ලෝකෙන් ටිකක්
ලියනාඩෝ ඩාවින්චි ගැන නොදන්නේ කවුරුද? 14 වැනි සහ 16 වැනි සිවයසේ, යුරෝපයේ කලාශිල්පවල පුනරුදයක් දකින්න ලැබුණි. මේ කාලයේ ඉතාලියේ සිටි සිත්තරා, නව නිර්මාණකරුවා ලියනාඩෝ ඩාවින්චි ය. උපන්නේ 1452 වසරේ අප්‍රේල් 14 වැනිදා හෝ 15 වැනිදා යැයි පැවැසෙයි. 1519 වසරේ මැයි දෙවැනිදා, අවුරුදු 67 දී ඩාවින්චි මෙලොවින් සමුගත්තේය. මියයන අවස්ථාවේ ඩාවින්චි සිටියේ ප්‍රංශයේය.
ඩාවින්චි ගැන කියද්දී සිහියට නැගෙන්නේ මොනලිසා සිතුවමය. අද ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මොනලිසා සිතුවම ඩාවන්චිගේ අප දන්නා විශිෂ්ටතම නිර්මාණයයි. මොනලිසා සිතුවම ලූව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබුණේ 1797 වසරේ සිටය.
ඩාවින්චි එදා මෙදා ලොව පහළ වුණු විශිෂ්ටතම සිත්තරා පමණක් නොවෙයි, ඔහු නව නිර්මාණ ශිල්පියෙකු ද වෙයි. මූර්ති කලාව, සංගීතය, ගණිතය, ඉන්ජිනේරු විද්‍යාව, තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව, ලේඛන කලාව සහ ඉතිහාසය පිළිබඳ ඔහුට තිබුණේ විශිෂ්ට දැනුමකි. බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ‘පියා’ ලෙස සැලකෙන්නේ ඩාවින්චිය.
ඔබ පුදුම වේවි, පළමුවරට පැරෂූටයක් නිපදවීම, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකියක් නිපදවීම කළේ ලියනාඩෝ ඩාවින්චිය.
ඩාවින්චි ලොව දිගම පාලම ඉදිකිරීමට සැලැසුම් සකස් කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ වසර ගණනාවක් තිස්සේ කාටත් අමතක වී තිබුණු ඩාවින්චිගේ දළ සටහන් පෙළක් සහ ලිපියකිනි. එම දළ සටහන් අනුව, ඒ අයුරින් පාලමක් ඉදි කළ නොහැකි බවත්, එය ශක්තිමත් නොවනු ඇති බවටත්, එදා ඉන්ජිනේරුවන් අතරේ අදහසක් පැවැතිණි. ඒ නිසා පාලමේ අදහස අත්හැර දමා තිබේ.
ඉතිහාසයට අමතක වුණු මෙම පාලමේ දළ සටහන් ගැන හොඳින් අධ්‍යයනය කළ එම්.අයි.ටී. ඉන්ජිනේරු උපාධි ශිෂ්‍යාව කාර්ලී බැස්ට් ලොවට පෙන්වා දී ඇත්තේ, ඩාවින්චි සැලැකුම් කර ඇති අන්දමට ශක්තිමත් මෙන්ම දීර්ඝ කලක් නොනැසී පවතින පාලමක් ඉදි කළ හැකිව තිබුණු බවය. කාර්ලී බැස්ට් මේ බව ලොවට හෙළි කරන්නේ දළ සටහන් ඇසුරින් කුඩා අනුරුවක් ද නිර්මාණය කරමිනි. මේ වනවිට ලොව බොහෝ දෙනකුගේ අවධානය මීට යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
1502 දී ලොව දිගම පාලම ලෙස ඩාවින්චිගේ මෙම පාලම ඉදිකිරීමට නියමිතව තිබුණත්, එය ශක්තිමත් එකක් නොවන බවට බියක් හටගත් නිසා පාලම ඉදි නොවිණි. 1502 දී මෙම පාලම ඉදි කෙරුණේ නම් ඒ වනවිට ලොව දිගම පාලම එය වනු ඇත. උස අඩි 920 ක් වනු ඇතැයි කාර්ලි වැඩිදුරටක් පැහැදිලි කරයි.
මෙම පාලම අසාර්ථක වේවි යැයි ඉන්ජිනේරුවන් සිතුවේ ඊට බාහිර ආධාරක කිසිවක් සම්බන්ධ නොාවන බැවිනි. කාර්ලි පෙන්වා දී ඇති අන්දමට, පාලමේ ශක්තිය රැඳෙන්නේ, එය ඉදිකිරීමට ගන්නා ගඩොල් හෝ කළුගල් හෝ එකිනෙකට තෙරපී, එකිනෙක හොඳින් අල්ලා ගැනීම නිසාය. ආධාරක කිසිවක් නොමැතිව, පාලම ශක්තිමත්ව රැුඳී පැවැතීමට මෙම තෙරපුම ඉවහල් වන බව ඩාවින්චි ඔහුගේ සටහන් ඇසුරින් පැහැදිලි කර ඇත.
1502 දී පාලමක් අවශ්‍ය බව ඩාවින්චිට දන්වා දළ සටහන් ලබාගෙන ඇත්තේ දෙවැනි බයේසිද් සුල්තාන්වරයා ය. ඒ, ඉස්තාන්බුල් නුවර පාලමක් ඉදිකිරීමට යැයි ඉතිහාස වාර්තාවල දැක්වෙයි. ඩාවින්චි, පාලම ඉදි කළ යුතු අයුරු පැහැදිලි කරමින් සුල්තාන්ට ලිපියක් යවා ඇත. සුල්තාන්ගේ උපදේශකවරුන්, පාලම ශක්තිමත් නොවන බව පෙන්වා දීමෙන් පසු පාලම ගැන අදහස අතහැර දැමුණු අතර, ඩාවින්චිගේ ලිපිය සහ දළ සටහන් වසර 500 ක් තිස්සේ අමතක වී තිබුණි.
ලූසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොවට අමතක වුණු ඩාවින්චිගේ පාලම