IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොළඹ කනත්තට පමණක් දෙවැනි වූ කොටුවේ ටයිම්ස් මන්දිරය

සිහිවටනයක පසුබිම් කතාව

 

ඉපැරණි ටයිම්ස් මන්දිරය තුළ නැවතත් ‘පෙරළියක් ඇතිවී තිබේ. එහි ගොඩනැගිල්ලේ තිබූ ඉපැරණි දොර උළුවහු - සිවිලිම් හිත්පිත් නැති ලෙස ගොඩනැගිල්ල ඉදිරිපිට ගොඩගසා තිබීම දුටු එම ඓතිහාසික සුවිසල් මන්දිරයට ආදරය කළ පුද්ගලයකුට නම් එය හද කකියන්නකි. කලක් පෙරදිග ලෝකයේ විශාලතම පත්තර මන්දිරය වූද හැත්තෑව දශකය වනතුරුත් ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස අභිසෙස් ලැබූවා වූද එම මන්දිරයේ ප්‍රකාශකයන්ගෙන් දිවි රැකගත් පත්‍ර කලාවේදීන්ගේ නූතන පරම්පරාව ලෙස මතු පරම්පරාව උදෙසා ‘ටයිම්ස්’ පුරාණය මතු පරපුර උදෙසා ‘ලිඛිතව’ රැක දීමට යුතු කමක් මෙන්ම අයිතියක් ද ඇත.

 

ටයිම්ස් අතීතය විවිධ අණපනත් හරහා සුද්දන් දේශීය ගොවිබිම් ලක්ෂ ගණනක් අත් කරගෙන ‘කෝපි අධිරාජයක්’ ගොඩනගාගත් යුගය තෙක් දිව යයි. සුද්දන් එකල තේ, පොල්, රබර්වලට වඩා ආදායම් ලැබුවේ ‘කෝපි’ අපනයනයෙනි. එම නිසාම එයට ‘කෝපි කාලේ’ යයි පොදු ජනතාව නමක් ද පටබැන්දූහ. කෝපි අධිරාජයක් ගොඩ නැඟූ සුද්දන්ට තිබූ එකම අඩුපාඩුව ‘සිලෝන්’ නම් වූ සුන්දර යටත් විජිතය තුළ තමන්ට තිබීමට ඉංග්‍රීසි පුවත්පතක් නොමැතිවීමයි.


සුද්දන්ට වූ මේ ‘පත්තර දොළ දුක’ මීට වසර 167කට පෙර සංසිඳවාගන්නට බ්‍රිතාන්‍ය කිරීටය සමත් විය. දිනය හරියටම කිවහොත් 1846 ජූලි මස 11 වැනිදාය. සුද්දා ‘සිලොන්’ එකට කෙතරම් ආදරයක් දැක්වූවාදැයි කදිම සාක්ෂියකි ඒ එංගලන්තයේ ටයිම්ස් පුවත්පත පටන් ගත්තේ 1844 දීය. ඔවුන් යටත් විජිතයක ආරම්භ කළ ප්‍රථම පුවත්පත ලෙසද එය ඉතිහාසයට එක් වී ඇත. මෙහි සුවිශේෂත්වය ඉන්දියාවේ පවා ටයිම්ස් ව්‍යාපාරය මේ වන විට ආරම්භ කොට නොතිබීමයි.


මුළුමනින්ම වතු සුද්දන්ගේ ඕනෑ එපාකම් සපුරා ගැනීම තම එකම පරමාර්ථය වූ මෙම ප්‍රකාශනය වත්මනේ අප දකින ඉපැරණි ටයිම්ස් ගොඩනැගිල්ලේ ආරම්භ කළ එකක් නම් නොවේ.


ටයිම්ස් ව්‍යාපාරය මුලින්ම අරඹා ඇත්තේ ඉහළ වැතැම් විදියේය. පසුව එය පහළ චැතැම් විදියට ගෙන ආ අතර ඉන්පසු වසර 23ක්ම තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ රැජින විදියේ අංක 15 දරන තැනයි. මේ වකවානුව නිශ්චිතව කිවහොත් 1871 නොවැම්බර් සිට 1894 දක්වාය.


