IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යළි ඉපදී නෑයන් සෙවූ සරසවි සිසුවිය

පෙරභවයේ 
ප්‍රබල සාක්කි

 

පෙරභවයේ ප්‍රබල සාක්කි කියවන තවත් පාඨක මාපිය යුවළක් ඔවුන්ගේ දියණියක්ද පෙරභවය හෙළිකළ බැව් ප්‍රකාශ කරති. මෙතෙක් රහසිගතව තබා ගෙන සිටි එම දියණිය හෙළි කළ තොරතුරු විමර්ශනයක් කිරීමට එම මාපියෝ දැන් සුදානමින් සිටිති. එම මාපියන් පවසන පරිදි ඔවුන්​ෙග් දියණියද පෙරභවයේ තොරතුරු පහළ කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු තුනේ පමණ සිටය.   
රජයේ සේවයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කළ එම දැරිය​ෙග් පියා සහ මව පදිංචිව සිටිනුයේ පොලොන්නරුවේය. පෙර භවය හෙළ කළ දැරිය සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වේ. පොළොන්නරුව මහ රෝහ​ෙල් දී ඇය උපත ලබා ඇත්තේ 1989 අප්‍රේල් 29 වැනිදාය. පූර්ණිකා යනුවෙන් නම් ලද එම දැරිය පෙරභවය පිළිබඳව හෙළි කිරීම ආරම්භ වී ඇත්තේ මාපියන් පුදුමයට පත්වූ සිදු වීමක් මගිනි. ඇගේ සොහොයුරියන් සහ සොහොයුරන් විසින් පියාට අමතන ලද්දේ අප්පොච්චි යනුවෙනි.

   
ඔබ පවසන අන්දමට දියණියට වයස අවුරුදු තුනක් පමණ වියේදී දියණිය නිවසේ සිටියදී පියා අසලට යන ලෙස පවසා තිබේ. එක් වරම මව දෙස බැලූ පූර්ණිකා,   


“එයා මගේ තාත්තා නෙමෙයි. මගේ තාත්තා ඉන්නෙ ගම්පොළ” යයි ප්‍රකාශ කළාය. දියණියගේ ප්‍රකාශයෙන් මවිතයට පත්වූ මව, දියණියගේ එම ප්‍රකාශය පිළිබඳව පියාටද හෙළි කළාය. දියණිය කිසියම් පෙරභවයක තොරතුරු හෙළි කිරීමක් සිදු කරන්නේද යන්න මාපියන්ට සැක සිතුණි. එහෙත් ඇය තවදුරටත් හෙළි කරන තොරතුරු කවරේද යන්න මාපියෝ විමසිල්ලෙන් පසු වූහ.   
පවුලේ අනෙක් දරුවන් පියාට අප්පොච්චි යනුවෙන් අමතද්දී පූර්ණිකා පියාට අමතන ලද්දේ තාත්තා යනුවෙනි. ඒ වනවිට තාත්තා යනුවෙන් නිවෙසේදී භාවිත වීමක් සිදුවී නොතිබිණි. නැවතත් දිනෙක මව ඇමතූ පූර්ණිකා,   


“මගේ තාත්තා ඉන්නේ ගම්​ෙපාළ” යයි කීවාය. දියණිය හෙළි කරන තොරතුරු පිළිබඳව තවදුරටත් දැන ගැනීමට මවට අවශ්‍යවිය. ඒ අනුව මව සිය දියණියගෙන් පුංචි විමසීමක් කළාය.   


