IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හැඩට අඳින පළඳින ජනාධිපති නෝනලා

විලාසිතා කියන කතා  

 

ලෝකයේ කුමන රටේ වුවත්, ජනපති ආර්යාවෝ මහජනයා ඉදිරියේ හෝ අමුත්තන් ඉදිරියේ පෙනී සිටින විට, සුරූපී ලෙස පෙනී සිටින්නට කැමැත්තක් දක්වති. රටක ජනතාව කොපමණ දුප්පත් වුවත්, රටේ පළමු පුරවැසියාගේ බිරින්දෑවරු වශයෙන් කැමති ආකාරයේ මෙන්ම මිලාධික හා සුඛෝපභෝගී ඇඳුම් විලාසිතාවලින්, ආභරණ ආදියෙන් සැරසී පෙනීසිටීමට ඔවුනට බාධාවක් නැත. රටේ පළමු පුරවැසියාගේ භාර්යාව වශයෙන් රටේ අනෙකුත් කාන්තාවන්ට වඩා හොඳින් පෙනීසිටින්නට මෙන්ම ජනපතිවරයාගේ ප‍්‍රතිරූපය පවත්වාගැනීම සඳහා ආර්යාවනට හොඳින් හැඳ පැළඳ සිටින්නට සිදුවේ.  
 
එබැවින් මෙම ජනපති ආර්යාවෝ හැම විටම මනා ලෙස හඳින පළඳින්නියන් හා වඩාත් අගය කරනු ලබන්නියන් වෙති. කෙසේ වෙතත්, එකිනෙකා පරයා කැපී පෙනීමේ ගැහැනු කැමැත්ත ඔවුන්ටද පොදුය. ලෝක ඉතිහාසයේ ජනපති ආර්යාවන්ගෙන් වැඩි දෙනෙක් රූප රාජිනියන්, නිරූපිකාවන් හෝ නිළියන් වෙති.   


මිෂෙල් ඔබාමා 

 
හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගේ බිරිය වන මිෂෙල් ඔබාමා ඇමරිකාවේ 44 වැනි ජනපති ආර්යාවයි. ඔබාමා ජනපති ධුරයට තරග කිරීමට යොමු වෙනවාත් සමඟම ඇයද පූර්ණකාලීනව ඔහුට සහය දක්වමින් දේශපාලනයට යොමු වූවාය. ඔබාමා ජනපති ලෙස තේරී පත්වීමත් සමඟ ඔබාමා පවුල මුළු ලෝකයේම නිරික්සුම් ඇසට යොමු විය. 

 
ජනපති ආර්යාව ලෙස ඇය ඔබාමා ජනපතිතුමා සමඟ ලොව පුරා සංචාරය කළාය. රාජ්‍ය මට්ටමේ උත්සව හා නොයෙක් මාධ්‍ය වැඩසටහන්, උත්සව හා විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධ වැඩමුළු ආදියට සහභාගී වූවාය. මේ හැම අවස්ථාවකම ජනපති ආර්යාව පෙනී සිටියේ ඇගේ සුන්දරත්වය ඉස්මතු වන පරිදි නොයෙක් පන්නයේ විලාසිතාවලින් සැරසෙමිනි. උසස් මට්ටමේ විලාසිතා රුචිකත්වයක් තිබූ අයකු ලෙස ඇය පිළිගැනීමට ලක්වූවාය. එහෙත් එයට පෙර සිටි ජනපති ආර්යාවනට වඩා ඇගේ කැපී පෙනෙන වෙනස්කම වූයේ ඇය අප‍්‍රිකානු - ඇමරිකානු ජාතිකයකු වීමයි. ඒ නිසා එතෙක් පැවති සාම්ප‍්‍රදායික ආර්යා ප‍්‍රතිරූපය බිඳ දමමින් ඇය වෙනුවෙන් නව ප‍්‍රතිරූපයක් ගොඩනැගීම අවශ්‍ය විය. ඒ සඳහා විවිධ පසුබිම්වලින් පැමිණි නොයෙක් විලාසිතා නිර්මාණ ශිල්පීහු ඇයට සේවය කළහ.   


මෙරඩිත් කූප් ඇගේ ප‍්‍රබලම විලාසිතා ගුරු වශයෙන් සැලකිනි. මිෂෙල් ඇයට සැලකුවේ සේවක සහයිකාවක වශයෙන් නොව, මිතුරියක වශයෙනි. විලාසිතා ගැන හොඳ දැනුමක් තිබූ මිතුරියක ලැබීම තමාගේ භාග්‍යයක් බව මිෂෙල් ඔබාමා වරක් ප‍්‍රකාශ කළාය. ඇය දෙවරක් වෝග් සඟරාවේ කවරයේ ඡායාරූපයට පෙනී සිට ඇති අතර හොඳම විලාසිතාකාරිය ලෙසද පීපල් වැනි ලෝ ප‍්‍රකට සඟරාවල ඇගයීමට ලක්වූවාය. ජනපති පදවි ප‍්‍රාප්තියේ සිට අවසන් නිල උත්සවය දක්වා ඇය කළ විලාසිතා විශේෂයෙන්ම කළු ජාතික තරුණියන් ඇතුළු ලොව පුරා සිටි කාන්තා පාර්ශ්වයට ප‍්‍රබෝධයක් ඇති කරන්නක් විය.   


