IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාලි මෑණියන් දඬුවම් දෙන කතාව ඇත්තද ?

මිනිසාට දිනෙන් දිනම ඇතිවන කරදර දුක් කම්කටොළු වැඩි වීමත් සමඟ ඊට සහනයක් පතමින් නොයෙකුත් දේවල් කරා යොමු වෙති. බොහෝ දෙනෙකු සහනය පතා දෙවියන් කෙරෙහි විශ්වාසය තබා දෙවියන් අදහති. කුමණ හෝ සහනයක් පතා දෙවියන් කෙරෙහි විශ්වාසය තබාගෙන බොහෝදෙනා දෙවියන් අදහමින් බාර හාර වෙති.   


ඇතැම් අය තමන්ට විණ කරන හෝ තමන්ට කරදරයක් කරන අයට දෙවියන්ගෙන් දඬුවමක් ලබාදීමට ද පෙළඹී සිටින පිරිසක්ද නැතුවා නොවේ. බොහෝ දෙනෙකු එවැනි දඩුවමක් ලබා දීමට පැමිණෙන්නේ භද්‍රකාලි හෙවත් කාලි මෑණියන් වෙතයි. එහෙත් භද්‍රකාලි මෑණියෝ එවැනි දඬුවම් දෙන කෙනෙක් ද යන්න අප විමසීමක් කළේ කාලි මෑණියන් පිළිබඳ බොහෝදේ සොයා බලා විවිධ තොරතුරු රැස් කළ විජය කුමාර කපු මහතා ගෙනි. ඔහු වසර කිහිපයක් විවිධ ශාන්තිකර්මවලින් බොහෝ දෙනෙකුට පිහිට වෙන කපු මහතෙකි.  

 

 

ඔහුගෙන් අප විමසීමක් කළේ භද්‍රකාලී හෙවත් කාලි මෑණියන් කවුරුන්ද කොහේ සිට ලංකාවට පැමිණියේද, මෑණියන් විවිධ දඬුවම් දෙන කෙනෙක්ද යන්න පිළිබඳවයි. ඔහු සඳහන් කරන පරිදි කාලි මෑණියන් මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සවලට නිරන්තරයනේ පිහිටට එන මාතාවක් බවයි. කිසි විටෙකත් දඬුවම් බලාපොරොත්තුවෙන් මෑණියන් අැඳහීම නොකළ යුතු බවද විජය කුමාර කපු මහතා සඳහන් කළේය.  

 

ප්‍රශ්නය - කවුද මේ කාලි මෑණියෝ කියන්නේ  ? 


පිළිතුර - කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගන පාර්වතී කියන මේ මෑණියන්ගේ එක් අවතාරයක් තමයි කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ. මේ කාලි මෑණියෝ ගැන කියන විට ඊශ්වර දෙවි හාමුදුරුවෝ හිමාල පර්වත රාජයා ඒ කියන්නේ මේනා කියන දේවියගේ දියණිය තමයි පාර්වතී කියලා කියන්නේ. පාර්වතීගේ එක අවතාරයක් තමයි කාලි මෑණියෝ කියලා කියන්නේ. එතකොට පත්තිනි මෑණියෝ, ලක්ෂ්මි මෑණියෝ මේ වගේ දිවියංගනා වන්ගේ නාමය දරන්නේ පාර්වතී කියන දෙවියන්ගෙන් තමයි පැවතෙන්නේ. මේ කියන සියලුම මෑණිවරු එහෙම නැති නම් අම්මාවරු කියන අය අන්න එතනදී එකක් තමයි කාලමෑණියෝ කියලා හඳුන්වන්නේ. කාලි මැණියන් හඳුන්වනවා මව් දෙවඟන කියලත්.  


ප්‍රශ්නය - එතකොට මේ කියන සියලුම මෑණිවරු පැවතෙන්නේ පාර්වතී දේවියන්ගෙන්ද?  


