IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කාන්තාවන්ට කුණුහරුප කියන අමුතු ලෙඩේ

සුදු ඇඳගෙන කළු ඇවිදින්! මහ මඟ රටතොට අනඟ රැඟුම් දමන මේ අනංග යක්ෂයා සුන්දරය. මිහිරිය. කඩවසම්ය. සත්තකින්ම මේ යක්ෂයා කළුය. නමුත් පැමිණ සිටින්නේ සුදු ඇඳගෙනය. මේ අප පවසන්නේ කළු වන් වූ දැකුම්කලු වූ මේ සුදු ඇඳගෙන කළු පාටින් පැමිණි යක්ෂයාගේ කතාන්දරයයි. මේ කාම යක්ෂයාගේ කතාව සුන්දරය. රසය සමහර තැන්වල අප්පිරියාවේ බැරිය. නමුත්, මේ යක්ෂයා අප සමාජයේම දැකිය හැකිය. මේ ඒ යක්ෂයා හා සිරිසෝමගේ කතාන්දරයයි. තරුණ පිරිසට හා තරුණ දරුවන් ඇති මාපියන්ට මේ කතාව අගනේය.


පියසෝම විවාහක දෙදරු පියෙකි. පියසෝමගේ දරුවන් දෙදෙනා විවාහ වී කොළඹ ප්‍රදේශයේ වාසය කරති. පියසෝමත් ඔහුගේ බිරිඳත් ජීවත් වන්නේ ඔවුන්ගේ උපන් ගම් ප්‍රදේශය වන අකුරැස්ස ප්‍රදේශයේය. ඔහුගේ වයස මේ වනවිට වයස අවුරුදු පනස් තුනකි. පියසෝම කාන්තාවන්ට ඉතාම ඇලුම් කරයි. ඔහු තරුණ කාන්තාවන්ට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. එසේම තනිමග ගමන් කරන කාන්තාවන් නම් පියසෝමට පෙනෙන්නට බැරිය. 
පියසෝම නිවසේදී මෙන්ම තමන් රක්‍ෂාව කරන කාර්යාලයේදී හැසිරෙනුයේ ඉතාමත් නිහතමානී චරිතයක් ඇත්තකු සේය. පියසෝම රජයේ කාර්යාලයක ලිපිකරුවකු ලෙස රාජකාරි කරන අයෙකි. කොයි කවුරුත් ඔහු අමතන්නේ සෝමෙ කියාය. එහෙත් පියසෝමට කොයි කවුරුත් නොදන්නා නොදුටු අමුතුම ගතිගුණයක් ඇත. 
රාජකාරී වේලාව තුළදී කැපවීමෙන් යුතුව රාජකාරි කරන පියසෝම තම නිවසේදී හැසිරෙනුයේද ඉතාම ගුණයහපත් නිහතමානී ස්වාමිපුරුෂයෙක් විලසිනි. එහෙත් රාජකාරියට පිටත්ව යන මොහොතේදී හා රාජකාරි නිමව නිවසට පැමිණෙන මොහොතේදීත් නිවාඩු දිනවල නිවසේ නොසිට පිටතට ගිය විටදීත් පියසෝමගේ ක්‍රියාකලාපය ඉතා වෙනස්ම ආරක් ගනී. එහෙත් කිසිවකුටවත් එය විශ්වාස කළ හැකි දෙයක් නොවේ. මන්ද ඔහු සියල්ලන්ගේම අබියස හැසිරෙන ආකාරය ඉතා වෙනස්ය. 
“ආ... පොඩ්ඩක් මේ ඔහොම ඉන්න.. මේ ඔයා...” යනුවෙන් කාන්තාවක් තනිවම ගමන් ගන්නා විටදී පියසෝම එම කාන්තාවට කතා කොට ඉන්පසු ඉතා අසභ්‍ය වචන එම කාන්තාවට පවසයි. එම අවස්ථාවට මුහුණපාන එම කාන්තාව පියසෝමට බැණ වදිමින් එතැනින් ඉවත්ව යයි. එවිට පියසෝම සිනහවකින් මුව සරසාගෙන තම ගමන පිටත්වේ. ඔහුගේ සිතැඟි එලෙස පිටකළ පසු ඔහු එයින් තෘප්තියක් ලබයි.


