IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලග්න රැසකට සුබඵල දෙමින් සුරගුරු වෘශ්චිකයෙන් ධනු රාශියට

ජීවිතයට ජ්‍යෝතිෂ්‍ය

සුරගුරු හෙවත් බ්‍රහස්පති 2019 නොවැම්බර් මස 05 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශියට මාරුවේ. ගුරු ග්‍රහයා එක් රාශියක් තුළ දළ වශයෙන් වසරක පමණ කාලයක් තැන්පත්ව සිටී. ගුරු ග්‍රහයාට රාශි චක්‍රය වටා යාමට වසර 12 ක පමණ කාලයක් ගතවේ. ගුරු ධනු රාශියට ඇතුළු වන්නේ වසර දොළහකට පසුවය. සුරගුරු 2019 නොවැම්බර් මස 05 වන දින සිට 2020 නොවැම්බර් මස 21 වන දින දක්වා ධනු රාශියේ සිය බලය පතුරවමින් සිටී.  


ප්‍රඥාවට, ආගම දහමට, නීතියට අධිපති මෙන්ම ධනකාරක හා පුත්‍රකාරක ගුරු ග්‍රහයා සුරගුරු, බ්‍රහස්පති, මන්ත්‍රී යන නම් වලින් හැඳින්වෙන අතර ධනු හා මීන ලග්නවලට අධිපති වේ. විසා පුවපුටුප, පුනාවස නැකැත් ගුරුගෙන් පාලනය වේ. ගුරුට හිමි දශා කාලය පුරා වසර 16 කි. කටක රාශියේ ගුරු උච්ච වන අතර ධනු හා මීන රාශිවල ස්වක්ෂේත්‍ර බලය ලබයි. මකර රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත්වේ. යම් ජන්ම පත්‍රයක ගුරු 01 වන භාවයේ තැන්පත් වී ඇති නම් එය දිග් බලය යැයි කියනු ලැබේ.  


එවිට ගුරු බලවත් වී සුබඵල දෙනු ඇත. සිල්වත් උගත් ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, බුද්ධිමතුන්, ගුරුවරුන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් හා ශිෂ්‍යයන් ගුරුගෙන් නියෝජනය වන අතර මෙම කාලසීමාව සුබදායක වේ. ජන්ම පත්‍රයක ගුරු බලවත් වීමෙන් යහපත් ගුණධර්ම වලින් යුක්ත වූ පුද්ගලයකු බිහිවේ. ප්‍රඥාවන්තයකු වීම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුක්තවීම, ප්‍රියමනාප පෙනුම හා උසස් ඉගෙනීම ලබා දෙයි. ගුරු ග්‍රහයා අසුබව යම් ජන්ම පත්‍රයක පිහිටි විට අහංකාර කෙළෙහි ගුණනොදත්, ධනය විනාශ කරන, බුද්ධිය හීන හා ලේ විෂවීම්, අක්මා රෝග, සෙංගමාලය, දියවැඩියාව යන රෝගවලට හිමිකම් ඇතිවේ. ගුරු ග්‍රහයා උච්ච බලයෙන් හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රගත වීමෙන් හංස යෝගය (ගුරු හංස යෝගය) නම් පංච මහා පුරුෂ යෝගය යෙදේ. නුවණ, බලය, ආයුෂ, ධනය හා සම්පත් ලබාදෙන අතර ආගමික භක්තියෙන්ද ගුණයහපත් කමින් යුක්ත වන සුබ යෝගයකි.  


ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි  


මේෂ - ඔබේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා අටවැන්නේ සිට භාග්‍යස්ථානයට ගමන් කිරීම සුබඵල උදාකරයි. මෙතෙක් අටවැන්නේ ගමන් කළ ගුරු සෞඛ්‍ය ගැටලු හා සිත් තැවුල් ඇති කළ අතර ඉදිරි වසර සුබවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පෙරපින, වාසනාව හා දෙවි පිහිට ලැබේ. පූජ්‍ය පක්ෂයේ හා යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. දුර වන්දනා ගමන් යෙදේ. ආගම දහමට සිත යොමුවේ.  


වෘෂභ - ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ හත්වැන්නේ සිට අටවැන්නට පැමිණීම එතරම් යහපත් නොවේ. ඔබ ඉතාමත් කාර්ය බහුල වේ. මේ අතර හදිසි ධන ලාභ ලැබීමට ද ඉඩ ඇත. වියදම් පාලනය කරගන්න. මේ අතර ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වන්න. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කරන නිසා සෙනසුරු අපලයට අදාළ ග්‍රහශාන්ති කර්මවල නිරත වන්න.  


මිථුන - ගුරු ග්‍රහයා හයවැන්නේ සිට හත්වැන්නට මාරුවීම සුබඵලදායකයි. පසුගිය වසරට වඩා සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. හවුල් ව්‍යාපාර වලින් අපේක්ෂිත ලාභ ලැබේ. මේ අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. බිරිඳ හෝ සැමියාට සුබයි. ප්‍රසිද්ධිය හා ගෞරවය ලබයි.  


