IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගිනි කාලි යක්ෂණිය ගමක් බ්යපත් කරයි

අම්බලන්ගොඩ එක්තරා ප්‍රදේශයක සිදුවූ ත්‍රාසජනක අද්භූත සිද්ධීන් කිහිපයක් නිසා මුළු ප්‍රදේශයම භීතියෙන් ඇලළී ගියේය. එම භීතිය කොතෙක් දුරට පැතිර ගියාද කිවහොත් මුළු ප්‍රදේශවාසීන්ම තම නිවෙස්වල දොරඅගුල් සවස හයට පෙර වසා නිවෙස් තුළට වී සිටියෝය. කිසිවකුත් නිවසින් පිටතට ගියේ නැත. කිසිවකුත් රාත්‍රී කාලයේ තම නිවෙස්වලට පැමිණියේ නැත. එතරම්ම ත්‍රාසය, භීතිය රජ කෙරුණි. මේ හේතුව නිසාම රටපුරා මේ සිදුවීම් ගැන ආරංචි පැතිර යන්නට විය.   


ගිනි කාලි, ගිනි කඩවර, බහිරවී එක්ව මුළු ප්‍රදේශයේම භීතිය ඇති කළෝය. මෙය මෙසේ කටින් කටට පැතිර ගියේ ප්‍රදේශයේ සිදු​වෙන අද්භූතජනක දේවල් අමනුෂ්‍ය බලපෑම් නිසා සිදු​වන්නක් බවට ගම්මුන් විශ්වාස කරන්නට වූ නිසාය. ගම්මුන්ගේ දෛනික ජීවිතය උඩුයටිකුරු කරවන්නට මෙම භූත බලපෑම් සමත් විය. දහවල් කාලයේදී පවා කිසිවෙක් නිවෙස්වලින් පිටතට පැමිණියත් කුමක් සිදුවේදෝ යි යන අවිනිශ්චිත සිතුවිලිවලින් පසුවූහ.   


කාලි හත්කට්‌ටුව හෙවත් භද්‍රකාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන් කාලි, ගිනි කාලි යනුවෙන් ඇය ජනී ජනයාගේ හිත සුව පිණිස ස්‌වරූප හතකින් පෙනී සිටියත් ඒ සියලු ස්‌වරූප අබිභවා භද්‍රකාලි මෑණියන් වන්දනාමානයටත් ගෞරවයටත් නිබඳවම ලක්‌​වෙන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක්‌ ලෙස ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය හේතුවෙනි.   


භද්‍රකාලි මෑණියන්ගේ දේව සම්භවය පිළිබඳව ජනප්‍රවාදයේ දැක්‌වෙන ආකාරයට පුරාණ ඉන්දියාවේ මවක්‌ තම පුතු සමග වාසය කර ඇති අතර තරුණවියට පත් පුතුට මව විසින් තරුණියක විවාහකරදී දරු සුරතල් බැලීමේ ආශාවෙන් පසුව ඇත. එහෙත් කාලය ගෙවීයද්දී තම ලේළියට දරුවන් නොමැතිව තම බලාපොරොත්තුව සුන්වී යද්දී ඇය සිටියදීම තම පුතුට දෙවැනි විවාහයක්‌ කරදී ඇත. එහිදී දෙවැනි ලේළියට දරුගැබක්‌ පිහිටා ඇති අතර පළමු ලේළිය මන්ත්‍රකරුවකු ලවා යෙදූ උපක්‍රමයකින් දරු ගැබ විනාශ වී ඇත. දෙවනවරටද ඇයට දරුගැබක්‌ පිහිටා ඇති අතර එයද පෙරසේම විනාශ වූයෙන් තම පුතු ශාස්‌ත්‍රකරුවකු වෙත ගොස්‌ හේතු විමසද්දී ශාස්‌ත්‍රකරු සියල්ල පහදා දීමෙන් කෝපයට පත්ව නිවසට පැමිණ මෝල්ගසකින් පළමු බිරිඳට පහරදී ඇති අතර ඇය අවසන් හුස්‌ම හෙළා ඇත්තේ මා යක්‍ෂණියක වී තොපගේ දරුවා මරා කනවා යන බද්ධ වෛරයකිනි. එකෙණෙහිම ඇය යක්‍ෂණියක වී උපන්නාය.   


