IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රමණිට වෙච්චි දේ මම කවදහරි චිත්‍රපටියකින් රටටම කියනවා

ඔහු බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවූ සිනමාවේ සිහින කුමරාය. එදා ගැහැනු ළමයින් ඔහුට ආකර්ෂණය වූයේ ප්‍රේමයටත් වඩා ඔහුගේ පහස විඳගැනීමටය. පාසල් කාලයේ සිටම අනංගයෙක් බවට පත්වූ මේ සිහින කුමරා නමින් කමල් අද්දරආරච්චිය. ප්‍රේමය, ආදරය නිසාම බොහෝ ගල්, මුල් ඔහුට එල්ල වූ වාර අපමණය. ඒත් ඒ සියල්ල විඳගෙන ඔහු ජීවිතයට මුහුණ දුන්නේ ආදරයේ ඇති උත්තරීතර බව පසක් කර දෙමිනි. අද ඔහු හොඳ විවාහ දිවියක් ගෙවන අතර, පුතකුගේ ආදර සෙනෙහස ද ලබමින් සිටී. අප ඔහු සමග “ආදරය, ප්‍රේමය හා විවාහය” යන මාතෘකාව ගැන කතා කරන්න අදහස් කළේ, අනංගයෙක් ලෙස එදා සිටි තත්ත්වයේම අදටත් සිටින නිසාවෙනි. අදටත් ඔහුට ගැහැනු පාර්ශ්වයෙන් ඇති ආකර්ෂණයේ අඩුවක් නැත. ඉන්දියාවේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලකට සහභාගි වී සිටින කමල්, ඒ රටේ සිටම “ඉරිදා ලංකාදීප” සමග කතාබහ කිරීමට තරම් නිහතමානී විය. මේ ඔහු තමන්ගේ ප්‍රේම සබඳතා, නිළියන් සමග දැක්වූ සබඳතා හෙළි කළ ආකාරයයි.   

 

 

කමල් ඔයාට මුලින්ම ආදරයක් ඇතිවුණේ කොයි කාලයේ ද?   
ඒක මොන්ටිසෝරි කාලයේ ඉඳලා ඇතිවූ දෙයක්. අපට ඉගැන්වූ ඒ මොන්ටිසෝරි ටීචර්ට මම හරිම ආදරෙයි. ඇය ළඟට කිට්ටුවෙලා, ඇඟේ දැවටෙන්න පුදුම කැමැත්තක් තිබුණේ. ඒක කාලයත් එක්ක පාසල් ගියාට පස්සේ වෙනස් වුණා. පාසල් කාලයේදී තමයි මුලින්ම ගැහැනු ළමයෙක්ට ආදරය කරන්න පටන් ගත්තේ. ඒ කාලයේ මම අනංගයෙක් වගේ තමයි හිටියේ.   


මොකද මම පාසලේදී දක්ෂ, කඩිසර යෞවනයෙක්. පාසලේ වේදිකාවේ ගීත ගයනවා. රඟපානවා. සංගීත කණ්ඩායමක් හදාගෙන ගීත ගැයුවා. විවාද කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළා. ශිෂ්‍ය නායකයෙක් වුණා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා නිතරම පාසලේදී මම කැපී පෙනුණා. මේ කැපී පෙනීම ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුණා. ඒ හින්දා ප්‍රේම සබඳතා හරියට තිබුණා. ඒවා කාලයත් එක්ක නැතිවෙලා ගියා.   


ඒ කාලයේදී පාරේදී යාළුවෙන්න අහපු හැටි, දෙන්නත් එක්ක හොරෙන් චිත්‍රපට බලන්න ගිය හැටි අනන්තවත් තිබුණා. මොකද ඒවා දුරදිග ගෙනිච්චේ නෑ. ආදරය කරන කෙනාට වඩා තවත් ලස්සන කෙනෙක් දැක්කාම එයා එක්ක යාළුවෙන්න උත්සාහ කළා. මේ වගේ ගොඩක් ප්‍රේම සබඳතා මට තිබුණා. මටත් කෙල්ලෝ බූට් තිබ්බා. මාත් ඒ වගේම කෙල්ලන්ට බූට් තිබ්බා.   