ඇගේ විලාසිතා නිර්මාණ ශිල්පී ශිල්පිනියන් ඉතා කාර්යබහුල වූයේ ඇය විදෙස් සංචාරවල නිරත වන විටයි. ඇය කිසියම් රටක සංචාරය කරන විට එම රටේ සිටින ඉහළම පෙළේ විලාසිතා නිර්මාණකරුවන්ගේ විලාසිතා ඇන්දාය. එමතුදු නොව, ඇඳුම් නිර්මාණයේදී එම රටවල සංස්කෘතිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට සිදු විය.   


තරුණ ගැහැනු ළමුන් නිතර මුණගැසෙන අයෙකු ලෙසත්, ඔවුන් හා කතා බස් කරමින් ඔවුනට උපදෙස් දෙන අයකු ලෙසත් ඇය නිතරම කියූ දෙය වූයේ සිහින හඹායාමට බිය නොවන්න.... කුමන බාධක පැමිණියත් ඔබේ අරමුණු අත නොහරින්න යන්නයි. ඇගේ මෙම පණිවිඩය ඇගේ ඇඳුම් පැළඳුම් තුළින්ද පෙන්වා සිටීම ඇගේ විලාසිතා උපදේශක මෙරඩිත් කූප් විසින් කරට ගත් වගකීමකි.  


මෙලනියා ට‍්‍රම්ප්   


වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ භාර්යාව හා ජනපති ආර්යාව වන මෙලනියා ට‍්‍රම්ප් ස්ලෝවේනියානු ජාතිකයකු වන අතර හිටපු නිරූපිකාවකද වන්නීය. හිටපු ජනපති ආර්යාව මෙන් දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් නොවන ඈ ධවල මන්දිරයේ නිහඬ ජීවිතයක් ගත කරන්නීය. මෙලනියා හැදී වැඩුණේ ස්ලෝවේනියාවේ කුඩා ගම්මානයකය. ඇය විලාසිතා නිරූපණයට යොමුවෙන්නේ වයස අවුරුදු 17දීය. වාස්තු විද්‍යාව පිළිබඳව හැදෑරීමට විශ්වවිද්‍යාලයට ගියත් ඇය එහි ගත කරන්නේ වසරක් වැනි කාලයකි. ඉන් පසු ඉතාලියේ මිලාන්හි වෙත ඇදෙන්නේ නිරූපණ සිහිනය සැබෑ කරගැනීමටයි.   


ට‍්‍රම්ප් පදවි ප‍්‍රාප්තියේදී මෙලනියා හැඳ සිටියේ ජනපති පදවි ප‍්‍රාප්තිය අවස්ථාවේ ජැකලීන් කෙනඩි හැඳ සිටි විලාසිතාවට සමාන විලාසිතාවකි. ඒ අනුව ඇය පෙර සිටි ජනපති ආර්යාවන්ගේ විලාසිතා ආභාෂයද ලබන බව පෙනී යයි. ඇය සම්මත ජනපති ආර්යා විලාසිතා කරන්නේ ප‍්‍රධාන පෙළේ ඇමරිකානු විලාසිතා නිර්මාණ සමාගම් වන මාක් ජැකොබ්ස් හා ටොම් ෆෝඩ් විසින් විලාසිතා සැපයීම ප‍්‍රතික්ෂේප කළ නිසා යැයි කියැවේ. විලාසිතා සම්බන්ධව ඇය අනුගමනය කරන්නේ ජනපති ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තිය බඳු පිළිවෙතකි. ඇය අඳින්නේ තරමක් පැරණි පන්නයේ විලාසිතා බව ප‍්‍රසිද්ධ රහසකි.   