මේ අතර දෙවැනි ලේළිය තෙවැනි දරුගැබ දරා දරු ප්‍රසූතිය සිදුකර දරුවාත් මවත් පමණක්‌ නිවසේ සිටි මොහොතක පැමිණි යක්‍ෂණිය දරුවා පැහැරගෙන දිවයද්දී එය දුටු දරුවාගේ මව විලාප නගමින් යක්‍ෂණිය පසුපස ලුහුබඳින සිද්ධිය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අසීමිත බුද්ධ බලයෙන් යක්‍ෂණිය දමනය කර ධර්මය දේශනා කළෙන් බණ අසා පැහැදුණු පසුව අටදිසාවේ වෙසෙන ජනයාට සේවය කිරීමටත් ඔවුන් විසින් දෙන පුද පූජා පිළිගැනීමට බාරකළෙන් එතැන් සිට මේ දක්‌වා ඇය භද්‍රකාලී මෑණියන් ලෙස දේවත්වයෙන් පුද ලබන්නීය. 

 
එලෙස අපට පිහිට ලබාගත හැකි භද්‍රකාලි මෑණියන් වෙත අඟහරුවාදා හෝ සිකුරාදා දිනවල උදේ සවස දෙකටම පොදු කාලය තුළ ඇය වෙනුවෙන් රතුමල්, අබතෙල් මිශ්‍ර පහන්, සුවඳ දුම්, රිදී පඬුරු, දෙහිගැට මාලයක්‌ පූජා කර පිං අනුමෝදන් කිරීමෙන් පසු එදිනෙදා අපට මුහුණ දීමට සිදු​වෙන කරදර බාධක මගහැර ගනිමින් සතුටින් දිවි ගෙවීමේ හැකියාව උදා​වෙ​​​න අතර පහත සඳහන් භද්‍රකාලි නවග්‍රහ ස්‌තෝත්‍රය ගායනා කිරීමෙන් ග්‍රහ දෝෂ නිවාරණය කර ගැනීමේ හැකියාවද උදාවනු ඇතිය යන්න ජන වහරේ සඳහන්ය.   


මහ කළුවර රාත්‍රියෙහිද ගිනි ගහන මද්දහනෙහිද පිඟන්, හැඳි, දීසි ඉබේම පාවෙන්නට විය. නිවෙස්වල බඩුමුට්ටු හිටිහැටියේ එහා මෙහා ​වෙන්නට විය. සමහර නිවෙස් තුළ ගිනි ගැනීම් ද ඇතිවිය. උයන පිහන ආහාරවලට වැලි දැමීම, අසූචි දැමීම සිදුවුණි. එවන් අවස්ථාවලදී එකී නිවෙස්වල මිනිස්සු කුසගින්නෙන් පසුවූහ. නිරාහාරව සිටින්නට සිදුවිය. රාත්‍රියේ, සන්ධ්‍යා කාලයේ නොයෙක් නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. 

 