 


ඔය අතරේ විශේෂයෙන් කැපී පෙනුණු චරිතයක් එහෙම හිටිය ද?   
ඔව්. පාසල් කාලයේ එහෙම එක්කෙනෙක්ට මගේ ලොකු ආදරයක් තිබුණා. මම එයාට බූට් තිබ්බේ නෑ. ඇයට ලංකාවේ ඉන්න කැමැත්තක් තිබුණේ නෑ. ඇයට ඕනෑවෙලා තිබුණේ පිටරට යන්න. ඒ අවස්ථාවේ ඇය තවත් කෙනෙක් එක්ක සබඳතාවක් පටන් ගත්තා. මේ හින්දා ඒ ආදරය එතනින්ම නැතිවෙලා ගියා. ඊට පස්සේ ඉතිං ගැහැනු ළමයින් මට ගොඩක් ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. මාත් එයින් සමහරුන්ට ආකර්ෂණය වුණා. ඒක ඉතිං මනුෂ්‍ය ස්වභාවය නේද?   

 


එතකොට රංගන ශිල්පියෙක් වූ පසු නිළියන් ඔයාගේ ආදරය ඉල්ලගෙන එන්න ඇති නේද? ඔයාත් නිළියන්ට ආදරය කළා ද?   
රංගන ශිල්පියෙක් වුණාම චරිතත් එක්ක අපේ ආකර්ෂණය ඇතිවෙනවා. “ඉර පායා” ටෙලි නාට්‍යය කරද්දී සමිතා එරන්දතී එක්ක හොඳ හැඟීමක් ඇතිවුණා. මාත් ඇයට සමීප වුණා. එයාටත් එවැනි හැඟීමක් ඇති වෙන්න ඇති.   


ඒත් අපි සීමාවක් තියාගෙන ප්‍රේම කළේ. ඒක හරියට දුර ඉඳන් කරන ආදරයක් වගේ.   


සංගීතා වීරරත්නටත් ඒ ආකර්ෂණය මා තුළ තිබුණා. අපි දෙදෙනාටම ඒ ප්‍රේමණීය ආකර්ෂණය තිබුණා. නමුත් අපි ඒවා දුරදිග ගෙනගියේ නැහැ. හැඟීම්, දැනීම් තිබුණු පලියට අපි ලිංගික ආසාවන් ඉෂ්ට කරගන්න ගියේ නෑ. නළු නිළියන් විදිහට අපි බුද්ධිමත්ව කටයුතු කළා. කාටවත් කියන්න බැහැ අපි රූගත කරන අවස්ථාවලදී, පසුතලවලදී අනවශ්‍ය විදිහට හැසිරුණා කියලා. හිතින් අපි ලව් කළා. කතා කරනකොට ඒ ආදරය පිරී ඉතිරී ගියා.   


අදටත් අපේ බැඳීම තිබෙනවා. ඒ බැඳීම නිසා තමයි අපි අතර හොඳ සුහදතාවක් අදටත් තිබෙන්නේ. ඒක බොහොම සුන්දර මානුෂීය දෙයක්. ශාරීරික වින්දනයක් නොවෙයි. ඒ වගේ දෙයක් ලබන්නවත් නොවෙයි.   

