වර්තමානයේ ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාශ්ඨක අපලයක් වෘෂභ ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාශ්ඨක අපලයක් ඇත. ඒත් විවාහවීමට සුදුසු වයසේ සිටියදී විවාහය නුසුදුසු බවට ඇතැමුන් කරන නිර්දේශයන් ප්‍රතික්ෂේප කරමි. මේ නිසා ඇතැම් විට හොඳ විවාහයක් කරගැනීමේ අවස්ථාවන්ද මගහැරී යනු ඇත.
කේන්ද්‍රයේ ජන්ම සඳු සිටින රාශියට 12, 1 - 2 ස්ථානවල සෙනසුරු ගෝචරවීමෙන් ජන්ම ඒරාශ්ඨක අපලය යෙදේ. උපතින් සඳු ධනු රාශියේ නම් ලග්නය ධනුවීමෙන් ඒරාශ්ඨක අපල දෙකක් යෙදේ. මේ සඳහා ජ්යතිෂ්ය වේදියෙකුගෙන් විමසා දැනගත යුතු වන අතර එය විවාහය සඳහා බලපෑමක් නොකරන්නේ ඒ සඳහා වූ පිළිවෙත් යාතුකර්ම කිරීමෙන් අපල අවම කරගත හැකි නිසාය.
එහෙත් විවාහ යෝජිත දෙදෙනාටම ඒරාශ්ඨක අපල ඇතිනම් බලවත් යාතු කර්මයක් කළ යුතුව ඇත. බොහෝ සම්බන්ධතා මගින් ඇසුරු කරන යුවලවල්ගේ කේන්ද්‍ර තුළ දෙදෙනාටම ඒරාශ්ඨක අපල යෙදී ඇති අවස්ථා ඇත.
මෙහිදී විය හැකි අපල ආදීනව තේරුම් කරදී කළ යුතු වත් පිළිවෙත් සඳහා උපදෙස් දීම වැදගත්ය. සෙනසුරු ඒරාශ්ඨක අපලවලදී ජීවිත අවදානම් ඇති අවස්ථාද ඇත. මෙහිදී රන්පතක සකස් කරන ලද ශනි මාර්තුංජය පැළඳීම ආරක්ෂාවට හොඳයි. මේ පිළිබඳව මගේ ලිපියක් අප්‍රේල් මාසයේ ලංකාදීපයේ පළවී තිබිණ.
බලගතු ආරක්ෂක යන්ත්‍රයක් වූ මෙම යන්ත්‍රය නම, නැකත, ලග්නයට සකස් කළ යුතු නිසා වෙන වෙනම පිළිවෙත් කළ යුතුව ඇත. දැනට කෙරෙන රතන යන්ත්‍රය මෙන් එක්වර යන්ත්‍ර සියයක් පමණ තබා පිරිත් කිරීම වැනි ක්‍රමවේදයක් කළ නොහැක. යන්ත්‍ර දෙකක් නම් වෙන වෙනම පිළිවෙත් කර ආරෝපනය කළ යුතුය. මේ නිසා තරමක අධික මිලක් දැරීමට සිදුවේ.
දෙදෙනාටම ඒරාශ්ඨක අපල ඇති විවාහපේක්ෂක යුවලගෙන් එක් අයකුටවත් කේන්ද්‍ර පරීක්ෂා කර ශනි මාර්තුංජය පැළඳීම ඉදිරි පැවැත්මට ශුභ දායකවේ.
බොහෝ හදිසි අනතුරු විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය වේ. ඒත් මේවා වළක්වා ගැනීමට බොහෝ ඉඩකඩ ඇති බව පෙනේ. නොසැලකිල්ල, ඉවසීම නැතිකම අප්‍රවේසම නිසා බොහෝ අනතුරු සිදුවේ. එසේම තමාට අපල කාලයක් යයි සිතා කටයුතු කිරීමට ද වැදගත්වේ.
ජ්‍යොතිෂ්‍යවේදී
එ්.ඩබ්. සරත් ආනන්ද
පැලෑන උතුර,
වැලිගම.
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඒරාශ්ඨක අපල තිබියදී විවාහය නුසුදුසුද ?