IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඕනෑම අපලයක් දුරුකළ හැකි බලගතු ශාන්තිකර්මයක්

ග්‍රහ අපල යනුවෙන් හඳුන්වන්නේ ඔබ අප පෙර කරන ලද අකුසල්ය. අකුසලය ප්‍රබල නම් විපාකද රුදුරු වේ. එවැනි අපල දින හතක් බෝධි පූජා තබා හෝ දෙවියෙකුට භාරයක් වූ පමණින් දුරු නොවේ. එම අපලවලින් මිදීමට නම් පූර්ව අකුසලයට අභියෝග කළ හැකි බලවත් කුසල් සිදු කළ යුතුවේ. දෙවි දේවතාවුන්, පිදීම භාරහාර වීම මහා කුසල් සම්පාදනය කරන ක්‍රියා නොවේ. 


එමෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ පිං කරන යහපත් මිනිසුන්ටය. දිනපතා පව් කරමින් පවෙහි ගැලී දෙවියන් වැන්දාට අපල දුරු නොවේ. දැනට ඔබට අපලයක් පවතීනම් හෝ ඉදිරියේදී අපල කාලයක් ලබයි නම් ඔබ කළ යුත්තේ වහ වහා කුසල් රැස් කිරීමය. ධර්මයේ හැසිරීමය. අපලය ප්‍රබලනම් එයට අභියෝග කළ හැකි ප්‍රබල කුසල් රැස් කළ යුතුය. එවැනි ප්‍රබල කුසල් තිබෙන්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි. ඒ අතරින් ඕනෑම අපලයක් දුරු කළ හැකි එක් මහා කුසලයක් හඳහන තුළින් අද ඔබට ඉදිරිපත් කරනු ලැබේ. 
මේ සඳහා විශාල මුදලක් වැය නොවේ. එමෙන්ම නිවසේ සිටම ඔබට මේ මහා කුසලය සිදුකර ගත හැකිය. ඕනෑම අකුසල කර්මයක් දුරු කළ හැකි මේ මහා කුසලය නම් ගෙදර බුදුන් වන හැදූ වැඩූ මාපියන්ට සැලකීමයි. වයෝවෘද්ධ මව් - පිය දෙපළට නිසි ලෙස සලකයි නම්, ආදරය කරුණාව දක්වයි නම්, ඔබ කිසිම ග්‍රහයකුගේ කිසිම අපලයකට බිය විය යුතු නැත. සැබෑ ආදරය මව් පිය දෙපළට දක්වන්නාවූ දරුවන්ට දෙවියන්ට බාරවන්නට හෝ දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නට අවශ්‍ය නැත. එවන් පුද්ගලයන් කෙරෙහි දෙවියන් ස්වකැමැත්තෙන්ම උපකාර කරනු ලැබේ. මරණය වුවද මේ මහා කුසලය තුළින් ප්‍රමාද කළ හැකි වෙයි. මා මෙය ප්‍රායෝගිකව අත්දැක ඇති සත්‍යයකි. 
මීට වසර දෙකකට පමණ පෙර වයස 30 - 35 අතරේ පසුවූ යුවළක් මගෙන් හඳහන් බලන්නට පැමිණියේය. ජ්‍යොතිෂයට අනුව බොහෝ දුෂ්කර කාලයක් ඔවුන්ට ලබාදී ඇති බව දක්නට ලැබුණි. එය

පෙර කරන ලද අකුසල් තදින්ම ඔවුන්ට විපාක දෙන කාලයක් විය. කරන කියන කටයුතු සියල්ල අසාර්ථක වී තිබුණි. ඒ වනවිට ඔවුහු මානසික වශයෙන්ද දුර්වල වී සිටියහ. 
නොයෙක් පුද්ගලයන්ගෙන් හඳහන් බලා ශාන්තිකර්ම වෙනුවෙන්ද විශාල මුදලක් ඔවුන් වැය කර තිබුණි. නමුත් කිසිදු යහපත් ප්‍රතිඵලයක් එතෙක් ඔවුන්ට ලැබී තිබුණේ නැත. එම පුරුෂ කේන්ද්‍රයෙහි සඳු ඉතා දුබල තත්ත්වයක පැවති අතර එම සඳු හරහා සෙනසුරු ගමන් කරමින් තිබුණි. එය ජ්‍යොතිෂයට අනුව ඒරාෂ්ටක කාලයකි. 


බොහෝ දුරට රවි සහ සඳු දුර්වල වන්නේ පෙර ආත්මවල මාපියන්ට නොසැලකීම නිසාය. මා ඔවුන් සමඟ කතාබහ කරන විට වසර හතරකින් එම පුද්ගලයා දෙමාපියන් බලන්නට ගොස් නැත. පැවති සියලු අපල වෙනුවෙන් මා ඔවුන්ට ලබාදුන්නේ ශාන්තිකර්ම දෙකක් පමණි. ඉන් ප්‍රධානම එක වූයේ වහාම මව් - පිය දෙපළ බලන්නට යාමයි. දින තුනක් මව්පිය දෙපළ සමඟ ගතකොට එන ලෙස මම ඔවුන්ට නියම කළෙමි. 


