අද සමාජයේ ප්‍රගමනයට නොව ප්‍රතිගමනයට හේතු වන පරිදි මුහුණු පොත ඔස්සේ තරුණයන් සංවිධානය කරමින් සාද පවත්වන්නට එක්තරා පිරිසක් කටයුතු කරති. සාදයක් පැවැත්වීම නරක නැත. එතුළින් අලුත් මිතුරන් හඳුනාගන්නට ඉඩ සැලසෙනු ඇත. මානසික පීඩාවලින් මඳකට හෝ මිදී මනස සැහැල්ලු කරගන්නට ඉඩක් සලසනවා ඇත. මේ ෆේස්බුක් සාදවල දී ද තරුණයන්ගේ මනස් ඉතාමත් සැහැල්ලු තත්ත්වයට පත් කරමින් ඔවුන් සියලු ප්‍රශ්නවලින් මුදවා ගන්නා බව ලැබෙන තොරතුරු අනුව පැහැදිලිය. එහෙත් ඔවුන්ගේ මනස් සියලු ප්‍රශ්නවලින් මුදවා ගන්නා ප්‍රකෘති සිහියෙන් තබාගනිමින් නොවීම මෙහි පවතින බරපතළ ප්‍රශ්නයයි. ඔවුන් ඒ සැහැල්ලුවට පත් කරන්නේ මත්ද්‍රව්‍ය යොදවා ගනිමින් බව ලැබෙන තොරතුරු අනුව අවස්ථා ගණනාවක දී පොලිසියෙන් හා සුරාබදු නිලධාරීන් විසින් කරන ලද වැටලීම්වල දී ලැබුණ තොරතුරු අනුව පැහැදිලිය.   
ෆේස්බුක් සාදවලට මග පාදනු ලැබුවේ වෙරළාශ්‍රිත සංචාරක හෝටල්, සංචාරක ආකර්ෂණය දිනාගැනීම සඳහා ආරම්භ කළ ඩීජේ සංගීතය සහිත වෙරළ සාද ය. සංචාරකයන් වඩාත් කැමති වෙරළ ආශ්‍රිත භූමියේ, සුප්‍රසිද්ධ ඩීජේ සංගීත ශිල්පීන් හා විවිධ මත්ද්‍රව්‍යයන් සමග පවත්වනු ලැබූ මෙම සාද සංචාරකයන් තුළ විශාල ආකර්ෂණයක් දිනාගන්නට සමත් විය. එහි ඊළඟ පියවර බවට පත්වූයේ සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කළ මේ සාදවලට දේශීය තරුණ තරුණියන්ට ද සහභාගි වීමට අවස්ථාව ලබාදීමටත් ඔවුන් වෙනුවෙන් ටිකට් පතක් නිකුත් කිරීමටත් සාද සංවිධායකයන් පියවර ගැනීමයි. එසේම එයට මත්කුඩු, කේරළ ගංජා සහ මත්පෙති ද එක් විය. ඇතැම් අවස්ථාවල ඒවාට පොලිස් ආරක්ෂාව ලබාගැනීමට ද සංවිධායකයන් කටයුතු කර තිබිණ. පිටතින් පොලිස් ආරක්ෂාව සපයා තිබිය දී ඇතුළේ මත්ද්‍රව්‍ය අලෙවිය ද යහමින් සිදුවිය.   

 

 


මේ සාද වෙනුවෙන්ම මත්පෙති ලංකාවට ගෙන්වීමට ද ඇතැමුන් කටයුතු කළහ. ඒ මෙම මත්පෙති සඳහා වූ ඉල්ලුම ඉහළ යාම නිසාය. ඒ ඉල්ලුම තව තවත් වැඩිකරගනු වස් පෙති ගෙන්වන්නන් තමන්ගේම ගෝල බාලයන් පිරිසක් හදාගනිමින් මෙවැනි සාද රට පුරා වෙනත් ප්‍රදේශවල ද පැවැත්වීමට උපදෙස් දුන්හ. ඒ සඳහා තරුණයන් සම්බන්ධ කරගන්නේ කෙසේද යන ගැටලුවට ඔවුන් සොයාගත් පිළියම මුහුණු පොත ය. මුහුණු පොත ඔවුන් අත්හදාබැලීමක් ලෙස යොදාගනු ලැබිණ. එය සාර්ථක විය.   