“ඔයා ගම්පොළ කොහේද?” මව ප්‍රශ්න කළ විට පූර්ණිකා එකවරම එයට පිළිතුරු දෙමින්   


“මැටිපලාවේ” යයි පැවසුවාය. ඉන් නොනැවතුණ ඇය “මහපලාව කියලත් කියනවා. ඒ අම්මා ඔයා වගේ නෙවෙයි. ඒ අම්මා ලස්සනයි. එ් අම්මට රසට උයන්න පුළුවන්. එහෙදි බත් උයන්නෙ ගෑස් ළිපේ” යයි ද කීවාය. ඒ වනවිට පූර්ණිකා උපත ලබා සිටි නිවසේ ආහාර පිසීම සිදුකරනු ලැබුවේ දර ළිපේ පමණි. ගෑස් ළිපක් දැකීමට හෝ ගෑස් ළිපක ආහාර පිසීමක් හෝ ඇය නොදැන සිටියාය.   
ගෑස් ළිපේ ආහාර පිසීමක් ගැන දියණිය හෙළි කිරීම මාපියන් තවත් පුදුමයට පත් කිරීමේ කරුණක් විය. ගෑස් උදුන්වලින් ආහාර පිසූ නිවෙසක ඇය ජීවත්ව සිට ඇති බැව් දෙමාපියන්ට අවබෝධ විය. ඇයට වරින් වර සිහිපත් වන පෙරභව තොරතුරු අනාවරණ කිරීම ඇගේ සිරිත වූවාය.   


තවත් දිනක මව වෙත පැමිණි පූර්ණිකා දැරිය ඇගේ නිවෙසට යන ගමන් මාර්ග පිළිබඳ හෙළි කළාය.   


“අපේ එහේ ගෙදරට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හොඳ පාර. අනෙක් එක කැලෑපාර” ලෙස හඳුන්වන බවද හෙළිකළ ඇය මාපියන්ට එම නිවෙසට යෑමට එන ලෙසද මෙම දැරිය ඉල්ලා සිටියාය. ඇය ඒ බැව් පැවසුවේ,   


“ඔයගොල්ලො අපේ ගෙදර එන්න. එහේ අම්මට කියලා මම රසට බත් උයලා දෙන්නම්. ඒ එනකොට හොඳ පාරෙන් එන්න. කැලෑපාරෙන් එන්න එපා” යයි ඇය මාපියන්ට නිතර පවසා තිබේ. ඒ වනවිට පෙරභවයේ මතක සටහන් ඉතා හොඳ වචනයෙන් හෙළිකර ඇති දැරිය පවසා ඇත්තේ ඔවුන් ජීවත්වූ ප්‍රදේශයේදී මහවැලි ගඟේ ස්නානය කළ බවත්, ස්නානය කිරීම සඳහා ගඟට ගිය බවත් ඔවුන් ස්නානය කළ ස්ථානයේ නෑමට බැසීම සඳහා පඩි පෙළක් තනා තිබූ බවත් ඇයට මතක තිබිණි. ඇය ඒ බැව් පවසා ඇත්තේ,   


“අපි එහෙදි නාන්නෙ මහවැලි ගඟේ. පඩි පෙළෙන් බැහැලා ගඟට යනවා.” යනුවෙනි. පෙර නිවස පිහිටි වත්තේ රතු පාට ගෙඩි වර්ගයක් සහිත ගසක් ඇති බවත් එම ගෙඩි වර්ගය ඔවුන් අනුභව කළ බවත් ඇය පවසා ඇත.   


“අපේ ගේ ඉස්සරහ තිබුණ ගහේ රතුපාට ගෙඩි හැදෙනවා. අපි ඒවා කඩාගෙන කනවා. හරිම රසයි.” යනුවෙන් ඇය නිතර පවසා ඇත. මෙම දැරිය අනාවරණය කර ඇති පරිදි පෙරභවයේදී ඇය සරසවි ශිෂ්‍යාවක් ලෙස සිටි බැව් හෙළිවේ.

   
“මමයි අක්කයි දෙන්නම පේරාදෙණිය කැම්පස් එකට ගියා. අපිව තාත්තා කැම්පස් එක්ක යන්නෙ තාත්තාගෙ කාර් එකෙන්. ජීප් එකකුත් ගෙදර තිබුණා. එ්ක එළවපු මාමා හරි සැරයි.” යනුවෙන්ද ඇය පෙරභව තොරතුරු හෙළි කර තිබේ.   


