IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගංජා මිශ්‍ර රොටී පුදන මාදං ගහේ බහිරව දේවාලය

පාද යාත්‍රාවෙන් ඇවිත් 
කතරගම දෙවියන්ගෙන් ආශිර්වාදය පතන මිනිස්සු-2

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

 

ඔකඳ දේවාලයේ නැවතී සිටින වන්දනාකරුවන් 

 

ඔකඳ දේවාලය

 

නැවතී ඒ දෙස බලා සිටින විට නඩයේ කෙනෙක් “අරෝ...... හරා......” යැයි කීය. මා ද පෙරළා “අරෝ...... හරා......” යැයි කීවෙමි. එසේ කරන්නේ ඇයි දැයි දැන ගන්නට මට උවමනාවක් විය. වයසක දෙදෙනාගෙන් එසේ කරන්නේ ඇයි දැයි මම සිංහලෙන් ඇසීමි. ඔවුන් දීර්ඝ විස්තරයක් කළේය. නමුත් මට එය තේරුණේ නැත්තේ ඔවුන් දෙමළ භාෂාවෙන් එය පැහැදිලි කළ නිසාය. මගේ වාසනාවට සිංහල තේරෙන මැදිවියේ කෙනෙක් ඒ අතර විය. 

 

“මේ අය මේ ගමන එන්නේ සෙරෙප්පුවත් නැතුව. එතකොට කකුල් පොළොවේ ගැටෙන ප්‍රමාණය වැඩියි. රත් වෙච්ච පොළොවේ පයින් යනකොට කකුල්වල හමට අපහසුතා දැනෙනවා. උණු උණු අලි බෙටි හොඳට පෑගුවාම ඒක ඖෂධයක් කියලායි කියන්නේ. අලියා විෂ තියන ගහක් කොළක් කන්නේ නැති නිසා අලි බෙටිවල කිසිම වසක් විසක් නෑ කියලත් කියනවා.” සිංහල දන්නා මැදිවියේ අරමුගේ නාදන් පැහැදිලි කර දුන්නේය. 
“පිටි පතුල්වල අලුත් ම අලුත් කුළු මී ගොම ගාගෙන අවුවේ ගියාම කකුල් අමාරුව අඩු වෙනවලු. ඒ වුණාට මේ ගමන යද්දී ඒ වගේ අලුත් කුළු මී ගොම හම්බවෙන්නේ අඩුවෙන් ලු. අලි බෙටිත් එහෙමලු. උදේම යන කෙනෙකුට මිසක් ඒවා හම්බවෙන්නේ නැතිලු. ඒකලු මුන්දලෑ උදේ එළිය වැටුණු ගමන් ම මේ පිටත් වෙන්නේ. ඉස්සර ආව ගිය හැම කෙනෙක්ම මේවගේ දේවල් කළාට දැන් කළොත් හිනහ වෙනවලු. දැන් අය සපත්තු දාගෙන එන හින්දා ඒ අය මේවා කරනවා දැක්කාම විහිළුවට ගනී කියලත් කියනවා.” නාදන් මහතා පැහැදිලි කර දුන්නේය. 


විශේෂයෙන් යාල කලාප අංක දෙකේ පිහිටි ජලය රැඳී පවතින, දිවුල්ගස්වැව, නබඩගස්වැව, බැද්දේතිරව වැව, තිරව වැව, මිල්ලන් වැව, ආගරගදුනේ වැව, ආගරවැව, ඉහළ මහ පිළින්නාව වැව, ඉහළ කුඩා පිළින්නාව වැව, කඩිය වැව, කොටමත්තේ පහළ වැව, තලන්තොට වැව, දිගනේ වැව, වඩුකන්බුදුම වැව, බෝගහවැව, රදාවැව, රුගම්වැව ආදී වැව් බොහොමයක් මේ වනවිට සිඳී ගොසිනි. නමුත් පසුගිය වසරේ මේ දිනවලට වඩා ඒවායේ වතුර වැඩිය. 


