IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙර පාසල් දරුවාගේ මරණයේ අබිරහස වසර හයකට පසු හෙළිවෙයි

මළවුන්ගේ අනාවරණ

එතිලීන් ග්ලයිකෝල් රසායනිකය මිශ්‍ර වූ ආහාර ලබා දීමෙන් දරුවෙකු මරණයට පත් කළ බවට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ පෙර පාසල් ගුරුවරියක නිදහස් කිරීමේ සාක්ෂි හය වසරකට පසු සිදුවු මිය ගිය දරුවාගේ සහෝදරයාගේ මරණය නිසා හෙළිවීමේ පුවතක් කැනඩාවේ ඔන්ටාරියා ප්‍රාන්තයෙන් අසන්නට ලැබිණ.   

ඇය නමින් වනිත්ය. මිය ගිය දරුවා ෂේන්ය. ඔහුගේ වයස අවුරුදු දෙකකි. ෂේන් උපතින්ම දුර්වල නොවුණත් පසු කලෙක ඉතා කෙට්ටු විය. ෂේන් යනු ආහාරවලට රුචියක් නොදක්වන, එහෙත් ඉතාමත් ක්‍රියාශීලී දරුවෙකි. ෂේන්ගේ දෙමාපියන් ඔහුව වනිත් වෙත උදේ අටට පමණ භාර දී සවස ​හය​ෙවන තෙක් එහි තබා යන්නේ දරුවා හොඳින් රැකබලා ගනු ඇතැයි විශ්වාසයෙනි. වනිත් ඒ විශ්වාසය කඩ නොකළාය. ආහාර රුචියක් නොදැක් වූ ෂේන්ට වෙනම අවධානයක් යොමු කරමින් වනිත් සෑහෙන වෙලාවක් යොදවා ඔහුට ආහාර ද ලබාදුන්නාය. ෂේන්ගේ දෙමාපියෝ වනිත් දරුවා රැකබලා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් වූවා පමණක් නොව ඒ පිළිබඳ සතුට වනිත් වෙත ප්‍රකාශ කරමින් තෑගි බෝගද ලබා දුන්හ.   


මාස හයකට පමණ පසු එනම් 2004 ජුලි විසිහත් වැනි දා සුපුරුදු පරිදි ෂේන්ව වනිත්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබිණ. ඒ පෙර සේම ඔහුගේ දෙමාපියන් විසිනි. ෂේන් සුපුරුදු පරිදි සෙල්ලම් කළේය. වනිත් වදෙන් පොරෙන් ඔහුට ආහාර ලබා දුන්නාය. දහවල් දොළහ පමණ වෙන විට වෙන දා මෙන්ම ෂේන් නිදා ගත්තේය. පැයකට පමණ පසු වනිත් ඔහුව අවදිකරවීමට උත්සාහ කළාය. එහෙත් ඔහු වගේ වගක් නැතිව නින්දේය. අද නම් ෂේන්ට තදටම නින්ද ගිහිල්ලා යැයි කල්පනා කළ වනිත් ඔහුට තවත් විනාඩි පහළොවක් විස්සක් පමණ නිදාගන්නට ඉඩ හැර අනෙක් දරුවන්ගේ කටයුතු සිදුකළාය. අනතුරුව යළි ෂේන්ව අවදි කරන්නට තැත් කළත් ඔහු පෙර සේම තද නින්දේම සිටියේය. එපමණක් නොව ඔහුගේ ඇඟ ද සීතලව ගොසිනි. වනිත්ගේ ඇඟද ඒ තරමටම සීතල විය. ඇඟම සීතල වී ඇතැයි දැනුණත් ඇගේ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්නට ද විය. ඇය වහාම කැනේඩියානු දුරකථන නාමාවලියට අනුව 911ට අමතා හදිසි ප්‍රතිකාර ඒකකය කැඳෙව්වාය. 

 
මිනිත්තු කීපයක් තුළ වනිත්ගේ පෙර පාසලට හදිසි ප්‍රතිකාර ඒකකයේ කණ්ඩායමක් රැගත් ගිලන් රථයක් පැමිණියේය. ඔවුන් ෂේන්ට මූලික ප්‍රතිකාර සිදුකළ ද ලොකු වෙනසක් නොපෙන් විණි. අනතුරුව ඔහුව කෙනඩි මූලික රෝහලට ද ඉන්පසු ශාන්ත මයිකල් රෝහල වෙතට ද ගෙන යනු ලැබිණ. එහෙත් ඔහු​ෙග් ජීවිතය බේරාගත නොහැකි විය.   


