IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිදුහත් කුමරු උපන් පූජනීය පින් බිම

 

මෙවරද වෙසක් මංගල්‍යය උදාවන්නේ, සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලද අසිරිමත් ලුම්බිනිය පිළිබඳව බැතිබර මතකය බොදුණු සිත් සතන්හි කුළුගන්වමිනි. එවන් මොහොතක මෑතකදී සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයන් හෙළි කළ නව්‍ය සොයා ගැනීම් ද ආශ්‍රයෙන් ලුම්බිනි පුරාවෘත්තය චිත්‍රණය කිරීම මෙවන් ලිපියක් සැකසීමේ අරමුණ වූ බැව් සඳහන් කළ යුතුය. 
  
ආනන්ද, ලුම්බිනිය තථාගතයන් ජනිත වූ ස්ථානයයි. එය සැදැහැතියන් විසින් දැකිය යුතු අනිත්‍ය ස්වභාවය පිළිබඳව සම්ප්‍රජානනය හා වටහා ගැනීම ඇති කර ගත යුතු ස්ථානයකි. මෙම ස්ථානය පැදකුණු කරන අයෙකු මරණින් මතු යහපත් ආත්ම භාවයක දෙව් ​ෙලාව උපත ලබනු ඇත. 


මෙනයින් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි ගෞතම සිදුහත් කුමරු උපත ලද ලුම්බිනිය. බුද්ධත්වය ලද බුද්ධගයාව, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ඉසිපතනාරාමය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව බෞද්ධයින් විසින් දැකිය යුතු, පැදකුණු කළ යුතු අති පූජනීය ස්ථානයන්ය. යථෝක්ත බෞද්ධ කේන්ද්‍රස්ථාන අතුරින් බුදු උපත සිදු වූ නේපාලයෙහි ලුම්බිනිය බොදු ජනතාවගේ පමණක් නොව ඉතිහාසඥයින්ගේ සහ විද්වතුන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වූ පරම පිවිතුරු පුද බිමකි. නේපාලනයේ දකුණු දිශාගතව සීවලින් කඳුකරය පාමුල ටෙරායි ප්‍රදේශයෙහි රුමෙන්දාහි පිහිටි සිදුහත් උපත සිදු වූ පිවිතුරු ලුම්බිනිය වෙත සැපත්වීම බොදුනුවෙකුට ලද හැකි පරම භාග්‍යයකි. 


ලුම්බිනිය ආසන්නයෙහි පිහිටි ගෞතම බුද්ධ නම් වූ ප්‍රාදේශීය ගුවන් ​තොටුපොළට ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් සේවාවන් නොමැත. නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළෙහි සිට කිලෝ මීටර් හාරසීයක දුරින් පිහිටි ලුම්බිනිය ආසන්නයේ පිහිටි ගෞතම බුද්ධ ප්‍රාදේශීය ගුවන් තොටුපළට යා හැක්කේ කුඩා ප්‍රාදේශීය ගුවන් යානයකින් පමණි. ගොඩබිම් මාර්ගයෙන් ලුම්බිනිය වෙත ළඟාවීමේදී යා යුතුව ඇත්තේ හිමාලය පාමුල බෑවුම් ගංගා, මිටියාවත්, ඝන වනාන්තර පසු කරමිනි. ගිරි දුර්ග, ජල දුර්ග පසු කරමින් යායුතු වූ මෙම ගමන් මග අති දුෂ්කරය. එහෙත් මග දෙපස හරිත වන පරිසරය එහි වසන වන සතුන් හා සියොතුන්ගේ නින්නාදය ගමන පුරාවමට අප අවදියෙන් තබන සුළුය. හිමාලය ගිරි පවුරු මුදුනින් ඇදහැළෙනා දැවැන්ත හිම කැටි සහිත ගංගාවන් වෙතින් වහනය වන සිසිලස වන්දනාකරුවන්ගේ ගත තැවරෙන්නේ ඔවුන්ගේ සරතැස නිවාලමිනි. 
අතිවන්දනීය වූ ලුම්බිනි පුදබිම වෙත සැබවින්ම පියමන් කර හද බැතියෙන් වන්දනා මාන කරන්නෙකුගේ මනස, මෙයින් සියවස් කිහිපයකට පෙර බුදු උපත සිදු වූ අතිශය හැඟුම්බර අවස්ථාව සිය මනසෙහි චිත්‍රණය වන ආකාරය අපට මෙසේ උපකල්පනය කළ හැකිය. 


