IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සඳමාලිගේ ඝාතකයා කොටුකරගත් ත්‍රිරෝද රථ රියැදුරාගේ විමසිලිමත්කම

පොලිස් චෝදනාගාරයෙන්

 

ත‍්‍රිරෝද රථ රියැදුරෙකුගේ විමසිලිමත්කම හා වගකීම් සහගත ක‍්‍රියාකලාපය නිසා සොයා ගැනීමට අසීරු අභිරහස් ඝාතනයක් ​ෙවන්නට නියමිතව තිබූ සඳමාලිගේ ඝාතනය මෙන්ම ඊට සම්බන්ධ ඝාතකයා කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.  
 
ත‍්‍රිරෝද රථ රියැදුරකු කී පමණින් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ බලන්නට සමාජය හුරුව තිබේ. එවැනි තත්ත්වයකට සමාජය පොළඹවනු ලැබුවේද ඇතැම් රියැදුරන් විසින්මය. එහෙත් එවැනි මිනිසුන් අතර යහපත් රියැදුරන් සිටින බව සඳමාලි සමග කුලී ගමනක් ගිය ත‍්‍රිරෝද රථයේ රියැදුරු සමාජයට හඬගා නොකීවත් අප එය අවබෝධයට ගත යුතුව ඇත.   


අපේ කතාබහට ලක්වෙන මේ සඳමාලිගේ සම්පූර්ණ නම එච්.පී.ජී. ඉන්දිකා සඳමාලිය. මහනුවර දිස්ත‍්‍රික්කයේ එළමුල්ල, දීගලකන්ද, 16 කොටස, පදිංචිකාරියක වූ ඇය විසිහතර හැවිරිදි තරුණියකි. සඳමාලිගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටියද පියා තම දරුවන් තිදෙනාත් බිරිඳත් අතහැර වෙනත් විවාහයක් කරගත්තේ සඳමාලි කුඩා වියේදීමය. ඉන් පසු පියෙකුගේ හව්හරණක් නැති දරුවන් රැකබලා ගැනීමට අම්මාට අපමණ දුක් විඳින්නට සිදුවිය. මේවා බලා සිටිය නොහැකි තැන සඳමාලි රැකියාවක් සොයා විදේශ ගතවෙන්නට තීරණය කළාය. ඒ ​ෙවනවිට ඇයට අවුරුදු දහඅටක්වත් නැත. පාසල් විය ඉක්ම යන්නටත් පෙර ඇය පාසල් දිවියෙන් සමුගන්නට තිරණය කළාය.   


ඉන්පසුව එජන්සි එකින් එක කරා ගාටමින් ඇය විදේශ රැකියාවක් සෙව්වාය. අවසානයේ ඇයට එය හමුවිය. සිය පවුල දරිද්‍රතාවයෙන් ගොඩගැනීම වෙනුවෙන් ඇය පස් වසරක්ම මැදපෙරදිග වහල් සේවයේ කැඹුරුවාය. තම දෙමාපියන්ගෙන් වෙන්ව විදෙස් රටක තනිව දහදිය මහන්සියෙන් හරි හම්බ කළ ඒ පස් වසර සිහිපත් කරන මතක සටහනක් ලෙස ඇයට ඉතිරි වූයේ ගෙල බැඳි රන්පොට පමණි.   


ඇයට හමුදාවේ සිය පෙම්වතා හමු​ෙවන්නේ විදෙස්ගතව සිට ලංකාවට පැමිණි පසුවය. තරුණ වියට පා තබා සිටින දියණියගේ ප්‍රේම සම්බන්ධයට මවගේ විරෝධයක්ද නොවූ නිසා මේ දෙදෙනා විවාහ වීමට තීරණය කර සිටියහ. ගෙදර අගහිඟකම්වල අඩුවක් නොවූයෙන්ද තමන්ගේ විවාහයට මුදල් සොයාගැනීමේ අභිලාෂයෙන්ද සඳමාලි යළිත් රැකියාවකට යාමට තීරණය කළාය. එහෙත් මෙවර ඇය ගියේ මැද පෙරදිග නොව වතුපිටිවලය.   