මෙම සියල්ල කර ඇත්තේ ඇය විසිනුයි. ගිනි තැබීම්, ගල් ගැසීම්, බඩු මුට්ටු එහා මෙහා කරවීම් කිරීමට හෝ කරවීමට කිසිදු අමනුෂ්‍යයෙකුට එනම්, භූතයෙකුට, කුම්භාණ්ඩයෙකුට, ප්‍රේතයෙකුට කළ නොහැකියි. ඒවා කළ හැක්කේ මනුෂ්‍යයෙකුටම පමණයි. ගිනිගත් දේ අතර වූයේ ඉක්මනින් ගිනි ඇවිළෙන දේ පමණයි. ගිනි තැබීම් සිදු​වෙන අවස්ථාවේදී කිසි​වකුත් එය දැක නැත. බඩුමුට්ටු එහා මෙහා ​වෙනවිට කිසිවකුත් දැක නැත. සියල්ල දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. බඩු මුට්ටු එහා මෙහා ගෙනයනවා කිසිවකුත් දැක නැත. තිබුණු බඩු එම ස්ථානයේ නොතිබීමත් වෙනත් ස්ථානයක තිබීමත් පමණයි දැක ඇත්තේ. එසේම ඒවා ප්ලාස්ටික් හෝ ඉසිලීමට හැකි භාණ්ඩ පමණයි.  ඉහත දැරියගේ ඇඳුම්වලට හෝ ඇගේ බඩු බාහිරාදියට කිසිදු හානියක් සිදුව නොමැත. බහිරවීය කියා කියාගන්නා එම දැරිය හා ඇගේ මිතුරිය වන ප්‍රියා කියන දැරිවියත් එක්වයි මෙය සිදුකර තිබෙන්නේ. මෙම සිදුවීම්වලට පාදක වී තිබෙන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති වී තිබුණු හීනමානයයි. පවුල් සංස්ථාව තුළ තමන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීමත් ඔවුන් අගය කිරීමක් සිදු නොකිරීමත් නිසා ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති විය.


ගම්මුන් සිතුවේ තවදුරටත් බියෙන් ජීවත් නොවී තමන්ව භීතියට පත්කරන භූතයින්ට කුම්භාණ්ඩයින්ට පාඩමක් ඉගැන්විය යුතු බවයි. සියල්ලෝ කැති මුගුරු අතට ගෙන රාත්‍රියේ ගම පුරා ඇවිදින්නට වූහ. තැනින් තැන නතර වී භූතයෝ සිටින්නේ කොහිදැයි විමසිල්ලෙන් පරීක්‍ෂා කරන්නට පටන් ගත්හ. එක්වරම නොසිතූ විරූ ලෙස ගල් වරුසාවක් ඔවුන් මත පතිත වන්නට විය. භූතයන් අල්ලන්නට රැකවල්ලා සිටි පිරිසෙන් කිහිප දෙනෙක් බුදු අම්මෝ කියමින් පණ බයේ දුවන්නට පටන් ගත්තෝය. එක් පිරිසක් නොබියව ගල් ආ පැත්තට දුවන්නට ගතේය. එහෙත් හෝඩුවාවක් නොලැබුණි. සියල්ල නිසලව ඇත. භූතයෝ තව තවත් භීතිය පතුරා ගම්මුන් බියට පත් කළෝය.   


මේ අතරතුරදී එක් නිවෙසක ජීවත් වූ අයෙක් මිය ගියේය. මියගියේ නිවසේ ගෘහමූලිකයාය. මෙම නිවසේ ජීවත් වූයේ මියගිය පුද්ගලයාත් ඔහුගේ බිරිඳ හා එකම දියණියත් පමණකි. අවමංගල කටයුතු සිදුකර අවසන් වී දින කිහිපයකි. එක්වරම මියගිය පුද්ගලයාගේ දියණිය ආරූඪ ​වෙන්නට වූහ. 

 
ඇය “අන්න ගිනි කාලි ගිනි තියනවා. බහිරවී ගිනි තියනවා. ගිනි කඩවර ගිනි තියනවා” යනුවෙන් ආවේශයෙන් යුතුව පවසන්නට වූවාය. ප්‍රදේශවාසීන් සිතුවේ ඇය පියාගේ වෙන්වීම දරාගත නොහැකිව එසේ පවසනවා යනුයි. එහෙත් සතියට තුන් හතර වතාවක්ම නිවසක යම් සිදුවීමක් වුවහොත් ඇයට ආරූඪ වී ඇය සිදුවීම කළේ ගිනි කාලි, ගිනි කඩවර යනුවෙන් ආවේශයෙන් පැවසුවාය. මැයගේ වයස අවුරුදු පහළොවකි.   


