IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලග්න රැසකට සුබපල දෙමින් කෝණ මාසය උදාවෙයි

ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 මාර්තු මස 14 වන දින මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් ගුරු හිමි මීන රාශියට පැමිණෙයි. 2018 අප්‍රේල් 14 වෙනි දින දක්වා රවි ග්‍රහයා මීන රාශියේ සිය අණසක පතුරුවමින් සිටී.   


රවි ප්‍රවිෂ්ට වන්නේ මීන රාශියටය. මීන රාශිය ගුරුට අයත්ය. ගුරු ග්‍රහ ලොව පුරෝහිත තුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව රජතුමා පුරෝහිත තුමාගේ භවනට යෑමට සමානය.   

 

රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාල සිමා තුළ රාශි 12 ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහ නිර්මාණය, මුල් ගල් තැබීම් ආදී කටයුතු මෙන්ම විවාහ මංගල කටයුතු ද මෙම කාල සීමාව තුළ සුබ පළ නොදෙන බව මතක තබා ගත යුතුවේ. 

 
රාශි චක්‍රය වූ අංශක 360 හතරට බෙදූ විට අංශක 90 කෝණවලට මෙම මාස හතර ඇතුළත් වේ. එම නිසා සූර්යයා, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගත කරන මාස හතර කෝණ මාස ලෙස හැඳින්වේ. මෙම කරුණු සම්බන්ධව පැරණි අය තුළ අදහස වී තිබුණේ පහනක තෙල් ඇතත් එළිය නොදී අඳුර ඇති කරන්නාක් මෙන් යම් ඡන්ම පත්‍රයක ග්‍රහ සිත්තම සියුම්ව පරීක්ෂා කිරීමේදී ග්‍රහ බලය ඉතා බලවත්ව තිබෙන තුරු පමණක් සුබ පල දී අපල කාලයක් උදා වූ විට එම කටයුතුවලට බාධා ඇති වන බවය. පහත සඳහන් කවියෙන් මේ බව වඩාත් තහවුරු වේ.   


කෝණේ කන මඟුල් තුලා කාටත් සකි පල නොදේවි   
පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අඳුර දේවි   
මූණේ සහ අැඟෙ හැටියෙන් අසරණකම පෙනී යාවි   
හීනේකින් දුටු දේටත් මේ මස සුබ පල නොදේවි   


රවී මීන රාශිගතවීම උපන් ලග්නවලට බලපාන අයුරු.   


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවිගේ පැමිණීම තරමක් බාධා සහිත වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා ඇති විය හැකිය. දරුවන්ගේ සාර්ථකත්වයට කරන කටයුතු කල් දැමීමට හැකි නම් යහපත් වේ. පෙම්වතුන් හට එතරම් යහපත් නොවේ. ව්‍යාපාරවලට මුදල් අයෝජනය කිරීමේදී වඩාත් දූරදර්ශී වන්න. මෙම කාල සීමාවේදී උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. රජයේ සේවය කරන අය විශේෂයෙන් ප්‍රවේශසම් විය යුතුය.   


වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට රවීගේ පැමිණීම සුබ පළ දායක වේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි, නම්බුනාම හා තනතුරු ලැබේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. නීතිමය අංශවලද අයගේ ආධාර උපකාර ලැබේ. රැකියා අපේක්ෂාවන් සාර්ථක වේ. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක වේ. උසස් මිතුරන් හඳුනා ගත හැකි වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. සෙනසුරු අටේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත් වන්න.   


මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දස වැන්නට රවිගේ පැමිණීම සුබ පළ දායක වේ. එවිට රවි දිග් බලය ලබයි. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකි වේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක් වේ. නව රැකියා අපේක්ෂකයන්ට රැකියා ලාභ හිමි වේ. රැකියා කටයුතුවල අලුත් තනතුරු ලැබීමට ඉඩ තිබේ. සහෝදරයින්ට සුබයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට යහපත් වේ.   


කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නව වැන්නට රවිගේ පැමිණීම සුබ පල දායක වේ. භාග්‍යස්ථානයට රවි පිවිසීමත් සමගම විදෙස් ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටුයුතුවලට යහපත් ගුරුවරුන්ගේ ආධාර උපකාර ලැබේ. කෙසේ නමුත් ගත වූ මාසයේ තිබූ රෝග වලින් නිදහස් වීමට ඉඩ ලැබේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි වේ. වියදම් පාලනය කර ගැනීමට හැකි වේ.   


