IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුජ තුලා රාශි ගතවීම ලග්නවලට බලපාන හැටි

2017 නොවැම්බර් මස 30 වැනි බ්‍රහස්පතින්දා සිට 2018 ජනවාරි 17 වැනි බදාදා දක්වා ග්‍රහ ලොව සෙන්පති කුජ (අඟහරු) සිකුරුට අයත් තුලා රාශියේ ගමන් කරයි. 


පොළොවට ඉතාම සමීප ග්‍රහයා අඟහරුය. ජ්‍යෝතිෂ්‍යවේදයේ භූමිපුත්‍ර යනුවෙන් කුජ නම් කරයි. ලෝකයේ ආරක්ෂකයා ලෙස සැලකෙයි. කුජ ග්‍රහයා මිනිසාගේ නිර්භීතකම උත්සාහවන්ත බව ආත්ම විශ්වාසය සටන්කාමී බව අවබෝධ ඥානය ආදී දේවල් කෙරෙහි බලපායි. ලෞකික කටයුතු ද කුජගෙන් සිදුවෙයි. කුජ ග්‍රහයාට වෘශ්චික සහ මේෂ රාශී 02 ක ස්වක්ෂේත්‍ර වෙයි. මකර රාශිය උච්ච වෙයි. මිථුන කන්‍යා රාශී 02 සතුරුයි. සිංහ ධනු මීන වෘෂභ යන රාශි 04 මිත්‍රයි. කටක රාශීය නීච වන අතර තුලා කුම්භ රාශී 02 සමයි. 


ඡන්ම කේන්ද්‍රයේ කුජ ග්‍රහයා මේෂ රාශි ගත වීම නිසා ගජකේශර යෝගය යෙදෙන අතර වෘශ්චික රාශියේදී මහිපාල යෝගය යෙදෙයි. කුජ මකර රාශියේදී සතර දීප ජය යෝගය යෙදෙයි. කුජ ග්‍රහයා සිකුරුගේ නිවෙසට පැමිණීමෙන් ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය. 

 

මේෂ ලග්නය 


ලග්නාධිපති කුජ ග්‍රහයා තුලා රාශි ගත වීමෙන් අවිවාහකව සිටි අයට යහපත් සහකාරියක සහකරුවකු ලැබීමට නියමිතය. කොයි කා සමග වුව සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ශුභ කාලයකි. කාමාශා වැඩි තරමක් හිතුවක්කාරීව කටයුතු කරයි. මුත්‍රා සහ වකුගඩු ආබාධ වැලඳිය හැකිය. ආමාශ ගත අසනීප ද ඇති වෙයි. 


වෘෂභ ලග්නය 


​ෙලඩ රෝග සහ සතුරු කරදරවලින් මිදීමට පුළුවන. ගව මහිෂාදී සතුන්ගෙන් ප්‍රයෝජන ලැබිය හැකිය. ඉඩම් දේපළවලින් වාසි අත් වේ. පාලන බලතල ලබයි. කොයි කාගෙත් සිත් දිනාගෙන කටයුතු කර ගනී. කුජ ගුරු සමග සිටීමෙන් මව් පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව් ලැබේ. නායකත්වය හිමිකර ගනී. බඩවැල්වල අසනීප ගති ඇති කරයි. ස්ත්‍රී පක්ෂයේ අයට ප්‍රස්‍රත දෝෂ මාස් ශූද්ධියේ ආබාධ ඇති විය හැකිය. 


මිථුන ලග්නය 


අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට බාධක ඇති වෙයි. ආලය පිළිබඳ අදහස් ඇති වේ. පපුවටත් බඩටත් අතර කොටසේ දැවිල්ලක් හට ගනී. මිත්‍ර ආශ්‍රය වැඩී. සහෝදරාදීහු හා හොඳින් කටයුතු කරති. සමාජ ​ෙස්වා පොදු කටයුතුවල නියැලෙති. අභ්‍යන්තර හැඟීම් පාලනය කර ගනිති. වාසනාවන්ත දරුවන් ලබයි. අවිවාහකයන් ආලය මත විවාහය කර ගනී. අදහස් එක අරමුණක නොපවතී. 


