IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රිය අනතුරකින් මළ සැමියා බිරියගේ කුසෙහි යළි උපදී

පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පාසල් වියේ සිට මිතුරන් බවට පත්වී සිටි ජැකෝ සහ අයිරින් පදිංචිව සිටි නිවෙස් පිහිටා තිබුණේ තරමක් දුරිනි. ජැකෝ යනුවෙන් තරුණයාව හැඳින්වූයේ ආදර කෙටි නමක් ලෙසිනි. ආර්ථික දුෂ්කරතා තිබූ පවුලේ කරදර නිසා ජැකෝට වැඩිදුර අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. තරුණ වියට එළඹීමත් සමග ඔහු කෙටි කලක් හමුදා සේවයට එක්වී සිටියේය. මේ නිසා ඔහුට පිට ප්‍රදේශවලට යෑමටද සිදුවිය. අනතුරුව ඔහු පිරවුම්හලක සේවයට ගියේය. මේ නිසා ඔහුට ගම් ප්‍රදේශයට නිතර යෑමටද නොහැකි වී තිබිණි. වසර ගණනක් ගතවිය.   
තම ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමෙන් පසු ඔහු විවාහයක් ගැන සිත යොමු කරන්නට විය. පාසල් අවදියේ සිට දැන හැඳිනගෙන සිටි අයිරින් පිළිබඳව ඔහුට සිතුණි. ඇය ගැන සිතමින් සිටින අතර ජැකෝට දිනක් අයිරින් හමුවීමට අවස්ථාව ලැබිණි. දෙදෙනා අතර ඇතිවූ කතාබහේදී ඇය විවාහ වී ඇති බවත් ඒ වන විට දරුවන් සිටින මවක් බවත් අනාවරණය විය. ඇය පිළිබඳ සිතා සිටි ජැකෝගේ සිතුම් බිඳ වැටීම නිසා ඔහු දැඩි සිත් වේදනාවෙන් පසුවිය. ඔහු මත්පැනටද හුරු වී සිටියේය.   


අයිරින් සහ ජැකෝගේ හමුවීමෙන් පසු ඔවුනොවුන් ආදරවන්තයින් බවට පත් විය. එහෙත් ඇගේ විවාහය නිසා ජැකෝ කනස්සල්ලෙන් පසුවිය. මේ අතර අයිරින්ට ජැකෝ අමතක කර දැමීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඇය සිය විවාහ සැමියාගෙන් වෙන්වීමය. සැමියා අතහැරදැමූ අයිරින් ජැකෝ සමග ජීවත්වීමට පැමිණියාය. ඔහු මත්පැනට හුරුව සිටීම නතර කරවීමටද ඇය උත්සහා ගත්තාය.   
ඔවුන් දෙදෙනා එකට ජීවත්වීම ආරම්භ වීමෙන් පසු ජැකෝගෙන් දරුවෙකු ලබාගැනීමට අයිරින් මහත් ආශාවෙන් සිටියාය. එහෙත් ඒ වනවිට ඇගේ වයස් ප්‍රමාණයද තරුණ්‍යයෙන් ඉවත්ව තිබීම නිසා දරුවෙකු ලැබේදැයි ඇය සැකයෙන් සිටියාය.   


ගතවූයේ සුළු කාලයකි. ඇය බලාපොරොත්තු නොවූ ඉරණමකට මුහුණ පෑවායා. එනම් ජැකෝ හදිසි රිය අනතුරකින් මෙලොවින් සමු ගැනීමය. ඒ 1973 වසරේදීය. ජැකෝ ගමන් ගත් බස්රියට යටවී ඔහු මරුමුවට පත්විය. බසයේ ඉදිරි රෝදය ඔහුගේ සිරුර මතින් ධාවනය විය. එය සිදුවූයේ ඔහු බසයෙන් බැසීමෙන් පසු රියැදුරා රථය ඉදිරියට ධාවනය කිරීම නිසාය. ජැකෝ පුනර්භවය විශ්වාස කළ පුද්ගලයෙක් විය. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු මහත් දුකෙන් සිටි අයිරින් වසරක පමණ කාලයක් තනිවී සිටියාය. එහෙත් ඇගේ තනිකම තවදුරටත් තබා ගැනීමට ඇයට නොහැකි විය. දෙවසරකට පසු ඇය නැවත විවාහයක් සිදුකර ගත්තාය. ඒ 1975 වසරේදීය. එහෙත් ඇය ජැකෝගේ සොහොන වෙත වරින් වර යෑමටද පුරුදුව සිටියාය. දිනක් ඇයට එහිදී මියගිය ජැකෝගේ කටහඬ ඇසුණි. ඒ වන විට අයිරින් දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක්​ නොවූවාය.   
දින කීපයක් ගතවිය. ඇය දරු පිළිසිඳ ගැනීමකට ලක් වී සිටියාය. මාස නමයක් සම්පූර්ණ වීමත් සමඟ ඇය දරුවෙකු ප්‍රසූත කළාය. එම දරුවා ගැහැනු දරුවෙකු වූවාය. එම දැරියට තාරු යනුවෙන් ඇය නම් තැබුවාය. වසරක් වයස වීමත් සමග එම දැරිය බහ තෝරන්නට වූවාය. තවත් මාස හයක් පමණ ගතවිය. වයස අවුරුදු එකහමාරක් විය. එම දැරියට ඉතා හොඳින් කතාකිරීමේ හැකියාව ලැබිණි.   


