IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි

ලංකාව බැබළවූ මහ සිටුවරු

 

වලව්වේ ආකෘතියට හැදූ නිකාය මූලස්ථානය

සීමා මාලකය

 

 

කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ කප්පින වලව්ව.  


අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද තමන් උපන් රට හා දුප්පත් ජනතාව වෙනුවෙන් නොබියව ඉදිරියට ආ ඉසුරුමත් මහා දානපති ප්‍රභූ පරපුර එදා කරවූ බළපිටියේ රාජපක්‍ෂ වරු කළා වූ අනුපමේය උදාර මහ සේවාව හිරුනැග එන මොහොතේත්- හිරු බැස යන මොහොතේත් සදා සිහිපත් කළ යුතුය.  


කොළඹ - ගාල්ල මහා මාර්ගයේ බළපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාර්ගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ ඓතිහාසික පුණ්‍ය භූමියට ළඟාවිය හැක.  


කළුතර ඓතිහාසික බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා උපත ලැබූ නිවසට යාබදව බළපිටිය මාදු ගං සීමාව තෙක් විහිදී පැතිර ගිය අක්කර විසිදෙකකින් පමණ සමන්විත පොල් රුප්පාවක් මැද මෙම සුවිසල් වලව්ව පිහිටා තිබුණි..  


ගම්පෙරළිය, විරාගය යන සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය හා මඩොල්දූව ටෙලිවෘතාන්ත රූගත කරන ලද්දේ මෙම වලව්ව කේන්ද්‍ර කර ගනිමිනි.  


අප රටේ යම් ප්‍රදේශයක වලව් වැඩිම ගණනක් පිහිටා තිබේ නම් ඒ බළපිටියේම පමණක් යැයි සිතේ. වලව් තිස්පහකට වැඩි ගණනක් බළපිටිභුමිය තුළ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් වාසය කළ වලව්වල ඉතිහාසය සොයා යෑමේදී වීර මද්දුම බණ්ඩාර පරපුරේ ආදිතමයා වූ ඌවේ රන්දෙණිවේලේදී පරංගි සංහාරය කිරීමට නායකත්වය දුන් ​දොන් කොස්මෝ විජේසේකර සෙන්පතියා ජන්මලාභය ලැබූ බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්ව හා සිංහල රජු දවස රුහුණු ජනපද අධිපති ඉසුරුමුණි කප්පින පෙළපතෙන් පැවත එන ප්‍රභූවරු ජීවත් වූ මහා කප්පින වලව්ව යන වලව් දෙකට බළපිටියේ පිහිටි වලව් අතර ප්‍රමුඛ තැනක් හිමි වේ.   


එද‌ා රට කරවූ කප්පින පෙළපතට අයත් බළපිටියේ රාජපක්‍ෂවරුන්ගේ අතීත උරුමය සොයා ඉරිද‌ා ලංකාදීපය ගිය ගමනක තොරතුරු ඇතුළත් සටහනකි මේ.  
මහ කප්පින වලව් පරපුරට අයත් ආදි වැසියෝ දකුණෙන් බිහිව රට දැය සමය වෙනුවෙන් පෙනී සිටි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උරදුන් ප්‍රභූවරයන් වූහ.  
කප්පින පෙළපතේ ඉතිහාසය පොළොන්නරු අනුරාධපුර යුග දක්වා සිංහල රජදවස තෙක් දිව යයි.  


බළපිටිය එද‌ා අතීතයේ හැඳින්වූයේ වැලිතොට නමිනි. මෙහි උපන් ගිහි - පැවිදි බොහෝ විරුවන් තම උගතුන් වියතුන් බිහි වූ තවත් ප්‍රදේශයක් රටේ නැති තරම්ය. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි විහාරස්ථාන ගණන අසූදෙකකි. කෝවිල් (දේවාල) තිස් ගණනකි. බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ පිහිටි වලව් ගණනද තිස්හයකි.   
මුහන්දිරම්, මුදලි, මහ මුදලිවරු ජීවත් වූ නිවාස වලව් ලෙස හැඳින්විණි. බළපිටිය වලව්ව පොකුරේ මුදුන්මල්කඩ මහාකප්පිත වලව්වද අද සංඛේතයක් පමණි.  


එද‌ා අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද ස්වකීය රට- ජාතිය- අාගම වෙනුවෙන් පෙනීසිටිමින් ධනය, කාලය, කැපකළ මේ මහා ප්‍රතාපවත් පරපුරේ අතීත උදාර මහා සේවාව වර්තමාන පරපුරට ආදර්ශයක්ම වනු ඇත.   


වර්තමානයේ ජාතියටද අමතකව ගිය කප්පින ප්‍රභූ පරපුරේ ඉතිහාසයේ ඓතිහාසික මෙන්ම වැදගත් රසවත් සිද්ධීන් කීපයක තොරතුරු සොයා දැන් අපි මහ කප්පින වලව්වට පිවිසෙමු.  


