IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මළවුන් ආවේශයෙන් ශාස්ත්‍ර කියන්න පුළුවන්ද?

රාවණ පුස්තකයෙන් කෙරෙන හෙළිදරව්වක්

 

 

මනුෂ්‍ය ගෝත්‍රය හරි අපූරු ගෝත්‍රයකි. පැන නගින ප්‍රශ්නයන්ට ජීවත්ව සිටින අයගෙන් නොලැබෙන පිළිතුරු මළවුන්ගෙන් ලබාගැනීමේ උත්සාහයෙන් මනුෂ්‍ය ගෝත්‍රික සමාජය පිරී තිබේ. ජීවත්ව සිටින විට තම ඥාතියාගෙන් නොලැබෙන පිළිතුරු සහ විසදුම්, මියගිය එම ඥාතියාගෙන්ම ලබාගත හැකිය යන විශ්වාසය ඉතා තදින් සමාජගත වී තිබීමට හේතුව කුමක්ද?  


රාවණ පරපුරේ වත්මන් ලේ නෑයන්ගේ වරිග පරිම්පරාව සතු රාවණ පුස්තකයක් තිබේ. එය ‘‘වෛශ්‍රමන සන්තුතිය’’ යන නම ගනියි. ‘‘වෛශ්‍රමන සන්තුතිය’’ අදෘශ්‍යමාන බලවේග සහ පෙනෙන මිනිසුන් අතර පවතින සම්බන්ධතා ගැන ලියවී තිබෙයි. එය සංක්ෂිප්ත ගතකර තිබෙනුයේ ‘‘සීවර යදිය’’ නමිනුයි. සීවර යදිය ඇසුරෙන් රාවණ වරිගයේ වත්මන් අධ්‍යාත්මික නායිකා සුද්මා කවිෂාධි හෙළිදරව්වක් කරයි.   


‘‘සීවර යදිය’’ සිංහලට පෙරලූ විට කියවෙන අර්ථය මෙයයි. මළ පෙරේත යක්කු යකින්නියන් මනුෂ්‍ය ශරීරයට වැහීම හෙවත් ආවේශ වීම. වැහෙන්නාවු ආවේශ වෙන්නාවු එම ආත්ම ඇසුරු කරගනිමින් ශාස්ත්‍ර කීම. රාවණ මෙයට පැහැදිලි කිරීම් ලබාදී තිබුණේ මෙම අකාරයටයි.  


පෙනෙන ජීවියෙක් හරහා විශ්වයේ පවතින යම් ශක්තියක් ක්‍රියාත්මක වීම බාහිරින් පැමිණෙන මනෝකායක් බෞතික ශරීරයක් ඇති අයකු​ෙග් මනෝකායේ ‘‘කුංචුචය’’ නම් ස්ථානය යටපත් කරමින් එහි සිට බාහිරින් පැමිණි ශරීරය ක්‍රියාත්මක කරලීම මෙය හදුන්වනුයේ ආවේශය ලෙසිනුයි. පරලවීම ලෙස හැදින්වෙනුයේද මෙයමයි. මෙම ආවේශයට කොටස් හතරයි එ් මෙම කොටසුයි.  


සීවරය, දන්තය, තිරිය, රඝුය  


කොටස් හතර තුළ එකිනෙකට වෙනස් ආත්ම හතරක් පවතියි. ඒ මෙම ආත්මයි.   


සිද්ධි දාප, අනිල, මානිල, රද්ධික   


කිසියම් විටෙක මොහොතක ආවේශවීමක් වනුයේ නම් එසේ වනුයේ මෙම කොටස් හතරට අයත් ආත්ම පමණයි. එම ආවේශයද ක්‍රම දෙකකට කරයි. ඒ හිස තදින් රවුමට කරකැවීම සහ ආසනයක වාඩිවී සිටීමයි. කුමන ආකාරයක​ට සිටියත් ලබාගත් වරම තොරතුරු ක්‍රම දෙකකට ප්‍රකාශ කරයි. නේත්‍ර වරම් සහ දිෂ්ටි වරම් එම ක්‍රම දෙකයි. පහනක් දෙස බලා ශාස්ත්‍ර කීම නේත්‍ර වරමයි. ආවේශයකින් ලැබෙන බලයකින් ශාස්ත්‍ර කීම ආවේශ වරමයි.   