කුරුන්දේ ආර, කටුපිළආර, නබඩගස්ආර ආදී ආරවල්වල වතුර මට්ටම වෙනදට වැඩිය පවතී. මේ නිසා යාල කලාප අංක දෙකේ මෙන්ම විශේෂ ජාතික ආරක්‍ෂිත කලාපයේ ද වෙසෙන වනඅලින්, දිවියන්, වලසුන්, ගෝනුන්, මුවන්, කුළු හරකුන් වැනි සිව්පා සතුන් වතුර සොයා වැඩිදුර නොයති. දිය රැඳී ඇති පොත්තන, පිළින්නාව වැනි කලපු ආශ්‍රිතව කුළුහරකුන් මෙවර වැඩිපුර දැක ගත නොහැකි විය. 


මේ ගමනේ දී කැලෑවේ නවතින පිරිස් ආහාර පිසීම සහ තේ උණුකර ගැනීම වැනි දේවල් සඳහා ගිනි අවුළුවා ගැනීමට ලොකු ගස් පාමුල සුළං ආවරණයට යොදාගෙන තිබෙන අයුරු දැක ගත හැකි විය. මේ තත්ත්වය ඉතා දරුණු ව්‍යවසනයක් බව යාල කලාප අංක දෙකේ දී අපට හමුවු යාල ජාතික උද්‍යාන භාරකරු වන ඩී.පී. සියාසිංහ මහතා පැවසුවේ ය. 


“ඇත්තටම මේක ලොකු හානියක්. එක ගහක් මුල කෙනක් ගිනි දැල්ලුවාම තවත් කෙනෙක් ගිනි දැල්වනවා. කණ්ඩායම් කිහිපයක් මෙහෙම කළාම ගහේ කඳ දිරාපත් වෙලා ගහ මැරෙනවා. වීර, පලු වගේ ගස්වලට මෙහෙම වුණාම ඒවායේ ගෙඩි කන සත්තුන්ට ආහාර හිඟයක් එනවා. කුමන ඉඳලා කටගමුව දක්වාම ගත්තාම ගස් කීයක් නම් මේ විදියට පිච්චිලා තියනවද? 


“දැන් ගොඩාක් මේ පා ගමනට එන තරුණ කණ්ඩායම් ඉන්නවා. එයාලට මේ පරිසරයේ අගයක් නෑ. ඉස්සර වන්දනාවේ එතකොට නඩයක නායකයෙක් ඉන්නවා. නඩේ ගුරාගේ කීමට පිටින් කවුරුවත් වැඩ කරන්නේ නෑ. වගකීමක් නැතුව එන කණ්ඩායම් වගේම පරිසරය ගැන දැනුමක් අවබෝධයක් නැති සමහර කාන්තාවන් මේ වැඩේ කරනවා. එහෙම කරන්න එපා කියලා අපි ඉල්ලනවා. අවුරුද්දට දවස් 14ක් වගේ මේ විදියට පයින් යන්න දෙන්නේ. මේ පාර විතරයි ඊට වැඩියෙන් යන්න දෙන්නේ. ඒ ටික දවසට ලොකු හානියක් වනාන්තරයේ ගස්වලට සිදුවෙනවා” සියාසිංහ මහතා පැවසුවේය. 


එමෙන්ම වනෝද්‍යානය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් තැනින් තැන දමා යාම ද ගැටලුවක් බව ඔහු කීවේය. ඒවා බැහැර කිරීමට නියමිත තැන් සකස් කර ඇති නිසා ඒ තැන්වලට පමණක් ඒවා බැහැර කළොත් මහ කැලේ සිවුපාවා ප්ලාස්ටික් පොලිතීන් රකුසාගෙන් බේරාගත හැකි වනු ඇති බව ද කීවේය. 


කතරගම දෙවියන් වැඳ පුදා ගන්නට මේ යන පාද යාත්‍රාවේදී “බහිරව දෙවියන්” වෙනුවෙන් පූජා තියන බැතිමතුන් පිරිසක් ගැන කීවේ යාල කලාප අංක දෙකේ වන්දනාකරුවන් රාත්‍රී නවාතැන් ගන්නා ළිං තුන අසල හය වන වරටත් වෛද්‍ය කඳවුරක් පවත්වන නැගෙනහිර පළාත් සභාවේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අලගයියා ලතාහරන් මහතාය. 