වතුපිටිවල ආයෝජන කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සඳමාලිට රැකියාවක් ලැබිණ. වතුපිටිවල මූලික රෝහල ආසන්නයෙන්ම ඇයට නවාතැන්පළක්ද හමුවිය. ඇය ගෙදර ගියේ මසකට වරක් පමණය. සඳමාලිට සිය පෙම්වතා හමුවෙන්නේ මාස කීපයකට වතාවක් ඔහු නිවාඩු පැමිණි විටය. එහෙත් ඔවුන්ගේ ආදර කතාව ගැටලුවකින් තොරව ගලාගියේය.   


තරුණියකට විශේෂයෙන්ම ගම්බද ප‍්‍රදේශයකින් පැමිණි තරුණියකට කොළඹ ඇතුළු නාගරික ප‍්‍රදේශවලට රැකියාවක් කිරීමේදී තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ජීවත් විම පහසු නැත. බොහෝ විට ඇයට තමන්ගේ ඉහළ නිලධාරියාගේ බලපෑම්වලට ඔවුන්ගේ බොරු ඇගෑලුම්කම්වලට පිටුපා සිටිය නොහැකි වනු ඇත. එසේ කරන්නේ නම් එය රැකියාවට ප‍්‍රශ්නයක් වනු ඇතැයි එයට මුහුණ දෙන තරුණියන්ට සිතීම වැළැක්විය නොහැකිය. මේ ප‍්‍රශ්නය ගම්බද නගරබද ගැටළුවකින් තොරව ඕනෑම තරුණියකට මුහුණ දෙන්නට සිදුවුවත් නාගරික තරුණියට එකක් අතහැර තව රැකියාවක් තෝරාගැනීම අපහසු නොවන නිසාත් නගරයේ සිදුවන දෑ පිළිබඳ අවබෝධයක් පවතින නිසාත් ඒවායින් ගැලවීමට ඉඩ ප‍්‍රස්ථාවක් හිමිව තිබේ. ඇඟලූම් කර්මාන්ත ශාලාවල සිට පෞද්ගලික හෝ රජයේ කාර්යාල දක්වාම මේ ප‍්‍රශ්නය අඩු වැඩි වශයෙන් පවතී.   


සඳමාලිට මුහුණ පාන්නට සිදුවූයේද එවැනිම තත්ත්වයකට විය හැකිය. ඇයගේ අහිංසක කම නිසා කවුරුත් ඇයට ප‍්‍රිය කළාහ. සම මට්ටමේ සේවිකාවන් පමණක් නොව ඉහළ නිලධාරින්ද ඇය සමග මිතුරු වූහ. ඇය සේවය කළ අංශයේ වැඩ පරීක්ෂකවරයාද ඇයට හිතවත්ව සිටියේය. එය සාමාන්‍ය මිත‍්‍රත්වයකට එහා ගෙන යාමට වැඩ පරීක්ෂකවරයා උත්සාහ කළා ​ෙවන්නටද ඇත. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා අතර දැඩි කුලුපගකමක් තිබූ බව ඇගලූම් කම්හලේ බොහෝ දෙනා දනිති. ඒ කුළුපගකම නිසා නොවන්නට තමන් සතු එකම වටිනා වස්තුව වූ රන්මාලය වැඩ පරීක්ෂකවරයාගේ හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් අනෙකෙකුට ඇය ලබා නොදෙනු ඇත.   
එහෙත් ඇය කළ පරිත්‍යාගය නොසලකා හැරි වැඩ පරීක්ෂක මිතුරා සඳමාලිට නැවත එය ලබාදුන්නේ නැත. සඳමාලිට දැන් ගෙදර යාමට මෙන්ම පෙම්වතා හමුවිමට යාමටද නොහැකිය. සඳමාලිගේ හමුදාවේ පෙම්වතා නිවාඩු ලබා ගෙදර එන බවට ඇයට දන්වනු ලැබිණ. ඔහු පැමිණි පසු හමුවීමට නොයා සිටිය නොහැකිය. එහෙත් ගෙල බැඳි රන්පොටට කුමක් සිදුවූයේ දැයි ඔහු විමසනු ඇත. ඔහුට බොරුවක් කීමටද නොහැකිය. ඒ නිසා ඇය සිය මිතුරාගෙන් රන්මාලය ඉල්ලා සිටියාය. වරක් දෙවරක් ඔහු රන්මාලය දෙන බව කියා මග හැරි අතර අවසන් දිනයේ එනම් පසුගිය 24 වැනිදා එය ලබාදීමට තැනක් වෙලාවක් වෙන්කර ගත්තේය. එය රැගෙන ගමේ යන ගමන් පෙම්වතා හමුවීම ඇගේ අභිලාෂය ​ෙවන්නට ඇත.   