දෘෂ්ටි අංජනම් යනු පහනක දැල්ල බලා ශාස්ත්‍ර කීමයි. ශාස්ත්‍ර කියන තවත් වරමක් වනුයේ කර්ණමුණ්ඩයයි. කර්ණමුණ්ඩයට රාවණ දී ඇති නම වනුයේ කර්ණ කණ්ඨිකය යන නමයි. අඹරාගත් රහස් ඖෂධ ගුලියක් කන තුළ රදවා ශාස්ත්‍රකීම මෙහි අර්ථයයි. ඖෂධ ගුලිය කන රඳවා වරම් ගත්කළ පැමිණෙන මළ යකුන් කනට කොදුරා තොරතුරු සියල්ල නොසගවා පවසයි.  


මෙම මළ යක්් කොට්ටාස වලට උත්පත්ති බල ශක්ති පිහිටයි. පිහිටන එම බලයන්ට සිමාවන් නොවෙයි. වටහා ගැනීමේ හැකියාවන් නොවෙයි. තේරුම් බේරුම් කරගැනීමේ හැකියාවන් නොවෙයි. අර්ථවත් යමක් කිරීමේ හැකියාව අහිමියි. මෙම කොටස් හතරට ​ෙබ​හෝ විට ඇතුළත් වනුයේ මියගිය පවුලේ ළගම ඥාතීන් සමුහයයි. එසේම වසර සිය දහස් ගණනකට පෙර මියගිය අයද ඇතුළත් වෙයි. මියයන අය අතරින් සමහර කොටස් යම් යම් කාලසීමාවන් දක්වා ස්ථානගත නොවී සිටී. ස්ථානගත නොවූ එම ආත්ම හෙවත් මනෝකායන් සමහර ආත්මවලදී පිනට හෝ පවට බරව පරම්පරා ඥාතිත්වය මත යම් යම් ඥාතීන්ට වැහෙයි. ඒ යම් ශක්තියක්ද රැගෙනයි. ශක්ති ලැබ වැහෙන කොටස් එක් පොදු සාධකයක් මත සතුටු කළ යුතුයි. ඒ බලිකාම, රතිකාම, පුලුටුකාම ලබා දීමෙනුයි.   


රාවණ පුස්තකය ඒ පිළිබඳ තබන ලද සටහන මෙයයි. බලිකාම, බ්ලිකාම, රතිකාම, පුළුටු කාම පවට බරව සිටියි. පව, පව්කාර සිතුවිලි සහ පව්කාර ක්‍රියාවන් මෙම අමනුෂ්‍ය කාම කොටස් වල ජීවන හුස්මයි. අමනුෂ්‍ය කොටස් වල බඩගින්න නිවාලන ආහාරයයි. නහරවල දුවන රුධිරයයි. ප්‍රාර්ථනා කරන සුව සම්පතයි. මෙම කාම කොටස් කුණකට වැසූ ඉහද පණුවන් වැනිය. ප්‍රාණය නිරුද්ද ඕජස් ගලන කුණක රස දත් කුණුමතින් උපන් පණුවන් වැනිය. සුරාව, සුදුව, වංචාව, කුපාඩිකම, අසහනය, විකාර රූපී සිතුවිලි ජීවිතයට අරක්ගෙන සිටියි. නොහොද රජකරයි. තමන් නොවන සැම තළාපෙළා දැමීම අමනුෂ්‍ය කොටස්වල විනෝදාංශයයි. ඒ තුළ දුක් පීඩා කරදර ලබාදෙයි.  


