IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍යවරුන් නීතිඥවරුන් බිහි කරන චතුර් ග්‍රහ යෝග

ග්‍රහ සංයෝග ඇති වෙන්නේ එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සංයෝග වීමෙනි. සංයෝග පළ ශුභ අශුභ ගෙන දෙයි. කේන්ද්‍ර සටහනේ ස්ථාන හා රාශි අනුව ශූභ අශුභ තත්ත්වයන් වෙනස් වෙයි. ද්වි ග්‍රහ යෝග ත්‍රිග්‍රහයෝගය චතුර් ග්‍රහ යෝග පංච ග්‍රහ යෝග ආදී වශයෙන් ග්‍රහ සංයෝග නිර්මාණය වෙයි. 
  
රවි ග්‍රහයාගෙන් යෙදෙන චතුර් ග්‍රහයෝග මෙසේය. රවි චන්ද්‍ර කුජ බුධ ශරීරය වෙහෙස නොකරවා කරන වෘත්තියක යෙදෙයි. විශේෂයෙන් මෙම යෝගය යෙදී ඇති රාශිය හා ස්ථානය අනුව ශුභව යෙදී ඇත්නම් දක්ෂ වෛද්‍යවරුන් බිහි වෙයි.   


රවි චන්ද්‍ර කුජ ගුරු මෙම චතුර්ග්‍රහ යෝගයෙන් උපන් අය නීතිඥ වෘත්තියේ නියැළෙති. ඉගෙන ගන්නා කාලයක දක්ෂ ලෙස ඉගනීම් කටයුතු කරගනී. තේජවන්ත ගතියක් දිස්වේ. නිර්භීතයි. කතාවෙන් ජය ගනී.   
රවි චන්ද්‍ර කුජ සිකුරු කතාවට දක්ෂයි. දේශපාලන කටයුතු වල නියැළෙයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. සතුරු රාශියක හා අශුභ ස්ථානයක පිහිටා ඇත්නම් ගති ගුණ නරකයි. අනියම් සබඳතා ඇති කර ගනී.   
රවි චන්ද්‍ර කුජ ශනී රූපය අවලස්සන වෙයි. ආර්ථිකමය දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ. ශරීරය එතරම් උස නැත. අනවශ්‍ය ගමන්බිමන් යෙදෙයි. හිඟන ජීවිතයක් ගත කරයි.   


රවි චන්ද්‍ර බුධ ගුරු ව්‍යාපාර කටයුතු වලින් අධික ලාබ ලබයි. විශේෂ​ෙයන් ස්වර්ණාභරණ වෙ​ෙළඳාමට ඉතා ශුභයි.   


ශාස්ත්‍රීය අවබෝධය ලබයි. අශුභව සිටියේ නම් ශරීරාබාධ උපතින්ම ඇති විය හැකිය. අංග විකල බව.   


රවි චන්ද්‍ර බුධ සිකුරු සාහිත්‍ය කලා කටයුතු අගය කරයි. ධනවත් වෙයි. උසස් නිල තල දරයි. අත් පාවල ආබාධ ඇති විය හැකිය. අශූභ ස්ථානයක සිටි විට ඇස් වල ආබාධ ඇති වේ.   


රවි චන්ද්‍ර බුධ ශනි   


ශරීරය මිටියි. නෑයින්ගෙන් හා මව්පියන්ගෙන් වෙන් වී කටයුතු කර ගනී. මෙය මහණ දම් පිරීමට සිදු වන යෝගයකි. සාර්ථක ජීවිතයක් ගත කළ නොහැක.   


රවි චන්ද්‍ර ගුරු සිකුරු 

 
උසස් නිල තල දැරීමට පුළුවනි. ව්‍යාපාර වෙ​ෙළඳාම් කටයුතු වලින් ධනවත් වෙයි. බලවත්ව සිටී නම් අධ්‍යාපන කටයුතු වලින් හා ධන බලයෙන් උසස් තත්ත්වයක් හිමිවේ.   


රවි චන්ද්‍ර ගුරු ශනි   


බුද්ධිමත්ව ක්‍රියා කරයි. ඉගනීමට දක්ෂයි. රටේ තොටේ පිළිගත් ඇයෙක් ලෙස කටයුතු කරයි.   


රවි කුජ බුධ ගුරු   


ඉංජිනේරු තනතුරු ලබයි. විශේෂයෙන් අහස් යාත්‍රා පැදවීමට පවා දක්ෂතා දක්වයි. වැඩට ශූරයි. විශේෂයෙන් කාර්මික කටයුතු වලටයි.   

 

 

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යෙතිෂවේදී කලාභූෂණ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක



අදහස් (0)

වෛද්‍යවරුන් නීතිඥවරුන් බිහි කරන චතුර් ග්‍රහ යෝග

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5224 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site