IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමට පිළිපැදිය යුතු කරුණු

ස්වභාව ධර්මය වෙනස්වෙයි. තාක්ෂණය වෙනස් වෙයි. කලින් කලට මිනිසාද වෙනස් වෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත්, නක්ෂත්‍ර විද්‍යාවත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රාදී ගුප්ත විද්‍යාවත් වෙනස් නොවේ. යන්ත්‍ර මන්ත්‍ර සූත්‍ර ඇසට නොපෙනෙන ජීවමය තරංග බලවේගයකි. අතීතයේ ඉසිවරුන් විසින් බිහි කරන ලද මෙම ප්‍රාණ බල අක්ෂර සංයෝග කළ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව වර්තමානය වනවිට විනාශ මුඛය කරා ගමන් කරමින් පවතී. 
 
එදා අපේ පැරණි මුතුන් මිත්තන් පරම්පරාගතව පවත්වාගෙන එනු ලැබූ මෙම වටිනා ශාස්ත්‍රය බුද්ධි හීනයන් අතට පත්වීම නිසා විනාශය කරා ගොස් ඇත. දැන් හැම ශාස්ත්‍රයක්ම ව්‍යාපාර බවට පත්වී ඇති කාලයකි. ගුප්ත විද්‍යාවටද එයින් ගැලවීමක් නැත.  


ගුප්ත විද්‍යාව යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්‍ර වශයෙන් කොටස් තුනකට අයත් වෙයි. එය වශී මෝහන විවේෂණ උච්ඡාටන ආක්ෂණ ස්තම්භක වාරණ යනුවෙන් තවත් කොටස්වලට බෙදේ.  


මන්ත්‍ර ශාස්ත්‍රය නොපෙනෙන මහා බලවේගයක් වුවද මෙය හරිහැටි ක්‍රියාවේ යෙදවීමෙන් මෙයින් ලබාගත හැකි පලප්‍රයෝජන විශාලය. වර්තමානයේදී තාක්ෂණයේ දියුණුව නිසා යන්ත්‍ර මන්ත්‍රාදී ගුප්ත විද්‍යාව පහතට ඇද දමා ඇති සැටියක් පෙනේ. නමුත් ගුප්ත විද්‍යා කටයුතුවල අවශ්‍යතාවයේ අඩුවක් නොපෙනේ. ආධුනිකයින් මෙයට යොමුවීමේ කිසියම් අඩුවක් පෙනෙන්නට තිබේ.  


එබැවින් ගුප්ත විද්‍යා කටයුතුවලට යොමුවීමට අපේක්ෂා කරන ආධුනිකයින් සඳහා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ ඇති බැරෑරුම් බවත් වගකීමත් වටහාදීම ඉතාම වැදගත් වෙයි. ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ පළපුරුදු ප්‍රවීණ ඇදුරෙකුගේ උපදෙස් හා මග පෙන්වීම ප්‍රථමයෙන්ම ලබාගත යුතුය.  


ගුප්ත විද්‍යාව පුහුණුවීමේදී ආධුනිකයින් ප්‍රථමයෙන්ම මන්ත්‍ර පාඩම් කරගත යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ස්වල්පයක් පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වෙයි.  


ප්‍රථමයෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනීමට පටන් ගන්නා අය රාත්‍රී 11 න් පසු මන්ත්‍ර පාඩම් නොකළ යුතු වෙයි. හඬනගමින් හෝ ඉතා හෙමින් පාඩම් නොකළ යුතුය. නිවස අසල කවර හෝ තොවිල්පොළවල් තිබෙන විට පාඩම් කිරීම නැවැත්විය යුතුය. අසල කුමන හෝ බෙර හඬක් ඇසෙන විටද හොඳ හෝ නරක හෝ වේවා මන්ත්‍ර පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතුවෙයි.  


විශේෂයෙන්ම මළ ගෙදරකට ගමකට හෝ මළ මිනියක් තිබෙන වෙනත් තැනකට හෝ ගොස් ආපසු පැමිණිවිට මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් සියලුම පොත් හා මන්ත්‍ර පරිහරණයෙන් වැළකීම වැදගත් වෙයි. එසේ නොකිරීමෙන් වටිනා මන්ත්‍ර ශාස්ත්‍රයේ බලය පිරිහෙනු ඇත.  


බැදුම් පිළිස්සුම් වැනි ආහාර වර්ග අනුභව කිරීමෙන් පසුවද මන්ත්‍ර පාඩම් කිරීම නතර කිරීමට වගබලා ගත යුතුයි. යම්කිසි ගමනක් යනවිට හෝ යාන වාහනයකදී හෝ මන්ත්‍ර පාඩම් නොකළ යුතුය. කිළිකුණු කොටහලු ගෙවල්වලට ගොස් ආපසු පැමිණි විටද ශාස්ත්‍රීය කටයුතුවලට අත නොතැබිය යුතුයි.  


විශේෂයෙන් මෙම මන්ත්‍රී ශාස්ත්‍රය මැතිරීම් වැනි කටයුතු කරන විට තනියම කාමරයකට වී ආරක්ෂා මන්ත්‍ර බල සහිතව, නිශ්ශබ්දව, එය පරිහරණය කළ යුතුය. මන්ත්‍ර පාඩම් කිරීමට යෙදෙන අය අපිරිසිදු අවස්ථාවල පාඩම් කිරීම නතර කළ යුතුවෙයි. වයස අවුරුදු 18 න් පහළ අය මන්ත්‍ර ශාස්ත්‍ර කටයුතු කරනවිට හැකි තරම් දුරට කල්පනාවෙන් හා ප්‍රවේශමෙන් කළ යුතු වේ.  


