IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ණය තොණ්ඩු නිසා දිවි නහගන්න මහාරාෂ්ට්‍ර ගෙවිලියෝ

ලෝකෙන්  ටිකක්  

 

 

වගා කටයුතු සඳහා ගත් ණය පියවා ගැනීමට නොහැකිව ගෙවිලියන් දිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වේ. දශකයකටත් වැඩි කාලයක් පුරා පවතින කෘෂිකර්මාන්තයේ ගැටලු හේතුවෙන් ගෙවිලියන් 30,000ක් පමණ දිවි නසා ගෙන ඇත. මහාරාෂ්ට්‍රයේ අමරාවතී දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය වසරේ දිවි නසා ගැනීම් 22ක් වාර්තා වී ඇත. මසකට වරක් දිවි නසා ගැනීමක් වාර්තා වීම එම කලාපයට දැන් සාමාන්‍ය දෙයක් වී තිබේ. 


එම මිය යාම් පිළිබඳව නිවැරදි දත්ත ලබාදීම මෝදි ආණ්ඩුව විසින් හිතාමතා මග හරින බවත් කියැවේ. එවැනි දත්ත වාර්ෂිකව මුද්‍රණය කළත්, මෝදි ආණ්ඩුව බලයට පත් වූ පසුව එම කටයුත්ත නවත්වා ඇති බැවින් දත්ත නොමැති බව ඉන්දීය රජය පවසන බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි. 


මෙම දිවි නසාගැනීම්වලට හේතුව වශයෙන් කියැවෙන්නේ රජයේ කිසි සහයෝගයක් නොලැබෙන බැවින් වගා කටයුතු සඳහා වී තිබෙන දැඩි ණය බර හමුවේ එල්ලවෙන දරාගත නොහැකි පීඩනය යි. 2013 සිට මෙම ප්‍රාන්තයට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල සැපයුම ඇතුළු වෙනත් කටයුතු සඳහා ණය ගැනීමට සිදුව ඇතත්, වෙන මහන්සියේ තරමට අස්වැන්න නොලැබෙන බැවින් ඒ ණය ගෙවීම දුෂ්කර වී ඇත. දරුවන් රැකබලා ගැනීම, විවාහ කරදීම වැනි පවුලේ වගකීම් ද ඔවුන්ට දරන්නට සිදුවේ. 
පසුගිය වසරේ ජනවාරි හත් වෙනි දා එක් ගෙවිලියක් ණය බර දරා ගැනීමට නොහැකිව ගිනි තබාගෙන දිවි නසාගත්තාය. 


ණය ගෙවා ගැනීමට නොහැකිව සිටිය දී තවත් ණය වීම මෙම ගොවි ප්‍රජාවේ දක්නට ලැබෙන ලක්ෂණයකි. ඔවුහු වැඩි වැඩියෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනීමට පෙළැඹී සිටිති. 

 

 

 



අදහස් (0)

ණය තොණ්ඩු නිසා දිවි නහගන්න මහාරාෂ්ට්‍ර ගෙවිලියෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site