ෂේන්ගේ හදිසි මරණය ඔහුගේ දෙමාපියන්ට මෙන්ම වනිත්ට ද මහත් කම්පනයක් ඇති කළේය. ඒ වනවිට වනිත් සිය දෛනික කාලයෙන් වැඩිම කාලයක් වෙන්කර තිබුණේ ෂේන් වෙනුවෙනි. ඔහුගේ දඟකාරකම් වනිත් ප්‍රභාමත් කරන්නට සමත් විය. ඒ නිසා තමන්ට සිටි එකම දරුවා නැතිවීමෙන් ෂේන්ගේ දෙමාපියන් දුක්වූවා සේම වනිත්ද දැඩි දුකට පත් වූවාය. එම මරණය සිදුවූයේ තමන් භාරයේ සිටියදීවීම නිසා ඇය වඩාත් කම්පනයට ද පත්වූවාය.   


ෂේන්ගේ මරණය ඔහුගේ දෙමාපියන්ට, වනිත්ට මෙන්ම වෛද්‍යවරුන්ටද මහත් ප්‍රහේලිකාවක් විය. පිටතින් පෙනෙන්නට කිසිම තුවාල කැළලක් හෝ තැළීමක් හෝ නැත. ඔහුට තිබූ කිසිදු නිධන්ගත රෝගයක් ගැනද දැනගන්නට නැත. කෙසඟ සිරුරක් තිබුණද ඔහු නිතර රෝගි වූ දරුවෙක්ද නොවේ. එසේ නම් මරණයට හේතුව කුමක්ද? එය දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ විනිසුරුවරයා නියෝග කළේය.   


බාහිරින් පෙනෙන කිසිදු වෙනසක් නොවූයෙන් සිරුර කපා පරික්ෂා කරනු ලැබිණ. අභ්‍යන්තරව ද කිසිදු තුවාල කැළලක් දක්නට ලැබුණේ නැත. ස්වභාවික රෝගී තත්ත්වයක ලක්ෂණ ද සොයා ගත නොහැකි විය. ඒ අනුව අභ්‍යන්තර අවයවවල පටක කොටස් අන්වීක්ෂීය පරීක්ෂණ සඳහා වෙන්කර ගත් පසු සිරුර ආදාහන කටයුතු සඳහා නිදහස් කරනු ලැබිණ.   


මෙසේ අන්වීක්ෂිය පටක පරීක්ෂණ සිදුකරගෙන යද්දී වකුගඩුවලින් ලබාගත් පටක කොටස් අන්වික්ෂීය පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ එහි අසාමාන්‍යතාවයක් දක්නට ලැබීණ. එනම් දීප්තිමත් කුඩා පළිඟු කැට වැනි යමක් මෙම පටක කොටස්වල දක්නට ලැබීමය. තවදුරටත් කරන ලද පරීක්ෂණවලදී ඒ ඔක්සැලික් අම්ල කොටස් බව තහවුරු විය. ඔක්සැලික් අම්ල කොටස් වකුගඩුවල තැන්පත් විය හැක්කේ බහිස්‍රාවීය ක්‍රියාවලියේදී වකුගඩු කරා පැමිණ එයින් පිට නොවී රැඳුණ කොටස් නිසාය. ඔක්සැලික් අම්ලය ශරිරය තුළ නිපදවෙන්නේ එතිලින් ගල්යිකෝල් නමැති රසායනිකය ශරීර ගත වූ විටදීය. එම රසායනිකය ශරීර ගත වූ විට ඔක්සැලීක් අම්ලය බවට පත් වී වකුගඩු ඔස්සේ මුත්‍රා සමග ශරීරයෙන් පිට වේ. ඇතැම්විට එසේ පිට නොවන ඔක්සැලික් අම්ල කොටස් වකුගඩුවල තැන්පත් වේ. එතිලින් ගල්යිකෝල් මිනිස් සිරුරට එකතුවීම සුදුසු නොවන විෂ රසායනිකයකි. ෂේන්ගේ රුධිර සාම්පල් පරික්ෂා කළ විට එහි මරණීය ප්‍රමාණයන්ගෙන් එතිලින් ග්ලයිකෝල් අඩංගු බව තහවුරු විය.   

