IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලග්නයෙන් කියැවෙන වාසනාව සහ අවාසනාව

අලුත උපන් බිළිඳාට නමක් තැබීම සඳහා දෛවඥයකු ළඟට ගොස් වේලාපත්කඩයක් සාදවා ගැනීම බොහෝ වැඩිහිටියන්ගේ සිරිතකි. සමහරු එම අවස්ථාවේදීම දරුවාගේ කේන්දරය සම්පූර්ණයෙන්ම ද සාදවා ගනිති.   

දරුවා මවු කුසින් බිහිව මෙලොවින් ආශ්වාසයක් ලබන ක්ෂණයෙහි නැගෙනහිර ක්ෂිතිජයෙන් ඒ මොහොතේ උදාවෙමින් පැවැති රාශිය එම උත්පත්ති කාරකයාගේ ලග්නය ලෙස දක්වයි. 
  
කේන්දර සටහනක වැදගත්ම කොටුව ලෙස අංක එකට යෙදෙන කොටුව ලග්නය ලෙස සැලකේ. ලග්නය තනු හෙවත් ශරීරය වශයෙන්ද කල්ප හෙවත් ශක්තිය වශයෙන්ද ජ්‍යොතිෂයෙහි දැක්වෙයි. ලග්නය ජන්මියාගේ චිත්ත ස්වභාවය, ගති පැවැතුම් හා දේහ ලක්ෂණ කෙරෙහි බලපායි.   


කාල පුරුෂයාගේ හිස ලග්නය ලෙස ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේ දක්වා තිබේ. ශරීරයට හිස ප්‍රධාන වන්නාසේම ජීවිතයේ වැදගත් කරුණු සියල්ල සම්බන්ධව සෙවිය හැකි බැවින් කේන්දරයක ලග්නයම ප්‍රධාන වෙයි. හිස සහ හිසට අයත් කොටස් ලග්නයට අයත් වෙයි. හිසේ ප්‍රධාන කොටස මොළයයි. මොළය යනු සියුම් ඥාන ශක්තියයි.   


ප්‍රධාන වශයෙන් යමෙකුගේ ශරීරය ගැන බැලිය යුත්තේ ලග්නයෙනි. ඊළඟට ඔහුගේ පෞරුෂත්වය, අඟ පසඟ, සාමාන්‍ය පෙනීම, කල්ක්‍රියාව, ගතිගුණ, වාසනා අවාසනා දෙක, උස් පහත් බව, ඍජු චපල භාවය ආදිය සොයා බැලිය හැකිය. සම්පූර්ණ ජීවිත කාලය කෙසේද කියාත් බැලිය හැක. මෙම වැදගත් කරුණු සියල්ලම සොයා බැලිය හැකි බැවින් කේන්දරයක ලග්නයම ප්‍රධාන වෙයි.   


එබැවින් කේන්දරයක අංක එක කොටුව හෙවත් ලග්නයේ උපතේදී පතිත වී සිටි ග්‍රහයන් ගැන විමසා බැලීමෙන් දෛවඥ මහතෙකුට කේන්දර හිමියාගේ ජීවිතය පිළිබඳ සැලකිය යුතු විස්තරයක් ප්‍රකාශ කළ හැකිය.   
ඒ අනුව කේන්දරයක මුල් කොටුවේ හෙවත් ලග්නයේ එක් එක් ග්‍රහයා පිහිටීමෙන් ජන්මියාට ලැබෙන ප්‍රතිඵල කෙසේවේදැයි පොදුවේ විමසා බලමු.   


රවි හෙවත් සූර්යයා   


සූර්යයා ග්‍රහ ලෝකයේ මූලිකයා වෙයි. ඔහු ලෝකයේ පියා ලෙස සැලකේ. හිරුගේ උෂ්ණත්වය නැතිව ලොව අජීවී සජීවී වස්තූන්ට පැවැතිය නොහැක. එවැනි රවි ග්‍රහයා යමෙකුගේ උපතේදී ලග්නයේ සිටියේ නම් එම පුද්ගලයා උද්​ෙ‌යා්ගීමත් කාර්යශූර අයෙකි. පිබිදුන ගතියෙන් කටයුතු කරයි. උස්වූ සම්පූර්ණ ශරීරය වෙයි. මොනම කටයුත්තකදීවත් පසුබට නොවේ. යම්කිසි තැනකට හෝ ක්‍රියාවකට පැමිණි විට අන්‍යයන්ට වඩා ප්‍රකටව පෙනේ. කිසිවෙකුට යටත් කළ හැකි අයෙකු නොවේ. පාලන ශක්තිය ඇත. ඍජු කාර්යශූර පුද්ගලයෙකි. රටින් රට සංචාරය කෙරේ. නිරෝගී අයෙකි. වස්තුව ලැබීමට මෙන්ම පිරිහීමට පත්වීමටත් ඉඩකඩ ඇත.   