ක්‍රිස්තු පූර්ව 563 හි පැහැබර දිනයකි. පෙරදිග අහසේ වෙසක් පසළොස්වක සඳ මෝදු වෙමින් පැවතිනි. කිඹුල්වත් පුර සිට මහ පෙරහරින් වඩනා පින්වත් මාතාවකි. ඕ මාමායාවෝය. මාමායාවන් ගමන් විඩාව දුරකර ගැනීමේ රිසියෙන් ලුම්බිනි සාල වනයට පිවිසියාහ. සිහිල් නිල් දිය පිස හැමූ සුළඟ ඇයගේ විඩාව නිවන්නට සමත් වූවා සේය. තුරු හිස් නෙක මලින් ගැවසිනි. මල් සුගන්ධයෙන් මහා මායා මාතාවන්ගේ සිත් තුළ පහළ වූයේ ප්‍රබෝධමත් සිතිවිල්ලකි. මලින් බරව තිබූ සල් අත්තකින් මලක් නෙළා ගැනීමට ඇය සිත ඇයට බළ කළේය. නිමේෂයකින් මහා මායා කුසින් සිදුහත් කුමරු උපත සිදු වූයේ දෙරණ සලිත කරමිනි. 
එසඳ සතර වරම් දෙව්වරු බෝසතුනට හිස නමා මහා මායාවනි, ඔබට භාග්‍යවත් පුතකු උපන, තුටුවනු මැනවැයි. තෙපුළෝය. 


අග්ගෝ හමස්මි ලෝකස්ස 
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස 
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස 
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ. 
මම ලොවට අග වෙමි 
මම මුළු ලොවට දෙටු වෙමි 
මම ලොවට උතුම් වෙමි 


මෙය අවසන් උපත වෙයි. මෙයින් මතු උපතක් නැත. 


සිදුහත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රි.පු. 249 න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජයා සිය රාජාභිෂේකයෙන් විසි වන වස ලුම්බිනියට පැමිණ පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. 


අශෝක නිරිඳුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඍද්ධි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිණි. අනතුරුව එම ස්ථානයෙහි ස්මාරක ස්ථම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. ලුම්බිනිය සංකේතය ලෙස සැලකෙන මෙම ප්‍රකට ස්මාරකයෙහි මුදුන සතුරු උවදුරුවලින් කැඩී ගොසිනි. එහි වත්මන් උස අඩි 13 1/2 ක් පමණය. සෙල්ලිපියෙහි ‘හිඳ බුද ජානේ’ ශාක්‍ය මුණි මෙහි උපත ලැබීය යන වැකිය සඳහන්ය. 


ධර්මාශෝක අධිරාජයාගේ ලුම්බිනි සම්ප්‍රාප්තියට අනතුරුව ලොවේ නන්දෙසින් විවිධ දේශ සංචාරකයින් මෙම පුදබිම වෙත පැමිණි බව ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි. 


සෙංග් සායි (ක්‍රි.ව. 3 වන සියවස), ෆාහියන් (ක්‍රි.ව. 4 වන සියවස) හා හියුං සාංග් (ක්‍රි.ව. 6 වන සියවස) යන ප්‍රසිද්ධ චීන ජාතික දේශ සංචාරකයින් තිදෙනා විසින් ද ලුම්බිනිය නරඹා ඇත. ඒ අතරින් හියුං සාංගේ දේශාඨන වාර්තාවේ ලුම්බිනිය පිළිබඳව දීර්ඝ විස්තරයක් හමුවේ. සල් ගසේ අක් කොටස, චෛත්‍යයක්, අශෝක කුලුන, පුෂ්කරණ පොකුණ, තෙලර් ගංගාව හා ශීත හා උණුසුම් උල්පත්වල ප්‍රභව ස්ථාන ද ඔව්හු දැක ගත් බව සටහන්ව ඇත. 