“පිටි පතුල්වල අලුත් ම අලුත් කුළු මී ගොම ගාගෙන අවුවේ ගියාම කකුල් අමාරුව අඩු වෙනවලු. ඒ වුණාට මේ ගමන යද්දී ඒ වගේ අලුත් කුළු මී ගොම හම්බවෙන්නේ අඩුවෙන් ලු. අලි බෙටිත් එහෙමලු. උදේම යන කෙනෙකුට මිසක් ඒවා හම්බවෙන්නේ නැතිලු. ඒකලු මුන්දලෑ උදේ එළිය වැටුණු ගමන් ම මේ පිටත් වෙන්නේ. ඉස්සර ආව ගිය හැම කෙනෙක්ම මේ වගේ දේවල් කළාට දැන් කළොත් හිනහ වෙනවලු. දැන් අය සපත්තු දාගෙන එන හින්දා ඒ අය මේවා කරනවා දැක්කාම විහිළුවට ගනී කියලත් කියනවා.”


“මෙතන ළිං තුන ළඟට ටිකක් එහායින් කැලේ ඇතුළට වෙන්නට බහිරව දේවාලයක් තිබුණ බවට පැරණි වන්දනාකරුවන් කියනවා. ඒ අය එතනට කියන්නේ නාවල් අඩි කියලා. නාවල් කියන්නේ මාදංවලට. පැරණි මාදං ගහක ත්‍රිශූලයක් ගහලා තියනවා. ඒක දැං ගහට සවිවෙලා. එතන අවට සුදු වැලි අතුරලා සකස් කරලා තියෙන්නේ. ඒ ගහ ඉස්සරහ පැරණි ළිඳක් තියනවා. සමහරු මෙතනට පුද පූජාවන් තියනවා. ගංජා මිශ්‍ර රොටී හදලා පූජා කරනවා. ඒ අය කියන්නේ මෙතන හාස්කම් තියනවා කියලා.”වෛද්‍ය ලතාහරන් මහතා කීවේ ය. එපමණක් නොව අඳුරු වැටෙමින් තිබූ හැන්දෑවේ ඔහු අප එතැනට කැඳවාගෙන ද ගියේ ය. 


මීට පෙර දෙවතාවක් පාද යාත්‍රාවේ පැමිණියත් මට මේ බහිරව දේවාලය යැයි විශ්වාස කරන තරන මගහැරී ගියේ ය. ළිං තුන අසලට එන වන්දනාකරුවන්ට ඖෂධ තේ දන්සලට සහාය වන මස්කෙළියේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන එම්. බාලේන්ද්‍රන් මහතා ද පැවසුවේ පාද යාත්‍රාවේ එන බැතිමතුන් එහි වන්දනා කටයුතු කරන බවයි. 


මහකැලේ පා ගමනින් එන වන්දනාකරුවන්ට අංගසම්පූර්ණ කෑම වේලක් ලබාදෙන බත් දන්සලක් මීට හත් වසරකට පෙර ඇරඹුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නීලංග මහතාය. කිසිදු අපද්‍රව්‍යයක් පරිසරයට බැහැර නොකර අතිශය පරිසර හිතකාමීව කෙසෙල් කොළයක කෑමට දෙන බත් වේල වෙහෙස මහන්සි වී එන අයට ලොකු අස්වැසිල්ලකි. කලක් කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කළ ප්‍රදීප් නිලංග මහතා කටුපිල ආරේදී මට හමුවිය. 


“මහ කැලේ දවස් කිහිපයක් ගත කරලා කතරගමට ළංවෙන්න තවත් දවස් දෙක තුනක් තියෙද්දි තමයි මේ කටුපිලආරේ දන්සල දෙන්නේ. ඉස්සර අපට එන බැතිමතුන් ගැන ප්‍රමාණය මෙපමණයි කියලා ඉලක්කයක් තිබුණේ නෑ.” 