පිළිතුර - පාර්වතී දෙවියන්ගේ අවතාරවලින් තමයි මේ සියලු මෑණිවරු පැවතෙන්නේ. පාර්වතී දේවියට අවතාර 16ක් තිබෙනවා කියලා සඳහන් වෙනවා. අන්න ඒ අවතාරවලින් එකක් තමයි කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ. කාලි කියලා කියන්නේ කෙනෙකු දුකට පත්වුණාම ඒ කියන්නේ හිමාලයේ පාර්වතී දෙවියන්ගෙන් දුකට පත්වූ කෙනෙකු පිහිට පැතුවා. මේ දුකට පිහිට වෙන්න මව් දෙවඟන කියලා හඳුන් වූවා කාලි කියලා. කාලි රාක්ෂණියේක එහෙමත් නැතිනම් කාලි යක්ෂණිය කියලා තමයි එතනින් පස්සේ හඳුන්වනු ලැබුවේ.  


ප්‍රශ්නය - කොහොමද මේ උතුම් මෑණියෝ යක්ෂණියක් වුණේ?  


පිළිතුර - ඒකනේ මම මුලින් සඳහන් කළේ දාසය අවතාරයක් තිබෙනවා කියලා. ඒ දාසය අවතාරවලින් එක්ක තමයි කාලි රාක්ෂණිය කියලා කියන්නේ. ඊශ්වර දෙවිහාමුදුරුවොත් මේ ලෝකෙට ඇවිල්ලා තුන් ඇහෙන් බලන කොට ගිනි දැන් පිටවුණා කියලා කථාවක් තිබෙනවානේ. ඉතින් ඊශ්වර දෙවියන්ගේ භාර්්‍යාවටත් එවැවනි බලයක් තිබෙනවා. ඊශ්වර දෙවියන් භාවනා කරන්න යන කොට එය වැළැක්වූවා පාර්වතී දේවිය. ඊට පෙස්සේ උමා කියලා හැඳින්වූවා. අන්න ඊට පස්සේ උමා, පාර්වතී කියන නාමයන්ගෙන් තමා මේ කාලි මෑණියන් කියන තත්ත්වයට පත්වන්නේ.  


ක්‍රි.පූ. 7 සහ 8 වැනි කාලවල අභයගිරියෙන් හමුවූ සෙල්ලිපිවලින් සොයාගෙන තිබෙනවා ​ෙම් කාලවලදී ශිව දෙවියන් පාර්වතී දෙවියෝ ලංකාවට වැඩියා කියලා. අන්න එතන ඉඳලා තමයි ලංකාවේ ජනතාව දෙවියන් කෙරෙහි නැඹුරු වෙන්න පටන් ගත්තේ. යම් කිසි කෙනෙකු දුකට පත්වූවාම කාලි මෑණියෝ පිහිටට එනවා. එවැනි සංකල්පයක් අපේ ජනතාව තුළ පවතිනවා. දෙවියන්ගෙන් පිහිටක් ලැබෙයි කියලා. ඉතින් එක එක්කෙනාගේ විශ්වාසය හැටියට විවිධ පුද පූජා පවත්වනවා. කාලි මෑණියන් යක්ෂ අවතාරය ගත්විට තමයි ඔබ පුළුටු, සැවුල්, එළවන් වගේ සත්වයන් පූජා කරන්නේ. බිලි පූජා දෙනවා කියලා අපි හඳුන්වන්නේ. දැන් පත්තිනි මෑණියෝ කියලා අපි හඳුන්වන්නේ උමා පාර්වතී කියන එකම කෙනා. එකම සමූහයක් අර සමූහයෙන් දැඩි ලෙස අවේගශීලී වූවාම, මිනිසුන්ට දුකට පත්වූවාම අසාධාරණයට ලක් වූවාම පිහිට වෙන කෙනාට තමා භද්‍රකාලි කියලා කියන්නේ.  


ප්‍රශ්නය - කාලි මෑණියන්ගේ මුල් උප්පත්තිය ගැන කතා කළොත්?  