මෙහෙර්බාන් අලියේවා   


අසර්බයිජානයේ ජනපති ඉල්හාම් අලියෙව්ගේ භාර්යාව හා එරට ජනපති ආර්යාව වන මෙහෙර්බාන් අලියේවා සුන්දරත්වය හා සරාගී බව නිසා කැපී පෙනෙන්නියකි. සුරූපී බව නිසාම රජු සමඟ ඇගේ විවාහය සිදුවන්නේ වයස අවුරුදු 17 දීය. විලාසිතාවලින් අගතැන්පත් ජනපති ආර්යාවක් වශයෙන් ඇය ලෝ පතළය. උස් අඩි සහිත පාවහන්, මසා නිමකරවා ගත් ඇඳුම් හා ලොව ප‍්‍රකට වෙළෙඳ නාමයක කාන්තා අත්බෑග් ඇගේ ප‍්‍රමුඛ විලාසිතා ලෙස ප‍්‍රසිද්ධය.  


ඉමෙල්ඩා මාකෝස්   


1929දී පිලිපීනයේ මැනිලාහිදී උපත ලද ඉමෙල්ඩා මාකෝස් පිලිපීන ආඥාදායක ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ භාර්යාව මෙන්ම එරට පළමු පුරවැසි ආර්යාව බවට පත් ව සිටියාය. වසර 20කට වැඩි කලායක් ඇය එම තනතුරෙහි රැඳී සිටියාය. ඉමෙල්ඩා යකඩ සමනලිය ලෙසද ප‍්‍රසිද්ධය. ඔවුන්ගේ පාලන සමය පිලිපීන රටෙහි ඉතිහාසයේ දූෂිතම යුගයක් ලෙස හැඳින්විය හැකියි.   


තරුණ කාලයේදී රූ රැජින තරගවලට ඉදිරිපත් වී ඇති ඉමෙල්ඩා එකල ඉතා සුන්දර රුවකට හිමිකම් කීවාය. ඇයට ෆර්ඩිනන්ඩ් මුණගැසුණේ 1953දීය. දින 11 ක හිතවත්කමකින් පසුව ඔවුහු විවාහ වූහ. සුන්දර දේවලට ආශා කළ ඈ සුන්දරව පෙනී සිටින්නටත් මහත් ගිජුකමක් දැක්වූවාය. ඇගේ එම ස්වරූපය නිසා විලාසිතා ලෝකය තුළ හොඳම විලාසිතාකාරියක වූ ජැකලින් කෙනඩි හා සමාන කරනු ලැබුවාය.   


ඇගේ රටේ මිනිසුන් දුගී බවෙහි පත්ලේ ගිලී සිටියදී පළමු පන්තියේ ගුවන් සංචාරවල යෙදෙමින් පාවහන් මිලදී ගැනීමට ලොව පුරා සංචාරය කළ බව ප‍්‍රසිද්ධය. වරක් 1983දී ඇය නිව්යෝර්ක්හිදී කළ ඇ.ඩොලර් මිලියන 5ක සාප්පු සවාරිය ලෝකයට තවමත් මතකය.   


වරක් පිලිපීන ජාතිකයන් ඔවුන්ගේ මැදුර වැටලූ අවස්ථාවක එම දෙපළ හවායි වෙත පලාගිය අතර කැරලිකරුවන් විසින් ඇගේ සුඛෝපභෝගී විලාසිතාගාරයේ තිබී වෙඩි නොවදින බ්‍රෙසියර්, සුවඳ විලවුන් බෝතල් විශාල සංඛ්‍යාවක් මෙන්ම 3000ක පමණ පාවහන් එකතුවක් සොයාගන්නා ලදී.   


ඉරාකයේ සදාම් හුසේන්, කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ, ලිබියාවේ ගඩාෆි හා චීනයේ මා ඕ සේතුං වැනි ප‍්‍රබල ලෝක නායකයින් කිහිප දෙනෙක් ඇයට වශී වී සිටියහ.   


සමනල් තටු මෙන් පෙනෙන අත් සහිත විලාසිතාවක් එකල ඉමෙල්ඩා විසින් බහුලව අඳිනු ලැබිණි. විවිධ වර්ණ හා එම්බ්‍රොයිඩර් ආදියෙන් හැඩ ගැන්වුණු එකම වර්ගයේ වෛවර්ණ ගවුම් ඈ නිතර ඇන්දාය. රත්රන්වලින් හා මැණික් ගල්වලින් අලංකාර කළ එකම මෝස්තරයක පාවහන් කුට්ටම් රැසක් ඈ විසින් එකල නිර්මාණය කරවා ගෙන තිබූ අතර අද වන විට පිලිපීනයේ පාවහන් කෞතුකාගාරයකට ඇගේ එම පාවහන් එකතුවෙන් වැඩි ප‍්‍රමාණයක් ලබා දී ඇත. රනින් වැඩ දැමූ එම පාවහන් දැක බලාගැනීම පිණිස විශාල ඉල්ලුමක් ඇත. බලයෙන් නෙරපා දමනු ලැබූ පසුත් බලය උදෙසා තරග කළ ඉමෙල්ඩා මාකෝස් තවමත් ඇගේ විලාසිතා බලපෑමෙන් පිලිපීනය මුදන්නට සූදානම් නැත.    