මෙම සිදුවීමෙන් මාස හතකට පසු ඔවුහු නැවත මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ ප්‍රශ්නවලින් බොහෝමයක් එ්වන විට විසඳී තිබුණි. 


ඔහු මෙවැනි කතාවක් මා සමඟ කීවේය. ‘‘දවස් තුනක් අම්මලත් එක්ක ඉඳල පාන්දර අපි බස් එකේ කොළඹ එන්න පිටත්වුණා. කොච්චර ප්‍රශ්න තිබුණත් මගෙ හිතට ලොකු නිදහසක්, සැනසීමක් දැනුණා. ඊළඟට මම මොකක් කළ යුතුදැයි කල්පනා කර කර එනකොට හිටි හැටියෙ මට අළුත් අදහසක් පහළ වුණා. මම ගෙදර ආපු ගමන්ම ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒක ඉතා සාර්ථක වුණා. මේ වෙනකොට ප්‍රශ්නවලින් ගොඩක් විසඳිලා තියෙන්නෙ. මම හිතන්නෙ මට ඒ අලුත් අදහස පහළවුණේ අම්මගෙයි, තත්තගෙයි ආශිර්වාදය නිසා කියලයි.’’ 


ඔබේ මව පියා කොතරම් උසස් වුවත් පහත් වුවත්, උගත් වුවත් නූගත් වුවත්, හරි වුවත් වැරැදි වුවත් ඒ ඔබේ මව්පිය දෙපළ බව තේරුම් ගත යුතුයි. ඔවුන්ට සැලකීමේ ආදරය දැක්වීමේ, රැක බලා ගැනීමේ කුසලය වෙනත් කිසිදු ශාන්තිකර්මයකට සම කළ නොහැකිය. මේ මහා කුසලය නිසා හිරු දුටු පිනි මෙන් අපල දුරුවී යයි. මෙහිදී මව්පිය දෙපළට සැලකීම යනු කන්න අඳින්න දීම හෝ මුදල් ටිකක් දීම පමණක් නොවේ. ලෙඩ දුක්වලදී පිහිට වීම, ඔවුන් සමග ජීවත්වීම, ඔවුන්ට ආදරය දැක්වීම කළ යුතුයි. 


එවිට මව්පියන්ගේ සිතෙහි නැගෙන දාරක සෙනෙහසින් යුතු ආශිර්වාදය වෙනත් කිසිදු දෙවියෙකුට ලබාදිය නොහැකිය. මා දැක ඇති පරිදි මව්පිය දෙපළට නොසලකන දරුවන්ට ලබන ග්‍රහ අපල කටුක බවින් වැඩිය. ඔබ ඔබේ මව් - පිය දෙපළට නොසලකා කතරගම නොව තිරුපති ගියත් දෙවියන් ඔබට පිහිට වන්නේ නැත. පුද පූජා තබා භාරහාර වන විට, පිහිට පතන විට, දෙවියන් බලන්නේ ඔබේ ක්‍රියාකලාපය දෙසයි. 


මව්පිය දෙපළට නොසලකන ගෞරව නොකරන දරුවන් දේව ධර්මයට අනුව දුර්ජනයන්ය. පූජා වට්ටියකින් හෝ දාහේ කොළයකින් දෙවියන් රැවටිය නොහැක. විශේෂයෙන්ම සෙනසුරු, රවි, සඳු ගෙන් ඇති වන අපල සඳහා මව්පිය දෙපළට සැලකීම තරම් වෙනත් ප්‍රබල ශාන්තිකර්මයක් නැත. 


මෙහිදී මව්පියන් ලෙස දක්වන්නේ මව්පියන් පමණක් නොවේ. ඔබේ බිරිඳ​ගේ හෝ සැමියාගේ මව්පියන්ද ඇතුළත්වය. එහෙයින් මෙම මව් පියන් සතර දෙනාට නිසි ලෙස සලකනු ලබයි නම් කිසිදු ග්‍රහ අපලයකට ඔබ බිය විය යුතු නැත. සෙනසුරු දශා, සෙනසුරු ඒරාෂ්ටක හා රවි, සඳු ගෙන් වන ඕනෑම අපලයක් සඳහා දිනපතා හෝ හැකි උපරිමයෙන් මව්පියන්ට සලකමින් දිනපතා බුදුන් වැඳ අභිසම්භිධාන පිරිත 7 වරක් කියා දෙවියන්ට පිං අනුමෝදම් කිරීමෙන් කොතරම් ප්‍රබල අපලයක් වුවද මර්දනය කර දියුණුව සැපත සතුට උදාකරගත හැකිවේ. 


එහෙයින් නොපමාව ගෙදර සිටින දෙවියන්ට සලකන්න. ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න. මාස කිහිපයක් මෙම ශාන්තිකර්මය කර බලන්න. අපල දුරුවී යන හැටි ප්‍රායෝගිකවම ඔබට දැකගත හැකි වේ. 

 

 


වාස්තුවිද්‍යා උපදේශක, ජ්‍යොතිෂාචාර්ය 
අනුරාධ පෙරේරා - හොරණ. 



අදහස් (0)

ඕනෑම අපලයක් දුරුකළ හැකි බලගතු ශාන්තිකර්මයක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5238 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site