වත්මන් ටයිම්ස් මන්දිරයේ මුල් ගොඩනැගිල්ල වැඩ නිමවා ඇත්තේ 1929 දීය. 1929 දී වැඩ නිම වූ මුල් ගොඩනැගිල්ල වෝකර් පුත්‍ර සමාගම කොන්ත්‍රාත්කරුවන් ලෙස සඳහන්ය. එය තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් විය. බ්‍රිස්ටල් විදියේ වරිපනම් අංක  3 ලෙස හැඳින් වූ එම ඉඩම ටයිම්ස් සමාගම මිල දී ගෙන ඇත්තේ පර්චසයක් රුපියල් 27,000 බැගිනි.


ගොඩනැගිල්ලේ දෙවෙනි අදියර දී කෙළින් වීදියත් බ්‍රිස්ටල් විදියත් එක්වන මුල්ලේ කොටස ද මිලදී ගෙන ඇත. එම කොටස මිල දී ගෙන ඇත්තේ අක්කරයක් රුපියල් තිස් ලක්ෂයක ගණන් වලය. එම ඉඩමේ මුල් අයිතිකරුවන් වූයේ බවුස්ටඩ් නම් සමාගමකි. අද මේ මිලට මේ ඉඩම විකුණන බවට පත්තරයක දැන්වීමක් පළකළහොත් ගැනුම්කරුවන්ගේ පෝලිම කොළඹ කොටුවේ සිට එංගලන්තයේ ‘ජංෂන් හංදියෙ’ ඇති ටයිම්ස් ගොඩනැගිල්ල තෙක් දිගු වනවා නියතය.


මේ ඉපැරණි ටයිම්ස් භූමිය නිහඬව කියාපාන ඓතිහායික වැදගත්කම පුරා විද්‍යා දෙපාර්තමේන්දුව දැන සිටියේ නම් මේ ගොඩනැගිල්ලේ වත්මන් ප්‍රතිසංස්කරණවලට කීයටවත් ඉඩ දෙන්නේ නැත. 


ඓතිහාසික ලේඛන පිරික්සීමේ දී පෙනියන්නේ පෘතුගිසි සහ ඕලන්ද යුගවල දී කොළඹ වරායෙන් නගරයට ඇතුළුවන දොරටුව පිහිටුවා තිබුණේ මෙම ස්ථානයේ බවය. එහි එක් කොටසක් අදද ටයිම්ස් ඉඩමට යාබද කොමෂල් බැංකු ගොඩනැගිල්ල අද සුරක්ෂිතව ඇත.


1947 වනතුරුත් ටයිම්ස් නාමය පොදු ජනතාවට එතරම් හුරුපුරුදු නාමයක් වූයේ නැත. රටේ සංස්කෘතිය සභ්‍යත්වය තුට්ටුවකට නොතැකු ටයිම්ස් ප්‍රකාශන සුද්දන් වෙනුවෙන්ම කතා කරන්නට අරඹන ලද්දක් බව අමුතුවෙන් කිවයුතු නැත.


මේ වකවානුව වගවීම ‘දිනමිණ’ සිළුමිණ පුවත්පත් තුළින් පත්තර අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටියේ ලේක් හවුසිය හිමි ඩී.ආර්. විජයවර්ධනය, ලේක් හවුසියට වාමවාදී පත්තරකාරයින් ‘බේරේ ගෙදර’ ලෙස ද භෞතීස්ම කර තිබුණේය. විජයවර්ධන පන්තර අධිරාජයාගේ ඇසට ද වැලි ගසමින් මේ වන විට ටයිම්ස් අයිතියේ මහා පෙරළියක් සිදුවෙමින් පැවතුණි. අවසානයේ ටයිම්ස් මංදිරය මිල දී ගෙන තිබුණේ පත්‍ර කලාවට කිසිදු සම්බන්ධයක් නැති යාපනේ ව්‍යාපාරිකයකු වූ සංගරපිල්ලේ මහතා විසිනි. හින්දු භක්තියකු වූ ඔහු නිර්මාංශ ජීවිතයක් ගත කළ චාම් පුද්ගලයකු විය.