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අට වැන්නට පැමිණෙන රවි තරමක් අසුබ පල උදා කරන බව පෙනේ. ලග්නාධිපති රවි කේන්ද්‍රයේ අට වැන්නේ ගමන් කිරීම නිසා උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග කටයුතු කරන විට කල්පනාකාරී වන්න. නීතියෙන් පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න. සිත් තැවුල් ඇති වීමට පුළුවන. අප්‍රේල් 15 දක්වා කල්පනාකාරීව කටයුතු කරන්න.   


කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත් වැන්නට රවි පැමිණෙයි. දොළොස් වැන්න අධිපති රවි හත් වැන්නට පැමිණීමෙන් විවාහ ජීවිතය පිළිබඳව තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. මංගල යෝජනාවලට ද තරමක් යහපත් වේ. හවුල් ව්‍යාපාරවලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ප්‍රවේසම් වන්න. උසස් අය සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න.   


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට රවිගේ පැමිණීම සුබ පළ දායක වේ. සතුරු කරදරයකින් නිදහස් විය හැකියි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර නීතිමය අංශවල සහයෝගය ලැබෙනු ඇත. තම රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. අසනීප සුව අතට හැරේ. ලියකියවිලි පිළිබඳ කටයුතුවලට සුබයි. බාල සහෝදරයකුට යහපත් වේ. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. මේ අතර හිතවත් මිතුරකු අමනාප වීමට ද ඉඩ ඇත. 

 
වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට රවි පැමිණෙයි. මිශ්‍ර පළ දායක වෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති විය හැකියි. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට අසතුටුදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇත. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග කල්පනාකාරීව කටයුතු කරන්න.   


ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට රවි පැමිණීම මිශ්‍ර පළ දායක වේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයට සුබපල ලැබෙනු ඇත. සිත් තැවුල් ඇති වීමට ද ඉඩ ඇත. කෘෂි කාර්මික කටයුතු වලින් එතරම් ලාභයක් නොලැබීමට පුළුවන. ගෘහ ජීවිතය තුළ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. මව්පියන්ටද කරදර සහිත බව පෙනේ. පපුවේ ආබාධ ඇති අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය. සෙනසුරු අපලයක් ඇති නිසා ආගමානුකූලව ජීවත් වන්න.   


මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන් වැන්නට රවිගේ පැමිණීම සුබ පළ දායක වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබ වේ. සහෝදර හා අසල්වාසී සමග සබඳතා අලුත් වේ. දරුවන්ට සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අය​ෙග් උදව් උපකාර ලැබෙනු ඇත. තනතුරුවල උසස් වීම් ලැබේ. රජයේ නව තනතුරු ලැබෙනු ඇත.   


කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණීම නිසා මෙම මාසය සුබා සුබ මිශ්‍ර පළ ගෙනු දෙනු ඇත. විවාහ සහකරු නිසා ධනයක් ලැබීමට ඉඩ කඩ විවර වේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. වියදම් පාලනය කර ගන්න. කතා කරන විට දූරදර්ශී නොවුණ හොත් කතාව නිසා පාඩුවක් සිදු වීමට ඉඩ ඇත. ගෘහ ජීවිත​ෙය් කටයුතු සාර්ථක වේ. හවුල් ව්‍යාපාර වලින් පාඩු ලැබේ.   


මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට රවිගේ පැමිණීම නිසා මෙම මාසය සුබා සුබ මිශ්‍ර පළ ගෙන දෙනු ඇත. උසස් අය සමග කටයුතු කරන විට ඉවසිලිමත් වන්න. උෂ්ණාධික රෝග මෙන්ම චිත්ත පීඩා ඇති වීමට ඉඩ ඇත. රහස් සතුරු කරදර ඇති වේ. හිතේ අවුල් ස්වභායක් ඇති විය හැකියි. කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.   


මේ අනුව රවි මාරුව ලග්න වල සුබ පළ මෙන්ම ලග්න කිහිපයකට අසුබ පළත් උදා කරන බව පෙනේ. රවි අපලය ඇති අය ඉරිදා දින රවි හෝරාවෙන් බුද්ධ පූජා බෝධි පූජා ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත්, සූරිය පිරිත කියවීම යහපත් වේ. මෙවැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කර ගත හැක. තවද තමන්ට වඩා උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීති වරෝධී ක්‍රියා නොකළ යුතුයි.   

 

 

 

 

 


​ෙජ්‍යාතිර්වේදිනී   
අජන්තා නිශාන්ති ඒකනායක   
අංක 121, මාංගොඩ, මැදමහනුවර   
දු.අංකය- 0774275328



අදහස් (0)

ලග්න රැසකට සුබපල දෙමින් කෝණ මාසය උදාවෙයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site