මාව බස් එකට යටවුණා යැයි ඇගේ පෙර භවය පිළිබඳ ප්‍රථම වදන විය.   
දියණියගේ මෙම වදනින් මවිතයට පත්ව සිටි මව දියණියගේ ප්‍රකාශය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළාය. මේ අතර දිනක් මව සිය දියණියට ඇගේ නම කියා ඇමතුවාය. එක් වරම පිළිතුරු දුන් දැරිය මගේ නම ඒක නෙවෙයි. මගේ නම ජැකෝ යයි කීවාය. මවට දෙනෙත් අදහාගත නොහැකි විය. ඇය ප්‍රකාශ කළේ මියගිය තම සැමියාගේ ආදර කෙටි නම විය.   


තවත් වසරක් ගතවිය දිනක් මව සමග සිටි දැරිය ඔයා මගේ අම්මා නෙවෙයි. ඔයා දන්නේ නැද්ද මම එතකොට ලොකු මිනිහෙක්. මාව කාරයට යටවී මැරුණා යැයිද කීවාය. දියණියගේ ප්‍රකාශය පැහැදිලි කරගන්නා අදහසින් දියණියට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. ඔයා එතකොට ගෑනුද පිරිමිද? මම පිරිමි ළමයෙක්. පිරිමි ළමයෙක් යයි හඬ නඟා කීවාය.   
ඇයව කාරයකට යටවූ බැව් ප්‍රකාශ කිරීම නිසා ඒ පිළිබඳ විමසීමට මව නැවතත් ඇයට ප්‍රශ්නයක් මතු කළාය.   


ඔයාව යටවුණේ ලොකු කාර් එකකටද පොඩි කාර් එකකටද?   
ඒක ලොකු එකක්. දැරියගේ ක්ෂණික පිළිතුර විය.   
ඉස්සෙල්ලා යටවුණේ බඩ. ඊට පස්සේ ඔලුව යයිද ඇය කීවාය.   


තවත් දිනක් මව ඇමතූ දැරිය මැරෙන්න බය වෙන්න එපා මම කීප විටක්ම මැරුණා. මට තවත් අම්මෙක් ඉන්නවා. යයිද කීවාය. එදා මාව යටවුන වෙලාවේ හොස්පිටල් එකට අරන් ගියා. ඒත් ඒ වෙනකොට මම මැරිලා යයිද දියණිය ප්‍රකාශ කළ බැව් මෙම පුනර්භවය පිළිබඳ සිදුකළ පර්​ෙ‌ය්ෂණයේදී මව ප්‍රකාශ කරනු ලැබීය.   
මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ මෙම දැරිය පිළිබඳ පර්​ෙ‌ය්ෂණයේදී එම දැරියගේ හැසිරීම් රටාව පිළිබඳව විමර්ශනයක් සිදුකරනු ලැබීය. එහිදී දැරිය ඉතා කුඩා කළ සිට හමුදා භටයන් සිටින ක්‍රීඩා භාණ්ඩවලට දැඩි ලැදියාවක් දක්වන බැව් නිරීක්ෂණය වී ඇත. ඒ සමගම ඇය බස් රථවලට අතිශය බියක් දක්වා ඇත. කුමන අන්දමේ විශාල රථ වාහන වලටද ඇය අතිශය බියක් දක්වා ඇත්තේ වයස අවුරුදු දෙකේ පමණ සිටය.   