 

  සඳමාලිගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර වෙල්යායේ වැටී තිබූ අයුරු.   

 

 

වැඩ පරික්ෂක මිතුරා කී පරිදි සඳමාලි වේයන්ගොඩට පැමිණියේ තමන් දන්නා හඳුනන ත්‍රිරෝද රථයකිනි. එහිදී ඇයට ඇමතුමක් ලබාදුන් මිතුරා නැවත දඩගමුව පන්සල අසලට වෙනත් ත‍්‍රිරෝද රථයකින් පැමිණෙන ලෙසට දැනුම් දුන්නේය. ඒ යා යුතු මාර්ගය අසා දැන ගන්නා ලෙසට සඳමාලි තමන් සමග පැමිණි ත‍්‍රිරෝද රථ රියැදුරුට දුරකථනය ලබාදුන් අතර වේයන්ගොඩ සිට ගමන් ඇරඹි ත‍්‍රිරෝද රථයක රියැදුරෙකු ලෙස කතා කරන ලෙසද සඳමාලි ඔහුට උපදෙසක්ද දුන්නාය.   


ඒ කියු මග ඔස්සේ ගමන් කරන විට එය පාළු මාර්ගයක් බව පෙනෙන්නට විය. ත‍්‍රිරෝද රථ රියැදුරාට මෙන්ම සඳමාලිට තැතිගැන්මක් ඇති විය. සඳමාලි තමන්ගේ කෙනෙක් නොවුණත් ඇය මේ යන ගමන අනතුරුදායක බවක් ඔහුට හැඟිණ.   


නංගි පාර නම් පාළුයි වගේ. කොහේද මේ යන්නේ?   


සඳමාලි සිය මිතුරාට යළි ඇමතුමක් ලබාගත් පසු එතැන් සිට ත‍්‍රී රෝද රථයෙන් බැස පයින් එන ලෙස උපදෙස් ලැබිණ.   


අනේ මන්දා අයියේ මටත් බයයි වගේ. මාලේ ඕනෑ නිසාම යනවා මිසක් මම මේ ගමන කීයටවත් යන්නේ නැහැ. අයියා මම එනකම් මෙතනම ඉන්නවාද?   


හරි නංගි යන්න. මම මෙතනම ඉන්නම්   


සඳමාලි පිටව ගියාය. පැයක් පමණ ගත වුණත් ඇය ආපසු ආවේ නැත. රියැදුරාට බයක් මෙන්ම සැකයක්ද ඇති විය. ඒ සඳමාලිට අනතුරක් වුණාද යන්න පිළිබඳවය. ඔහු ත‍්‍රී රෝද රථයෙන් බැස සඳමාලි ගිය පැත්තට ගමන් කළේ නංගී නංගී යනුවෙන් සඳමාලිට අමතමිනි. එහෙත් ඇයගෙන් ප‍්‍රතිචාරයක් නැත. තරමක් ඈතට යද්දි කැලෑවක් අස්සෙන් තරුණයෙක් හිස දමා බැලුවේ තරහෙන් මෙනි.   


ඇයි මොකද කෑ ගහන්නේ?   


මාත් එක්ක නංගි කෙනෙක් ආවා, එයා තාම ආවේ නැහැ. ඒකයි මම බැලූවේ රියැදුරු පැවසුවේය.   


ආ එයාවද මේ හොයන්නේ. ඒ නංගි මගේ ලව් එක. එයා පස්සේ එයි තමුසේ යනවා. තරුණයා උපහාසයෙන් මෙන් කීවේය. එය රියැදුරුගේ හිතට ඇල්ලූවේ නැත. ඔහු තවත් හෝඩුවාවක් දැනගනු රිසියෙන් ආපසු කතා කළේය.   