 


දිල්හානිට ඔයා ආදරය කළා කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව?   
ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ දිල්හානිට ම​ෙග් පුදුම ආකර්ෂණයක් තිබුණේ. ඇයව යාළු කරගන්නත් මට ලොකු ආසාවක් තිබුණා. මොකද ඒක පුදුම බැඳීමක් හින්දා. හැබැයි ඒ හැඟීම් හැංගි හොරා අපි කළේ නෑ. ප්‍රියංකරත් මගේ හොඳ යාළුවෙක්. අපි බුද්ධිමත්ව තමයි ඒ සබඳතාවය ගෙන ගියේ. අදටත් අපි හම්බවුණාම ඒ ලෙන්ගතුකම තිබෙනවා. හිතවත්කම තිබෙනවා. එහෙම ඉන්නකොට එයාත් කැමතියි. මාත් කැමතියි. විවෘතව අපි ඇසුරු කළේ. හිත අයාලේ යන්න දුන්නේ නෑ. ඒක නළුවෙක්ට තිබිය යුතු වැදගත් ලක්ෂණයක්.  

 

 
ඔබ අනංගයා වගේ හිටිය හින්දා, යාළුවන්ගෙන් යෝජනා පවා ආවා නේද කෙල්ලෝ සෙට් කරලා දෙන්න?   

අපොයි ඔව්. ඒ කාලයේ මට තිබුණු ආකර්ෂණය හින්දා ගොඩක් මගේ යාළු​ෙවා් “අර කෙල්ල මට සෙට් කරලා දීපං” කියලා යෝජනා ඉදිරිපත් කළා. මොකද ඔවුන් දන්නවා, ඒ කෙල්ලෝ මට සෙට් වෙන බව. ඒ මාර්ගයෙන් ඔවුන් යාළුවෙන්නයි බැලුවේ. බලන​ෙකට අහිංසක යෝජනා නේද?   

 


රමණි බර්තෝලමියුස් චරිතය ඔබේ ජීවිතයට ඉතාම වැදගත් එකක්. කොහොමද රමණිට ආදරයක් ඇති වුණේ?   
රමණි එක්ක ඇතිවූ ආදරය විශේෂයි. ඒ කාලයේ රඟපාන්න සෙට් එකට රමණි එන්න ඉස්සෙල්ලා, එතන ටීවී එකේ අය මම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටියා. ඇත්තෙන්ම රමණි දැක්කාම මට ලොකු තිගැස්මක් ඇතිවුණා. ඒ වගේම ලොකු ආකර්ෂණයක් ඇතිවුණා. රමණිට මම ගොඩක් කැමති වුණේ ඇයගේ අහිංසක, නිවුණු පෙනුමට. රාගික පෙනුමක් තිබෙන අයට වඩා මගේ හිත ආකර්ෂණය වුණේ අහිංසක, නිවුණු පෙනුමක් ඇති අයටයි. මොකද ඒ දර්ශනය මගේ හිතට ප්‍රිය දසුනක් වෙන හින්දා.  


නිතරම අඟපසඟ පෙන්වන අයට වඩා මගේ ආකර්ෂණය තිබුණේ එවැනි අයටයි. රාගික අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි. මට අවශ්‍ය ආදරය ඒ තුළ තිබුණේ නෑ. රමණි දුටුවිට ඇතිවූ තිගැස්ම පස්සේ ආදරයක් බවට පත්වුණා. මම රූගත කරන කාලේදී තමයි ඇයට ආදරය ප්‍රකාශ කළේ. ඒක ආත්මීය බැඳීමක් කියලයි මට සිතුණේ.  

 


