IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කුඩා දරුවන්ගේ ඇඳුම් මහන පල්ලේකැළේ නොබල්ස් කම්හල

අපේ වැඩ බ්ම

 

මහනුවර දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපය පිහිටා තිබෙන්නේ පල්ලේකැළේ බලගොල්ලේ ය. එහි විවිධ නිෂ්පාදනවල නිරත කර්මාන්ත ශාලා බොහොමයකි. අප රටට විදේශ විනිමය උපයා දෙන මෙම කර්මාන්ත ශාලාවලින් මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් සහිත රැකියා ලබා ගත හැකි අතර, ඔවුන්ගේ හෙට දවස එමගින් සාර්ථක කර ගැනීමටත් හැකියාව පවතින බව රහසක් නොවේ.   


ඒ අනුව මෙවර “අපේ වැඩබිමෙන්” ඔබට හඳුන්වා දෙන්නේ දේශීය දිරිය මිනිසෙකුගේ කර්මාන්ත ශාලාවකි. එහි නම “නොබල්ස්” සමුහ ව්‍යාපාරයයි. නොබල්ස් මැනිෆැක්චරින් නොබල්ස් වෙයාර් පුද්ගලික සමාගම්වල අයිතිකරු වන ඔහු ගේ නම ඇසූ පමණින් අප මතකයට නැඟෙන්නේ එදා ක්‍රිකට් පිටියේ හැම අතටම පහර දුන් දක්ෂ පිතිකරුවෙකි. අතිශය ජනප්‍රිය ක්‍රිකට් තරුවකි. ඒ අන් කවුරුවත් නොව සිදත් වෙත්තමුණිය. වර්තමානයේ පවුල් ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යන නොබල්ස් සමාගම් ජාලයේ වත්මන් සභාපති ඔහුය. මිත්‍ර වෙත්තමුණි හිටපු සභාපතිය. මොවුන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ දේශීය අයිතිකරුවන් කිහිප දෙනා අතර පෙරමුණේ පසු වන එක් අයෙකි.   


මෙම සමාගම අනෙක් සමාගම්වලින් වෙනස් වන අංග කිහිපයක්ම දක්නට ලැබුණි. නීරෝගි අයට මෙන් ම, ආබාධිත පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබාදීම, උදේ, දිවා ආහාරය තේ වේල පවා පමණක් නොව නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම සිදු කෙරේ. මේ සියලු කටයුතු සේවක සුබ සාධනය පවත්වා ගෙන යාම සඳහා ආයතනය මගින් ගන්නා ලද සුබ සාධන ක්‍රියා මාර්ගයන් වේ.   


මෙම කර්මාන්ත ශාලාවේ ආරම්භය ගැන පැවැසීමට අප සමග පළමුව එක් වූයේ නොබල්ස් සමාගම් ජාලයේ ආරම්භක සමාජිකයෙකු වන නොබල්ස් මැනිෆැක්චරින් (පුද්) සමාගමේ ගණකාධිකාරි ලක්මාල් හෙට්ටිආරච්චි මහතාය.   
1988 වසරේදී මිත්‍ර වෙත්තමුණි, සිදත් වෙත්තමුණි. නිමල් වෙත්තමුණි, රංජන් වෙත්තමුණි යන සහෝදරයන් එක්ව ඇඟලුම් මිලදී ගන්නා කාර්යාලයක් නොබල්ස් (පුද්) සමාගම නමින් හොරණේදී ආරම්භ කරනවා. පසුව ඔවුහු සියලුම දෙනා එහි අධ්‍යක්ෂවරුන් ලෙස පත් වෙනවා. 1999 හොරණ පොකුණුවිට නොබල්ස් වෙයාර් (පුද්) සමාගම නමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරමින් ඇඟලුම් ක්ෂේත්‍රයට පිවිසෙනවා. එවකට එහි සේවකයෝ 1250 ක් පමණ සිටියා. 2000 වසරේදී කොග්ගල ආයෝජන කලාපයේ නොබල්ස් වෙයාර් නමින් තවත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. එහි සේවකයෝ 800 ක් පමණ සිටියා. (පසුව මෙය වෙනත් ආයතනයක් මිලදී ගනු ලබනවා.) මෙම කර්මාන්ත ශාලා දියුණු වීමත් සමගම කොළඹින් පිට පළාතක කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා.   