 

 

කත්මණ්ඩුහි මල්ල රාජධානියෙහි බටහිර නේපාල කර්ණාලිහි රිපු මල්ල රජු (ක්‍රි.ව. 1312) ලුම්බිනිය නරඹා අශෝක කුලුන මුදුනෙහි ‘ඕම්මණි පද්​ෙම හූම් රපු මල්ල චිරං ජයතු’ යනුවෙන් සිය පැමිණීම ගැන සනිටුහන් කළේය. කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් වන ගතව පැවති ලුම්බිනිය 1896 සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ එවකට පල්පාහි ආණ්ඩුකාර තැන වූ ජෙනරාල් බඩ්ගා ෂම්ෂර් හා බ්‍රිටිෂ් ඉන්දියා පුරාවිද්‍යා ගවේෂකයෙකු වන ආචාර්ය අැලෝයිස් ෆර්හර් යන විද්වතුන් දෙපළටය. 1899 දී පී.සී. මුඛර්ජි විසින් කළ කැණීම්වලදී සිදුහත් උපත නිරූපිත මූර්තිය හා අවට වූ ව්‍යුහමය නෂ්ඨාවශේෂ හඳුනා ගත්තේය. 1932 දී ජෙනරාල් කේෂර් සම්සර් ස්ථූප කිහිපයක් හා ආරාමයන්ගේ නටබුන් සොයා ගනු ලැබීය. 


1956 දී මහේන්ද්‍ර රජතුමා ලුම්බිනිය වැඳපුදා ගැනීමට පැමිණීම, මෙම පූජා භූමියේ නවෝදයක් ඇති වීමට හේතුවක් විය. එතුමා එයින් ලුම්බිනිය සංවර්ධනය උදෙසා යෝජනාවක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට ඉදිරිපත් කළේය. 1967 අප්‍රේල් මාසයේ දී මෙම පුදබිමට පැමිණි එක්සත් ජාතික සංවිධානයේ මහ ලේකම් යූතාන්, ලුම්බිනිය සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර අනුග්‍රහය ලබා දීමට වැඩපිළිවෙළක් කළේය. 
ඩෙවෙලා මිත්‍රා බාබු, ක්‍රිෂ්ණා රිජාල් ආදී පුරා විද්‍යාඥ ගවේෂකයින් රාශියක් ලුම්බිනිය පුදබිම කැණීම් කර වැළලී ගොස් තිබූ නටබුන් සොයා එය තහවුරු කිරීමට ක්‍රියා කළහ. 


පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මයා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා  තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන් ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකි වේ. 


ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිංහැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මායා දේවි ආරාමය ඇතුළත භූමියෙහි කරන ලද කැණීම්වලදී විස්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායා දේවි විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයා ගෙන ඇත. 

අශෝක නිරිඳුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඍද්ධි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිණි. අනතුරුව එම ස්ථානයෙහි ස්මාරක ස්ථම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. ලුම්බිනිය සංකේතය ලෙස සැලකෙන මෙම ප්‍රකට ස්මාරකයෙහි මුදුන සතුරු උවදුරුවලින් කැඩී ගොසිනි. එහි වත්මන් උස අඩි 13 1/2 ක් පමණය. සෙල්ලිපියෙහි ‘හිඳ බුද ජානේ’ ශාක්‍ය මුණි මෙහි උපත ලැබීය යන වැකිය සඳහන්ය.


භූගර්භයෙන් මතු වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ තිබුණා යැයි සැලකෙන ඓතිහාසික සල්ගස අාවරණය කර තැනූ වහලකින් ​ෙතාර බෝධිඝරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමුවී ඇත. ඒ මධ්‍යයෙහි තිබූ වළේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතු කර ගැනීමට ද ඔව්හු සමත් වී ඇත. හමු වූ පුරාවස්තු කාබන් සමස්ථානිකය යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රි.පු. 550 තරම් ඈතට දිවයන බව අනාවරණය විය. 