කාම කොටස් විශේෂ ගති ලක්ෂණවලින් හෙබියි. ඔවුන් ලේ උරාබොන කූඩැල්ලන් වැනියි. අල්ලාගත්, ආවේශ වූ යම් ස්ථානයකින් මිදෙනුයේ තවත් එවැනිම ස්ථානයක් අල්ලාගත් පසුවයි. ඒ අත් නොහරින සංසාරික බැදීමයි. එක්වරක් යම් අයකු හා බිලි, බලි රති සහ පුළුටු යන කුමන හෝ එක් අවස්ථාවකින් බැදුනේද, ඒ කෙළවරක් නොපෙනෙන සංසාරික ගමන් මගේ ගමනාරම්භයයි. මෙම තත්ත්වය රාවණ පුස්තකය හදුන්වනුයේ අත්නොහරින බැදීමක් ලෙසටයි. මෙම කාම මනෝකාය ‘‘පල්ලුක මනෝකාය’’ ලෙස පුස්තකය අර්ථ ගන්වයි.   


ආවේශ කරගත් කාම මනෝකාය එම ආත්ම සතු මන්ත්‍ර බලයෙන් එම ආවේශය පළමුව වශීකරගනියි. ඒ ආවේශය කැමති දෑ ලබාදීමෙනුයි. ආවේශයට අවශ්‍ය වනුයේ ආවේශය කැමති දෑ ලබාගැනීම මිස අන්අය කැමති දෑ ලබාදීම නොවේ. 


කාම ආ​ෙව්ශය බෙහෙවින් කැමති වනුයේ කාම සම්බෝගයටයි. එය කිරි දැරිවියක විය හැකියි. කොටහලු නොවූ දැරියක වියහැකියි. තරුණ, විවාහක, වයස්ගත යන කරුණු මෙතුළ නොසැලකෙයි. සැලකිල්ල ස්ත්‍රී සිරුරක් යන්න පමණයි.  


ආවේශය බිලි කාමය වනවිට බිලි ගැනීම එකම අරමුණයි. මෙහි නියමය වනුයේ අමු ලේ බිල්ලක් විය යුතුය යන්නයි. එම ලේ උණුසුම් විය යුතුයි. බිලි නියමය එය මෙසේ දක්වයි. මෙම ලේ බිල්ල සත්ත්ව හෝ මනුෂ්‍ය බිල්ලක් විය යුතුයි. ඉල්ලා සිටිනුයේ මනුෂ්‍ය බිල්ලක් නම් කුමන තත්වයක් යටතේ වුව එය ලබාදිය යුතුමයි. ආවේශය කැපවී සිටිනුයේ ආවේශය කැදවූ අයගේ මනදොල සපුරාලීමට මිස ප්‍රශ්න කිරීමට ​නොවෙයි. එය ආවේශයේ අත්තිවාරමයි. බලිකාම සහ පුළුටු කාම ආවේශද මෙම තත්ත්වයන්ට වඩා වෙනසක් නොපෙන්වයි. කාම කොටස් එකිනෙකින් වෙනස් වනුයේ එ්වාහි අර්ථයෙන් මිස දොල පිදේනියෙන් නොවෙයි. කිසියම් ලෙසකින් හෝ ඉල්ලනු ලබන ඉල්ලීම්වලින් වෙනස් නොවෙයි. මේ දුශ්ශීල කාම කොටස් හතරේ විශේෂත්වයයි.  


රාවණ පුස්තකය මෙසේද සඳහන් කරයි.   


මනුශ්‍ය ගෝත්‍රයට වැහෙන්නේ මළ යකුන් පමණයි. නොමළ යකුන් නොවැහෙයි. නොමළ මනුෂ්‍ය කොට්ටාස හෝ දේව කොට්ටාස නොවැහෙයි. මළ යක්කු වැහුනු අයද මළ යකෙකු හෝ මළ යකින්නියක බවට පත්වෙයි.   