නමුත් ඇයගේ අවාසනාවන්ත මරණයෙන් පස්සේ ඔබ බොහෝ චෝදනාවලට ලක්වුණා නේද? ඒ විරහව ඔබට දැනුණේ කොහොමද?  
මම ඇයට අසීමිතව ආදරය කළ හින්දා, විරහව තදින්ම දැනුණා. ඇයත් මට අසීමිතව ආදරය කළා. එයා ගත්ත ඉතාමත් ක්ෂණික, අනුවණ ක්‍රියාවක් නිසා සියල්ල සිදුවුණා. ඇය මට දැක්වූ අසීමිත ආදරය හරහා සිද්ධ වූ දෙයක් විදිහටයි මා එය දකින්නේ. මට ඒක වළක්වන්න ඒ මොහොතේදී බැරිවුණා. අවසරයක්වත් මට තිබුණේ නෑ. මම දුක්වෙනවා ඒ මොහොත ගැන. හරිම අවාසනාවන්ත මරණයක් ඇයට උදාවුණේ. ඒ මරණයේ චූදිතය බවට පත්වෙන්නත් මට සිද්ධ වුණා. බොහෝ දෙනා මට චෝදනා එල්ල කළා. මම ගොඩක් මානසිකව වැටිලයි ඒ මොහොතේ හිටියේ. මමයි රමණියි දන්න දේවල් කවුරුත් දන්නේ නෑ. මම ඒවා එළිපිට කියලත් නෑ.   
මම ආදරය කළ කෙනෙක්ට අගතියක් වෙන්න මා දෙන්නෙත් නෑ. කවදා හරි මම චිත්‍රපටියකින් මේ සිදුවීම පෙන්වනවා. මිනිස්සු කවදා හරි මෙහි ඇත්ත දැනගත යුතුයි. හැබැයි එය අධ්‍යක්ෂණය කරන්න වෙන්නේ මටම තමයි.  

 


එයින් පස්සේ ඔබගේ ආදර හිස්තැන පුරවන්න හරියට කට්ටිය එන්න ඇති නේද?  
අපොයි ඔව්. ඒත් මට කිසිම ආදරයක් ඉන් පස්සේ ඇතිවුණේ නෑ. හැමෝම වගේ බැලුවේ වෙනත් ආස්වාදයක් පමණයි. එහිදී මා අතිනුත් එවැනි දේවල් සිද්ධ වෙන්න ඇති. මොකද අපි පෘථග්ජන අයනේ. දෙන්නගේම කැමැත්ත මතයි ඒ දේවල් සිද්ධ වුණේ. හැබැයි මම පිරිමි ගණිකාවක් නොවෙයි. මම ඒ තත්ත්වයට පත්වෙලත් නෑ. පත්වෙන්නෙත් නෑ.  

 


දැන් ඔබගේ බිරිඳ අනුරානිට කොහොමද ආදරයක් ඇතිවුණේ? ඇය බිරිඳ කරගන්න ඔබ සිතුවේ ඇයි?  
අනුරානි මට හමුවුණේ මීට අවුරුදු 12කට කලින්. ඇය මුලින් දුටුවාම මට එදා රමණීට ව​ෙග් හැඟීමක් තමයි අනුරානි දැක්කාම ඇතිවුණේ. ඇයගේ මුහුණ දැක්කාම, එයාව කසාද බඳින්න ඕනෑ කියන අදහස මට ඇතිවුණා. හැබැයි ඒ කාලයේ විවාහ වෙන මානසිකත්වයක නොවෙයි මම හිටියේ. අපි දෙන්නට අපල කාලයක් තිබුණා. හැබැයි අපි දෙන්නා පෙම්වතුන් විදිහට ආශ්‍රය කළා.  
ඒ අපල කාලය ගෙවනතුරු අනුරානිත් කැමති වුණේ නෑ විවාහ වෙන්න. පස්සේ තමයි අපි දෙන්නා විවාහ වුණේ. අද අපිට පුතෙක් ඉන්නවා. පුදුම සතුටකින් විවාහ දිවිය ගෙනියන්නේ.  