මෙවැනි මන්ත්‍ර ශාස්ත්‍රීය ගුරුකම් පාන්දර හතරහමාරෙන් පසු ආරම්භ කිරීම වැදගත් වෙයි. පාඩම් කරන පොතට සාම්බ්‍රානි දුම් අල්ලා ගුරුවරුන් දෙමාපියන් නැමද දෙවියන්ට පින් දී පාඩම් කිරීම ආරම්භ කරන්න.  


දිනපතා උදේ 5 සිට දහවල් 11 දක්වාත් දහවල් 1 සිට සවස 5 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රී 11 දක්වාත් මන්ත්‍ර පාඩම් කිරීමට සුදුසු වේලාවන් වෙයි. මේ බලවත් නීති ඇත්තේ මුලින්ම මන්ත්‍ර ශාස්ත්‍රය පටන්ගන්නා අයටය. පුරුදුවූ අයට මේ මන්ත්‍ර ශාස්ත්‍රයට වේලාවක් නැත. තමන්ට ඕනෑම අන්දමකට ඕනෑම වේලාවකට මින් වැඩ ගත හැක.  


මිල මුදලට තන්හාවෙන් මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන නොගත යුතුය. හිතෙන හිතෙන අන්දමට විනෝදයට මන්ත්‍ර ශාස්ත්‍රීය දේ නොකළ යුතුය. රාගනිශ්‍රිත අදහස් වලින් වශී ගුරුකම් වැනිදේ කිරීමේදී ප්‍රවේසම් විය යුතුය.  
ගුප්ත විද්‍යාව හැදෑරීමේදී මන්ත්‍ර පාඩම් කිරීමේදී යම් යම් නොපෙනෙන බලවේගයන්ගෙන් ඇතිවන දෝෂ උවදුරු ආදියෙන් ආරක්ෂා වීමට පහත සඳහන් ජීවිතාරක්ෂක මන්ත්‍ර කට පාඩම් කරගන්න. මෙම මන්ත්‍ර එකක් හෝ කට පාඩම් තිබේ නම් අනවින භූත දෝෂ ආදී බලවේගයන් තමා කරා නොපැමිණේ.  


ඕං මුනි නමෝ මුනි ජය අංගුලිමාල මුනි වෙසමුනි ආඥාවෙන් සර්ව ආරක්ෂා බන්ද බන්ද ඒස්වාහඃ  


ඕං ඊශ්වර සෙවණේය, ඊශ්වර සළු සෙවණේය මංග්‍ර සෙවණේය. මංග්‍ර සළු සෙවණේය. දිවගුරු බුදුන්නේ සඟල සෙවණේය. රන් ඇඳ අට කොන සෙවණේය. අට කොණ මරු බින්දෙන් සර්ව ආරක්ෂා බන්ද බන්ද ඒස්වාහඃ  


ඕං ඊශ්වර මංඩලේදී රාම වෙස්ගත් රාම වාලියා නම් මම තමාය සිද්ධි බන්ද බන්ද ඒස්වාහඃ  


ඇදුරා මෙන්ම ආතුරයාද පස් පවින් වැළකීම කිළිනොවැදීම කිළි සහිත ආහාර නොගැනීම ඉතාමත් අවශ්‍යය. එවිට එම කටයුත්තෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.  


ඇදුරාටත් ආතුරයාටත් දෝෂ උපද්‍රව ඇති නොවන අයුරින් ක්‍රියා කිරීමට වගබලාගත යුතුය. ඒ සඳහා පුරාණාචාරීන් පවත්වාගෙන ආ ක්‍රමවේදයන් ඇත.  


අතීතයේ ඇදුරන් සතුව තිබූ අතිභයානක, ක්ෂණික ප්‍රතිඵල ගෙනදෙන යන්ත්‍ර මන්ත්‍ර ඔවුන් සමගම වැළලීයාමට ඉඩහැර ඇත්තේ සමාජයට අහිතකර මෙන්ම විනාශකාරී තත්ත්වයන් උදාවිය හැකි බව විශ්වාස කිරීම නිසා විය හැක. 

 

 

 

 
සටහන  
ගම්පහ - අබේසේන හේරත්  

 



අදහස් (7)

ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමට පිළිපැදිය යුතු කරුණු

බන්දුල ධර්මවර්ධන Saturday, 17 November 2018 11:57 PM

මෙම සටහන තැබීම ගන ස්තුතිය ප්‍රකාශ කරමි. ආධුනිකයන්ට වටිනා උපදෙස්‌

:       4       7

තිලින සුරේෂ් Tuesday, 13 August 2019 10:29 AM

හොදයි ආසයි ඉගෙනගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද

:       0       13

හශිනි ඩිල්ෂානි Wednesday, 13 November 2019 04:20 AM

මේ පිළිබඳව මනා අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය යි. ඒ සදාහා නිර්දේශිත පාර්ශ්වයක් පිලිබඳ දැනුවත් කරන්න.

:       5       8

කනිශ්ක Sunday, 01 March 2020 12:16 PM

ඉගෙනගන්න පොත් තියෙනවානම් නම් දෙන්න. ලිපිය ගොඩක් හොදයි.

:       0       1

නානායක්කාර Sunday, 22 March 2020 05:54 PM

වැදගත්, මා යම්තාක් ප්‍රගුනකර ඇත නවකයින්ට අරාධනා

:       0       11

thilina anjana Thursday, 23 April 2020 01:39 PM

ඉගෙන ගන්න ආසයි...කොහොමද

:       0       3

Mangala Sunday, 31 July 2022 08:22 PM

මේ පිළිබඳව මනා අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය යි.

:       0       2

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site