මනුෂ්‍ය ගෝත්‍රයට කිසිදා දෙවියන් නොවැහෙයි. ඇග මස ලේ ගද ජරාව පිරි කුණු ගද ගසන දුර්වල ශරීරයකට කිසිදින දේව ආත්ම නොවැහෙයි.  


මනුෂ්‍ය ගෝත්‍රයට මළ යකුන් වැහැනු විට ආවේශය ලත් තැනැත්තන් තම ශරීරයට දෙවියන් වැඩි බව කියයි. එම දෙවියන්ගේ නම්ද කියයි. මේ බහුලව භාවිතා කෙරෙන එම දේව ආත්මවල නාමයනුයි.  


නවගමුවේ පත්තිනි දේවතාවය  
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියෝ  
කතරගම, කතරගම දෙවියෝ   
කබල්ලෑවෝ හුනියම් ගම්බාර දෙවියෝ  
මුන්නේශ්වරම්, ​කොනේශ්වරම් කාලි මෑණියෝ  
මල්බලිගල, කලාවැව කඩවර දෙවියෝ  
පංචේශ්වරමේ ශිව දෙවියෝ  


මළ යකුන් විශේෂ හැකියාවකින්ද යුක්තයි. ඒ මෙම හැකියාවෙනුයි. මේ රාවණ ලියු පුස්තකය දක්වන කරුණුයි.  


මළ යකුන් රාජ්‍ය පාලකයන්ට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් සතු බලය හේතුවෙනුයි. මළයක් බලය පතුරුවා බලයට හිතැති පාලකයන් ගෙන්විය හැකියි. කතාකළ හැකියි. මළයකුන් විශ්වාස කරන තත්ත්වයට ඔවුන් පත්කර හැකියි. මළයක් සිතට ඔවුන් රවටාලිය හැකියි. ආවරණය වූ ස්ථානයක සිටියද ආවරණ සියල්ල විනිවිද දැකිය හැකියි. නොපෙනෙන බලවේග වරම දේව වරමක් නොවෙයි. දේව වරමින් ශාස්ත්‍ර කීමේ සැබෑ අර්තය මළයකිනියකගේ වරමින් ශාස්ත්‍ර කීමයි. රාවණ පුස්ථකය වු වෛශ්‍රවන සන්තුතය මෙහිලා වැදගත් තොරතුරක් ගෙන හැර දක්වයි. ඒ මෙයයි. අනාගතේ දිනෙක මිනිස් ගෝත්‍රය අතරට බිළි, බළි, රති, පුළුටු, පුද පූජා රැගත් අනර්තකාරී විනාශකාරී දරුණු ක්‍රියාවන් මෙම හේතුව මත පැමිණෙයි. මළ යකුන් යකින්නියන් සෑමවිටකම පිනට බරව සිටින මිනිසාගේ යම් දුර්වලකමක්, යම් පව්කාර සිතිවිල්ලක් හරහා මිනිස් සිතට කා වදියි. එම තත්ත්වය මනුෂ්‍ය ගෝත්‍රය ගොඩ ඒගත නොහැකි ආගාධයකට ඇද දමයි.  


වෛශ්‍රවන සන්තුතිය රාවණ අතීතයේ කළ අනාවැකියක්ද මෙසේ දක්වයි. අනාගත කාලයේ දිනෙක සිටින ගල් පෙරේතයකුගෙන් ලෙඩ රෝග තුනක් උපත ලබයි. ඒ පර්වතය අරක් ගෙන සිටින ගල් පෙරේතයා සිය මුවින් පිට කරන මහා දුර්ගන්ධයක් මගිනි. එම ලෙඩ රෝග තුන යමක් ක්‍රිෂ, රාගක් ක්‍රිෂ, දෝතුල්‍ය නම් ගනී. එදින ඉක්මවන අනාගතය තවත් දිනෙක එම ලෙඩරෝග තුන අනුදාය, අසූදාය, කෙලෙස්දාය නමින් හඳුන්වයි. මෙම ලෙඩ රෝග වැළඳුන කුඩා දරුවෙකු වෙත්නම් එම අයට නිසැක රාගය උපදවයි.  
ගිජ්ජකුට පර්වතයේ සිට මුව විවර කර ලෙඩ රෝග තුනක් විශ්වයට මුදාහල ගල් පෙරේතියගේ ශාපයෙන් මනුශ්‍ය ගෝත්‍රය මුදවාලීමට බුදුරදුන් අනුදැන වදාළේ අදුන්ගිරි අරණේ වැඩවසන පත්තිනි දේවතාවියගේ පිහිටයි.  