පිළිතුර - විශ්ණු දෙවිහාමුදුරුවන්ගේ නැගණිය කියලා තමයි සඳහන් වෙන්නේ. මේ උමා පාර්වතී කියන දේවිය. උමා කියන චරිතයටනේ කාලි මෑණියෝ කියන්නේ. විවිධ අවස්ථාවල මවා ගන්නා ස්වරූප අනුවයි කාලි මෑණි​ෙයා් කාලි යක්ෂණිය වගේ හඳුන්වන්නේ.   

 
ප්‍රශ්නය - ලංකාවට කොහොමද කාලි මෑණියෝ සමීප වෙන්නේ?  


පිළිතුර - ඊශ්වර ​ෙදවිහාමුදුරුවන් හිමාල වනයේ ඉඳලා ලංකාවට පැමිණ කුවේණිගේ දෙවි දෝෂය මුදවන්න තමයි පැමිණියේ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි ලංකාවට ඔය ශාන්තිකර්ම වගේ දේවල් පැමිණෙන්නේ.

කුවේණියගේ දේවි දෝෂය මුදන්න. අන්න එතනදී ඊශ්වර දෙවියන් සමඟ පැමිණි පාර්වතී තමයි අද ලංකාවේ මිනිස්සු මව්​ දෙවඟන එහෙමත් නැති නම් කාලි කියලා හඳුන්වන්​ෙන​්. අපි දුකට විපතට පත් වුණාම තමා කාලි රාක්ෂණියට කියලා මිනිසුන් බිලි පූජා වගේ දේවල් කරන්නේ. පිහිටක් පතාගෙන උමාපාර්වතී කියන දෙවඟනට කේන්තියක් ඇති වුණාම මේ කාලි කියන අවතාරය මැවෙන්නේ. එතකොට ලක්ෂ්මි පත්තිනි කියලා කියන්නේ මේ එකම දෙවඟන තමයි. මැවෙන දස අවතාරවලට අනුව වෙනස් වෙනවා. අර අසාධාරණයක් එක්ක නැගෙන කෝපයත් එක්ක තමයි කාලි, භද්‍ර කාලි කියලා හඳුන්වන්නේ. 

 
ප්‍රශ්නය - කාලි මෑණියන්ට අවතාර කීයක් තිබෙනවාද?  


පිළිතුර - කාලි මෑණියන්ට අවතාර 8ක් තිබෙනවා. ලේ කාලි, ඊරි කාලි, ගිනි කාලි, අග්නි කාලි, සොහොන් කාලි, මරු කාලි වගේ අවතාර 8ක් තිබෙනවා. ඔය කියන ආවේගශීලීත්වය මතුවෙනකොට සොහොන් කාලි කියලා කියනා. ඒ කියන්නේ ආවේගශීලිත්වයට මිනිසුන්ට කරන අසාධාරණයට විශේෂයෙන් කාන්තාවන්ට වෙන අසාධාරණයට කාන්තාවකගේ පිහිටක් පතනවනේ. අන්න ඒ අවස්ථාවේ කාන්තාවකට නැගෙන වේදනාවට කෲරත්වයට තිබෙන තැන අනුව තමයි භද්‍රකාලි, සොහොන් කාලි කියන විදිහට ආවේගශීලී අවතාර මැවෙන්නේ. විෂ්ණු දෙවියන්ගේ නැගණිය නියලත් කියනවනේ. විෂ්ණු දෙවියන්ටත් අවතාර 10ක් තිබෙනවා. ​මව් දෙවඟන කියලා තමයි විශේෂයෙන් හඳුන්වන්නේ. මිනිසුන්ගේ තිබෙන භක්තියට වගේම ගෞරවයට. අන්න ඒ විදිහට තමයි ලංකාවේ මිනිස්සු කාලි මෑණියන් අදහන්න පටන් ගත්තේ.  


ප්‍රශ්නය - එතකොට කාලි මෑණියෝ මුලින්ම වැඩම කලේ කුමන ස්ථානයටද?  