පෘතුගීසින් ලංකාව පාලනය කළ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ආර දක්වා ප්‍රදේශය තොටමුණු හයකට බෙදා පාලනය කර තිබේ. එයින් වැලිතර, වැලිසර, කළුවාමෝදර යන තොටමුණ හතරේ ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්‍රභූන්ය. කුරුඳු වගාවේ මහබද්දේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේ මොවුන් විසිනි. ලන්දේසි යුගයේදී කප්පින පරපුරේ ශ්‍රේ‍ෂ්ඨතම මුදලිවරයා වන්නේ කළුහත් පීටර් ද ආබ්‍රේව් විජයගුණරත්න මහ මුදලිතුමාය.  


වර්ෂ 1810 දී ඔහු මියගිය පසු මහමුදලි තනතුරට පත්වන්නේ ඔහුගේ පුතුණුවන් වූ අද්‍රියන් ද අාබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමාය. 1811 වසරේදී වයස අවුරුදු හතළිස් හතරේදී මෙම තනතුරු ලැබූ මොහු ලංකා ඉතිහාසයේ එතෙක් - මෙතෙක් පත් වූ ළාබාලතම මහ මුදලිවරයා බවට ඉතිහාසගත වන්නේය.  

 


මෙම පෙළපතේ පැරණිම පෙළපත් නාමය ‘‘කප්පින’’ වන අතර ‘‘රාජපක්‍ෂ’’ යන විරුද නාමය ඉංග්‍රීසින් විසින් මොවුන්ට ප්‍රදානය කර තිබේ. මැගලියන්, රන්හුළු, හල්​ජෝති යන පරම්පරාවන් වාසය කළ මෙම වලව්වේ අවසන් පරම්පරාව කළුහත් පරම්පරාව වේ.  


​කොළඹ, මාළිගාකන්දේ වලව්වක ජීවත් වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා උගත්තු වියත්තු ලෙස ඉංග්‍රීසින් විසින් හඳුනාගෙන තිබුණි. කොළඹ, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල, මරදාන යන ප්‍රදේශ ඇතුළත් භූමි ප්‍රමාණය එතුමාට අයත් කුරුඳු ඉඩම්ය. ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමාගේ කුරුඳු වගා පාලන මධ්‍යස්ථානය පිහිටා තිබූ විශාලතම ඉඩම බව කියති.  


ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමිවන්නේ මෙම මහ මුදලිවරයාටය. එතුමා නඩු විසඳන අයුරු දැක්වෙන පින්තූරයක් අදද අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ සවිකර ඇති බව සඳහන් වේ. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක්ද ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයින් හතර දෙනකු බැඳි රියක් පාවිච්චි කිරීමට එකල අවසර තිබුණේද මේ මහා මුදලිවරයාට පමණි.  


ගල්කිස්සේ හෝටලය ගොඩනැංවීම සඳහා ආණ්ඩුකාරවරයා යොමුකළේ මොහු විසින් බව උරුමයේ අරුමය ග්‍රන්ථයේ සඳහන් වේ.  


ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණි.  
එසේම ඔවුනට අවශ්‍ය දේශීය කෑම වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමිව තිබුණේ මෙම මුදලිවරුන්ටය. ලක්දිව ප්‍රථම අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද මෙතුමාටය.  


1819 වසරේදී මෙතුමා විසින් සකස් කළ අධ්‍යාපන ක්‍රමය ‘‘රාජපක්‍ෂ ක්‍රමය’’ ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිර්දේශ මත කොළඹ රාජකීය විදුහල ඇතුළුව පාසල් දෙකක් පිහිටුවා ඇත.   


වයස අවුරුදු පනස් හතේදී මෙම මහ මුදලිතුමාගේ අභාවය සිදුවීමෙන් අනතුරුව 1824 වසරේදී මහ මුදලි ධුරයට පත්වනුයේ එතුමාගේ ඥාති සොහායුරකු වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහ මුදලිවරයාය.  


1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු එ්කාධිකාරය අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමාට යටතට ගැනෙන අතර කුරුඳු පිටරට යැවීමේ මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිවන්නේ බළපිටිය මහා කප්පින වලව්වේ මෙම මුදලිතුමාටය. ඒ හේතුවෙන් මහා විශාල ධනස්කන්ධයක් රටට ඇදී ආ බවත් එම මහා ධනස්කන්ධය මහා කප්පින වලව්ව කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ ශාසනික හා සමාජ මෙහෙවරට යොදවා ඇති බවට සාක්‍ෂි රැසකි.   