මේ පෙරළිය වන විටත් ‘දිනමිණ’ ඒකාධිකාරයට එරෙහිව දේශීය අවශ්‍යතාවට මුල් තැන දෙන සිංහල පුවත්පතක් ඇරඹීමට ටයිම්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නිතිපතා එන පුද්ගලයක් විය. ඔහු ඩී.බී. ධනපාල විය. මේ නම පෙරළිය ඔහුට වෙස්වළාගත් ආශිර්වාදයක් වූයේ සංගරපිල්ලේ හිටපු ඕඩිටර් ජනරාල්වරයකු වූ මුතුවේලූ මහතාගේ ඥාතියකු විමයි. ධනපාල මහතා විවාහ වූයේ මුතුවේලු මහතාගේ ‘ලොකු දුව’ වූ රතී මුතුවේලූ සමගය. 
ටයිම්ස් අයිතිය සංගරපිල්ලේගේ වුවත් කළමනාකර අධ්‍යක්ෂවරයා වූයේ ටොම් ලිම්සන් නම් සුද්දෙකි. 1939දී ලේක් හවුසියේ ජී.කේ. ස්ටුවර්ට් නම් සුද්දා සමග ගෝරියක් දමාගන එළියට බැස්ස ධනපාලට ටොම් ලිම්සන් කීවේ තමාගේ මළමිනිය උඩින් මිස ටයිම්ස් මන්දිරයෙන් සිංහල පත්‍රයක් පටන් ගැනීමට ඉඩ නොදෙන බවය. අවසානයේ සංගරපිල්ලේ ‘ටොම් ලිම්සන්ව’ හොලිඬේ නිවාඩුවකට එංගලන්තයට යවා ධනපාලට අමතන්නට විය.
‘මම හම්බ කළේ සිංහල මිනිස්සුන්ගෙන් ‘සිංහලයන්ට වැඩදායක ඕනෑම දේකට මම අනුමැතිය දෙනවා”


සංගරපිල්ලේ අනුමැතිය යටතේ 1947  ඔක්තෝබර් 27 වැනි දින දිනපතා සිංහල පුවත්පතක් ටයිම්ස් මන්දිරයෙන් එළියට ආවේය. හවසට නිකුත් වූ එය ටැබ්ලොයිඞ් ප්‍රමාණයේ එකක් විය. 


ජුලියස්ද ලැනරෝල් ප්‍රධාන කර්තෘවරයා වූ මේ ‘ලංකාදීපයේ’ ධනපාල පැත්තකට වී ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ සිංහල පාඨකයන්ට ඩි.බී. ධනපාල යන නම එතරම් හුරු නමක් නොවීම නිසාය.


මෙරට දේශපාලන සංස්කෘතියක මහ පෙරළියක පෙරනිමිත්තක් වූ ‘ලංකාදීපය’ පංචමහා බලවේගය තුළින් 1956 බණ්ඩාරනායක බලයට ගෙන ඒමට කළ සේවය අද කාටත් අමතකව ඇත. පනස් හයේ පෙරළියේ නිගම උරුමක්කරුවන් බණ්ඩාරනායක ධනපාලයන් ඇතුළු ලංකාදීපයේ මහනාම දිසානායක, ශ්‍රීි චන්ද්‍රරත්න මානවසිංහ, ප්‍රින්ස්  ගුණසේකර, රත්න දේශප්‍රිය, ධර්මසිරි ජයකොඩි, කේ.එම්. සිරිසේන පෙරමුණේ තිලක, පියල් වික්‍රමසිංහ ආදින් බව ඉතිහාසය අමතක කොට දමා තිබේ.