සඳු හෙවත් චන්ද්‍රයා   


ග්‍රහ ලෝකයේ මව ලෙස සැලකෙන චන්ද්‍රයා රාත්‍රී උපන් අයට මාතෘ කාරක වෙයි. චන්ද්‍රයාගේ බලපෑම නිසා පියකරු අඟපසඟින් යුත් දුටුවන් පැහැදෙන ගති ලක්ෂණ වලින් යුත් අයෙකි. ලෙහෙසියෙන් ජීවත් වෙයි. චංචල සිතකින් යුක්තය. යමක් සිදුවීමට පෙර බො​හෝ දුර සොයා බලා බියවන ගතියක්, වැඩි ප්‍රවේශම් වන ගතියක් ඇත. ලෞකික සැප සම්පත් ලැබීමට යහපත් වෙයි. මානසික ධර්ම ඉගෙනීමෙහි සමත් වේ. විපත්තියේදී ඉවසිලිවන්ත වනු ඇත. උසස් අය ඇසුරට ලැබේ. දැකීමට ප්‍රිය රූපයකින් යුත් සෞම්‍ය තැනැත්තෙකි. අක්ෂි රෝග පීනස් රෝගවලට පහසුවෙන් ගොදුරුවෙයි. 


  
කුජ හෙවත් අඟහරු   


ග්‍රහයින් අතර සෙන්පතියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා උපතේදී ලග්නයේ පිහිටීමෙන් සිංහයකුට සමාන වික්‍රමගති ඇති සටන්කාමී මනුෂ්‍යයකු බිහිකරයි. නිදහස සඳහා සටන් කිරීම විවාදාභිමුඛවීම, ධෛර්යවන්ත ගුණාංගවලින් යුක්ත වෙයි. පසුනොබසී. මැරී වැටෙන තුරු සටන් කරයි. දියුණුව සඳහා මිල මුදල් වස්තුව රැස්කිරීමේ ආශාවෙන් පෙළෙන්නෙකි. කටයුතු පාලනය කිරීමේ මනා දක්ෂයෙකි. දරුණු අනතුරුවලට මුහුණ පෑමට සිදුවිය හැකිය. බෙල්ලෙන් ඉහළ හිස පෙදෙසෙහි නොමැකෙන තුවාල කැළලක් පවතී. රක්තවාත, හිසේ රෝග සාදයි.   


බුද ග්‍රහයා   


ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ළමයෙකුට සමාන කරන බුද ග්‍රහයා ලග්නගත වීමෙන් ඉගෙනීමට දක්ෂ අයෙකු බිහි කෙරේ. විහිලු තහලු කිරීමට විනෝදයට ඉතා කැමැති අයෙකි. උසස් බුද්ධිමතෙකි. සිහින් උස්වූ පියකරු අලංකාර රූසපුවකි. අක්ෂි වෛද්‍ය විද්‍යාවට ඇලුම් කරයි. ලියුම් කියුම් ආදී ශාස්ත්‍රීය කටයුතු වලින් ඵල ප්‍රයෝජන ලබයි. නොයෙක් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමෙහි දක්ෂයෙකි. ශාන්තව ව්‍යාපාරයන්හි යෙදේ. වැඩි කරදර නැතිව, අඩුපාඩුවක් නැතිව එක්තරා තත්ත්වයකින් ජීවිතය ගෙන යයි. යහපත් වූ වචන මෙන්ම බොහෝ වූ වචන වෙයි. බුද ග්‍රහයා ලග්නයට දිග්බල වෙයි. ඒ නිසා බොහෝ බලවත් ග්‍රහ පිහිටීමකි.   


ගුරු හෙවත් බ්‍රහස්පති   


සියලුම ග්‍රහයින්ගේ ගුරුවරයකු ලෙස ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වන සුරගුරු හෙවත් බ්‍රහස්පති උපතේදී ලග්නයේ සිටීමෙන් ජන්මියාට සෙසු ග්‍රහයින්ගෙන් පැමිණෙන අනිටු විපාක භංග කරයි. උසැති නිරෝගී මනා සිරුරකින් යුක්ත වේ. යහපත් පෙනීමක් ඇත්තෙකි. පණ්ඩිත බවින් අගතැන් පත්වේ. පරලොව ගැන සිතන්නෙකි. සියලු කාර්යයන්හි වැඩි දියුණුව ගෙනදේ. ධනය, ඥානය, ගෞරවය, කීර්තිය ලබාදෙයි. දීර්ඝායුෂ ලබාදෙයි. සියලු අකල් විපත් වලින් මුදයි. බ්‍රහස්පති ලග්නයේ බලවත්වේ.   