ජැකලීන් කෙනඩි   


ජෝන් එෆ්. කෙනඩි හිටපු ඇමරිකානු ජනපතිවරයාගේ භාර්යාව හා වරක් ඇමරිකාවේ ප‍්‍රබල ජනපති ආර්යාවක් වූ ජැකලීන් කෙනඩි හෙවත් ජැකී කෙනඩි, ඇමරිකානු ඉතිහාසයේ එදා මෙදා තුර සිටි විලාසිතා රැජින ලෙස අවිවාදයෙන් පිළිගැනේ. ඇය මියගොසින් දැනට වසර 20කටත් වැඩි වුවත්, ලොව පුරා සිටින කාන්තාවන්ගේ විලාසිතා ආදර්ශය ඇයයි. 1961දී ධවල මන්දිරයට පිවිසි ඇය, රූපවාහිනීගත කරනු ලැබූ පළමු ජනපති ආර්යාවන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. මන්ද ඇය කිසියම් ඇඳුමකින් සැරසුණු විට එය මාධ්‍යයන්හි අවධානය නිතරගයෙන්ම දිනාගන්නා ලදී. හතරැස් හැඩයේ හිස් පළඳනා, මෙන්ම සාය බ්ලව්ස් ඇගේ විලාසිතා අතර කැපී පෙනෙයි. ජැකලීන් කෙනඩි වැඩි වශයෙන් ඇන්දේ මෘදු පැස්ටල් වර්ණයන්ය. එයට හේතුව කළු සුදු ඡායාරූප හා රූපවාහිනියේදී ළා පැහැය කැපී පෙනීමයි.   


හිලරි ක්ලින්ටන්   


ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ භාර්යාව හා එරට හිටපු ජනපති ආර්යාවකි. 1993 සිට 2001 දක්වා ඇය ජනපති ආර්යාව වශයෙන් රැඳී සිටියාය. ඇමරිකානු දේශපාලනඥයකු වන ඇය අදටත් සක‍්‍රීයව දේශපාලනයේ නියැලෙන්නීය. එළිසබෙත් මහ රැජින මෙන්ම ඇයද අඳින්නේ එක්තරා අන්දමක වැඩ ඇඳුමකි. ඇගේ විලාසිතා එකම ආකාරයෙන් යුත් පෑන්ට් සූට් හා කෝට් සාය විලාසිතාවන්ගෙන් යුක්ත වන අතර ඇගේ දේශපාලන ප‍්‍රතිරූපයට ගැලපෙන අතරම ප‍්‍රායෝගික හා පහසු ඇඳුමක්ද වෙයි. ඇය ඉන්ස්ටග‍්‍රෑම්හි විලාසිතා සංකේතයක් ලෙස සැලකෙන චරිතයක් බවට පත්ව තිබේ.   


හිලරි ක්ලින්ටන් නිතර දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ විලාසිතාවකිනි. එම විලාසිතාව දශක කිහිපයක සිටම ඇය අඳින්නක් වූ අතර දැන් එය හිලරි ක්ලින්ටන්ටම සුවිශේෂ වූ විලාසිතාවක් බවට පත්ව ඇත. ඇය අඳින්නේ තනි පැහැ දීප්තිමත් වර්ණය. එම ඇඳුමෙහි අලංකාරය උදෙසා ඇය මුතු මාල හෝ ගැලපෙන මාලයක් භාවිත කරන්නීය.   


පෙන්ග් ජියුවාන්   


චීන ජනපති ෂී ජින්පින්ගේ භාර්යාව හා චීනයේ ජනපති ආර්යාවයි. වයසට අනුකූලව විලාසිතා කරන ජනපති ආර්යාවක ලෙස ඇය ප‍්‍රසිද්ධයි. ඇය මස්වාගන්නා ලද කෝට් හා ජැකට් සමඟ විවිධ විලාසිතා අත්හදාබැලීම් කරන්නටද ප‍්‍රියතාවක් දක්වන්නීය.   


ඇන්ජලිකා රිවේරා   


මෙක්සිකානු ජනපති එන්රිකේ නියේටෝගේ භාර්යාව මෙන්ම මෙක්සිකෝවේ ජනපති ආර්යාවද වේ. හිටපු නිළියක වන ඇය ඉතා දීප්තිමත් වර්ණ නිතර අඳින්නියක වශයෙන් ප‍්‍රසිද්ධය.   

 

 


අන්තර්ජාලය ඇසුරිනි.   

 

 

 

 

 


නිසංසලා දිසානායක   

 
 
 
 
 



අදහස් (0)

හැඩට අඳින පළඳින ජනාධිපති නෝනලා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6205 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3228 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site