එහි ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේදී පල්ලේකැළේ ආයෝජන කලාපයට පැමිණ, මෙහි තිබු කර්මාන්ත ශාලාවක් නොබල්ස් වෙයාර් සමාගමට පවරා ගන්නවා. එය පවරා ගෙන වැඩ කටයුතු කරගෙන යද්දී, තවත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැනනගිනවා. ඒ අනුව තමයි 2013 දෙසැම්බර් මස 02 දින පල්ලේකැළේ ආයෝජන කලාපයේ ම, නොබල්ස් මැනුෆැක්චරින් (පුද්) සමාගම ආරම්භ කරන්නේ. මෙහි මාස තුනේ දරුවාගේ සිට අවුරුදු 15 දක්වා අතර ගැහැනු සහ පිරිමි දරුවන්ගේ ඇඳුම් මසනවා. සේවක සේවිකාවන් 610 ක් පමණ පිරිසක් සේවය කරනවා. ඉන් 400 කට වැඩි පිරිසක් කාන්තාවෝ.   

 

 


ආයතනයේ අපනයන තත්ත්වයන් සහ සුබ සාධනය ගැන නොබෙල්ස් මැනුෆැක්චරින් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කෝසල අබේරත්න මහතා මෙසේ පැවැසීය.   
2004 වසරේ දී, මම මේ ආයතයේ රුපියල් 6000 ක වගේ වැටුපකට නිෂ්පාදන සහායකයෙකු විදියට සම්බන්ධ වුණේ. ඉන්පසු සහකාර නිෂ්පාදන කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු, කර්මාන්තශාලා කළමනාකාරු, ප්‍රධාන කළමනාකරු, වශයෙන් සෑම වසර තුනකට සැරයක්ම උසස්වීම් ලබා ගත්තා. අවසානයේ දී 2016 වසරේදි ප්‍රධාන විධායක වශයෙන් උසස්වීම ලැබුණා. පොඩි තැනින් පටන් ගෙන ඉහළටම ගිය කෙනෙක්. මම වගේ අය තවත් ඉන්නවා. මම මෙම ආයතන සමූහයේ ස්ව උත්සාහයෙන් ජීවිතය ජය ගත්තා.   
අපි ඇඳුම් මහන්න පටන් ගත්තේ 1997 වසරේදීයි. ඒ හොරණ පොකුණුවිට ප්‍රධාන ආයතනයෙන්. මේ වන විට වසර 23 ක කාලයක් ගත වී අවසන්. මගේ සේවා කාලය අවුරුදු 17 ක් වෙනවා. ගම ඉංගිරිය වුවත්, දැන් පදිංචි වෙලා ඉන්නේ මහනුවරයි.   


හොරණ පොකුණුවිට ප්‍රධාන ආයතනයට අමතරව පල්ලේකැළේ පිහිටා ඇති ඇඟලුම් ආයතන දෙකත් සමග කර්මාන්ත ශාලා තුනක් අපට තිබෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් එංගලන්තය වැනි විදේශ රටවල්වලින් ඇඟලුම් රෙදි මිලදී ගෙන ලංකාවේ කර්මාන්ත ශාලාවට බෙදා හැර ඇඟලුම් නිෂ්පාදනය සඳහා කටයුතු කරනවා.   
ආයතනයට ඇණවුම් අරගෙන, ඒවා නිෂ්පාදනය කර අපනයනය කිරීමේ සම්පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ මටයි. ඒ අනුව මම මාස තුනෙන් තුනට පමණ එංගලන්තය වැනි රටවලට ගොස් සාම්පල් පෙන්වා ඇණවුම් අරගෙන එනවා. ඊට අමතරව මාසයකට වරක් වගේ චීනය, ඉන්දියාව ආදි රටවලටත් යනවා. ඊමේල් මගින් ද ඇණවුම් භාර ගන්නවා.   
අපි සීයට අනූපහක්ම ඇඟලුම් අපනයනය කරන්නේ එංගලන්තයටයි. එහි ඉහළම නාමයන් වන, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, නෙක්ස්ට්, ජැක්වීල්ස්, මිනිබෝඩර්, ඩෙබන්හැම්ස් ආදී ගැනුම්කරුවන්ට අපි ඇඳුම් සපයනවා. ඉතිරි සීයට පහ ඇමෙරිකාව, යුරෝපය ඇතුළු රටවලට අපනයනය කරනවා. එංගලන්තයේ නෙක්ස්ට් ආයතනයේ කාර්යාලයක් ලංකාවේ පිහිටා තිබෙනවා. ඔවුන් ලංකාවේ ඇඟලුම් ආයතන 62 ක් සමග වැඩ කරනවා.   