කටක ලග්නය 


දේපළ උපයා සපයා ගැනීමට බලවත් උනන්දුවක් දක්වයි. දුරදක්නා නුවණින් යුක්තව කටයුතු කරයි. දරුවන් උදෙසා කාලය ශ්‍රමය කැප කරයි. මව්ට ඉතා ශූභයි. ඉගනීම් කටයුතුවල යෙදි සිටින අයට ශුභයි. ගුරු සමග කුජ සිටීමෙන් ඉඩම් දේපළ ලැබීමට වාසනාව උදා වේ. උසස් අය ආශ්‍රයට ලැබේ. ඥාතීන් අතර ප්‍රධානත්වය ගෙන කටයුතු කරයි. නිවාස ලාභ ලබයි. පියාට එතරම් ශුභ නැත. 


සිංහ ලග්නය 


තමාගේ වැඩ කටයුතු ඉතා දක්ෂ ලෙස කර ගනී. රැකියාවේ ගෞරවය තත්ත්වය රැක ගනී. පිරිස් බලය ලබයි. කලින් හොඳට සිතා මතා වැඩ කටයුතු ආරම්භ කරයි. ගමන් බිමන් අධිකයි. වැඩ කටයුතු ක්‍රමානුකූලව කර ගනී. ශාස්ත්‍රීය අවබෝධය ලබයි. සමාජයේ ගෞරවයට කීර්තියට පත් වේ. සමගිය සමාදානය අගය කරයි. විවාහ ජීවිතයේ අඩුපාඩු ඇති විය හැකිය. දෙවියන් ගැන තද විශ්වාසයක් පවතී. 


කන්‍යා ලග්නය 


කුජ 02 වැන්නේ ගමන් කරන නිසා තමාගේ වැඩ කටයුතු උන් හිටි ගමන් වෙනස් කරයි. ආලය ප්‍රේමය පිළිබඳ හැඟිම් වර්ධනය වෙයි. ප්‍රධානත්වය පතා කටයුතු කරයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වේ. අපක්ෂපාත ලෙස ක්‍රියා කරයි. තත්ත්වයට හානි වන වැඩවල නොයෙදෙයි. ව්‍යාපාර කටයුතුවල නිරත අයට ඉතා ශුභයි. වියදම් කිරීමේදී සකසුරු බවක් නැත. වියදම් අධිකයි. මුහුණේ කැළල හෝ තුවාල හෝ ඇති වෙයි. 


තුලා ලග්නය  


කුජ ග්‍රහයා ලග්නගතව ගමන් කිරීමෙන් හිතුවක්කාරයි. අන් අය යටත් කරගෙන හෝ තම කාර්යය ඉටු කර ගනී. අවිවාහකයන්ට විවාහය ප්‍රමාද විය හැකිය. අනතුරු ඇති විය හැකිය. සටන්කාමී වෙයි. තම අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමට බාධක ඇතිවෙයි. හිසේ තුවාලයක් ඇතිවීමට පුළුවනි. බර වැඩ කිරීමට කැමති නැත. බොහෝ දෙනාගේ සිත් දිනා ගැනීමට දක්ෂයි. තැන්පත් බවක් නැත. වැඩ කටයුතුවල අවුල් ස්වභාවයක් පවතී. 


වෘශ්චික ලග්නය 


කුජ 12 වැන්නේ ගමන් කරන නිසා ගම් ප්‍රදේශයෙන් බැහැර වී කටයුතු කිරීමට සිදු වෙයි. නඩු හබ වලට පවා පැටලීමට පුළුවනි. සතුරු කරදර වැඩී. සතුන්ගෙන් ද පීඩා වලට ලක් වෙයි. ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයටද යහපත් නැත. තමන් කරන වැඩ වල ප්‍රමාණයට ප්‍රයෝජන අත් නොවේ. එහෙත් අසරණ උදවියට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ. අන් අයගෙන් පෙරළා උදව් අපේක්ෂා නොකරයි. 