බොහෝ දෙනා සිතා සිටින්නේ ටයිම්ස් ආයතනය වසා දැමුවේ 1985 දී බවය. එහෙත් එය මුලින්ම වසා දමා ඇත්තේ මීට වසර 56කට පෙරය. 1957 දී වසා දැමුණු ටයිම්ස් මන්දිරයේ වෙනසකට තිබුණේ එය විකුණා නොදැමීමයි. එය ඉතිහාසයට එක්ව ඇත්තේ ‘ටයිම්ස් ලොකවුට්’ එක ලෙසය. 

 

ටයිම්ස් පරිපාලනය ගරා වැටුණු හැම විටකම (රජයට එය පවරාගන්නට පෙර සහ පසු) බොහෝ අලුත් ප්‍රකාශන නිකුත් වන්නට විය. ඒවා ආයතනයේ පරිපාලනය අල්ලා ගැනීමට ගැසූ ‘කැලෑපත්තර’ ප්‍රකාශන විය. මිනී අළු කොඩිවින, හූනියම් ප්‍රධාන කර්තෘගේ කාමරයට ද අඩුවක් නොවූ අතර ‘ටයිම්ස්’ නාමය කොඩිවින වස්කවිවලට එක්වී දේවාලවල ද ඇසෙන්නට විය. ටයිම්ස් ගොඩනැගිල්ලේ ඉතිහාසය දත් පැරන්නන් පවසන්නේ මේ භූමිය දෙවෙනි වන්නේ කොළඹ කනත්තට පමණක් බවය. ඊට හේතුව ටයිම්ස් ගොඩනැගිල්ලේ පාලකයන් අතර ඇති වූ ගැටුම්වල දී වළලා ඇති මිනී අළු මුට්ටි ගණන නිසාය. වරක් ටයිම්ස් බලධාරියකුට ආරක්ෂාවට මුට්ටියක් වළලන්නට අවශ්‍ය විය. මුලින්ම හැරූවලට යටින් මතුවූයේ කොඩිවින මුට්ටියකි. දෙවෙනියට හාරන ලද මුට්ටියට යටින් ද මතු වූයේ එවැනිම මුට්ටියකි. තුන් වැනි තැනක් රිටකින් ඇන බලා සොයා ගන්නට අවසානයේ ඔහුට සිදුවිය. එවකට අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ කර්තෘ මණ්ඩලයේ බලය අල්ලාගැනීමට උපයෝගි කොට ගෙන ඇති ප්‍රකට උපක්‍රම වී ඇත්තේ මැතිරූ තෙල් පුටුවල ගෑම, ඇණ ගැසීම, නූල් ගැටගැසීම සහ පැන්නීම ආදියයි. එවකට කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකුගේ සුරතල් නාමය වී ඇත්තේද ‘අළු දෙනිය’යි. පාන්දර ජාමයේ කර්තෘ මණ්ඩලයට පැමිණ මිනී අළු ඉසිමින් සිටි ඔහු රහසේ පියුන් කෙ​ෙනකු දැක තිබීම නිසා මෙම නම පට බැඳෙන්නට ඇත.

 

 


1957 දී ලංකා වෙළෙඳ සේවා සංගමය ටයිම්ස් පරිපාලනය මුළුමනින්ම අවුල් කළ නිසා අන්තිම සේවකයත් එළියට දමා ටයිම්ස් ආයතනය ඉබි යතුරු දමන්නට ටයිම්ස් පරිපාලනයට සිදුවිය.


සේවකයකුට ටයිම්ස් මන්දිරය ඉදිරිපිට පිහියෙන් ඇන මරන්නට තරම් තත්ත්වය බරපතළ විය. ටයිම්ස් මන්දිරය නැවත සේවකයන් වැඩට ගෙන ඇත්තේ ‘විනය ගිනි මාලාවකට’ අත්සන් ගැනීමෙන් පසුවය. හූ කියූ, සටන් පාඨ කියූ සටන්කාමීන්ගේ නම් නව සේවක අත්සන් පොතේ නොවීය.