පිළිතුර - මුල් භූමිය වශයෙන් හැඳින්වෙන්නේ හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයටයි. මුන්නේෂ්වරම් දේවාලයට අදිගෘහිත වුණා කියලා තමයි හැඳින්වෙන්නේ. එතන ආධිපත්‍යයක් ගොඩනගාගෙන මෙතන සිට මිනිසුන්ට පිහිට වෙනවා කියලා තමයි මුන්නේස්වරමේ මූලිකව කාලි මෑණියෝ වැඩ සිටින්නේ. ඒකනේ මුන්නේස්වරම් අධිපති කාලි මෑණියෝ කියලා කියන්නේ. මිනිසුන්ට වෙන අසාධාරණයේදී මුන්නේස්වරමේ වැඩ සිට එතන ආධිපත්‍යයක් ගොඩනගාගෙන පිහිට වෙනවා කියලා තමයි අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ.  


මෝදරට සම්බන්ධ වෙන්නේ කාලි මෑණියෝ කරදිය වළල්ලකින් වටවූ මේ ද්වීපය තුළදී මේ මුහුද අවට ගමන් කරන මෝදර ප්‍රදේශයත් කාලි මෑණියන්ට සුදුසු ස්ථානයක් වුණා කියලා සඳහන් වෙනවා. එතන වැඩ වසන්න සුබයි කියලා තමයි මෝදර ප්‍රදේශයෙත් වැඩ සිටින්නේ.  


ප්‍රශ්නය - අද ලංකාවේ සෑම තැනකම වගේ කාලි කෝවිල් තිබෙනවා. මේ සෑම තැනකින්ම මෑණියන්ගේ පිහිට ලැබෙනවාද?  


පිළිතුර - ඇත්තටම ලෝකයට පහළ වෙච්ච ප්‍රථම දෙවියන් වන ඊශ්වරගෙන් කියලා කියනවනේ. මේ ලෝකය විනාශ වෙන්නෙත් ඊශ්වරගෙන් කියලා කියනවානේ. ඊශ්වර දෙවියන් තුන්වැනි ඇහැ විවර කළාම ගිනිදැල් පිටවෙනවා කියලා සඳහන් වනවා. එතකොට ලෝකය විනාශ වනවා කියලා කියනවා. ඉතින් එහෙම කෙනෙකුගේ භාර්්‍යාව වුණාම දුකට පිහිට වෙන්න තමයි. එක එක අවතාරවලින් පෙනී සිටින්නේ. දැන් එක අවතාරයක් තමයි සිද්ධ පත්තිනි කියලා කියන්නේ. පතිවෘත්තාව රැකගෙන සිටි මාතාවක්. ඒ වගේමයි විපතට පත්වූවන්ට පිහිට වෙන්න කාලි මෑණියෝ කියලා අවතාරයක් මවාගෙන පැමිණ සිටින්නේ. ඇත්තටම පිහිටක් තිබෙනවා.  


ප්‍රශ්නය - කාලි මෑණියන්​ෙග් අවතාර 8න් මිනිසුන්ට සේවාවක් සලසා දෙනවාද? 

 
පිළිතුර - අනිවාර්යෙන්ම පිහිටක් තිබෙනවා. මෑණියන්ව නියම විදිහට අදහනවා නම් ඒ පිහිට ලබාගන්න පිළිවන්. හැබැයි තමන් නිර්දෝශී වෙලා. තමන් ප්‍රතිපත්ති ගරුක නම් මෑණියන්ගෙන් පිහිටක් ලබාගන්න පිළිවන්. කාලි මෑණියෝ මුලින්ම හඳුන්වන්නේ භද්‍රකාලී මෑණියන් කියලනේ. මව් දෙවඟනගේ එක විලාශයක් තමයි සොහොන් කාලි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් සොහොන් කාලි කියන්නේ කෙනෙකුගේ ජීවිතය විනාශ කරනවා කියන එකනේ. සොහොනකට අධිපති වෙලා කියනවනේ ඉන්නේ. මම මෙතනින් මේ කෙනාට දඬුවම් ලබා දෙනවා කියලා දඬුවමක් ලබා දෙනවා. ඒක තමයි අසුරයා කකුලෙන් පාගගෙන කාලි මෑණියෝ පහර දෙන්න උත්සාහ කරන්නේ.  