 

මාස හයකට පමණ පසු එනම් 2004 ජුලි විසිහත් වැනි දා සුපුරුදු පරිදි ෂේන්ව වනිත්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබිණ. ඒ පෙර සේම ඔහුගේ දෙමාපියන් විසිනි. ෂේන් සුපුරුදු පරිදි සෙල්ලම් කළේය. වනිත් වදෙන් පොරෙන් ඔහුට ආහාර ලබා දුන්නාය. දහවල් දොළහ පමණ වෙන විට වෙනදා මෙන්ම ෂේන් නිදාගත්තේය. පැයකට පමණ පසු වනිත් ඔහුව අවදිකරවීමට උත්සාහ කළාය. එහෙත් ඔහු වගේ වගක් නැතිව නින්දේය. අද නම් ෂේන්ට තදටම නින්ද ගිහිල්ලා යැයි කල්පනා කළ වනිත් ඔහුට තවත් විනාඩි පහළොවක් විස්සක් පමණ නිදාගන්නට ඉඩ හැර අනෙක් දරුවන්ගේ කටයුතු සිදුකළාය. අනතුරුව යළි ෂේන්ව අවදි කරන්නට තැත් කළත් ඔහු පෙර සේම තද නින්දේම සිටියේය. එපමණක් නොව ඔහුගේ ඇඟ ද සීතලව ගොසිනි. වනිත්ගේ ඇඟද ඒ තරමටම සීතල විය. ඇඟම සීතල වී ඇතැයි දැනුණත් ඇගේ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්නට ද විය. ඇයට වහාම කැනේඩියානු දුරකථන නාමාවලියට අනුව 911ට අමතා හදිසි ප්‍රතිකාර ඒකකය කැඳෙව්වාය. මිනිත්තු කීපයක් තුළ වනිත්ගේ පෙර පාසලට හදිසි ප්‍රතිකාර ඒකකයේ කණ්ඩායමක් රැගත් ගිලන් රථයක් පැමිණියේය. ඔවුන් ෂේන්ට මූලික ප්‍රතිකාර සිදුකළ ද ලොකු වෙනසක් නොපෙන් විණ. අනතුරුව ඔහුව කෙනඩි මූලික රෝහලට ද ඉන්පසු ශාන්ත මයිකල් රෝහල වෙතට ද ගෙන යනු ලැබිණ. 
එහෙත් ඔහු​ෙග් ජීවිතය බේරාගත නොහැකි විය.  


එතිලින් ගල්යිකෝල් සාමාන්‍ය මිනිස් පරිභෝජනයට බහුලව යොදාගන්නේ ශීත රටවලදීය. ඒ ශීත කාලයේදී යම් යම් කොටස් අධිශීත වීම වැළැක්වීමටය. බොහෝ විට රථවාහන සහ වෙනත් යන්ත්‍රෝපකරණවල ඇති ද්‍රවමය ද්‍රව්‍ය ඝනවීම වළක්වා ගැනීමට මෙම රසායනිකය භාවිත කරනු ලැබේ. මෙය ඉතා විෂ සහිත බැවින් ආහාර සහිත ස්ථානවල තැන්පත් කිරීමෙන් පවා වැළකී සිටිය යුතුය. එසේ නම් ෂේන්ගේ රුධිරයට මෙය ඇතුළු වූයේ කෙසේද?   


ෂේන්ව ඔහුගේ මව විසින් වනිත් වෙත භාර දී තිබුණේ නිරෝගි තත්ත්වයන් යටතේය. ඒ බව වනිත්ද පිළිගන්නීය. එසේ නම් මෙම රසායනිකය ෂේන්ගේ ශරීරයට එකතු වී තිබෙන්නේ වනිත් භාරයේ සිටියදී විය යුතුය යන්න පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ගේ තර්කය විය. එහෙත් වනිත් එම අදහස පිළිනොගත්තාය. ඇය පැවසුවේ තමන් ෂේන්ව ඉතා හොඳින් රැකබලාගත් බවය. වනිත්ගේ එම අදහස ප්‍රතික්ෂේප කරන්නට හැකි සාක්ෂියක් ඇගේ පෙර පාසලට යාබදව පිහිටි නිවසෙන් හමුවිය. ඒ එතිලින් ග්ලයිකෝල් අඩංගු භාජනයකි. ඒ අනුව වනිත්ට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරුණ අතර ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.   
ෂේන්ගේ මරණයෙන් තෙවසරකට පසු ඔහුගේ දෙමාපියන්ට තවත් දරුවෙක් ලැබිණ. පෙර අත්දැකීම නිසා ෂේන්ගේ සහෝදරයා වූ විලී දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට භාර දීමට මේ දෙමාපියෝ අකමැති වූහ. ඒ නිසා ඔවුන් තම රැකියාවේ යෙදෙන කාල වේලාවන්හි වෙනසක් කර ගනිමින් මාරුවෙන් මාරුවට නිවසේ රැඳෙමින් දරුවා රැක බලාගත්හ. ඔහුද අවුරුදු එකහමාරක් පමණ වන විට ෂේන් සේම කෙසඟ විය. කෑමට ප්‍රියතාවය අඩු විය. එහෙත් ක්‍රියාශිලීය. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය ද ඔහුට කිසිම රෝගයක් නැති බව වෛද්‍ය මතය විය.   