1959 අගභාගය වනවිට ධනපාල ටයිම්ස් දීගයට කණකොකා හඩන්නට විය. දැදිගම අසුනට ඩඞ්ලි සේනානායකට එරෙහිව නියෝජ්‍ය කර්තා රත්න දේශප්‍රිය සේනානායක ඉදිරිපත් කිරීම ධනපාලට එරෙහි චෝදනාව විය. 


1975 පමණ වන විට ටයිම්ස් පරිපාලනය අනුර බණ්ඩාරනායකගේ අණසකට යටත් වී තිබුණි. එවකට සිරිමාවෝ මැතිනිය අගමැතිවරිය වූ අතර නව පරිපාලනය හරිස් හුලුගල්ලට භාරවිය.


1977 දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව පිහිටුවා දින නවයත් තුළ කළ මුල්ම ‘ධාර්මික’ කටයුත්ත අනුර බණ්ඩාරනායකගේ අණසකට යටත්ව තිබූ ටයිම්ස් ව්‍යාපාරය රජයට පවරා ගැනීමයි.


1977 අගෝස්තු 1 වැනිදා නාගරික කොමසාරිස්වරයා ලවා ප්‍රකාශයක් නිකුත් කළ ධර්මිෂ්ඨ ආණ්ඩුව ටයිම්ස් ආයතනය රු 2,32,142.72 හිඟ වරිපනම් ගෙවීමට ඇති බැවින් එය වෙන්දේසියේ විකුණන බවට ප්‍රකාශයට පත්කරන ලදී.


ඌරාගේ මාළු ඌරාගේ පිටෙම තබා කපමින් මැතිනිය ලේක්හවුසිය රජයට පවරා ගැනීමට ගෙන ආ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතම උපයෝගි කරගනිමින් ‘මැතිනියගේම පුත්‍ර රත්නයේ’ අණසකට යටත්ව තිබූ ටයිම්ස් ව්‍යාපාරය රජයට පවරාගන්නා ලදි.


රජයට පවරා ගැනීමෙන් පසු ටයිම්ස් ව්‍යාපාරය පත්තර කොම්පැනියකට වඩා එජාපයට වැඩ කළ පාක්‍ෂිකයන්ට රැකියා දෙන ‘කඩයක් බවට’ පත්විය. නමුත් සුප්‍රක්‍රට ස්වස්තික ව්‍යාපාර හිමි සිරිසෝම රණසිංහ ‘ටයිම්ස් බලධරයා වූ පසු වසර විස්සකට පසු ටයිම්ස් ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්විය.


මහා භාණ්ඩාගාරයේ මුදල් අත්තිකාරමක් මත පවත්වාගෙන ආ ටයිම්ස් ව්‍යාපාරය 1979 මාර්තු 31 වැනිදායින් අවසන් වූ ගිණුම් වර්ෂය තුළ ශුද්ධ ලාභය රුපියල් මිලියන හතර හමාරක් බව මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.


සිරිසෝම රණසිංහ ටයිම්ස් ආයතනය තුළ සිරිල් මැතිව්ගේ වෘත්තිය සමග නිතර ගැටුණු පුද්ගලයෙකි. ජේ.ආර්.ගේ කුලුපග මිතුරකු වූ රණසිංහ, සිරිල් මැතිව් සම්බන්ධ ගැටුමක් මත ජේ.ආර්. සමග විරසක වී ටයිම්ස් පරිපාලනයට ආයුබෝවන් කියන්නට විය. 


ඔහුගේ නික්ම යාමෙන් පසු පරිපාලනය ඇසෝසියේටඞ් මැනේජ්මන්ට් සර්විස් සමාගමට පැවරුණි. ටයිම්ස් වාණිජ මුද්‍රණ අංශය ඓතිහාසික වශයෙන් ලාබ ලැබූ යුගය ලෙස එය සඳහන්ය. එම අංශයෙන් වැඩ කරවාගත් ආයතනවලට වෘත්තීය සමිතිකාරයන් පෙත්සම් ගැසීම නිසා වෙළෙඳ මුද්‍රණ අංශය ද කොට උඩ ගොස් සේවකයන්ට පඩිගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට අසරණ විය.