පූර්ණිකාගේ පියා පවසන අන්දමට ඇයට වයස අවුරුදු පහක් පමණ වන විටදී දිනක් ඔවුන් නාවලපිටිය ප්‍රදේශයට බස්රථයකින් ගමන් කර තිබේ. එසේ ගමන් කරමින් සිටියදී පූර්ණිකා බස්රියේ කවුළුවකින් හිස දමා අවට නරඹමින් යන අතරද පෙර භවයේ තොරතුරු හෙළි කර ඇත. කඳු සහිත ප්‍රදේශයක් පසුකර යන විට දී,   


“ඒ ඈත පේන කන්දට එහා තමයි අපේ ගෙදර තිබුණේ.” යයි ද ප්‍රකාශ කර ඇත. දියණිය හෙළිකරන තොරතුරු පිළිබඳව සොයා බැලීමට ඒ දිනවල දෙමාපියන් උනන්දු නොවූහ. එම තොරතුරු සොයා යෑමෙන් දියණියට කිසියම් කරදරයක් වේයැයි දෙමාපියෝ සිතූහ. එහෙත් එදා දියණිය හෙළිකළ පෙරභවය සොයා ගැනීමට දෙමව්පියෝ දැන් කැමැත්ත පළකරති.   


මෙම දැරිය අනාවරණය කළ පෙරභව තොරතුරු අතර ඇගේ පෙර භව ජීවිතය අවසන් වීම පිළිබඳව හෙළිකර නොමැත. ඇය පවසන්නේ පෙර භවයේදී සරසවි ශිෂ්‍යාවක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි බවකි. මාපියන් පවසන අන්දමට ඇය කුඩා කලදී ක්ෂණික තැති ගැනීම් නිතර සිදුවී තිබේ. මෝටර් රථවලට බියපත් වීමක්ද දක්නට ලැබි ඇත. එහෙත් මෝටර් බයිසිකල්වලට ඇය මහත් ආශාවක් දක්වා ඇත. ඉතා කුඩා අවධියේ සිට පියාගේ මෝටර් බයිසිකලය පැදීමට උත්සාහ කළ බවත් වයස අවුරුදු දහයක් පමණ වනවිට ඇයට මෝටර් බයිසිකලය පැදීමේ හැකියාව තිබූ බවද පියා පවසයි. පවුලේ අන් දරුවන්ට වඩා ඇය තුළින් දක්නට ලැබූ විශේෂ හැකියාවක් ලෙස මෝටර් බයිසිකල් පැදීමට උපතින්ම දක්ෂ බවක් දක්නට ලැබී තිබේ. ඇය තුළ උපතින්ම දක්නට තිබූ තවත් විශේෂත්වයක් වී ඇත්තේ කුඩා කල සිට නැටුම් ඉදිරිපත් කිරීමය.   


පෙරභව නිවසට රැගෙන යන ලෙස ඇය කුඩා කලදී නිතර මාපියන්ට ප්‍රකාශ කර ඇත. එහෙත් පියා ඒ පිළිබඳව කිසිදු උත්සාහයක් නොගත් බවත් එහෙත් දැන් එම තොරතුරු විමර්ශනයක් සඳහා දියණියද කැමැත්ත පළකරන බවත් අප සමඟ පැවසීය. ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කර ඇති දියණිය අනාවරණ කළ පෙරභව තොරතුරු සටහන් කර ඇත්​ෙත් මෙ​ෙස්ය.   


අපේ තාත්තා ඉන්නෙ ගම්පොළ   
ගම්පොළ මැටිපලාවේ   
මහපලාව කියලත් කියනවා.   
අම්මත් ඉන්නෙ එහේ   
අම්මා ගෑස් ළිපේ උයනවා.   
ගෙදරට යන්න පාරවල් දෙකක් තියෙනවා   
එකක් හොඳ පාරක්   
අනෙක් එක කැලෑපාර   
හොඳ පාරට ගේට්ටුවක් දාලා තියෙනවා   
ගෙදර මිදුලේ රතුපාට ගෙඩි තියෙන ගහක් තියෙනවා.   
ඒ ගෙඩි හරි රසයි   
අපි නාන්නෙ මහවැලි ගඟෙන්   
ගඟට බහින්න පඩි පෙළක් තියෙනවා   
මමයි අක්කයි දෙන්නම පේරාදෙණියෙ කැම්පස් එකේ   
තාත්තා කාර් එකෙන් අපිව කැම්පස් එකට එක්ක යනවා.   
ජීප් එකකුත් තිබුණා   
ජීප් එක එලවන්නෙ මාමා කෙනෙක්. එයා හරි සැරයි. 