ශුක්‍ර හෙවත් සිකුරු   


ග්‍රහ ලෝකයේ රූ රැජිණ ලෙස සැලකෙන කිවි හෙවත් සිකුරු ලග්නගතවීමෙන් පියකරු පුද්ගලයකු බිහි කරයි. මධ්‍යම ප්‍රමාණයේ යහපත්වූ සිරුරක් හිමිවෙයි. දැකීමට ප්‍රිය මුහුණකි. ප්‍රීතියෙන් වාසය කරයි. සත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත දනට පිනට දීමෙහි කැමැති අයෙකි. යහතින් කාලය ගතවේ. තද ධනහානියක් හෝ ආහාර ද්‍රව්‍ය හිඟයක් හෝ නොවේ. දරුණු වේදනා සහිත තුවාල ආදිය ඇති නොවේ. දරුණු විපත් සිදු නොවනු ඇත. කාන්තාවන්ගේ කේන්දරයක සිකුරු ලග්නගතවීම නිවසට ශ්‍රියා කාන්තාව හා සමාන බව ජ්‍යෙතිෂයේ සඳහන් වෙයි. 

 
ශනි හෙවත් සෙනසුරු   


ශනි හෙවත් සෙනසුරු ග්‍රහ ලොව මහල්ලා ලෙස සැලකෙයි. ලග්නගත සෙනසුරු කෙට්ටු සිරුරක් හිමි අයෙකු බිහි කරයි. ඔහුට බර වැඩවල යෙදීමට සිදුවෙයි. නිතර රෝගී වන අයෙකි. ඇවිදිලි අධිකය. ඇස් පෙනීම දුර්වල පුද්ගලයෙකි. අධික තණ්හාව ඇති අන්‍යයන්ගේ සැප නොඉවසන ඊර්ෂ්‍යාකාරයෙක් වෙයි. තමා කරන කටයුතු වලින් දුක් කරදර විඳී. මානසික වේදනා ගෙනදේ. නිතර පිපාසයෙන් පෙළේ. රෝග සහිත මහත් වූ දත් පිහිටියේය. නියම වයසට පෙර දත් වැටේ. තනිව හුදකලාව වාසය කිරීමට ප්‍රිය කරයි. බොහෝ කාලයක් පවතින රෝග තත්ත්වයකින් පීඩාවට පත්වෙයි.   


රාහු   


ග්‍රහ තරුවක් නොවන රාහු ලග්න ගතව උපත ලබන අය බොහෝ ප්‍රසිද්ධියට පත්වෙයි. කාර්යශූර කඩිසර පුද්ගලයෝ වෙති. නිතර ගමන් බිමන් යෙදේ. ගම රට හැර විදේශ සංචාරයන්හි යෙදීමටද අවස්ථාව සැලසේ ඇවිදීමෙහි දක්ෂයෙකි. දියුණුව ලැබුවත් එය බො​ෙහා්විට ස්ථිර නැත. අන්‍යයන්ගේ බලය කරනකොටගෙන ස්වකීය වචනය ක්‍රියාවේ යෙදවීමෙහි සමතෙකි. අනුන්ගේ ධනය හා ශක්තිය නිසා ජීවත්වෙයි. බොහෝ කාන්තාවන් ඇසුරු කරන කාමාධික පුද්ගලයෙකු ලග්නගතවූ රාහු බිහිකරයි.   


කෙහෙතු   


කේතුද ග්‍රහ තරුවක් නොවේ. ලග්නගත වූ කෙ​ෙහතු ජන්මියාට බොහෝ විට දියුණුවීමට අවස්ථාවක් ලබානොදී හකුළා තබයි. කුඩා කාලයේදී ඉගෙනීමට අතිදක්ෂයෙකි. ඥානාධික වෙයි. රජයේ තනතුරු බාරගැනීමට කැමැති නොවේ. පාලකයින්ටද පක්ෂපාත නැත. රැකී රක්ෂා නැතිකරගෙන පාඩු සිදුකර ගනියි. නෑදෑ සහෝදරයින් සමග නිතර කලහ ඇති කර ගනී. සිහිය විකල් වීමටද ඉඩ ඇත. ශරීරයේ වාතාබාධ රෝග වලින් පීඩාවට පත්වෙයි. සිය භාර්යාව කෙරෙහි නපුරු සිතුවිලි පවතී. විවාහ සහකරුට විපත් ගෙනදිය හැක.   


යමකුගේ ලග්නයේ (මුල් කොටුවේ) ඒ ඒ ග්‍රහයන් උපතේදී පිහිටා සිටීමේදී කේන්දරය හිමියාට ලැබෙන පලාපල පොදු වශයෙන් එසේ දැක්විය හැකිය. ලග්නය කුමක්ද එහි සිටින ග්‍රහයාගේ තත්ත්වය කුමක්ද? ඔහුට ලැබෙන ග්‍රහ දෘෂ්ටි මොනවාද? ඔහු සමග සංයෝග වන සෙසු ග්‍රහයන් කවරේද? යන්න සලකා බැලීමෙන් පසු මෙම පොදු පලාපලවල වෙනස්කම් සුළු වශයෙන් ඇතිවිය හැකිය. 

 

 

 

 

 
සටහන - ගම්පහ
අබේසේන හේරත්  

 



අදහස් (0)

ලග්නයෙන් කියැවෙන වාසනාව සහ අවාසනාව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site