මේ දරුවාටද වසර තුනක් පමණ වනවිට හිටි ගමන්ම ෂේන් සේම අසනීප විය. ඔහුද රෝහල්ගත කර ප්‍රතිකාර කළත් දිනකට පසුව මිය ගියේය. විලිගේ මරණය සම්බන්ධයෙන්ද පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරනු ලැබිණ. එහිදී ද ලැබුණේ ෂේන්ගේ මරණය සම්බන්ධයෙන් ලද ප්‍රතිඵලයම ය. මෙය නම් පුදුමාකාර සිදුවීමකි. ලංකාවේ පවුලක් වූවා නම් එය පෙර කළ පවක් සේ දකිනු ඇත. දෙමාපියන්ගේ කේන්දර බලා ඔවුන්ගේ අපලයක් නිසා මෙසේ සිදුවන බවට ජ්‍යොතීර්වේදීන් පවසනු ඇත. එහෙත් අධිකරණ තීන්දුවක් ජ්‍යොතිර්වේදීන්ගේ සොයාගැනීම් අනුව ගත නොහැකිය.   


ඒ නිසා පොලිස් කණ්ඩායම් දිගටම පරීක්ෂණ සිදුකළහ. පෙර මරණයේදී නම් වනිත් සතුව තිබී එතිලීන් ග්ලයිකෝල් භාජනයක් හමුවිය. එහෙත් මේ මරණය සිදුවූයේ දෙමාපියන් භාරයේ සිටියදී නිසා නිවසේ එවැනි රසායනිකයක් සොයාගත නොහැකි විය. මෙය සිදුවන්නේ කෙසේද? අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙනම මගකින් පරීක්ෂණ සිදුකිරීමට සිතුවේය. ඔහු පොත් පත් රැසක් එකතු කරගෙන මේ සම්බන්ධයෙන් කියවා බැලුවේය. අවසානයේ ඔහු නිගමනයකට එළැඹුණෝය.   


ෂේන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් අධිකරණ වෛද්‍ය රසායනාගාරයෙන් සොයාගත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විලීගේ හා ඔවුන්ගේ මවගේ රුධිර සාම්පල් දෙකක්ද ලබාගෙන ඒවා ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාහි එන්. එම්. එස්. පරීක්ෂණාගාරය වෙත යවනු ලැබුවේය. එයින් ඔහු බලාපොරොත්තු වූයේ මොවුන් ජාන ගත රෝගයකින් පෙළුණේද යන්න සොයා බැලීමය. එහි ප්‍රතිඵල වාර්තා ලැබිණ. මවගේ පරම්පරාවෙන් මවට අර්ධ වශයෙන්ද දරුවන්ට පූර්ණ වශයෙන්ද උරුම වූ ජානගත රෝගයක් ඇති බව එහිදී තහවුරු විය. එම රෝගයට අනුව ශරීරයේ එතිලින් ග්ලයිකෝල් ස්වභාවිකව නිපදවෙන අතර එය බහිස්‍රාවීය ක්‍රියාවලියේදී පිට නොවී මාරාන්තික ප්‍රමාණවලින් රුධිරයේ තැන්පත් වූ විට එම පුද්ගලයා මියයනු ඇත. මවට රෝගය තිබුණේ අර්ධ වශයෙන් නිසා මෙම රසායනිකය එලෙසින්ම නිපදවී නැති නමුත් රෝගය පූර්ණ වශයෙන් හිමි වූ දරුවන් දෙදෙනාට එය ඔරොත්තු දුන්නේ නැත. 

 
මෙම සොයා ගැනීමත් සමඟ ෂේන්ගේ දෙමාපියන් චෝදනාවෙන් නිදහස් වූවා සේම වසර හයකට පෙර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ වනිත්ව ද නිදහස් කෙරිණ. නීතිපති ඇයගෙන් සමාව ගත් අතර රජයෙන් ඇයට ඩොලර් මිලියනයක වන්දියක්ද ලැබිණ.   

 

 

 

 

මුදිතා දයානන්ද  



අදහස් (0)

පෙර පාසල් දරුවාගේ මරණයේ අබිරහස වසර හයකට පසු හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10898 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5913 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5216 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3222 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1699 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site