 

අද සමාජයේ ප්‍රගමනයට නොව ප්‍රතිගමනයට හේතු වන පරිදි මුහුණු පොත ඔස්සේ තරුණයන් සංවිධානය කරමින් සාද පවත්වන්නට එක්තරා පිරිසක් කටයුතු කරති. සාදයක් පැවැත්වීම නරක නැත. එතුළින් අලුත් මිතුරන් හඳුනාගන්නට ඉඩ සැලසෙනු ඇත. මානසික පීඩාවලින් මඳකට හෝ මිදී මනස සැහැල්ලු කරගන්නට ඉඩක් සලසනවා ඇත. මේ ෆේස්බුක් සාදවල දී ද තරුණයන්ගේ මනස් ඉතාමත් සැහැල්ලු තත්ත්වයට පත් කරමින් ඔවුන් සියලු ප්‍රශ්නවලින් මුදවා ගන්නා බව ලැබෙන තොරතුරු අනුව පැහැදිලිය.


වසර පහකට හයකට පමණ පෙර මෙලෙස සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සම්බන්ධ කරගත් දෙතුන් සීයක පිරිසක් සමග කුඩා ශාලාවල හෝ එළිමහන් භූමිවල මේ සාද පැවැත්විණ. රාජගිරිය ප්‍රදේශයේ 2013 ඔක්තෝබර්වල පැවැති සාදය මේ ෆේස්බුක් සාද සමාජයට නිරාවරණය වූ පළමු අවස්ථාවයි. ඉන්පසුව 2014 නොවැම්බර් 08 වැනිදා පැවති සාදයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. 2016 දෙසැම්බර් 03 හා 04 දිනවල දී ජා ඇළ-උදම්මිට ප්‍රදේශයේ පැවති සාදයක දී සංවිධායකයන්ට පාලනය කළ නොහැකි වූ තරුණ පිරිසක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ඉදිරිපත් වූ පැමිණිලි හමුවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබිණ.   


2017 හා 2018 වසර දෙක තුළ දී පමණක් අම්බලන්ගොඩ-ආඳාදොල, හික්කඩුව-නාරිගම, අනුරාධපුරය-යාපන හංදිය, මීගමුව-සෙත්තපාඩුව, බදුල්ල-බෝගහමඩිත්ත, අවිස්සාවේල්ල-පුවක්පිටිය හා ගල්කිස්ස වෙරළ තීරයේ ආදී ලෙස පැවැත්වූ සාද දහයක් පමණ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබිණ.   


මෙසේ ප්‍රසිද්ධියට පත් නොවූ සාද තවත් බොහොමයක් මහල් නිවාසවල ඉහළම මහලේ වෙන්කර ගන්නා ඉඩක් තුළ, ඇතැම් විට ජනගහනය අඩු ප්‍රදේශවල එළිමහන් භූමිවල හෝ විවිධ උත්සව ශාලාවල කුඩා පිරිසක් එක්කර ගනිමින් පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වේ. පොලිසියේ අවධානය යොමුවීමෙන් වළක්වාගැනීම එවැනි තැන්වල සාද සංවිධානය කරන්නන්ගේ අරමුණ වේ. දැන් මේ සාද ඇරඹූවන්ගේ ව්‍යාපාරික අරමුණ මුදුන්පත් වී හමාරය. මත්පෙති ඇතුළු සියලුම මත්ද්‍රව්‍ය, අලෙවි කරමින් සිය සාක්කු පුරවා ගැනීම ඔවුන්ගේ අරමුණය. සාද සංවිධානය කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඒවායේ දී හදිසියේ රෝගී වන්නන් රෝහල්ගත කිරීමට ගිලන් රථයක් ද සාද භූමියේ රඳවා තබාගැනීමට සංවිධායකයෝ කටයුතු කරති. සාද භූමියක දෙදිනක් පුරා ගිලන් රථයක් තබාගන්නට නම් ඔහු කෙබඳු ධනවතකු විය යුතු ද?   


මේ ආකාරයට වෙරළ ආශ්‍රිතව සාචාරකයන් ඉලක්ක කරගනිමින් ආරම්භ වූ ඩීජේ පාටි ක්‍රමයෙන් ගමට සේන්දු වූයේ එලෙසිනි. ගමේ ද නගරයේ ද වෙනසක් නැත. හැම තැනකටම එකම ලෙස තරුණ පිරිස් එකතු වෙති. ඒ හැම තැනකටම නගරයේ වගේම ගමේ තරුණයෝ ද විශාල පිරිසක් කාන්තා පිරිමි භේදයකින් තොරව එකතු වූහ. එසේම මේ සාදවල ද විදේශිකයන්ට එක්වීමේ අවස්ථාව සලසා ඇත.   