මේ සිදුවීම් සියල්ල ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට ද දැනගැනීමට ලැබුණි. තම පරීක්‍ෂණ කණ්ඩායම සමඟින් අම්බලන්ගොඩට පැමිණි ඔහු මෙම ප්‍රදේශය සොයා ආවේය. වෛද්‍යවරයා පැමිණෙන අතරමගදී මෙම සිදුවීම් එක් එක් පුද්ගලයාගෙන් විමසා දැනගත්තේය. මේ වනවිට නව මුහුණුවරක් ගත් සිදුවීම වූයේ ඉහත කී පහළොවක් වයසැති ගැහැනු ළමයාගේ ආරූඪ වීමය. වෛද්‍යවරයාගේත් පර් යේෂණ කණ්ඩායමේත් අවධානය ඇය කෙරෙහි යොමුවිය. මුලින්ම ඇයව හමුවීමට තීරණය විය. මෙම ගැහැනු දරුවාගේ නිවස බලා පිටත් විය.   


මෙම දැරිය හමුවී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්‍රශ්න කිහිපයක් ඇගෙන් ඇසීය.   


වෛ- ඔබගේ නම කුමක්ද?   
දැරිය- බහිරවී   
වෛ- මේ ගමේ සිදු​වෙන සියලු අද්භූත සිදුවීම් සිදුවෙන්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවාද?   
දැරිය- මාස පහක්   
වෛ- මොකක්ද මුලින්ම වුණේ?   
දැරිය- ගල් ගැහුවා   
වෛ- කොහේටද.   
දැරිය- ගෙවල්වලට. වහලවල් වලට. ඊට පස්සේ අපේ ගෙදරටත් ගල් ගැහුවා   
වෛ- ගෙවල් ඇතුළේ ගිනි ගැනීම් වෙන්න ගත්තේ කවදද?   
දැරිය- දැන් සති තුන හතරක් ඇති   
වෛ- බඩු මුට්ටු එහා මෙහා කරන්නෙ කවුද?   
දැරිය- ඒක මම දන්නෙ නැහැ.   
වෛ- හරි එතකොට මේවා කරවන්නේ මනුස්සයෙක්ද, අමනුස්සයෙක්ද?   
දැරිය- මම දන්නෙ නැහැ   
වෛ- කවුද කරන්නේ මේවා?   
දැරිය- ගිනි කාලියි, ගිනි කඩවරයි. ඒවා කරන්න මනුස්සයන්ට බැහැ.   
වෛ- මේ සිදුවීම් වෙද්දි ඔබට මොකද වෙන්නෙ   
දැරිය- මාව වෙවුලනවා. සිහි නැතිවෙනවා. මට කිසිම දෙයක් ඊට පස්සෙ මතක නැහැ.   
වෛ- ඔබ මතක් කරන්න   
දැරිය- නැහැ මට මතක නැහැ   
පියවි තත්ත්වය තුළදී ඇගෙන් දැනගත හැකි වූයේ එම කරුණු කිහිපය පමණි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙම ගැහැනු ළමයාව මනෝ විශ්ලේෂණයට භාජනය කළේය.   
වෛ- ඔබට කවුරු හරි කිවුවා නේද මේවා කරන්න කියලා?   
දැරිය- ඔව්   
වෛ- කවුද ඒ?   
දැරිය- දන්නෙ නෑ   
වෛ- නෑ ඔබ දන්නවා ඔබයි මේවා කරන්නෙ කියලා   
දැරිය- ඔව්. ඒත් ඒවා ඉබේම සිදුවෙනවා. ඒවා නොකර ඉන්න බෑ.   
වෛ- ඔබද නිවෙස් තුළ ගිනි තිබ්බෙ ?   
දැරිය- ඔව්   
වෛ- කොහොමද කළේ ඔබ?   
දැරිය- වහලවල්වලට ගිනි තිබ්බෙ ගෙවල් ඇතුළේ ඉඳලා අතේ උසින්. රෙදිවලටත් ගිනි තිබ්බා. ඒවා මමයි කළේ   
වෛ- ගල් ගැහුවේ?   
දැරිය- මමයි. කාටවත් නොපෙනෙන දුරින් ඉඳලා මමයි ඒවා කළේ. මට එහෙම කරන්න කියලා කියනවා. මට මතක එහෙම කියනවා විතරයි. කියන කෙනාව මට පේන්නෙ නෑ. ඇහෙනවා විතරයි.   
වෛ- මුලින් ගල් ගහපු ගෙදර මතකද?   
දැරිය- ඔව්   
වෛ- ඒක කළෙත් ඔබමද?   
දැරිය- ඔව්. ඒක වුණෙ මෙහෙමයි. ඒ ගෙදර ප්‍රියා කියලා මගේ වයසේම ගැහැනු ළමයෙක් ඉන්නවා. එයා තමයි මුලින්ම ගල් ගහලා තියෙන්නේ. ඒක දැකලා එයාගේ අම්මා අපේ අම්මා එක්ක කියනවා මං අහගෙන හිටියා.