ධනු ලග්නය 


ආදායම් තත්ත්වය යහපත් වේ. මිත්‍ර ආශ්‍රය වැඩි වුවත් වැඩි කල් මිත්‍රකම් නොපවත්වයි. අලංකාරයට වි​නෝදයට සිත් යොමු වේ. ඉඩම් දේපළ ලැබීමට වාසනාව ඇත. පොළවෙන් වාසනාව ලබයි. (මැණික්, මිනිරන්) ආගමික කටයුතුවල නියැළෙයි. නිවාස ලාභ හිමි වේ. සමිති සමාගම්වල නිල තල ලැබීමට පුළුවනි. මව් පාර්ශ්වයෙන් දේපළ හිමි වේ. විවාහ ජීවිතය සතුටින් සමගි​ෙයන් ගෙවිය හැකිය. කරදර බාධක අභියෝග ජය ගනී. 


මකර ලග්නය 


වැඩට දක්ෂයි. නිර්භීතයි. අන්අයගේ උපදෙස් පිළි නොගනී. තම මතයට කටයුතු කරයි. සමාජ ගෞරවය හිමි වේ. මව්ට අගුණයි. දේපළ ඉඩම් ලැබීමට වාසනාව ඇත. රැකියා නැති අයට රැකියා අවස්ථා සැලසෙයි. ආඩම්බරය. කරන රැකියාවෙන් උසස්වීම් ලබයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. විවාහ ජීවිතය සතුටින් ගෙවයි. ගෞරවය කීර්තිය ලබයි. කරදර බාධක අභියෝග ජය ගනී. 


කුම්භ ලග්නය 


කුජ ග්‍රහයා 09 වැන්නේ සිටීමෙන් වැඩට ශුභයි. උනන්දුව උත්සාහය හොඳින් පවතී. කලා කටයුතුවල යෙදී සිටින අයට ඉතා යහපත්ය. උපක්‍රමශීලීව කටයුතු කරයි. නිවාස ඉඩම් ලාබ ලැබීමට වාසනාව ඇත. ගමන් බිමන්වලදී අනතුරුවලට ලක් විය හැකිය. උභය පාර්ශ්වය ගැන සිතුවිලි ඇති වේ. අසාධාරණ නීති විරෝධී වැඩ නොකරයි. ආදායම් තත්ත්වය යහපත්ය. අන් අයට උදව් කිරීමට යාමෙන් දොස් ඇසීමට සිදු වෙයි. 


මීන ලග්නය 


විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වේ. ගැබ් ගත් කතුන්ට ප්‍රසූත දෝෂ ඇති කරයි. ඉගෙන ගන්නා අයට එතරම් ශුභ නැත. ලේ දූෂ්‍ය වීමෙන් රෝග වැළකේ. මුත්‍රා ආබාධ වකුගඩු ආබාධ වැලඳිය හැකිය. හදිසි අනතුරුවලට ලක් විය හැකි නිසා ගමන් බිමන්වලින් ප්‍රවේශම්වන්න. වෙළහෙළඳාම් වැනි කටයුතුවලින් දියුණුවක් ලැබිය හැකිය. හැම වැඩකම අවුල් ස්වභාවයක් පවතී. කුජ 08 වැන්නේ ගමන් කිරීම් එතරම් යහපත් නැත. 

 

 

 

 

 

 

 

 

 


මීරිගම විද්‍යාල මාවතේ 
ජ්‍යෝතිෂවේදී කලාභූෂණ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක. 
0332273004



අදහස් (0)

කුජ තුලා රාශි ගතවීම ලග්නවලට බලපාන හැටි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5230 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site