අවාසනාවන්ත යෝගයක් ලෙස දකින කාලසර්ප යෝගයක් මේ දිනවල යෙදී ඇති බව සමාජයේ කතාබහට ලක්වී ඇත. මේ දිනවල උපදින දරුවන් කාලසර්ප යෝගයකින් උපදින බවටද මතයක් ගොඩනැගෙමින් තිබේ.
මේ දිනවල මෙලොවට බිහිවන දරුවන් අවාසනාවන්තද? එසේ කියා දරු ප්‍රසූතිය ප්‍රමාද කරන්නද? එය ප්‍රායෝගිකව සිදුකළ නොහැකිය.
මේ දිනවල කාලසර්ප යෝගයක් කිසිසේත් යෙදී නැත. යෙදී ඇත්තේ කාල අවෘත යෝගයකි. කාලසර්ප යෝගයක් වීමට නම් රාහු කේතුට මැදිව සියලු ග්‍රහයින් ගමන් කළ යුතු අතර රාහුගේ දිශාවට සියලු ග්‍රහයින් ගමන් කළ යුතුය.
මේ දිනවල රාහු කේතුට මැදිව සියලු ග්‍රහයින් ගමන් කරන බව සත්‍යයකි. එහෙත් සියලු ග්‍රහයින් ගමන් කරන්නේ කේතුගේ දිශාවටය.
රාහු සහ කේතු අනෙකුත් ග්‍රහයින් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි. මේ දිනවල එවැනි කාලසර්ප යෝගයක් තිබේ යැයි සමාජ භීතිකාවක් නිර්මාණය කිරීමට ඇතැම් අය උත්සාහ ගනිමින් සිටිති. නමුත් මෙවැනි යෝගයකින් ඉපදුණු කිසිදු අයකු කාලසර්ප යෝගයට හසුනොවන අතර කාල අවෘත යෝගයට අයත් වේ.
එය වාසනාවන්ත යෝගයකි. මෙවැනි යෝගයකින් ඉපදුණු ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ගණනාවක් සිටිති. ඔවුන් ආර්ථික, සමාජමය දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ය.
එම නිසා මා හිතවත් ජ්යොතීර්වේදීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මව් පදවියට ආසන්නව සිටින අප රැකගත යුතු ආදරණීය අම්මාවරුන් බියට පත්කරන්නේ නොමැතිව සිටින ලෙසයි. ඔවුන් මේ දිනවල හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතුය. ඔවුන් අනවශ්‍ය බියකට පත්කිරීම තුළින්ම ඉපදෙන දරුවා රෝගියකු විය හැක.
ඇත්තටම මෙලොව එළිය දකින නොදරුවා රෝගියකු වූයේ කාලසර්ප යෝගයක් නිසා නොව ජ්‍යොතීර්වේදීන් සිදු කළ අනවශ්‍ය බය කිරීම තුළින් බව තේරුම් ගත යුතුය. මව් පදවියට සූදානම් වන කෙනකුට කුඩා කම්පනයකින් පවා දරු ගැබට හානියක් සිදුකළ හැක.
2017 නොවැම්බර් 24 වන දින පෙ.ව. 6.00 පමණ වන විට චන්ද්‍රයා මකර රාශියේ අංශක 08 කට වඩා ප්‍රමාණයක් ගමන් කර ඇත. කේතු එම රාශියේ ප්‍රතිවිරුද්ධ දිශාවට අංශක 24 කට වඩා ප්‍රමාණයක් ගමන් කර ඇත.
කාල අවෘත යෝගයද මේ මොහොතේ සිට අවසන් වේ. එම නිසා මව් පදවිය අපේක්ෂාවෙන් සිටින මව්වරුනි, බිය නොවන්න. ඔබ හොඳ මානසික ශක්තියකින් නිරෝගී දරුවකු මේ ලෝකයට බිහිකරන්න.
පාඨශාලාචාර්ය, අත්තනගල්ලේ
හේමසිරි විජේසිංහ
21/658, මාලිගාතැන්න, අත්තනගල්ල
0777940181
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෙම් දිනවල කාලසර්ප යෝගයක් යෙදී තිෙබිද ?