අපට පසුගිය වසරේ ඒ හැට දෙකෙන්ම ප්‍රථම ස්ථානය වන රන් සම්මානය ලැබුණා. ඊට අමතරව අපට වසර දෙකක් රිදී සහ එක වසරක් ලෝකඩ සම්මානයත් ලැබුණා.   
සීයට හැත්තෑවක් පමණ අපි ළමා ඇඳුම් ද ඉතිරි සීයට ප්‍රමාණය වැඩිහිටියන්ගේ ඇඳුම් මහනවා.   
උදා, දිවා ආහාරය තේ පානය සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙන ලංකාවේ එකම ඇඟලුම් ආයතනය මෙය වන බවයි මට හිතෙන්නේ. සමහර ආයතනවල දිවා ආහාරය පමණක් ලබා දුන්නද එයටත් කිසියම් මුදලක් අයකරනු ලබනවා. මෙය හිටපු සභාපති මිත්‍ර වෙත්තමුණි මහතා ගේ අදහසක්. මම ආයතන තුනේම ප්‍රධානියා නිසා නිතර ආයතනවල සහ විදෙස් සංචාරවල නිරත වෙනවා. එම නිසා, දහවල් ආහාරය ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මටත්, ප්‍රධාන කාර්යාලයේ සිටින අයටත් රුපියල් දස දහසක පමණ වියළි ආහාර මල්ලක් මාසිකව ලබා දීමටත් කටයුතු කරනවා.   


අපේ ආයතනය සුබ සාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ අනුව නිරෝගි අයට පමණක් නොව ආබාධිත අයටත් අපි රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. 2014 වසරේ ආබාධිත පුද්ගලයන් සීයට දෙකකට රැකියා ලබා දුන්නා. දැන් ටිකක් අඩු වෙලා තිබෙනවා. එහෙත් ඕනැම වේලාවක ආබාධිත පුද්ගලයෙක් පැමිණියහොත් ඔහු ගේ තොරතුරු විමසා, බඳවා ගන්නවා. නමුත් ඇස් නොපෙනෙන සහ මානසික රෝගීන් නම් බඳවා ගන්නේ නැහැ. ඔවුන් ගේ දක්ෂතාව අනුව පුහුණුව ලබා දී වැඩ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. වැටුප වෙනස් වෙන්නේ නැහැ. මෙහිදී අවුරුදු 18,- 25 අතර අය නුපුහුණු සේවකයින් විදියට බඳවා ගන්නවා. පුහුණු කෙනෙක් නම් ඊට වඩා වැඩි වයසක අයෙකු වුවත් සලකා බැලිය හැකියි.   

 

නොබල්ස් මැනුෆැක්චරින් (පුද්) සමාගමේ කළමනාකරණ මණ්ඩලය

මානව සම්පත් අංශයේ නිලධාරින්,

 