 
අපි හිටපු ගෙදර තිබුණෙ කන්දක් ළඟ යනුවෙන් එහි සඳහන්වේ. 

 
පූර්ණිකා පෙරභවය පිළිබඳව අනාවරණය කළ තොරතුරු අතරින් ඇය පදිංචිව සිටි ගම් ප්‍රදේශය පැහැදිලිව හෙළිකර තිබේ. පෙරභවයේ මව ගැනත් නිවෙසේ ආහාර පිසූ අයුරුත් ඇගේ මතකයේ තිබී ඇත. ඒ වනවිට කිසිදිනෙක ගෑස් ළිපක් නෙදැක සිටි දැරිය පෙර භවයේ මව විසින් ආහාර පිසිනු ලැබුවේ ගෑස් ළිපේ බැව් නිතර හෙළිකර තිබේ. ඇය පවසා ඇති පෙරභව මතක සටහන් අතර ඇගේ පවුලේ ඇය සමඟ තවත් සොයුරියක් පේරාදෙණිය සරසවිසේ අධ්‍යාපනය ලබමින් සිට ඇත. ඇය විසින් සරසවි අධ්‍යාපනය ලැබූ බැව් ඉතා කුඩා කලදී හෙළිකරන ලද්දේ “අක්කයි මමයි කැම්පස් ගියා.” යනුවෙනි. ඒ වන විට නිවෙසේ කිසිවෙක් සරසවිය හෝ කැම්පස් යන වචනය හෝ භාවිත නොකළ බැව් පියා පවසයි.   


පේරාදෙණිය කැම්පස් එක යනුවෙන් වදන් කිසිවිටෙකත් ඇයට ඒ වනවිට ශ්‍රවණය වීමට කිසිදු අවස්ථාවක් ලැබී නොමැත. ඒ පිළිබඳව පූර්ණිකාගේ පියා පවසන්නේ “අපේ ගෙදර කිසිම විටෙක කැම්පස් කියන වචනෙ භාවිතා වුණේ නෑ. විශේෂයෙන් ‘පේරාදෙණිය කැම්පස්’ එක යනුවෙන් දුව ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටයි.” යනුවෙනි.   


සරසවි සිසුවියකගේ පෙරභව ජීවිත තොරතුරු හෙළි කළ මෙම දැරිය දැන් බාහිර උපාධි අපේක්ෂිකාවකි. සමාජවිද්‍යාව, ජනසන්නිවේදනය සහ සිංහල ඇගේ උපාධි විෂයන් වී තිබේ. පෙරභව මතක සටහන් පිළිබඳව දැන් ඇගේ මතකය පිළිබඳව විමසීමට පසුගිය දිනෙක ඇය හමුවීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරු ඒ අයුරින්ම මෙසේය.   


ප්‍රශ්නය:-  ඔබ කුඩා කල හෙළි කළ පෙරභවය පිළිබඳව ජීවිත තොරතුරු තවමත් ඔබට මතකද? 

 
පිළිතුර:-  කුඩා කල කී බැව් මාපියන් පැවසූ තොරතුරු මතකයි. 

 
ප්‍රශ්නය:-  ඒ අතරින් ඔබ හෙළිකළ ගම්වල නම් මතකද?   


පිළිතුර:-  ඔව්   


ප්‍රශ්නය:- ඒ මොනවාද?

   
පිළිතුර:- ගම්පොළ, මැටිපලාව සහ මහපලාව   


ප්‍රශ්නය:-  එවැනි ගම්වල නම් මෙම ජීවිතයේදී අසා තිබුණද? 

 
පිළිතුර:- අසා තිබෙන්නෙ ගම්පොළ පමණයි. 

 
ප්‍රශ්නය:-  කුඩා කල සිට හෙළි කළ ජීප් රථයේ වර්ණය ගැන හෙළි කළා ද?

   
පිළිතුර:- ඔව්. ඒක රතුපාට ජීප්රියක් බැව් කී බව මතකයි. 