 

ඊට පස්සේ තමයි මම ඒවා කරන්න ගත්තේ.   


ඇයගෙන් ලබාගත් තොරතුරුවලින් ඉහත දැක්වූයේ සාරාංශයක් පමණි. ඒ අනූව මෙම සිදුවීම් කෙරෙහි නිගමනයකට එළඹීමට හැකිවිය. මෙම සියල්ල කර ඇත්තේ ඇය විසිනුයි. ගිනි තැබීම්, ගල් ගැසීම්, බඩු මුට්ටු එහා මෙහා කරවීම් කිරීමට හෝ කරවීමට කිසිදු අමනුස්සයෙකුට එනම්, භූතයෙකුට, කුම්භාණ්ඩයෙකුට, ප්‍රේතයෙකුට කළ නොහැකියි. ඒවා කළ හැක්කේ මනුස්සයෙකුටම පමණයි. ගිනිගත් දේ අතර වූයේ ඉක්මනින් ගිනි ඇවිළෙන දේ පමණයි. ගිනි තැබීම් සිදු​වෙන අවස්ථාවේදී කිසි​වකුත් එය දැක නැත. බඩුමුට්ටු එහා මෙහා ​වෙනවිට කිසිවකුත් දැක නැත. සියල්ල දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. බඩු මුට්ටු එහා මෙහා ගෙනයනවා කිසිවකුත් දැක නැත. තිබුණු බඩු එම ස්ථානයේ නොතිබීමත් වෙනත් ස්ථානයක තිබීමත් පමණයි දැක ඇත්තේ. එසේම ඒවා ප්ලාස්ටික් හෝ ඉසිලීමට හැකි භාණ්ඩ පමණයි.   


ඉහත දැරියගේ ඇඳුම්වලට හෝ ඇගේ බඩු බාහිරාදියට කිසිඳු හානියක් සිදුව නොමැත. බහිරවීය කියා කියාගන්නා එම දැරිය හා ඇගේ මිතුරිය වන ප්‍රියා කියන දැරිවියත් එක්වයි මෙය සිදුකර තිබෙන්නේ.   


මෙම සිදුවීම්වලට පාදක වී තිබෙන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති වී තිබුණු හීනමානයයි. පවුල් සංස්ථාව තුළ තමන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීමත් ඔවුන් අගය කිරීමක් සිදු නොකිරීමත් නිසා ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති විය. එම නිසා ඔවුන් අගය කිරීමත් අවධානය යොමු කරන ලෙසත් දෙමාපියන්ට අවවාද කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේද පැවසීය.   


තාක්ෂණය දියුණු මෙවන් යුගයකත් අද්භූත අමනුෂ්‍ය බලවේග මත විශ්වාසය තබන මිනිසුන් සිටීම හරිම ඛේදනීය තත්ත්වයක්. නමුත් දෙවියන් හෝ භූතයින් නැති බව අපි නොකියමු. එහෙත් මෙවන් සිදුවීම් ​වෙන්නේ මනුෂ්‍ය සිත් තුළ පමණි. මානසික ගැටලුකාරී තත්ත්වයක් මත මෙවන් සිදුවීම් වී ඇති බවට ඔබට වැටහෙන්නට ඇත.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)   


හබරාදුව නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

ගිනි කාලි යක්ෂණිය ගමක් බ්යපත් කරයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5224 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1526 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site