හදිසියේ සේවකයෙක්, සේවිකාවක් මියගියොත් අපි තමයි ඔවුන් ගේ වියදම සම්පූර්ණයෙන්ම දරන්නේ. මේ ළඟදි සේවකයෙක් හදිසි අනතුරකින් මිය ගියා. ඔහුගේ අවමංගල්‍ය කටයුතු සියල්ල ආයතනය මගින් ඉටුකිරීමට කටයුතු කළා. එපමණක් නොව ඔහුගේ පවුලේ කටයුතු සඳහා සැලකිය යුතු මුල්‍ය දායකත්වයක් පවා ආයතනය මගින් දැරුවා.   
සේවකයෙකුට සේවා ස්ථානයේදී පමණක් නොවෙයි ඉන් පිටතදී පවා අසනීප තත්ත්වයකට හෝ හදිසි අනතුරකට ගොදුරු වුණොත් අපි ඔවුනට උදව් කරනවා. එසේම සේවකයෙකුගේ හෝ සේවිකාවකගේ පවුලේ ආදරණියයකු අසනීප වුවහොත් හෝ අධ්‍යාපන කටයුතු සඳහා ද ආධාර උපකාර ලබා දෙනවා.   


අපි ඉතා මෑත කාලයේදී ඉතා අධික මුදලක් වියදම් කරල මහනුවර විහාරස්ථායක බුදුමැදුරක් සාදා දුන්නා. එහි අපේ ආයතනයේ නමවත් ප්‍රදර්ශනය කර නැහැ. හොරණ මූලික රෝහලේ, රෝගීන් භාර ගන්නා ස්ථානය සම්පූර්ණයෙන් හැදුවේ නෝබල් වෙයාර් ආයතනයයි. අදටත් එය හැදුවේ කවුද කියා සඳහනක් නැහැ. අපේ සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලයි තියෙන්නේ.   


තවත් විශේෂ දෙයක් සඳහන් කළ යුතුයි. වෙනත් බොහෝ ආයතන සුබ සාධනය සඳහා සේවකයින්ගෙන් කිසියම් මුදලක් මාසිකව අය කර ගන්නවා. අපි එහෙම නෑ. ඔවුන්ගෙන් කිසිදු මදලක් අය කර ගන්නේ නැතිව සුහද හමු, විනෝද චාරිකා, සුබ සාධන කටයුතු සියල්ලක්ම වගේ ඉටු කරනවා.   
මෙම ආයතනයේ වෘත්තීය සේවක සංගම් නැහැ. සේවක සභාවක් තිබෙනවා. ඒ සඳහා සේවක සේවිකාවන් සහභාගි වෙනවා. ඊට අමතරව යෝජනා සහ අදහස් දැමීමට පෙට්ටියක් තිබෙනවා. පැමිණිලි විභාග කිරීමේ වෙනම ක්‍රමයක් ද තිබෙනවා. සේවකයන් ගේ පැමිණිළි පිළිවෙළින් මා ළඟට ආ යුතු වුවත්, ඕනැම සේවක සේවිකාවකට දුරකතනයෙන් මට කියන්න පුළුවන්.   
කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය ගැන විස්තර පැවසීමට අප සමග එක් වූයේ පල්ලේකැළේ නොබල්ස් මැනුෆැක්චරින්ග් පුද්ගලික සමාගමේ ආයතන කළමනාකරු සුමිත් රෝහාන් ද සිල්වා මහතාය.   


2013 වසරේ දෙසැම්බර් මාසයේ මෙම ආයතනය ආරම්භ කරනවාත් සමගම, නිෂ්පාදන කළමනාකරු වශයෙන් සම්බන්ධ වුණා. වසර එක හමාරක පමණ කාලයක් සේවය කරන කොට ආයතන කළමනාකාරු වශයෙන්, උසස් වීමක් සමග මෙම ආයතනය භාර දුන්නා. දැන් ආසන්න වශයෙන් අවුරුදු හයකුත් මාස දෙකක් වගේ කාලයක් ගත වී අවසන්. ඒ අනුව මෙම ආයතනය ආරම්භ කළ දවසේ සිට මෙහි සේවය කරනවා.   


එක අංශයකට ඇඟලුම් 600 හෝ 650 බැගින් අංශ අටකින් දවසට ඇඟලුම් 5000 ක පමණ ප්‍රමාණයක් නිපදවනවා. එය මාසයකට නම් ඇඟලුම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. කෙසේ වෙතත් මාසයකට ඩොලර් ලක්ෂ දෙකක පමණ ඇඟලුම් අපනයනය කරන්න උත්සාහ කරනවා.   