මට හයර් එක දුන්නෙත් නැහැනේ.   


තමුසෙට හයර් එකද ඕනෑ? යැයි විමසූ තරුණයා රියදුරු අසළට පැමිණ ගාස්තුව විමසා සිටියේය.   


කීයද ගාණ?   


රුපියල් තුන්සීයයි.   


ආ තියාගන්නවා යැයි පවසමින් තරුණයා ඔහු අතට රුපියල් තුන්සීයක් ලබා දුන්නේය. ඒ අවස්ථාවේ ඔහුගේ අතේ හා ඇඳුමේ ලේ පැල්ලම් තිබෙනු රියදුරු දුටුවේය. එහෙත් ඒ බවක් නොදැක්කා සේ මුදල් ලබාගත් ඔහු පිටව ගියේය.   


එම ස්ථානයෙන් පිටව ගිය ඔහු පාළු ප‍්‍රදේශය පසුකළ වහාම පිහිටි නිවසකට ගොඩවැදී සිදුවීම නොවළහා ප‍්‍රකාශ කළ අතර එම නිවැසියන් 119ට අමතා සිදුවීම සැලකරනු ලැබිණ. වේයන්ගොඩ පොලිසිය සුළු වේලාවකින් එම ස්ථානයට පැමිණීයත් ඒ වන විට අර තරුණයා අතුරුදන්ව තිබිණ.   


පොලිසිය හාත්පස සිසාරා දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර අවසානයේ සඳමාලිගේ ප‍්‍රාණය නිරුද්ධ ලේ තැවරුණ සිරුර වෙල්යායේ මැද දමා තිබියදී සොයාගනු ලැබිණ. අත්තනගල්ල මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සිරුර පශ්චාත් පරණ පරික්ෂණය සඳහා ගම්පහ මහරෝහල වෙත යවනු ලැබිණ.   


අහස පොළොව නුහුලන මේ අපරාධය කණ වැකුණ අසල්වැසියන්ගෙන් දඩගමුව වෙල්යාය පිරි ඉතිරි ගියේය. සඳමාලිගේ සිරුරේ ස්ථාන කීපයක කැපුම් තුවාල විය. ගෙල, හිස හා උදරය ආශ‍්‍රිතව එවැනි කැපුම් තුවාල දක්නට ලැබිණ.   


පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ මහරෝහලේදී අධිකරණ වෛද්‍ය එස්.පී.ජී. හේවගේ මහතා විසින් සිදුකළ අතර කැපුම් තුවාල නිසා සිදුවු උදරය ප‍්‍රදේශයේ ඇතුළු ස්ථාන කීපයක සිදුවු අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිරවද සිදුවු ලේ ගැලීම් නිසා මරණය සිදුව ඇති බවට නිගමනය කරනු ලැබිණ.   


මෙම අභිරහස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ බස්නාහිර උතුර දිසාව භෘර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජීව ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප‍්‍රභාත් කුලතුංග මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් විසින් පවත්වනු ලැබිණ.   


ත‍්‍රිරෝද රථ රියැදුරුගෙන් ලද තොරතුරු අනුව යමින් සඳමාලි සේවය කළ ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවන්ගෙන්ද ලද තොරතුරු අනුව ඇය මාලයක් ලබාදුන් වැඩ පරීක්ෂකවරයා ගැන තොරතුරු සොයගත් පොලිසිය ඝාතනය සිදුකර පැය හතරක් යන්නටත් මත්තෙන් දඩල්ල ප‍්‍රදේශයේ ඔහු විසූ නිවසේදීම අත්අඩංගුවට ගනු ලැබිණ.   


සැකකරු අත්තනගල්ල මහේස්ත‍්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස තුන් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ.   

 

 

 

 


   
සටහන  මුදිතා දයානන්ද   
ඡායාරූප - මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි   

 



අදහස් (0)

සඳමාලිගේ ඝාතකයා කොටුකරගත් ත්‍රිරෝද රථ රියැදුරාගේ විමසිලිමත්කම

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site