 

කුඩා කැබිලිත්ත දේවාලය

 

“නමුත් දැන් අපි මහ කැලේ මැද පොත්තන ඩිජිටල් ගණන් කිරීමේ යන්ත්‍රයක් සවිකරලා තියනවා. ඒක වන්දනාකරුවන්ට අවබෝධයක් නැතුව ඇති එතන පසු කරන හැම කෙනෙක්ම ගණන් ගැනීමක් ස්වංක්‍රීයව සිදුවෙනවා. ඊට පසුසේ හමුදාවේ උදව් ඇතුව ඒ ගණන් අපි මෙතැනට රේඩියෝ සංඥා මගින් ගෙන්වා ගන්නවා. පොත්තන ඉඳලා මෙතනට එන්න පැය දෙකක් විතර යනවා. ඒ අය මෙතනට එනකොට උණු උණුවේ බත්වේලක් අපිට දෙන්න පුළුවන්. කෑම අපතේයාමක් වෙන්නේත් නෑ.” දියවඩන නිලමේවරයා කීවේය. 


මේ එන හැම බැතිමතෙක්ම ශරීර කෘත්‍ය කර ගන්නට යන්නේ මහ බැද්දටය. අවසන් දිනවල නවතින ස්ථානවල ගඳ උසුලන්නට බැරි තරම්ය. ඒ නිසා ගඳ නොදැනෙන තැන් කරා ඇවිත් අලුත් තැනක නැවතීමට වන්දනාකරුවෝ පුරුදුව සිටිති. එය ද වනාන්තරයේ පරිසර සමතුලිතතාව නැතිවීමට හේතුවකි. 


බාගුරාව, මඩමෙතොට, ළිං තුන, පොත්තන, පරණ තොටුපොළ සහ වරහන යන ස්ථානවල තාවකාලික වැසිකිළි පද්ධතියක් වන්දනාකරුවන් සිටින දින කිහිපයට සැකසිය හැකිනම් එය වැදගත් බව සමහර වන්දනාකරුවෝ කියති. ඒවා ස්ථිර ලෙස ඉදිකිරීම ඵලක් නොවන බව ද ඔවුහු පෙන්වා දෙති. මේ තැන් ආසන්නයේ ඇති ඔය, ආර සහ ගංගාවලින් වතුර මෝටර් මගින් ඒ වැසිකිළිවලට වතුර දුනහොත් පරිසරයේ අපවිත්‍රතාව වළක්වා ගත හැකි බව ද එම වන්දනාකරුවෝ කියති. කතරගම දේවාලයේ බස්නායක නිලමෙවරයාගේ අවධානය ඊට යොමුවිය යුතු බව ඔවුහු කියති. 


එසේම කුමන ජාතික උද්‍යානයෙන් වනාන්තරයට පිවිසෙන සෑම වන්දනාකරුවෙකුටම වනාන්තරය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කර දෙමළ සහ සිංහල භාෂාවලින් සැකසූ අත්පත්‍රිකා බෙදාදිය හැකි නම් එය ද වැදගත් වනු ඇති බව මා ගිය කණ්ඩායමට නායකත්වයක් දුන් ලලිත් ගමගේ සහ නිශාන්ත මුණසිංහ යන අනුරාධපුර සහ අම්පාර දිසා වන නිලධාරීහු මෙන්ම නුවරඑළිය අතිරේක දිසා වන නිලධාරී රොෂාන් ද අල්විස් මහතා යෝජනා කළහ. 


දැන් මේ පාද යාත්‍රාවට එන නවකයන්ට මෙහි පරිසරය සුරැකීමේ වැදගත්කම කියා නොදුන්නොත් කුමන සහ යාල කලාප අංක දෙකේ වන සතුනුත් ඉටිකොළ සහ ප්ලාස්ටික් රකුසාට ගොදුරු වී නැසී යනු ඇත.

 

 

 

 

 

 

 

අජිත්ලාල් ශාන්තඋදය 


පාද යාත්‍රා සංචාරයකින් පසු...

 



අදහස් (0)

ගංජා මිශ්‍ර රොටී පුදන මාදං ගහේ බහිරව දේවාලය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site