1978 දී ​කොන්සෙන්ටැංගෝ ලුම්බිනි, මූලික ක්‍රි.පු. සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම ඇරඹිණි. එම සංවර්ධන සැලැස්මට අනුකූළව ලුම්බිනිය පූජා භූමිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන කලාප 3ට වෙන් කරනු ලැබිණි. ලුම්බිනි ග්‍රාමය, ආරාමික කලාපය හා පූජනීය උද්‍යානය වශයෙන් එම කලාප 3 නම් කෙරිණි. තෙලර් ගංගාව අසබඩ පිහිටි පූජනීය උද්‍යානයට අශෝක ස්ථම්භය මැදිකරගෙන මායා දේවි ආරාමය, පුෂ්කර පොකුණ හා ඒ අවට පිහිටි නටබුන් සහිත ප්‍රදේශය ඇතුළත්ය. පූජනීය උද්‍යාන වූ කලාපය හා ලුම්බිනි ග්‍රාමීය කලාපය මධ්‍යයේ ආරාමික කලාපය පිහිටියේය. විවිධ ජාතීන් ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත.  මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත. 
ථෙරවාදී අාරාම පිහිටි නැගෙනහිර තීරුවෙහි ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ මනරම් ශ්‍රී ලංකාරාමය පිහිටියේය. ලුම්බිනියට සැපත් වන වන්දනාකරුවන්ට ලැගුම් ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වී​ෙම් දුෂ්කරතාව අවබෝධ කර ගත් දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන් විසින් දුටුගැමුණු වන්දනා නිකේතනය ඉදි කළ ද, කාලයාගේ ඇවෑමෙන් එම ගොඩනැගිල්ල කැඩී බිඳී වල් බිහිව පැවතිණි. 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත අබලන් ව පැවති දුටුගැමුණු වන්දනා නිකේතනය 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය. මෙය කාමර 40 කින්,  ශාලා කිහිපයකින්, ආපන ශාලාවකින් හා සදහම් පුස්තකාලයකින් සමන්විතය. 


මෙමගින් ලුම්බිනිය පැදකුණු කිරීමට එහි සැපත් වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අභිනව ශ්‍රී ලංකාරාමය ද වන්දනා කර දුටුගැමුණු වන්දනා නිකේතනයෙහි ලැගුම් ගෙන විඩාව නිවා ගැනීමට අවස්ථාව සැලසේ. 
ලුම්බිනිය වන්දනාමාන කිරීමට යන ශ්‍රී ලංකා බොදු බැතිමතුන් ලුම්බිනිය ආසන්නයේ කපිලවස්තු පුර පිහිටි අතිශයින්ම වැදගත් ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දැක බලා වැඳපුදා ගැනීමට යාම ද අමතක කළ යුතු නොවේ. ඒ මන්ද යත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි නිග්‍රෝධාරාමය, සිදුහත් කුමරුන් මහබිනික්මන කළ රජවාසල නැගෙනහිර ප්‍රකාරය ආශ්‍රිත බිහිදොර, සුදොවුන් මාළිගාවේ නටබුන්, සුදොවුන් නිරිඳුන්ගේ හා මහාමායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ දාගැබ් යුග්මය, රාහුල කුමරුන් පැවිදි කළ කුටිය, බුදුන් වහන්සේ වෙත පැන් සැපයීමට සැකසූ සරකුප ළිඳ ආදී බුදු සිරිත හා සබැඳි ස්මාරක රාශියක් කපිලවස්තු පුරවරයෙහි ජීවමානව දක්නට ලැබීමයි. 


ලුම්බිනිය මැනවින් සංරක්ෂණය කර තිබුණ ද, කපිල වස්තු පුරයෙහි පිහිටි බුදු සිරිපා පහස ලද ඉහත සඳහන් කළ ස්ථාන මැනවින් සංරක්ෂණය කර නොතිබීම නිසා විනාශ වී යාමට ඉඩ ඇති බැව් මෙහිදී සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත. ජීවමාන සිරි සම්බුදු සිරිත හා සබැඳි යථෝක්ත ඓතිහාසික ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් මැනවින් සංරක්ෂණය කිරීම පිණිස යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහය සහිතව ජාත්‍යන්තර මතයක් ගොඩනැගීමෙහිලා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ කාරුණික මැදිහත්වීමේ කාලින අවශ්‍යතාව මෙහිදී සනිටුහන් කරනු රිසියෙමි. 

 

 

 

 


ආචාර්ය ගාමිණී කාරියවසම්



අදහස් (0)

සිදුහත් කුමරු උපන් පූජනීය පින් බිම

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5224 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site