මෙම ආයතනයේ සේවකයන්ට ඉලක්කයක් ලබාදීල තිබෙනවා. ඔවුන් ඉලක්කවලට ළඟාවීම අනුව දීමනාවක් හිමිකර ගන්වනවා සේම, එය ඔවුන්ගේ වැටුපට අමතර ආදායමක් ද වෙනවා. ඒ අනුව මෙම කලාපයේ වැඩිම වැටුපක් ගෙවන්නේ අපි බවයි මගේ හැඟීම.   

 

ආයතනයේ සේවිකාවන් කිහිප දෙනෙක්


වැටුප් ගෙවන්නේ සෑම මාසයකම 10 වෙනිදටයි. 10 දින සෙනසුරාදා, ඉරිදා නැතිනම් පෝය වගේ නිවාඩු දිනයක් ආවොත් 8 හෝ 9 යන දවස්වල වැටුප් ගෙවනවා. කිසිම දවසක 10 දිනය 11 ගිහින් නැහැ. හරි වේලාවේදි හරි විදියට වැටුප් ලබා දෙනවා. තවත් කරුණක් සඳහන් කළ යුතුයි වැටුප ලබා දීමට සතියකට පෙර පැමිණීමේ සහ අතිකාල දීමනා වාර්තාවක් සැම සේවක සේවිකාවකටම ලබා දෙනවා.   
එහිදී අඩුපාඩු තිබෙනවා නම්, ඕනෑම මොහොතක මානව සම්පත් අංශයට ඇවිත් ඒවා නිවැරදි කර ගත හැකියි. ඒ අනුව වැටුප් දිනයට ඔවුන් ලබා ගන්නේ නිවැරදි වැටුපයි. ඊට අමතරව නිෂ්පාදන දිරි දීමනාවක් ලබා දෙනවා. සේවකයන් ගේ වැටුප්වලින් අඩු කරන්නේ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් පමණයි. වෙනත් කිසිවක් සඳහා මුදල් අඩු කරන්නේ නැහැ.   
අපේ ඇඳුම්වල නිමාව, ගුණාත්මක බව, තත්ත්වය ප්‍රමිතිය හොඳ නිසා මිලදී ගන්නෝ ඇදිලා එනවා. එපමණක් නොවෙයි සේවකයින්ට සපයන ආරක්ෂිත වැඩ පරිසරය, ඇඟලුමක් නිෂ්පාදනය පටන් ගන්නා අවස්ථාවේ සිට අපනයනය කරන තැන දක්වා සේවකයින්ට අනවශ්‍ය කරදරයක් නැතිව සේවය සලසාදීම අපට වාසියක් වෙලා තිබෙනවා. අනෙක් රටවල ඇඟලුම්වල ප්‍රමිතියට වඩා ඉහළ තත්ත්ව පාලනයක් මෙන් ම, හොඳ ප්‍රමිතියක් අපේ ඇඟලුම්වල තිබෙනවා.   


ඒ වගේම තමා අපේ ආයතනය ප්‍රධාන වශයෙන් අනුකූලතා නීතියට ප්‍රමුඛත්වය දීල තමයි ඇඟලුම් නිම කරන්නේ. ඒ වගේ ම ඉතා සතුටුදායි ආරක්ෂක වැඩ පරිසරය හරියට හදල තිබෙනවා. මිළදී ගන්නාට අවශ්‍ය විදියට කර්මාන්ත ශාලාව හැදිල තිබෙනවා. නිෂ්පාදනවල තත්ත්වය පවතින්නේ එවන් හේතු මතයි.   
පල්ලේකැළේ නොබල්ස් මැනුෆැක්චරින්ග් (පුද්) සමාගමේ ප්‍රධාන මානව සම්පත් කළමනාකාරිනී විශ්‍රාමික මේජර් ඉන්දිකා ඒකනායක මහත්මිය.