ප්‍රශ්නය - කාලි මෑණියෝ උතුම් මෑණි කෙනෙක්නේ. ඒ වගේ කෙනක් දඬුවම් දෙන එක සාධාරණද?  


පිළිතුර - මෙහෙමනේ. ඒ දඬුවමක් දෙන්නේ යුක්තිය සාධාරණත්වයත් එක්ක නේ. අපි දෙවියන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න නම් අපි නිරවුල් වෙන්න ඕනෑ. අපිට දෙවියන්ගේ පිහිටයි තිබෙන්නේ. සමහරු කියනවනේ දෙවියන් අපේ ඇඟට ඇතුල්වෙලා කියලා. එහෙම කිසිම දෙවි​ෙයක් අපේ මේ කුණු ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ. ඒක මිනිස්සු මවා ගත්ත දෙයක්. තමන්ගේ වාසියට. අපට දෙවියන්ගේ පිහිට තමයි තිබෙන්නේ. දැන් ශරීරයේ පංචස්කන්දයට කාලි මෑණියෝ ඇතුළු වෙලා සමහර මිනිස්සු ආරූඩත්වයක් ගොඩ නගා ගෙන බොරු මවාපෑමක් කරනවා.  


ප්‍රශ්නය - එතකොට කාලි මෑණියෝ මට ආරූඩ වෙලා ඉන්නේ. මෑණියන්ගෙන් මට සාස්තර කියන්න පුළුවන්. ඔය වගේ දේවල්වල සත්‍යයක් තිබේද?  


පිළිතුර - කිසි සත්‍යතාවයක් නැහැ. කාලි මෑණියන් එහෙම ඇඟට ආරූඩ වෙලා කියන එකේ සත්‍යතාවක් නම් මම දකින්නේ නැහැ. දැන් අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා පිහිටක් පතන්නේ අපට මේ වගේ කරදරයක්, අයහපතක් වගේ වෙලා තිබෙනවා. ඊට පිහිටක් ලබා දෙන්න කියලා. ඒ පිහිට පතන්න අප සාධාරණ වෙන්න ඕනෑ.  


ප්‍රශ්නය - ඒ වගේ ආරූඩවීමක් ශරීරයකට ගන්න පුළුවන්ද?  


පිළිතුර - යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා දෙයක් තිබෙනවා. අද මිනිස්සු අක්ෂර ආයුධ කරගෙන යම් යම් දේවල් කරනවා. සමහරු එක එක දේවල්වලින් බන්ධන කරගන්නවා. කාලි මෑණියෝ බන්ධන කරගෙන අපට ජීවත් වන්න විදිහයක් නැහැ. කාලි මෑණියෝ මිනිසුන්ට පිහිටක් ලබා දෙනවා. ඔය එක එක්කෙනාගේ මත අනුව තමයි කාලි මෑණියෝ දඬුවම් දෙන කෙනෙක් කියලා අවබෝධ කරගෙන ඉන්නේ. දෙවි කෙනෙක් විදිහට කව්රුත් මිනස්සු මරන්නේ නැහැ.   

 
ප්‍රශ්නය - එතකොට කාලි මෑණියෝ දෙයියෙක්ද? රාක්ෂණියක්ද? මාතාවක්ද? 

 
පිළිතුර - කාලි මෑණියෝ කියන්නේ උමයංගනා දෙවියන්ගේ අවතාරයක් කියලා අපි මුලින්ම සඳහන් කළානේ. එතකොට විෂ්නු දෙවි හාමුදුරුවෝ මේ ශාසනය භාරව ඉන්න වහන්සේගේ සහෝදර​ෙයක් තමයි මේ උමයංගනා, පාර්වති කියලා හඳුන්වන්නේ. ඒ නිසා මව් මාතාව කියනවා. අවේගශීලීත්වය වැඩි වුණාමයි කාලි යක්ෂණියකගේ අවතාරයක් මැවෙන්නේ. ඒ කියන්නේ අසාධාරණයක් වෙන තැනදී අප කෙනෙකුට පිහිටවෙන්න මැවෙන ස්වරූපය තමයි කාලි යක්ෂනිය කියලා හඳුන්වන්නේ. දැන් වෙලාවකට කාලි මෑණියෝ කාලි මාතාව කියලා හඳුන්වනවා.  