ගල්වෙහෙර කළුහත් අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා හල්ජෝති කැරොලයින් ද සොයිසා විජය සිරිවර්ධන ළමා තැනී සමඟ විවාහයෙන් අනතුරුව කප්පින වලව්ව කලුහත් පරපුරට අයිති වූ බව කියති.  


විවිධ කාලවකවානුවල පැවති ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ආ කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කරන්නේ අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමා විසිනි.  


වලව්ව සෑදීමට මුල්ගල තැබූ සුභ මොහොතේ එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් කිරි ඉබ්බකු පොළොවෙන් මතු වී තිබේ. අත්තිවාරම කැපීමේදී ඇති වු මෙම සිද්ධියෙන් මුදලිතුමාගේ හිත කනස්සලු තත්ත්වයක පත්වුණද එහි සිටි දෛවඥයන් මුදලිතුමාට පවසා ඇත්තේ මේ ගැන සතුටු වන ලෙසය. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් දෙවන අවතාරය ලෙස ගැනෙන ඉදිබුවා (ඉබ්බා) පොළොව උසුලාගෙන සිටින බැවින් මෙය සුභ ලකුණක් බව දෛවඥයන් මුදලිතුමාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අතිශය සතුටට පත් ඔහු කිරිඉබ්බා ගමන් කරන ලද වට ප්‍රමාණයේ ලණු ඇද අත්තිවාරම් කපා වලව්ව ඉදිකළ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ.  


වලව්ව ඉදිරිපස එකදිගට තුන්පසකට විහිදී ගිය ආලන්දයකින් හා විශාල උස් කණු සහිත මහත් අභිමානවත් හා ප්‍රතාපවත් ලෙස ඉදිකර තිබුණි. මැද මිදුලත් නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින්, විශාල කෑම කාමරයකින් සමන්විත කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවක කාරකාදීන්ට වෙන් වූ කාමරද තිබී ඇත.  
කෑම කාමරයේ කෑම මේසයට ඉහළින් ඝනකම් හා අලංකාර වියනක් ඇද තිබූ අතර පොල්ලක දිග් අතට ඇද තිබූ ලණුව එළියේ සිට සේවකයකු අදින විට මුදලිවරුන් ඇතුළු පවුලේ අය කෑම ගනිමින් සිට ඇති අතර එයින් විදුලි පංකාවකින් මෙන් සුළං හමන බව පැරැන්නෝ කියති. එමෙන්ම වලව්වේ හා වතුවල වැඩකිරීම සඳහා විශාල සේවක පිරිසක් සිටි බවද ඔවුහු පවසති.  


එම සේවකයන් සියලු දෙනා ගම්වාසීන්ය. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි.  


ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා ද‌ානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල ද‌ානශාලාව අදටද සාක්‍ෂි දරනු ඇත.  

 

වලව්වේ පැරණිම ඡායාරූපයක්

 


පෘතුගීසි පාලන සමයේදී මහනුවර රජුන්ගේ නිලතල දරමින් මෙන්ම මහබද්දේ තනතුරු දැරූ කප්පින කළුහත් පරපුර කොස්ගොඩ ජීවත් වූ බවත් සෙස්සන් දඩල්ලේ ඉතා උසස් ලෙස ජීවත් වූ බවද ඉතිහාසයේ දැක්වේ.   


අද්‍රියන් රාජපක්‍ෂ මහ මුදලිතුමාගේ එකම පුතුණුවන් වූ සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිතුමා 1830 වසරේ දෙසැම්බර් මස 30 වන මෙලොව එළිය දුටු අතර ‘‘ශක්තිවන්තයා’’ යන අර්ථයෙන් ඔහුට ‘‘සැම්සන්’’ යන නම තැබූ බව කියැවේ. 


එසේම අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමා සමඟ හිතවත්ව සිටි ඉංග්‍රීසි ජාතික උප කපිතාන්වරයෙකුගේ නම සිහිවීමට ඔහුට ගෞරවයක් ලෙස ‘‘සැම්සන්’’ යන නම තබා ඇති බවටද තවත් කථාවකි.  


ගමේ ගුරුතුමාගෙන් අතපොත් තබා සිංහල භාෂාව ඉගෙනීම සඳහා බළපිටියේ ධීරානන්ද හිමියන් වත යන සැම්සන් ශිෂ්‍යයා කොළඹ ඇකඩමියට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැදෑරීය, නැවතත් සිය ගමට පැමිණි මොහු කහවේ ඥ‌ානානන්ද හා ලංකාගොඩ ධීරානන්ද යන හිමිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍ර හැදරූහ.   


​කොළඹ, ලුණුපොකුණේ වලව්වේ මුදලිතුමන්ගේ දියණිය වූ ජොහානා ඩොරතියා ඇඹලියා ළමාතැනිය සමඟ 1856 වසරේදී සැම්සන් රාජපක්‍ෂ මහතා විවාහ දිවියට පත්වූහ.  
දරුවන් දෙදෙනකු ලැබුවද කෙටිකලකින් සිය ළමාතැනිගේ හා දරුවන් දෙදෙනාගේ අකල් වියෝවෙන් බලවත් ලෙස කම්පා වී කල්ගත කළේය.  