 


ඔබ පැතූ ආදරය අනුරානි කෙරෙන් දකින්න දැන් ලැබෙනවා ද?  
ඇත්තෙන්ම ඔව්. අනුරානි ඉතාම සුදුසුම භාර්යාව කියලයි මට හිතෙන්නේ. ඇය ඉතා හොඳ යහපත් බිරිඳක්. බොහෝ දෙනා තුළ නැති ගුණ යහපත්කම ඇය ළඟ තිබෙනවා. ඇය දුප්පත්, ​පොහොසත් භේදයක් නැතිව මනුස්සයන්ට ආදරය කරනවා. සමහර වෙලාවට මගේ අත දිග හැරෙන්නේ නැති වෙලාවට එයා ඒ කටයුතු කරනවා. එහෙම වෙලාවට මට හිතෙනවා, ඇයි මගේ අත දිගුකරන්න බැරිවුණේ කියලා. ඇය ඉතාම ආදර්ශවත් බිරිඳක්. මගේ මවුපියන්ට වගේම එයාගේ මවුපියන්ටත් සලකන විදිහ දැක්කාම මට පුදුමත් හිතෙනවා. මම හිතන්නේ ආත්මය ආත්මය මා පතාගෙන ආ බිරිඳක් වෙන්නැති අනුරාගිනී කියන්නේ.  

 


අද ඔබ ප්‍රේමය, ආදරය දකින්නේ කොයි ආකාරයට ද?  
ආදරය කියන එකේ තිබෙන්නේ වචන හරඹයක් තමයි. හැඟීම් එක්ක කතා කරනකොට පුද්ගලයන් දෙන්නෙක් අතරේ ඉතාමත් හොඳ බැඳීමක් තමයි ආදරය, ප්‍රේමය තුළ තිබෙන්නේ. අද එය කාම රාගය එක්ක බැඳුණු දෙයක් බවට පත්කරගෙන ඉන්නේ. ආදරය තුළදී බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. අද මම මුහුකුරා ගිය කෙනෙක් විදිහට ආදරය දකින විදිහ වෙනස්. මේ සිතුවිලි එදා මට තිබුණ නම් අනවශ්‍ය දේවල් එක්ක පැටලෙන එකක් නෑ.  


අද ප්‍රේමය, ආදරය සොයාගෙන යන අය සත්ත්වයින් ගණනට වැටිලා ඉන්නේ. අදහස් ප්‍රකාශ කරන්නේ බොහොම රළු විදිහට. අශීලාචාර විදිහට තමයි වැඩ කරන්නේ. කිසිම විලිබියක් සමාජය ගැන තකන්නේ නෑ. අද ප්‍රේමය, ආදරය ලිංගික ගනුදෙනුවකට හුවමාරු කරගෙන ඉන්නේ. මේක සංස්කෘතියට ඉතා විශාල පහරක් ලෙසයි මා දකින්නේ. සම්මත ප්‍රේමය ඉක්මවා ගොස් සමලිංගික ප්‍රේමය දක්වා අද ඇවිත් තිබෙනවා. අසම්මත ප්‍රේමයක් විවාහකයන් අතරේත්, සමලිංගිකයන් අතරේත් ඇතිවෙන්න පුළුවන්. නමුත් ආදරය ඊට වඩා උතුම් දෙයක් ලෙසයි මා සලකන්නේ. ප්‍රේමය, ආදරය කියන්නේ මුලින් කියූ විදිහට වචන හරඹයක් විතරයි.  


ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය දිනාගත් මේ අනංගයා ප්‍රේමය ගැන දින ගණනක් වුවද කතාකළ හැකි බව පැවසුවේ සිනාසෙනිමි. නමුත් චිත්‍රපට උළෙලක වැඩකටයුතු නිසා ඔහු කාර්යබහුල තත්ත්වයක සිටි නිසා අපට බොහෝ දේ කතා කිරීමට නොහැකි විය. ඒත් ඔහු කියූ සමහර දෙයින් ඔහු කෙතරම් ප්‍රේමයට, ආදරයට, ලිංගිකත්වයට බර පුද්ගලයෙක් දැයි ඔබට වටහාගත හැකිවනු ඇත.

 
සටහන් කළේ  
සමන්ත යහම්පත්  

 
 



අදහස් (0)

රමණිට වෙච්චි දේ මම කවදහරි චිත්‍රපටියකින් රටටම කියනවා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5241 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site