ප්‍රශ්නය - කාලි මෑණියන්ගෙන් දුෂ්ඨ විදිහට වැඩගන්න පුළුවන්ද?  


පිළිතුර - කාලි මෑණියන්ගෙන් දුෂ්ඨ විදිහට වැඩගන්නවා කියන්නේ අපි කෙනෙකුට අසාධාරණයක් වූවාම අපි කියනවනේ කාලි මෑණියන්ට බාර දීලා මේ කෙනාව මරණවා කියලා. ඇත්තටම එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගොල්ලෝ දේවත්වයට පත්​ වෙච්ච අයනේ. එක අවස්ථාවක දේවත්වය. තව අවස්ථාවක යක්ෂ අවතාරය. තවත් විටක තවත් අවතාරයක්. ඉතින් දේවත්වයෙන් සිටින කෙනෙක් ඔයවගේ දේවල් කරන්නේ නැහැ මම දන්න විදිහට.  


ප්‍රශ්නය ඒ වගේම දෙයක් කාලි මෑණියන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරිද?  


පිළිතුර - අපි බලමු දැන් යම්කිසි කෙනෙකුට අසාධාරණයක් කරදරයක් වුණම ඒ අසාධාරණය කළ අයට දඬුවමක් දෙන්න කියලා දෙවියන් ඉදිරියේ හඬා වැටෙනවා. ඉතින් තමන් දුර්වල වුණාම කුමන හෝ දඬුවමක් ලැබෙනවා. ඒක ඔහු කරපු පින් පව් අනුවයි පඩිසන් දෙන්නේ.  


ප්‍රශ්නය - කාලි මෑණි​යෝ දඩුවම් කරන්නේ නැද්ද?  


පිළිතුර - කාලි මෑණියෝ දඩුවම් කරන්නේ නැහැ. දැන් භද්‍ර කාලි, සොහොන් කාලි, ගිනි කාලි වගේ අවතාර මැවෙනවානේ. අන්න ඒ අවතාරවලදී ඒ අසාධාරණය කරපු අයව දඬුවමකට ලක් කරනවා.  

 


 
ලබන සතියේ කාලි මෑණියන්ගේ අවතාර පිළිබඳ කථා කරමු.  

 

 

 

 

 

 

 

 

 

 


සටහන
නිශාන්ත කුමාර බණ්ඩර  



අදහස් (4)

කාලි මෑණියන් දඬුවම් දෙන කතාව ඇත්තද ?

මංගල Tuesday, 13 February 2018 06:26 PM

ඇත්ත

:       2       2

රසික Friday, 17 September 2021 05:10 AM

මම කාලි මෑණියන් අදහනවා කාලි මෑණියෝ ගොඩක් හොදයි. මම ගොඩක් කරදර වලට මුන දීපු කෙනෙක් කාලි මෑණියන්ට පහන තියෙන දවසේ ඉදම් මගේ ජිවිතේ වැරදුනේ නැහැ.

:       0       2

අයි.එස්.මධුවන්ති Thursday, 11 August 2022 11:05 PM

කාලි මෑණියන්ගේ පිහිට සත්‍යයක්. මට මෑණියන්ගේ පිහිට බොහෝ අසාධාරණකම් වලදී ලැබිලා තියනවා... විශ්වාසයෙන් අදහන්න.

:       0       1

Kalpani Monday, 24 October 2022 07:21 PM

කාලි මෑණියන්ට පහන තිබ්බම දිගටම තියන්න වෙනවද? සතියට දවස් දෙකක් වගේ බැරිද?

:       1       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5223 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site