බුදුන් වදාළ ලෙසින්ම පත්තිනි දේවතාවිය පැමිණ සළු පටින් සලා අවුසද වැස්සක් වැස්සවීමෙන් පැන නැගුනු කිරණ වලින් දුරුවූයේ ලෙඩ රෝග තුනයි.   


විශ්වය ගිනිය නොහැකියි, මැනිය නොහැකියි, සිතුවිලි සීමා මායිම් රහිතවනවා සේම විශ්වයද පවතිනුයේ සීමා මායිම් රහිතවයි. සීමා මායිම් රහිත විශ්වය යම් නියමයකට යටත්ව පවතියි. ඒ හෙළයේ මහා රාවණ නියමයටයි. රාවණ විශ්වය අර්ථ ගැන්වූ එම නියමය කුමක්ද? විශ්වයේ සමතුලිත බව සාධක දෙකක් මත රදා පවතියි. සිසිල සහ උණුසුම එම සාධක දෙකයි. සිසිල සහ උණුසුමේ හැසිරීම විශ්වයේ සමතුලිත බව තීරණය කරයි. විශ්ව සමතුලිතතාව පවතිනුයේ එක් විශ්වීය නියමයක් මතයි. එම නියමය පැනවූයේ රාවණයනුයි. ඒ මෙම නියමයයි.  


හැමවිටම ස්වභාවික විශ්වය රැකගන්න හිරු සඳු ප්‍රධාන ග්‍රහ ලෝකයන්හි අණට අවනත වෙන්න. විශ්වාස කරන්න. විශ්වය වටහාගත නොහැකි රිද්මයකට ගැහෙමින් පවතියි. එම ගැස්මට මිනිස් ගෝත්‍රයද ඇතුළත් වෙයි. ඒ තුළ මිනිසාගේ නිරන්තර උත්සාහය විය යුත්තේ එම රිද්මය වටහා ගැනුමටයි. හදුනා ගැනුමටයි.  


එම හදානා ගැනීම යනු කුමක්ද?  


එය වූකලී ජීවත්වීමයි. විශ්වයේ පවත්වන්නා වූ සියල්ල සමඟ ඒකාත්මික බද්ධවීමයි. විශ්වයේ පවත්නාවූ නිශ්චිත ගමන් රටාව​ට අනුගත වීමයි. හිරු විශ්වයට සිසිල සහ උණුසුම ක්‍රමවත් ආකාරයකට ලබාදෙයි. ඒ කොටස් දෙකකටයි. දෙවසේ විසිහතර පැයෙන් පළමු පැය දොළහ රස්නයද, අනෙක් පැය දොළහ සිසිලසද යන ආකාරයටයි. මේ දහවල සහ රැයයි. දහවල සිසිලස ගෙනෙන හිරු රැයේ ඉවත්ව යයි. චන්ද්‍රයා රැයේ පැමිණෙනුයේ සිසිලස රැගෙනයි. සිසිලස සහ රස්නය හෙවත් හිරු සඳු විශ්ව පැවැත්මට දායක වන ආකාරය එයයි. විශ්වයේ පැවැත්ම හැමවිටම ප්‍රධාන සාධකයක් මත පවතියි. එම සාධකය කුමක්ද? ඒ මිනිසායි මෙම මිනිසා කොටස් දෙකකට අයත් වෙයි. ඒ දෘෂ්‍යමාන මිනිසා සහ අධාශ්‍යමාන මිනිසා ලෙසිනුයි. දෘශමාන බව සහ අදෘශ්‍යමාන බව නියතයක් වෙයි. එය දායක වනුයේ හිරු සඳු ප්‍රධාන කරගත් විශ්වයේ පැවැත්මටයි. නියතයේ දායකවීම හිරු සඳු ඉතා සරල ආකාරයකට හෙළිකරයි.  