කටක - ඔබේ කේන්දරයේ ගුරු ග්‍රහයා පස්වැන්නේ සිට හයවැන්නට පැමිණෙයි. සතුරු කරදර ජය ගැනීමට හැකි වේ. ඔබේ රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට සේවක සහයෝගය බොහෝදුරට ලැබේ. සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. අසනීප වලින් බොහෝ දුරට සුවය ලැබේ. එහෙත් කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග ඇති අය ප්‍රවේශම් වන්න.  


සිංහ - ගුරු හතරවැන්නේ සිට පස්වැන්නට පැමිණීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට සුබදායක වේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබීමට ඉඩ ඇත. මේ අතර ලොතරැයි දිනුම් වැනි හදිසි ධනලාභ ලැබීමට ද හැකිවේ. පෙම්වතුන්ට සුබදායක වන අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. දරුඵල අපේක්ෂිත අයට වාසනාවන්ත දරුවන් ලැබේ.  


කන්‍යා - ගුරු තුන්වැන්නේ සිට හතරවැන්නට පැමිණීම මිශ්‍රඵලදායක වේ. ගෘහජීවිතය සතුටින් ගතකළ හැකි වේ. නිවසේ දියුණුවට කටයුතු කිරීමට සිත යොමුවේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වන අතර ස්වයංරැකියාවලින් ලාභ ලැබේ. මව්පියන්ට සුබදායක වේ. දේපල, නිවාස, ඉඩම් ලාභ හිමිවීමට ඉඩ ඇත.  


තුලා - ගුරු ඔබේ කේන්දරයේ ධනස්ථානයේ සිට තුන්වැන්නට පැමිණෙයි. අසල්වැසියන් සමග ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. ආගම දහමට සිත යොමුවේ. වන්දනා ගමන් ද යෙදේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. මේ අතර සහෝදර සහෝදරියන් අතර අසමගිකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.  


වෘශ්චික - ගුරු ධනස්ථානය වන දෙවැන්නට මාරුවීම සුබදායක වේ. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකි වේ. පසුගිය වසරේ කරන ලද තම රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබේ. ඔබගේ කතාව නිසා අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී වාසිදායක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට සුබදායක වේ. පවුලේ දියුණුව ඇති වේ.  


ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ මෙතෙක් දොළොස්වැන්නේ ගමන් කළ ලග්නාධිපති ගුරු ග්‍රහයා ලග්නයට පැමිණීම පසුගිය වසරට වඩා සුභඵල ලැබෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට සුබදායක වේ. ගෘහජීවිතය සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. මේ අතර ආගම දහමට නැඹුරු වන අතර වන්දනා ගමන් හා විදේශ ගමන් ද යෙදේ. සෙනසුරු ලග්නයේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත්වන්න.  


මකර - ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට ගුරු මාරුවීම එතරම් සුබ නොවේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. නිතර ගමන් බිමන්ද යෙදේ. වියදම් පාලනය කරගන්න. අසල්වැසියන් හා බාල සහෝදරයින් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. ගුරු දශා ගත කරන අය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.  


කුම්භ - සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට ගුරු මාරුවීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබඵලදායකයි. ආදායම් තත්ත්වය යහපත් වේ. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන අතර නව රැකියා ලාභ හිමි වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. වැඩිමහල් සහෝදරයන්ට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදා වේ.  


මීන - ඔබේ කේන්ද්‍රයේ ගුරු නමවැන්නේ සිට දසවැන්නට මාරුවීම මිශ්‍රඵලදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ඉහළ තනතුරු ලැබේ. නව රැකියා ලාභ හිමි වේ. ඔබට අවිවේකී කාලයක් උදා වේ. ගෞරව ප්‍රශංසාව ලැබේ. නිවාස හා ඉඩම්වල දියුනුව ඇති වේ. ගෘහජීවිතය සාර්ථක වේ.  


මේ අනුව ගුරු මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් ඇති කරන බව පෙනේ. ගුරු අපලය ඇති අය බ්‍රහස්පතින්දා දිනය, ගුරු හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා, තැබීම සුබය. අලුත් නුවර දෙවියන්ගේ පිහිට පැතීමත්, අටවිසි පිරිත කියවීමත් යහපත් වේ. පැවිදි උතුමන්ට මාපියන්ට ගුරුවරුන්ට ගෞරව කරන්න. තවද පැණි රස හා තෙල් ආහාර අගුණ වේ. මෙවැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කරගත හැක.  

 


ජ්‍යෝතිර්වේදිනී  අජන්තා ඒකනායක,  
මාංගොඩ මැද මහනුවර   



අදහස් (0)

ලග්න රැසකට සුබඵල දෙමින් සුරගුරු වෘශ්චිකයෙන් ධනු රාශියට

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10917 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6208 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site