   
මීට වසර තුනකට පෙර නොබල්ස් මැනුෆැක්චරින්ග් (පුද්) සමාගමේ මානව සම්පත් කළමනාකාරිනියක ලෙස සේවයට එක් වුණා. මෙම ආයතනයේ සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න හඳුනාගෙන කාන්තාවක්, මවක්, සහෝදරියක විදියට නොයෙක් භූමිකාවන් රඟපාන්න මට තිබෙනවා. මෙම ආයතනයේ සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සේවකයින් ආයතනයට බඳවා ගෙන ඔවුන්ගේ කුසලතාවන් හඳුනා ගත යුතුයි. ඉන්පසු ඔවුන් නිසි තැනට යොමු කිරීම, කුසලතාව නැතිනම්, පුහුණු කර අදාල නිෂ්පාදන ස්ථානයට යොමු කිරීම මගේ කාර්ය භාරයයි.   

 

ආයතනයේ සේවිකාවන් පිරිසක්

 


ඒ සඳහා මට සහයෝගය දැක්වීමට කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් සිටිනවා. පුරප්පාඩු පිරවීම සඳහා සිවිල් සමාජයත් ආයතනයත් අතර පාලමක් වෙලා තමයි මේ ගමන යන්නේ.   
මාගේ මූලික අධ්‍යාපන කටයුතු ගොඩමුන්න කනිෂ්ඨ විද්‍යාලය, තෙල්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් ලබා ගත්තා. ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැඩෙට් නිලධාරිනියක් විදියට බැඳිලා, දියතලාව විද්‍යා පීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව ලබා ගත්තා. 1996 වසරේදී දෙවෙනි ලුතිතන් වරියක් වශයෙන් අධිකාරියට පත් වී, 1 වෙනි කාන්තා බළකායට එක් වුණා. හොඳ නායකත්ව ගුණාංගයන් ප්‍රගුණ කළා. ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩාවලට සහභාගී වි ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, යුද්ධ හමුදා මුලස්ථානය ආදී තැන්වල සේවයෙන් අනතුරුව වසර 15 ක සේවා කාලය අවසන්ව, 2012 වසරේ මේජර් නිලයෙන් විශ්‍රාම ගියා. ඒ වන විට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර සහ ඩිප්ලෝමාවක් හදාරා, උපාධියක් පවා ලබා ගත්තා. 


හාරගම පදිංචි එච්.එම් සධානා (41) පල්ලේකැළේ මැනුෆැක්චරින්ග් (පුද්) සමාගමේ වැඩ පරීක්ෂක ලෙස සේවය කරන්නීය. මෙහි පැරැණිතම සේවිකාවයි.   
මම 2000 අප්‍රේල් මස 26 දින පල්ලේකැළේ ම, සහෝදර ආයතනයක් වන නෝබල්ස් වෙයාර් (පුද්) සමාගමේ පුහුණුවන අත් උදව්කාරියක ලෙස සේවයට එක් වුණා. එහි වසර 13 ක් සේවය කළා. ඒ අතරේ ලිපිකරු වශයෙනුත් සේවය කළා. මෙම ආයතනය ආරම්භ කළාට පසු සැලසුම් සහ කැපුම් අංශයේ සේවය කළා. ආයතන දෙකේම පැරැණිතම සාමාජිකාවක්. දැන් වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කරනවා. අප අංශයෙන් තමයි ඇඟලුම් ආයතන දෙකටම ඇඳුම් කපන්නේ.   


මෙහි බොහෝ සුබ සාධන කටයුතු තිබෙනවා. ප්‍රවාහන පහසුකම්, උදේ, දවල් ආහාර, තේ නොමිලේ ලබා දෙනවා. වෛද්‍යවරයෙකු ඇවිත් බෙහෙත් ලබා දෙනවා. ඒ සඳහා මුදල් අය කරන්නේ නැහැ. බාහිර ප්‍රතිකාර ලබා ගැනීමේදී පවා මුදල් පවා ලබා දෙනවා. මුදල් අය නොකර විනෝද චාරිකා රැගෙන යනවා. මේ නිසා වැටුප සම්පූර්ණයෙන්ම අපට ඉතිරි කර ගන්න හැකියාව ලැබෙනවා.   

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර

 

 



අදහස් (0)

කුඩා දරුවන්ගේ ඇඳුම් මහන පල්ලේකැළේ නොබල්ස් කම්හල

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1502 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site