මෙම කොටස් හතරට යම් ඉලක්කයක් පවතියි. ඒ ආගම් දෙකක් මත පදනම් වෙයි. ඉන් එකක් වනුයේ හින්දු ආගමයි. හින්දු ආගම අනුව බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබීමට ප්‍රිය කරයි. ​අනෙක් කාරණය වනුයේ බුදු දහමයි. බුදු දහමට අනුව ප්‍රාර්ථනා කරනුයේ නිවන්මග යාමටයි. මෙම කොටස් හතරෙන් නිවන් මග යාමට වරම් හිමිව ඇත්තේ සිද්ධි චාපයන්ට පමණයි. අනිල, මානිල, රද්ධික කොටස් තුනට වී තිබෙනු​ෙය් බ්‍රහ්ම ලෝක වල උපත ලැබීමටයි.   


පොදු​ෙව් මළ පෙරේතයන් ලෙසින් හඳුන්වන මෙම කොටස් හතර වෙනස් වූ ගති ලක්ෂණ වලින් හෙබියි. ඒ මෙම ආකාරයටයි.   


සිද්ධි චාප බලශක්තිය පවු නොකරයි. යහපත් බුද්ධියක් සහිතයි. අභිඥ්ඥා ඥානයෙන් යුක්තයි. සමාපත්ති සුවයට බරයි. යන්ත්‍ර මන්ත්‍ර, ශබ්ද විද්‍යා, තරංග විද්‍යා, රේඛා ශාස්ත්‍ර විද්‍යාවන්හි මනා දැනීමකින් යුක්තයි. නැටුමට, ගැයුමට, වැයුමට දක්ෂයි. ශිල්ප කලාවන්ට ප්‍රිය කරයි. කිසිවිටෙක කෝප නොගනී. සැම තැන සංවරශීලියි. මානසික එ්කග්‍රතාවය සැමකල සිතේ රැදී තිබෙයි. අවසන් ඉලක්කයක් සහිතයි. ඒ සීලය සහ විමුක්තිය නම් ඉලක්කයයි. සිද්ධි චාප සොබාදහමට ගරු කරයි. එහි අර්ථය ගුණයෙන් උසස් අයට ගරු කිරීමයි. සිද්ධි චාප බලවේග නෙපෙනෙන ශ්‍රේෂ්ඨ කොටසට අයත් වෙයි. මනුෂ්‍ය ශරීරයට නොවැහෙයි. ප්‍රබල ආත්මයකින් හෙබියි. දේවත්වයක් සහිතයි. සොබාදහමේ සැම වස්තූනට ගරු කරයි. කිසිදු වරප්‍රසාදයක් මත නරක අයෙකුට පිහිට නොවෙයි. නොපෙනෙන පරිසරය දකියි. සිද්ධි චාප අපරාධකරුවන්ගේ වැරදි නිවැරදි කර යහමඟට ගනියි.  
අනිල බලවේගය දක්ෂයි. බුද්ධිය සහිතයි. බලය රහිතයි. පවටම ඉපදී සිටියි. මානිල බලවේගය. ප්‍රතිපත්තිවලින් තොරයි. පාපයට ලැදියි. දක්ෂයි බුද්ධිය රහිතයි. සැමවිට අයහපතම කරයි. ආවේශය ගනු ලබන අයට පමණන් කැපව සිටියි. ආර්ථයෙන් තොරයි රද්ධික බලවේගය මෙසේයි. කතාබහ නරකයි. නපුරුයි. අවස්ථාවාදියි. අකීකරුයි. අනර්තකාරී බව හේතුවෙන් ඉන්නා පළාතම විනාශ කරයි. අනිල මානිල රද්ධික බලවේග සතුන් බිලිගනියි. මතට ලොල් වෙයි. රාගයට බරවෙයි. අනුන් තළාපෙළා දමයි. යම් තැනක සිද්ධි චාප කෙනෙකු සිටී ද එම ප්‍රදේශය සමකාමී වෙයි. එම ප්‍රදේශයේ කාම සිදුවීම් පැන නොනගියි. රෝග පීඩා ඇති නොවෙයි. නරක පාලකයන් බිහි නොවෙයි. සොබාදහමේ විනාශයන් සිදු නොවෙයි. සංවර්ධනය ඇතිවෙයි. කලට වැසි ලැබෙයි.   