මේ සාදවල මුල් කාලයේ දී භාවිත කළ මත්ද්‍රව්‍යවල මත්ගතිය පැවතුණේ පැය කීපයක් පමණක් නිසා එක් දිනකින් සාදය අවසන් විය. එහෙත් පසුව දිනකට ආසන්න කාලයක් මත්ගතිය පවතින පෙත්තක් සංවිධායකයන් විසින් යොදා ගැනීම නිසා සාදයේ කාලය දින දෙකක් දක්වා දීර්ඝ විය. වෛද්‍යවරුන් පවසන පරිදි මෙම සාදවලට යොදාගන්නා පෙති වර්ගය සාමාන්‍ය පෙත්තක් වෙනත් මත්ද්‍රව්‍ය රැසක් එක්කර සකස් කරන ලද්දකි. ඒවායින් ශරීර සෞඛ්‍යයට ඇති කරන හානිකර බලපෑම ඉතා විශාලය.   

 

 


වාද්දුව සංචාරක හෝටලයේ පසුගියදා පැවති සාදය ලංකාවේ පැවැත්වූ පළමු හෝ අවසන් ෆේස්බුක් සාදය නොවේ. මීට පෙර මෙවැනි සාද බොහොමයක් පවත්වා ඇති අතර නීතියේ හිඩැස් අතරින් රිංගා ඉදිරියටත් තව බොහොමයක් පවත්වනු ඇත. සාදයක් පැවැත්වීම නීති විරෝධී කටයුත්තක් නොවේ. එහෙත් එම සාදවල සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව සොයාබැලීමට පොලිස් බුද්ධි අංශවලට හැකි විය යුතුය. රටක ආරක්ෂක අංශවලට බුද්ධි අංශයක් අවශ්‍ය වන්නේ දේශපාලකයන් කරන කියන දේවල් සෙවීමටම නොවේ. නීතිය හා සාමය කඩවන ආකාරයෙන් සිදුවන දේවල් සිදුවන්නට යන දේවල් පිළිබඳ තොරතුරු රැස්කර ඒවා වැළැක්වීමට හැකි වන පරිදි අදාළ අංශ දැනුවත් කිරීම ද ඔවුන්ගේ වගකීමකි. එහෙත් දිගන සිදුවීම ඇතුළු පසුගිය කාලයේ සිදුවූ කලහකාරී සිදුවීම් හා රට පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන ෆේස්බුක් සාජ්ජ දෙස බලන විට පොලිස් බුද්ධි අංශ සිය රාජකාරිය නිසි පරිදි සිදුකරන්නේ දැයි සැකයක් මතු වේ.   


මේ සාදවලට සහභාගි වන තරුණ තරුණියන් අතිබහුතරයක් ධනවත් පවුල්වල සාමාජිකයන් වන අතර ඉතාමත් සුලු පිරිසක් මධ්‍යම පාංතික පවුල්වල දරුවන් වේ. පාසල් සිසුන්, රැකියාවල නියුතු වූවන්, විවාහකයන් මෙන්ම රැකියාවක නිරත නොවන තරුණ පිරිස් ද මේ සාදවලට එක්වෙති. ඔවුහු මත්ද්‍රව්‍යවලට මෙන්ම මේ සාදවල පවතින නිදහස් වටපිටාවට ද ලොල්වීම නිසා දිගින් දිගටම ඒවා සොයා යන්නට පෙළඹෙති. ඒ නිසා දෙතුන් සීයෙන් ආරම්භ වූ ෆේස්බුක් සාද අද දෙතුන් දාහක් සම්බන්ධ වන මහා පරිමාණ සාද බවට පත්ව තිබේ.   


ෆේස්බුක් සාදවලට ඇදී එන තරුණ තරුණියන්ගේ සමාජ තත්ත්වය, මානසික තත්ත්වය කෙබඳු ද? මේ සාද නීතියේ හිඩැස්වලින් රිංගා පවත්වාගෙන යන්නේ කෙසේද? යැයි අපි ලබන කලාපයෙන් කතා කරමු.   

 

 

 


මුදිතා දයානන්ද



අදහස් (0)

​ෙෆ්ස්බුක් සාදයේ මත්පෙති සෙල්ලම

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site