දෙමාපියන් හා ඥ‌ාතීන්ගේ බලවත් ඉල්ලීම මත සිය ඥ‌ාතිවරියක වූ කැරලයින් ද සොයිසා ශ්‍රී වර්ධන ළමාතැනිය සමඟ නැවති විවාහ වීමෙන් පසු දරුවන් දෙදෙනකු ලබා ඉතා ප්‍රීති දායක ජීවිතයක් ගතකොට ඇත.  


කප්පින වලව්ව මුල්කරගෙන අද්භූත කථා රැසකි.  


ජනප්‍රවාදයේ එන අදටත් ප්‍රචලිතව මේ ඉන් එක් කථාවකි. සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිතුමාගේ ළමාතැනි දරුණු හිසරදරයකින් බලවත් සේ පීඩා විඳ ඇත.  


ළමාතැනියට ඒ දරුණු හිසරදය සැදෙන්නේ රාත්‍රී කාලයටය. වලව් භූමියේ සිටින උළමකු හඩන විට ළමාතැනියට හිසරදරය සෑදේ. උළමා සොයා මරා දැමීමට බොහෝ පිරිස් උත්සාහ කළත් නොහැකි වූ තැන ප්‍රදේශයේ දක්‍ෂ වෙඩික්කරුවකුව සිටි ආචිඅප්පුට උලමා මරා දැමීමට හැකි බවට මුදලිවරයාට තොරතුරු ලැබී තිබුණි. අාචිඅප්පු ඒ වන විට සිටියේ සිරකරුවකු ලෙසිනි. අාචිඅප්පු හමුවීමට ගිය මහ මුදලිතුමා සියල්ල ඔහුට දැනුම් දී තාවකාලිකව සිරගෙදරින් නිදහස් කර වලව්ව භූමියට ගෙන්වා ගත්තේය.  


එදින රාත්‍රියේ උලමා හඬන ශබ්දය අනුව වෙඩි තැබූ ආචිඅප්පු උළමා මරා බිම හෙලා ඇත්තේ තමා දක්‍ෂ වෙඩික්කරුවකු බව යළි සනාථ කරමිනි.  


උලමා මරා දැමීමට තෑග්ග ලෙස ආචිඅප්පුට නිදහස ලැබුණි.  


මෙම සිද්ධියෙන් පසු වලව් භූමියේ කිසිම සතකුට වෙඩි නොවදින බව කියති. පොල්රුප්පාවකින් සමන්විත මෙම වලව් භූමිය තුළ විවිධ ගස්වර්ග හා පලතුරු වලින් සමන්විතව තිබූ බවත් සතුන් හා කුරුල්ලන් මේ වලව් භූමියේ ලැබූ නිදහස ගැන කොකැටුවා සන්දේශයේ එන කවිපෙළෙන් පැහැදිළි වේ. මේ ඉන් එක් කවියකි.  


‘‘බිය කිසි නැතුව උයනට සියොතුන් වැදය  
ලියතුරු එකිනෙකට පැන පැන දෙන නදය  
කියමින් මුදලි මැතිඳුගේ ගුණ යස තෙදය  
පියවන වැන්න නරඹින් පිය සති සදය’’  


කප්පින පෙළපත හලාවත සිට කතරගම දක්වා ව්‍යාප්ත වී තිබූ බව ඔවුන්ගේ ඥ‌ාති සබඳතා පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වේ. කොළඹ මාළිගාකන්දේ මහමුදලි වලව්ව (වත්මන් කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරය) මීගමුවේ මැග්ඩලීන් වලව්ව, ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්ව, අහුන්ගල්ල මාකුඹුර වලව්ව, බළපිටියේ රෙජිස්ට්‍රාර් වලව්ව, ගජේරුව වලව්ව, රාජපක්‍ෂ වලව්ව, සහබන්ධු වලව්ව, හාරඹ වලව්ව, ගල්මන්ගොඩ වලව්ව, ගම කරන වලව්ව, පත්තර වලව්ව හා දඩල්ල වලව්ව, කප්පින වලව් පෙළපත සමඟ ඥ‌ාති සබඳතා පවත්වා ඇත.  


කොළඹ - මරද‌ානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පිත පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ.  


බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේ‍ෂ්ඨතම ද‌ානපතියා ලෙස සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක.  
සිටුවරයකුට පිනට මුදල් දුන් බළපිටියේ සිටුවරයා ලබන සතියේ.   

 

 


සටහන - ඡායාරූප 
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා



අදහස් (0)

සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site