පියසෝම පාරේ පයින් ගමන් ගන්නා විටදී හෝ බයිසිකලයෙන් ගමන් ගන්නා විටදී හෝ තනිවම කාන්තාවක් ඇවිදගෙන යනවා දුටුවහොත් ඔහු බයිසිකලය නතර කොට මුලින්ම “ආ පැටියෝ කොහෙද යන්නෙ...” කියමින් කතාවට මුල පුරා ඉන්පසු අසභ්‍ය වචන එම කාන්තාවගෙන් අසයි. යම් කාන්තාවක් ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන එතැනින් ඉවත්ව ගියද මෙයට මුහුණදෙන සමහර කාන්තාවන්ගෙන් නම් පියසෝමට බැනුම් අහන්නට සිදුවේ. එහෙත් මග තනිවම ගමන් ගන්නා කාන්තාවන්ට අසභ්‍ය වචන පැවසීමෙනුත් ඔවුන්ගෙන් ලබන්නා වූ ප්‍රතිචාරත් මත පියසෝම මහත් වූ ආශ්වාදයක් ලබයි. 
දිනක් පියසෝම ඔහුගේ බයිසිකලයෙන් කාර්යාලයට ගමන් ගන්නා විටදී ඔහුගේ අසලින් ගමන් ගත් කාන්තාවකට “මේ.. මේ පොඩ්ඩක් ඔහොම ඉන්න... මේ ඔයා..” කියා කතා කොට ඉන්පසු එම කාන්තාවට අසභ්‍ය වචන කියාගෙන යන්නට පටන් ගත්තා පමණි. එම කාන්තාව පියසෝමට බනින්නට පටන් ගත්තේ අතේ තිබුණු කුඩයෙන් පහරක් එල්ල කරමිනි. එම පහරට පියසෝම බයිසිකලය සමග බිමට ඇද වැටුණි. මගතොට ගිය පිරිස එතැනට රැස්වූ විට මෙම සිද්ධියට මුහුණපෑ කාන්තාව පියසෝමව අතින් පෙන්වමින් “මේ මිනිහා මට මහා කැත විදියට කතා කළා. මේ මිනිහගේ වයසේ හැටියට නෙමෙයි කතා කළේ. මගෙන් කැත වචන වගයක් ඇහුවා මේ මිනිහා. පොලිසියට අල්ලලා දෙන්න ඕනෙ මේ මිනිහව” යැයි එම කාන්තාව පැවසුවාය. එතැන සිටි කිහිපදෙනෙක් පියසෝමව පොලිසියට රැගෙන ගියෝය. පොලිසියේ දී එම පිරිස හා සිද්ධියට මුහුණ පෑ කාන්තාව පියසෝම පිළිබඳව පොලිසියට පවසා සිටියාය. “මේ මිනිහා මගෙන් මහා ජරා වචන වගයක් ඇහුවා” 
පොලිසිය විසින් පියසෝමගේ නිවැසියන්ට මේ පිළිබඳව දැන්වූ අතර, ඔහුගේ බිරිඳ වහවහා පොලිසිය වෙත ආවාය. සියලු විස්තර පොලිසියේදී පියසෝමගේ බිරිඳට දැනගැනීමට ලැබුණි. ඇය ඉදිරිපිටදී පොලිස් පරීක්‍ෂකවරයා පියසෝමට තදින් අවවාද කර, “මේ වතාවෙ තමුන්ව යවනවා. ආයෙත් මේ වගේ අශෝභන ලෙස හැසිරුණොත් ඇතුළට දානවා” යනුවෙන් පවසා ඔවුන් පිටත් කළේය. 