රාවණ ලියූ බේගුරු සන්තතිය පුස්තකයේ මෙසේ සඳහන් වෙයි. විශ්වාසෙට ගතයුතු සියල්ල පමණක් විශ්වාසෙට ගන්න අවිස්වාස සියල්ල බැහැර කරන්න. කිසියම් මොහොතක කිසියම් පිහිටක් අවශ්‍ය බව දැනෙයි නම් හැගෙයි නම්, එම පිහිට සෙවිය යුත්තේ පින්වත් උපතක් සහිත ආත්ම වලින් පමණකි.  


යමෙකුට පිහිටවිය හැකි පින්වත් ආත්ම මෙම විශ්වය තුල සැරිසරයි. නොපෙනෙන සියලු ආත්ම මිත්‍යාවන් යයි කිව නොහැකියි. වැදගත් වනු​ෙය් නොපෙනෙන ආත්ම වල පිහිට ලැබිය හැකි ආත්ම සෙවීමයි.   


එම හදුනාගැනීම මළවුන්ගේ, යක්කුන්ගේ, පෙරේතයන්ගේ ආත්ම නම්, එවන් ආත්ම පාපයන්ගෙන් ගහන බව කිව යුතුයි.   


විශ්වයට මුලකිරීම් රැසක් හිමියි. පිළිගතයුතු සත්තය වනුයේ යම් අයකු ආවේශයකින් යම් ආත්මයක් කැදවීමේන් යම් ශාස්ත්‍රයක් කියයිද යම් දෙයක් කරයිද යම් යහපත් ක්‍රියාවක් සලසන බව කියයිද, විශ්වාසෙට ගතයුතු එකම විශ්වාසය එය මළගිය ආත්මයකින් කරන බවයි.   


එම ආත්මය දේව ආත්මයක් නොව මළයක්, මළ පෙ​ෙර්ත ආත්මයක්ම වන බවයි. මෙම ආත්මවල විශේෂත්වය වනුයේ ​ෙතාරතුරු ප්‍රකාශයට ඇති අසීමිත හැකියාවයි. එය මළ ආත්මයන්ට පමණක් උරුම දැකීමේ හැකියා​ෙව් ඉහළම ගුණංගයයි. අමනුශ්‍ය ආත්මවල ඇත්තේ දැකීම සහ ප්‍රකාශ කිරීම සමඟ නරකට සහ නපුරට ක්‍රියාත්මක වීමේ හැකියාව මිස කිසිදු ආකාරයක යහපතක් කිරීමට හැකි නොහැකියාව බව විශ්වාසයට ගත යුතුයි. දුක් විදින ජීවිතය තුළ මළ පෙරේත යකෙකුගෙන් යකින්නියකගෙන් පතායාම් කිසියම් වූ කලෙකදී කළ යුතු නොවෙයි.  


රාවණ, වේගුරු සන්තතිය පුස්තකය මගින් ප්‍රශ්න විසිහතරක් විමසයි. එහි පළමු ප්‍රශ්න හත වෙන්වී තිබෙනුයේ අමනුශ්‍ය ආත්ම සහ පාලකයන් අතර පවතින සම්බන්ධතා පිළිබඳවයි. එම ප්‍රශ්න හත මෙසේයි.  