 
ප්‍රශ්නය:-  පෙරභවයේදී මව ගෑස් ළිපේ ආහාර පිසූ බව කීවාද?   


පිළිතුර:- ඔව්.   


ප්‍රශ්නය:-  ඔබ ගෑස් ලිපක අාහාර පිසීම දුටුවේ වයස කීයෙදී පමණද? 

 
පිළිතුර:- අපේ ගෙදර ගෑස් ළිපේ උයන්න ගත්තේ මට වයස 17 දී පමණ.   


ප්‍රශ්නය:-  ඔබ මහවැලි ගඟේ නාපු බවත් කුඩා කල පවසා තිබුණා. එය තවමත් මතකද?   


පිළිතුර:- මතක නෑ.   


ප්‍රශ්නය :-  ඔබ මහවැලි ගඟට ගියාද?   


පිළිතුර:- ඔව්.   


ප්‍රශ්නය:-  මේ ජීවිතයේදී මහවැලි ග​ෙඟ් ස්නානය කර තිබේද?   


පිළිතුර:- ඔව්.   


ප්‍රශ්නය:- මුලින්ම මේ ජීවිතයේදී මහවැලි ග​ෙඟ් නෑවෙ වයස කීයෙදී ද? 

 
පිළිතුර:- වයස අවුරුදු 10 දී පමණ.   


ප්‍රශ්නය:-  එවිට ඔබට කිසියම් බියක් දැනුනද?

   
පිළිතුර:- නෑ. 

 
ප්‍රශ්නය:-  ඔබට බියපත් වීම් කිසිවක් තිබේද?   


පිළිතුර:- ඔව්.   


ප්‍රශ්නය:-  ඒ මොනවාද?   


පිළිතුර:- අධික ශබ්දවලට මා බියපත් වනවා. කුඩා කල සිටම ඒ බියපත් වීම තිබෙනවා. ශබ්දවලදී මා තිගැස්සී කම්පනයට පත්වනවා.

   
ප්‍රශ්නය:- කුඩා කල සිට ඔබ තුළ තිබූ විශේෂ හැකියා මොනවාද?   


පිළිතුර:- කුඩා කල සිට මම නැටුම්වලට දක්ෂයි. නැටුම්වලට විශේෂ ලැදියාවක් තියෙනවා.   


ප්‍රශ්නය:-  ඔබ නැටුම්වලට හුරු වුණේ කෙසේද?   


පිළිතුර:- උපතින්ම මට නැටුම්වලට පුදුම හැකියාවක් තියෙනවා.   


ප්‍රශ්නය:- ඔබ කුඩා කල සිට නැටුම් ඉදිරිපත් කර ඇත්තේ කුමන වයසේ සිටද?   


පිළිතුර:- වයස අවුරුදු තුනේ පමණ සිට.   


ප්‍රශ්නය:-  ඔබ දක්ෂවී ඇත්තේ කුමන නැටුම්වලට ද?   


පිළිතුර:- උඩරට නැටුම්වලට   


ප්‍රශ්නය:- නැටුම්වලට දක්ෂ වීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? 

 
පිළිතුර:-  උපතින්ම ලැබූ දක්ෂ බවත්, පෙර භවයේ සිට ගෙනෙන ලද දෙයක් කියා සිතනවා. 

 
ප්‍රශ්නය:-  පෙරභවයේ මිතුරන් හෝ පුද්ගල නම් කිසිවක් මතකද? 

 
පිළිතුර:- මතක නෑ. යයි ඇය අප සමඟ පැවසුවාය.   

 


ඇය ඉතාම කුඩා අවධියේ සිට විවිධ නැටුම් ඉදිරිපත් කරනු ලැබුවේ කිසිවෙකුගේ මඟ පෙන්වීමක් හෝ එවැනි දර්ශන දැකීමකින් තොරව බව මාපියෝද පවසති. ඇය පවසන්නේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියදී පෙරභව ජීවිතය අවසන් වූ බවකි.   

 

 

 

 

 

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන  

 



අදහස් (0)

යළි ඉපදී නෑයන් සෙවූ සරසවි සිසුවිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site