නිවසට පැමිණි පසු පියසෝමගේ බිරිඳ “මොකක්ද මේ ලැජ්ජ නැති වැඩේ. ඔයාට මොකද වෙලා තියෙන්නේ” යනුවෙන් එකදිගට ඇසූ ප්‍රශ්න වැලට පියසෝම පිළිතුරු දුන්නේ “මට මොනවා වෙනවද කියලා මමම දන්නෙ නෑ” යනුවෙනුයි. “මේක බලාගෙන හිටියොත් අපිට ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ. අපි සාස්තරයක්වත් බලමු. මොකද ඔයාට වෙලා තියෙන්නෙ කියලා” පියසෝමගේ බිරිඳ පැවසුවාය. 
මේ අනුව පියසෝමට අකුරැස්ස ප්‍රදේශයේම දේවාලයක් කරන මෑණියන් කෙනෙකු ළඟට ගෙනයාමට සිදුවිය. එහිදී පියසෝමගේ බිරිඳ දේවාලයේ මෑණියන්ට පියසෝමගේ හැසිරීම පිළිබඳව පවසා සිටියාය. 
“හ්ම්.. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා” දේවාලයේ මෑණියෝ සාස්තරය බැලීමට පටන් ගත්තාය. ටික වේලාවකින් දේවාලයේ මෑණියෝ කීවේ පියසෝමට මෝහිනීගේ දිෂ්ටිය බලපා ඇති බවයි. එම නිසා කාන්තාවක් තනිවම ගමන් ගන්නා විට ඉබේම ඔහු එලෙස හැසිරෙන බව දේවාලයේ මෑණියෝ පැවසුවාය. 
“හීනෙනුත් කාන්තාවන්ව පේනවා නේද..” මෑණියෝ ඇසීය. 
“ඔව් මට හීනෙන් පේනවා” පියසෝම පිළිතුරු දුන්නේය. 


“අනේ මොකක්ද අපි මේකට කරන්න ඕන” පියසෝමගේ බිරිඳ ඇසුවාය. “මෝහිනීගේ දිෂ්ටිය ඉවත් කරන්න වෙයි. නැත්තම් ඉදිරියට ඊට වඩා දෙයක් වුනත් වෙන්න බැරි නෑ. මේක ලේසි වෙන්නෙ නෑ” දේවාලයේ මෑණියෝ පියසෝමගේ බිරිඳව තව තවත් බියට පත් කළාය. 
“අනේ එහෙනම් අපි ඒක අයින් කරන්න මොනවද කරන්න ඕනෙ මෑණියෝ” පියසෝමගේ බිරිඳ ඇසුවාය. 
“මං ඒක අයින් කරලා දෙන්නම්. හෙට හොඳ දවසක්. හෙට හවසට එන්න. අඩුම කුඩුම ටික මං හදාගන්නම්. අවශ්‍ය මුදල් අරන් එන්න” දේවාලයේ මෑණියෝ මෝහිනීගේ දිෂ්ටිය ඉවත් කිරීමට පියසෝමලාගෙන් මුදලක් ඉල්ලා සිටියාය. එයට ඔවුන් එකඟ වූහ. පියසෝම වචනයක්වත් නොදොඩා සිටියේ වෙනදා මෙන්ම ඉතාම නිහතමානී විලසිනි. 
පසුදින දේවාලය කරා ගිය පියසෝම හා බිරිඳ සවස හත වනතෙක් එම දේවාලයේ අනෙකුත් කටයුතු අවසන් වනතෙක් සිටියේය. ඔවුන්ගේ වාරය එළඹුණ පසු මුලින්ම තමා විසින් මෝහිනී දිෂ්ටිය ඉවත් කිරීමට ඉල්ලා සිටි මුදල් බුලත් මත තබා දේව රූපය ඉදිරියේ තබන ලෙසට දේවාලයේ මෑණියෝ පියසෝමලාට කීය. ඔවුහු එම මුදල් එලෙසම තැබූහ. ඉන්පසු දේවාලයේ වැඩ කරන තරුණ ගැටයින් දෙදෙනකු විසින් වට්ටිවලට පුරවා ගත් නොයෙක් ජාති දේවාලයේ ඇතුළතින් තැබීය. පියසෝමට එතැනින් වාඩිවීමට පැවසූ මෑණියෝ තමාගේ රාජකාරිය කරන්නට පටන් ගත්තාය. 
පැය කීපයක කාලයක් දෙමළ හා නොතේරෙන වෙනත් භාෂාවකින් ද කතා කරමින් දේව රූපය ඉදිරියේ හිස පද්දමින් අත් දෙක දෙපසට විහිදමින් කන්නලව් කරමින් දුම් කුඩු වගයක් අතට ගෙන පියසෝම දෙසට පිඹිමින් පියසෝමගේ හිසට අත තබමින් සොලවමින් දේවාලයේ මෑණියෝ පියසෝමගෙන් මෝහිනී දිෂ්ටිය ඉවත් කිරීමට බොහෝ වෙහෙස ගත්තාය. 