1. අයහපත ගෙනෙන නරකට වින කටින පව්කාර ආවේශයන්ගෙන් රාජ්‍ය පාලකයන් උපදෙස් ලබාගනියි නම් එම පාලකයන් යටතේ තවදුරටත් ජිවත් විය යුතුද?  

2. විශ්වයේ ප්‍රබල විශ්ව ශක්තීන් හතර වන තෙරුවන්, දෙවියන්, මව්පියන් ගුරුවරුන් මත විශ්වාසය නොතබා අයහපත් අමනුශ්‍ය ආත්මවලින් පිහිට පතන පාලකයන් තවදුරටත් විශ්වාස කළ යුතුද?  

3. රටක පවතින ප්‍රශ්න පසෙක තබා බලය ලබාගැනීමේ උමතුවෙන් ක්‍රියාකරන පාලකයන් සිටියි නම් එම පාලකයන් ඉදිරියටත් පිලිගත යුතුද?  

4. මේ මහා විශ්වයේ සොබාදහම ඉර හඳ පවතින තාක් පැවතිය යුතුය යන්න විශ්ව නිතිය වනවිට එම විශ්ව නීතිය කඩකරන්නන් තවදුරටත් ආරක්ෂා කළ යුතුද?   

5. පාලකයන්ට වරම් දුන් මනුෂ්‍ය ගෝත්‍රය නොසලකා, අමනුශ්‍ය බලවේගයන්හි ආශිර්වාද ලබාගැනීම් මතම යැපෙමින් සිටියි නම් පාලකයා පත්කළ මනුෂ්‍ය ගෝත්‍රය එම පාලකයා මතම යැපෙනවාද?  

6. පාලනය කරන පාලකයා, පාලනය වන සැමට පොදු නොවී යම් පසකට විශේෂත්වයක් දක්වයි නම්. එම පාලනය යටතේ දිගටම සිටිනවාද?  

7. අර්ථයෙන් පඩුරු යන කිසිවක් ලබාගන්නා පාලකයන් සිටියි නම් එම අය සමග ඉදිරියටත් ගනුදෙනු කරනවාද?  


දහවල හිරු අඳුරට ඉඩඳී සැගව යයි. එය පාඩමක් කියාදීමයි. එම පාඩම වනුයේ විශ්වයටද ආලෝකය සහ අඳුර යන නියමයට යටත්වීමට සිදුව ඇති බවයි. අනෙක් අර්ථය වනුයේ මනුෂ්‍ය ගෝත්‍රයද ඇතුලත් සියල්ල ආලෝකය සහ අඳුර නියමයට යටත්වන බවයි. මෙයින් උගන්වනුයේ විශ්ව අඳුර තුළ ලොව නිද්‍රාශීලි වනවා හා සමානව මනුෂ්‍ය ගෝත්‍රයද අදුරු සෙවනැලි සහ මතවලින් ඉවත්ව ආලෝකය තුළ ජීවත්විය යුතු බවයි.  


සාමාන්‍ය මනුෂ්‍යයාට අමතරව මනුෂ්‍ය වර්ගයා පාලනය කරන්නාවු පාලකයන්ද මළවුන් ගෙන්වා පිළිතුරු සහ විසදුම් ලබාගැනීමට මියගිය ආත්ම අවේශ කරගනිමින් ශාස්ත්‍ර කියන දේවාල හමුවේ වැද වැටෙන විට, අර සමාන්‍ය මනුෂ්‍ය ගෝත්‍රයට ලැබෙනුයේ කාගේ පිහිටක්ද යන්න බරපතල ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවෙයි.   

 

 
අරුණඩේල් විජේරත්න



අදහස් (0)

මළවුන් ආවේශයෙන් ශාස්ත්‍ර කියන්න පුළුවන්ද?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site