වයස අවුරුදු තුනේදී පමණ දිනක් ඇය මව සමග මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියාය. බස් රථයක් දුටු විගස ඇය මාව ඔසවා ගන්න ඔසවා ගන්න යයි හඬන්නට වූවාය. බස් රථය ඔවුන් පසුකර යනතුරුම ඇගේ එම බියපත්වීම දක්නට ලැබිණි. එහෙත් කුඩා කාර් රථ වලට එම බියපත්වීම කිසි විටෙකත් සිදු නොවිණි.   
දැරියක වුවත් ඇය හැමවිටම පිරිමි ඇඳුම් ඉල්ලා සිටීමත් විශේෂ සිදුවීමක් ලෙස මෙම පර්​ෙ‌ය්ෂණයේදී හඳුන්වා දී තිබේ. මෙම දැරියගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ තවත් ඉතා වැදගත් සිදුවීම් ලෙස අනාවරණය වන්නේ ඇය වයස අවුරුදු එකේදී පෙරභවය පිළිබඳ අනාවරණය කිරීමය. බස් රථයට යටවූ අන්දම ඇයට ඉතා හොඳ මතකයක් තිබී ඇති බැව් එමගින් දක්නට ලැබේ. ප්‍රථම වරට පෙර භව මරණය සිදුවූ අයුරු ඇය විසින් හෙළි කළ අන්දම මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ.   
Her first statement probably occurred soon after she began to speak when she was about 1 year old she said that she had been run over by a bus when she was about one and half years old she rejected the Name යනුවෙන් ඇගේ නම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙම පුනර්භව සිදුවීමේ අතිශය වැදගත් සාක්කියක බවට පත්වී තිබේ.   
මෙම දැරියගේ පුනර්භව සාධකයේ තවත් විශේෂත්වයක් වන්නේ එය (Sex change cases) යනුවෙන් හැඳින්වෙන ගැහැනු පිරිමි වෙනස්ව උපත ලැබුණු පුනර්භවයක් ලෙස පිළිගැනීමටය. ඒ සමගම මියගිය සැමියා බිරියගේ කුස තුළින් උපත ලැබීමද අතිශය වැදගත් සිදුවීමක් ලෙස පිළිගැනේ. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තා ඇතුළත් (Investigate cases from the second half of the 20th century) යටතේ ද මෙම සිදුවීම වාර්තාකර ඇත්තේ.   


The subject of this case remembered the life of her mothers second husband the case therefore has the feature of a difference in sex between the subject and the previous personality යනුවෙනි.   


මියගිය සැමියා ඔහුගේ බිරියගේ කුසයෙන් යළි උපත ලැබීමේ මෙම පුනර්භව සාධකය පිළිබඳව පර්​ෙ‌ය්ෂණය සිදුකරනු ලැබුවේ 1979 වසරේදී පින්ලන්තයේදීය.   
මේ හා සමානම තවත් පුනර්භව පර්​ෙ‌ය්ෂණයක් 1972 වසරේදී බුරුමයේදී සිදු කෙරිණි. වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පුනර්භව පර්​ෙ‌ය්ෂණ අංශය මගින් සිදුකළ එම පර්​ෙ‌ය්ෂණයේ පෙර භවය හෙළි කළ දරුවා උපත ලබා තිබුනේ සැමියාගේ දෙවැනි විවාහයේ බිරියගේ කුස තුළිනි.   


1959 වසරේදී රෝගී බවට පත්වූ කාන්තාවක් වයස අවුරුදු හතළිස් තුනේදී මරණයට පත්වූවාය. විවාහක කතක් වූ ඇය මරණයට පත්වන තුරුත් දරු සම්පතක් අහිමිව සිටියාය. ඇය මිය යෑමෙන් පසු ඇගේ සැමියා මියගිය බිරියගේ සොහොයුරියක සමග යළි විවාහ වූයේය. එම විවාහයෙන් හරියටම වසරකට පසු එම කාන්තාව දරු ප්‍රසූතියක් සිදු කළාය. ඇගේ දරුවා බහතෝරන වියට පත්ව ඇය ප්‍රකාශ කළේ ඔවුන් ජීවත් වූ නිවසේ ඇය නැවතත් ජීවත්වන බවය.   
මෙම දැරිය මගින් ඇගේ පෙරභවය පිළිබඳ වැඩි තොරතුරක් අනාවරණය නොවිණි. එහෙත් ඇගේ පෙරභව ඥාතීන් කීප දෙනෙක්ම ඇය විසින් නිවැරදිව හඳුනාගනු ලැබුවාය. තම දියණියගේ පෙරභවය පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට සිතූ පියා මියගිය බිරියගේ රන් ආභරණ ඇතූළු ඇයට අයත්ව තිබූ ඇඳුම් කීපයක්ද දැරිය වෙත ඉදිරිපත් කළේය. එම භාණ්ඩ අතරින් කීපයක්ම දැරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබුවාය.   


බුරුමයේ පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ සුවින් මන්ග් විසින්ද මෙම දැරිය පිළිබඳ පර්​ෙ‌ය්ෂණයක නිරතවීමෙන් පසු පර්​ෙ‌ය්ෂණ වාර්තාවක් සකස් කළේය.   
මෙම පුනර්භව සාධක දෙකේදීම මියගිය පුද්ගලයන්ට මව විසින් සිහිනෙන් දැක තිබීමද විශේෂ සිදුවීම් ලෙස සලකනු ලැ​බේ. පුනර්භව පර්​ෙ‌ය්ෂණ වලදී (Announcing Dreams) දැනුම්දෙන සිහන යටතේ මෙම සිදුවීම් වාර්තාවලට ඇතුළත් වී ඇත.   

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

රිය අනතුරකින් මළ සැමියා බිරියගේ කුසෙහි යළි උපදී

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site