“හරි දැන් ඔක්කොම හරි. දැන් කිසිම බලපෑමක් නෑ. දැන් ඉතිං සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්” මෑණියෝ පියසෝමටත් ඔහුගේ බිරිඳටත් පැවසුවාය. 
සියල්ල නිමවූ පසු ඔවුන් දෙදෙනා නිවසට පැමිණුනි. දින දෙකක් පමණ රක්‍ෂාවට නොගිය පියසෝම නැවත රක්‍ෂාව සඳහා පිටත් විය. 
මෙදිනද උදේ රාජකාරි සඳහා පිටත්ව යන පියසෝමගේ පුරුද්ද යළි සිදුවිය. තනිවම තමන් ඉදිරියෙන් යන කාන්තාවක දැක ඇය අසලට ගොස් ඇයගෙන් අසභ්‍ය වචනයෙන් යමක් ඇසීය. පියසෝමගේ වැඩේ වැරදුණි. මෙදිනද සිදු වූයේ පියසෝමට පොලිසි යාමටයි. එදත් පොලිසියෙන් පියසෝමගේ බිරිඳව ගෙන්වනු ලැබිණ. සියලු විස්තර සලකා බැලීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිතුමාට පියසෝමගේ තත්ත්වය පැහැදිලි විය. පොලිස් ස්ථානාධිපති විසින් පියසෝමට ඔහුගේ මෙම තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත පියසෝම යොමු කෙරිණි. සියලු කරුණු අසා දැනගත් වෛද්‍යවරයා පියසෝමට ප්‍රතිකාර කිරීමට භාරගත්තේය. 


වෛද්‍ය කුලපති මහතා පියසෝමට මුලින්ම සංයම අභ්‍යාස ලබාදී සංයමයට පත්කළේය. ඉන්පසු Aversion Theraphy (එපා කරවීමේ ප්‍රතිකාර) ලබාදුන්නේය. සති කීපයක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව පියසෝමගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවිය. වෛද්‍යවරයා මෙම තත්ත්වය මෙසේ පැහැදිලි කළේය. 
මොහුට තිබුණේ Behaviour Disorder එනම්, මනෝ ලිංගික විකෘති චර්යාවකි. මෙම චර්යාවන් ඇති අය එම තත්ත්වය මත එයින් යම් ආශ්වාදයක් ලබනවා. අසාමාන්‍ය ලිංගික චර්යා වර්ග දෙකකට බෙදේ. එනම් පාරවේශනත්වය (transvestism) හා ලිංගික හුවමාරුව (transsexualism) යන්නයි. මින් පාරවේශනත්වය යන්නේ අදහස නම් ප්‍රතිවිරුද්ධ ලිංගික පක්‍ෂයේ ඇඳුම් ඇඳීම ආදියෙන් තමා දරන ලිංගික ස්‌වභාවය යටපත් කිරීමයි. 


මෙහිදී ඔහු හෝ ඇය මතුපිට පෙන්වනුයේ තමාගේ ප්‍රතිවිරුද්ධ ලිංගික චර්යා තමාට ඇති බවයි. මේ ස්‌වභාවය ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂය තුළම විද්‍යමාන විය හැක. අද සමාජයේ මේ තත්ත්වය බහුල වශයෙන් දක්‌නට ලැබේ. එය එක්‌තරා අයුරකින් මෝස්‌තරයක්‌, විලාසිතාවක්‌ සේද සමාජය තුළ ව්‍යාප්ත වී පවතී. නමුදු මෙහිදී වටහා ගත යුත්තේ මෙය කුමන අයුරකින් කුමන හැඩයකින් සමාජයේ ව්‍යාප්ත වුවද මෙහි මූලය අනිවාර්යයෙන්ම විකෘති මානසික චර්යා කේන්ද්‍ර කරගත්තක්‌ බවයි. 
අද සමාජයේ තරුණයන්, තරුණියන් මෙන්ද, තරුණියන් තරුණයන් මෙන්ද කැපී පෙනීම සඳහා විලාසිතා කරනු බෙහෙවින් දක්‌නට ලැබේ. මෙය හුදු විලාසිතාවක්‌ පමණක්‌ නොවේ. ඉන් ඔබ්බට යෑමට ද සමත්වන එක්‌තරා මනෝ විකෘති ලිංගික චර්යාවක්‌ පසුබිම් කර ඇතිවූ තත්ත්වයක්‌ බව වටහා ගත යුතුය. මෙය අවබෝධ කර ගැනීම නිසා මානසික රෝගී චර්යාවන්ට සමාජ අනුබලය ලබාදීමෙන් වැළකීමට හැකියාවක්‌ ඇති වේ. එය ඉතා වැදගත්ය.