ටයිම්ස් පරිපාලනය ගරා වැටුණු හැම විටකම (රජයට එය පවරාගන්නට පෙර සහ පසු) බොහෝ අලුත් ප්‍රකාශන නිකුත් වන්නට විය. ඒවා ආයතනයේ පරිපාලනය අල්ලා ගැනීමට ගැසූ ‘කැලෑපත්තර’ ප්‍රකාශන විය. මිනී අළු කොඩිවින, හුනියම් ප්‍රධාන කර්තෘගේ කාමරයට ද අඩුවක් නොවූ අතර ‘ටයිම්ස්’ නාමය කොඩිවින වස්කවිවලට එක් වී දේවාලවල ද ඇසෙන්නට විය.


ටයිම්ස් ගොඩනැගිල්ලේ ඉතිහාසය දත් පැරන්නන් පවසන්නේ මේ භූමිය දෙවෙනි වන්නේ කොළඹ කනත්තට පමණක් බවය. ඊට හේතුව ටයිම්ස් ගොඩනැගිල්ලේ පාලකයන් අතර ඇති වූ ගැටුම්වල දී වළලා ඇති මිනී අළු මුට්ටි ගණන නිසාය. 


වරක් ටයිම්ස් බලධාරියකුට ආරක්ෂාවට මුට්ටියක් වළලන්නට අවශ්‍ය විය. මුලින්ම හැරූවලට යටින් මතුවූයේ කොඩිවින මුට්ටියකි. දෙවෙනියට හාරන ලද මුට්ටියට යටින් ද මතුවූයේ එවැනිම මුට්ටියකි. තුන් වැනි තැනක් රිටකින් ඇන බලා සොයා ගන්නට අවසානයේ ඔහුට සිදුවිය.


එවකට අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ කර්තෘ මණ්ඩලයේ බලය අල්ලා ගැනීමට උපයෝගි කොට ගෙන ඇති ප්‍රකට උපක්‍රම වී ඇත්තේ මැතිරූ තෙල් පුටුවල ගෑම, ඇණ ගැසීම, නුල් ගැට ගැසීම සහ පැන්නීම ආදියයි. එවකට කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකුගේ සුරතල් නාමය වී ඇත්තේද ‘අළු දෙනිය’යි.


පාන්දර ජාමයේ කර්තෘ මණ්ඩලයට පැමිණ මිනි අළු ඉසිමින් සිටි ඔහුව රහසේ පියුන් කෙනුකු දැක සිටීම නිසා මෙම නම පට බැදෙන්නට ඇත.


එකිනෙකා කපා දමා ඉහළට ඒමට කළ කොඩි වින, හූනියම්, රූප ඉටියෙන් හදා කටු ගැසීම්, තාච්චියේ බැදීම් ආදිය අවසානයේ කාවැදුණේ ටයිම්ස් මන්දිරයටමය. එම මන්දිරයට අත් වූ අභාග්‍යසම්පන්න මරණයට වගකිවයුත්තේ අන් කිසිවක් නොව ඒවාය.


අවසානයේ යුගයක් නිර්මාණය කළ ටයිම්ස් මන්දිරය කිසිවකුගේ හව්හරණක් නැතුව දහස් ගණනක් සේවක පිරිසක් අතරමං කරදමා සාමාදානයේ සැතපුණේය.


1985 ජනවාරි 31 වැනි දින මධ්‍යාහන 12 ට කැබිනට් තීරණයක් මත වසා දමන ලද ලද්දේ වසර 139 ක් නොනිමුණු ‘ටයිම්ස් පහන’ නොහොත් ‘පෙරදිග ලෝකයේ ඉපැරණිම පත්තර කන්තෝරුවයි. 

 

 

 

වජිර ලියනගේ



අදහස් (0)

කොළඹ කනත්තට පමණක් දෙවැනි වූ කොටුවේ ටයිම්ස් මන්දිරය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site