ස්‌ත්‍රීන් මෙන් හිසකෙස්‌ දිගට වැවීම, කරාබු, මාල, වළලු, ස්‌ත්‍රීන් පලඳනා පැලඳීම, දෙතොල්, නෙතුපිය, ඇහිබැම, නිය සායම් කිරීම, ලාලිත්‍යවත් ගමන බිමන, හැසිරීම ආදිය ස්‌ත්‍රීන් සේ පැවැත්වීමෙන් සෙසු පිරිමින්ගේ ලිංගික ආකර්ෂණය ලැබීමට මොවුහු ප්‍රිය කරති. ස්‌ත්‍රීන් සේ ඉතා තුනී මධුර කටහඬ, ඇද පැද ලාලිත්‍යමය කතාබහ ආදිය මොවුන් හැඳින ගැනීමේ ලක්‍ෂණයි. ප්‍රතිවිරුද්ධ ලිංගික ඇඳුම් පැලඳුම් භාවිතයට හුරු වූ ස්‌ත්‍රී පුරුෂ, දෙපක්‍ෂයේ අය ප්‍රසිද්ධියේ ඒ ඇඳුම්වලින් සැරසී සිටීමට දක්‌වනුයේ නොමද රුචිකත්වයකි. 
මේ අනුව පුරුෂයෝ ස්‌ත්‍රියකගේ සියලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීම ප්‍රිය කරති. සාය, හැට්‌ට, සාරි, සල්වාර්, කුර්තා හා ජින්ස්‌ වැනි මතුපිට ඇඳුම් පැලඳුම් ඇඳීමට පමණක්‌ නොව, ස්‌ත්‍රී යට ඇඳුමින් පවා සැරසී සිටීම ප්‍රිය කරති. මේ අනුව යට සාය, යට බැනියම, තිසරපට හා යට කලිසම් පවා හැඳීමට රුචි බවක්‌ දක්‌වති. 


මෙබඳු පිරිමි බොහෝ විට අනුන්ගේ රෙදිවැල්වල වේලීමට දමා ඇති කාන්තා ඇඳුම් සොරා ගැනීමේ නරක පුරුද්දට පවා ඇබ්බැහි වී ඇති බව පෙනී යයි. පරීක්‍ෂණවලදී මොවුන් විසින් රහසේ සඟවා තබා හඳිමින් තෘප්තියක්‌ ලැබීම පිණිස මෙබඳු ඇඳුම් එක්‌රැස්‌ කරන බව සොයාගෙන තිබේ. සම්පූර්ණ ස්‌ත්‍රියකගේ සම්පූර්ණ ඇඳුම් පැලඳුම්වලින් සැරසී, රූපලාවණ්‍ය ක්‍රම භාවිත කර සිය පුරුෂ හැඩය මුළුමනින්ම මකා දමා ඒ වෙනුවට ස්‌ත්‍රියක සේ සැරසී ප්‍රසිද්ධ සමාජය තුළ සැරිසැරීමට මෙබඳු පිරිමින් ද ඉතා ප්‍රියය. 
මෙම තත්ත්වයට මනෝ විද්‍යාව තුළ ප්‍රතිකාර තිබෙනවා. එසේම පියසෝමට සිහිනෙන් නිතරම කාන්තාවන් පෙනීම සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කළේය. මොහුගේ සිතේ කාන්තාවන් පිළිබඳ තිබූ කැමැත්ත, තෘප්තිය හා බය මත එය සිහිනයෙන් පෙනෙන්නට පටන් ගන්නවා. මේවා ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයන් මිසක් භූතදෝෂ, යක්ෂ බලපෑම් කියමින් දේවාල පසුපස ගොස් තමන්ගේ මිල මුදල් විනාශ කරගත යුතු තත්ත්වයන් නොවේ. එම නිසා මෙය අමනුස්ස බලපෑමක් හෝ වෙනත් බලපෑමක් යයි සිතා මිථ්‍යා විශ්වාස පසුපස යාම තේරුමක් නැහැ.

 


හබරාදුව - නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

කාන්තාවන්ට කුණුහරුප කියන අමුතු ලෙඩේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site